Thursday, September 21, 2017

රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා



රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා
මලක් සේම දැඩිකරලා මට සැප දුන්නා
මම කල පව් කියලා දෙපා ලග දන ගහලා
දැඩිකල මවුට වඳිනවා

දුකට සැපට පිහිට අපිට වෙනව මෑණියෝ
දැක දැක මව් නොසලකන්නෙ රටේ මෝඩයෝ
දස මස කුසේ දරා ලේ කිරි කර පොවලා
දැඩි කල මගේ මෑණියෝ

දෑත දෙපය නොකඩා දැඩි කරපු අම්මට
දෝත නගා වදිනව මම මගේ අම්මට
ලෙඩදුක දෙක බැලුවා දිව රෑ නිදි මැරුවා
මෙලොව දෙවියො මගේ මෑණියෝ

මව් වගෙ තව කෙනෙක් ඇත් ද මේ මනු ලෝකේ
මව් නැතිදා තේරේවී මව් නැති සෝකේ
නලවා බබෝ කියා බැලුවා නෙත නොපියා
සිහිවේ මව් මරන මන්චකේ

ප්‍රේම කරන කෙල්ලට නම් පුදයි ජීවිතේ
පව් නේද මව්ට කුස්සියෙ වැඩ ඉවරයක් නැතේ
මෝඩ කම් අත් ඇරලා මෙවදන් සිතට අරන්
සලකනු මව්ගෙ ජීවිතේ

කැලේ සිටින මුර්ගය ආදරෙයි පැටියට
යක්ශයා වාගෙ සමහර පුතු රවයි අම්මට
බස් නොව බොරු මිතුරා ඇස් දෙක යයි පුපුරා
සත්තම් ඇයි නුබේ අම්මට

මරුව ඇවිත් දඟලන කල පන ගෙන යන්ඩ
බේර ගන්න බැරිතැන අඬගසයි අම්මට
දරුවා වරෙන් කියා මරුවා අඬගහනව
පුතාගෙ සැර එවෙලෙට ඉවරයි

ගායනය - මැක්ස්වෙල් මෙන්ඩිස්



19 comments:

  1. මගේ අම්මේ මෙහෙම සින්දුවක් අපේ ජිවිටෙටම අහලා නෑ අයියා මෙයා ලංකාවේ කෙනෙක්ද

    ReplyDelete
  2. මාර පොරවල් ඔයි බ්ලොග් ලියන්නේ කොහොමද සම්මානවලට නැමෙන නැමිල්ල

    සම්මාන ඕනනම් මේ විදිහට නැමියන් තඩියෝ නැතිනම් සම්මාන සුම්මා !!!!

    Ajith DharmaSeptember 13, 2017 at 4:33 AM
    "අම්මටම පෑගිලා වං කකුල රොටියක් වගේ වෙච්චි මාවත් ඇදගෙන අපෙ අම්මත් තොරණ ගාවට යනව"- අම්මා මේ බ්ලොග් එක කියෙව්වා දවසට ආච්චි අම්ම එක්ක එකතු වෙලා දෙහි කපයි සුරංග මලයට.
    තොරන් දෙයියෙක් වගේ අර තොරන් වල ලයිට් පත්තු වෙන හැටි ඔහොම මතක තියා ගත්තේ කොහොමද?
    එසේම ලැබූ සම්මාන ප්‍රශංසා අඩියට සුභ පැතුම් සුරංග.
    (තව පොඩි ප්‍රශ්නයක් මේ කොමෙන්ට් වලට දාපු උත්තර දිහා බලන කොට හිතුන සුරංග ළමය යෙහෝවා විට්නස් එකට වත් බැඳුණද කියල. )
    Reply

    surangamlrSeptember 13, 2017 at 5:51 PM
    ඉතාමත් ශෝබමාන සහ සවිස්තරාත්මක අදහස් දැක්වීමකින් බ්ලොග් ලිපිය සුවඳවත් කළ ඔබට මාගේ ආචාරය. ඔබට පැහැබර සහ සුවදායී දිනයක් උදාවේවා!

    ReplyDelete
    Replies
    1. හැමෝම සම්මාන බලාගෙන මේව ලියනවයි කියල මම හිතන් නෑ..ඇනෝ.....

      Delete
    2. මුලදී ඔහොම තමා කියන්නේ බන් දෙනකොට නැවෙනවා , නැවෙන කොට දෙනවා..

      Delete
    3. මයෙ මොකෝ නැමිල බැරිනම් දිග ඇරිල හරි ඕව ගත්තට....

      Delete
    4. උඹේ ඇඟේ හැටියට ඔයවිදිහට නැවෙන්න බෑනේද ? එකත් හරි උන් නැවිලා ගත්තාවේ, උඹ ඔහොම දිගටම ලියපන් අපි ඉන්නවා මේ විදිහට සපෝර්ට් එකට .

      Delete
    5. අන්න එහෙම වරෙන්කො ඇනො....

      Delete
  3. සමහර සින්දු වේග රිද්ම වුණත් හරිම අගෙයි නේද තඩියා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පරන සින්දු වල හොද අරුතක් තිබුනා.. රිද්මය අදාලම නෑ

      Delete
  4. තඩියෝ... මේක වොලී බැස්ටියන්ගේ සින්දුවක්... මැක්ස්වෙල් නෙමේ මුල් ගායකයා....

    ReplyDelete
    Replies
    1. මමත් දැක්ක එහෙම එකකුත් තියනව ඒ වුනාට ඒක පරන වැඩියි වගෙ මේකෙ මියුසික් ටිකක් හොදයි....ඒ කොහොම වුනත් ඔබ කියන විදිහට ඔරිජිනල් වොලි බැස්ටියන්...

      Delete
  5. Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. අයි මැකුවේ උඹ ඉහල එකත් එක්ක ටෞ කන්න හවුලේ ටෞකනවාද ?

      Delete
    3. අනිත් මිනිස්සුන්ට මුකුත් නොකිය උබ මට ඒව මෙව කියපන්...

      Delete
  6. සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව බ්ලොග් එකට ෆලොවින් ගැජට්ටුව එල්ලපන් වස්තුවේ

    ReplyDelete
    Replies
    1. අර ෆලෝවර්ස් කියන අහවල් එක නේද?? පහා....ලටම ගියාම තියනව... මේ පැත්තට අවට ස්තූතියි... කටුස්සෝ

      Delete