Thursday, December 21, 2017

තඩිය අතුරුදහන්

මේක ඇවිල්ල තඩිය ඇබිත්තියා කාලෙ කොරපු වික්‍රමයක්.

තඩියා ඉස්සර වැඩිපුරම නිදා ගන්න කැමති මම්මාච්චි ගාව. ඉතින් ඒ හින්දම තඩිය රෑට ඉන්නෙත් එහෙ.
 ඔන්න මේ කියන දවසෙත් රෑ නිදා ගන්න සුපුරුදු විදිහට මම්මාචි ගාවට ගියා. ඉතින් ඇලට් එකක් දාගෙන ඉන්න තඩියට සුට්ටන් සූ බරක් හැදෙනව. ඉස්සර දැන් වගේ නෙවෙයි රෑට ඔක්කොම ලයිට් නිවනව, කට්ට කලුවරයි, ඉතින් මම කෑලි පහේ ටෝච් එකත් උස්සන් පිලිකන්නෙ දොර ගාවට ඇවිත් ඕක ඇරල පඩිය උඩටවෙලා චූ පාරක් දානගමන්, දකිනව අල්ලපු වත්තෙ මොනා හරි කරන්ඩ ආපු ලොරියක් එරිල තියනව. ඒකෙ ලයිට් එලියට වත්ත පල්ලෙහා තියන අපේ ගෙවලුත් පේනව.




 ඉතින් ඔය චූ පාරක් දදා හිටපු තඩියට මහ කක්කි අදසක් එනව යකඩෝ අර ලයිට් එලියට දවල් වගේ එලියයිනෙ, මට අපේ ගෙදට්ට යන්ඩ පුලුවන් නෙ කියල.
ඉතින් දෙපාරක් හිතන් නැතුවම අතේ තිබුන ටෝච් එක දොර ගාවින් තියල කලිසන් කොටෙත් උස්සගෙන දුවන්ඩ පටන් ගත්තා අපේ ගෙවල් පැත්තට.
කොස් ගහ යටින් යනකොටනම් පට්ට බය හිතුන අර ගෝනි බිල්ල මාව අල්ලන් කයි කියල ඒත් අර ලයිට් එලිය හින්දම පන එපෝ කියාගෙන දුවගෙන ගියා. බොලේ වත්ත මැදට යද්දි අර ලොරිය ගොඩට අරන් හැරෙව්වෙ නැතැයි, කෑලි කපන කරුවල. මෙලෝ දෙයක් පේන්නෑ. විනාඩියකට නැවතිලා ආපහු යනවද ගෙදර යනවද කියල හිතපු තඩියා ජන්ගිකොටේ පල්ලෙ වැටිල තිබුන පුරුශ සක්තිය අරගෙන දිව්වා ගෙවල් පැත්තටම. හති දාගෙන පන කඩාගෙන ගෙදර ගේට්ටුව ගාවට ආව. බොලේ ගේට්ටුව ලොක් කරල. සැලුන් නෑ කොහොම හරි ගේට්ටුවෙනුත් පැනල ගෙදර දොර ගාවටම ගිහින් දොරට ගහල අම්මව නැගිට්ටෙව්වා. 
නැගිට්ටෙව්වා කිවුවට නැගිට්ටන්ඩ දෙයක් තිබුන් නෑ ඒ වෙනකොටත් නැගිටල. මම්මාච්චි ඒ වෙනකොටත් පනිවිඩේ දීල චූ කරන්ඩයි කියල ගිය ලමය නැතිවෙලා කියල. ආච්චි වත්ත මැද්දෙන් එන්නම් කිවුවලු වැඩට හිටිය කෙල්ලව වටේ මහ පාරෙන් එවනව කිවුවලු. දැන් ඉතින් කස්ටිය බලනව ඇති යකො කොහොමද ඔච්චර ඉක්මනට පනිවිඩේ දුන්නෙ කියල මෙන්න මේකෙන් තමයි පනිවිඩේ දීල තියෙන්න.


මේක ඇවිල්ල ඉන්ටකොම් එකක් අපේ ගෙදර එකයි මහ ගෙදර එකයි තිබුනා දෙකම කරන්ට් එකට ගහල තියෙන්ඩ ඔන ඔකෙ තියන අර කොටු බටන් එක ඔබාගෙන හිටියම අනිත් පෝන් එක රින්ග් වෙනව. හරිම සරල සීන් එකක් වෑර් ලස් පෝන් එකක්.

ඉතින් කොහොම හරි මම්මාච්චිල මාව හොය හොය යනකොට වටේ පිටෙ අනිත් ගෙවල් වල මිනිස්සුත් නැගිටල වැඩේට ජොයින් වෙලා තඩි සර්ච් සීන් එකක් දාගෙනම අපේ ගෙදට්ට ආව... ඉතින් කට්ටිය තඩිය යහතින් කියල දැන ගත්තම සතුටින් සමාදානෙන් විසිරිලා ගියා, ආච්චිත් ඉතින් මගෙන් ඇහුව සුදුබබා කොහෙද ගියෙ කියල මම ඉතින් බොහෝම සාන්ත විදිහට "අම්ම බලන්ඩ ආව "කිව්වම ඔක්කොම සීන් ඉවර වුනා......

ඉතින් මේ කතාව මතක් වුනේ ලඟදි ගෙදරින් කතාකරපු වෙලාවක අම්ම කිවුව මම්මාච්චිට අසනීප වෙලා ඉස්පිරිතාලෙ ගෙනිච්චා කියල. එයාව අරන් යන්ඩ ගෙදරට ගියාම එයා අම්මට කියනවලු "ළමයව නාවල පිහල මෙතනින් තිබ්බ බලන්ඩකො ළමය නැති වෙලානෙ කියල". එහෙම කියල මාව හොයනවලු කොච්චර කරදඩු උස් මහත් වුනත් මම්මාච්චි තාමත් මට ආදරෙයි. එයාගෙ මුනුපුරන්ගෙන් වැඩිපුරම හැදුවෙ මාවයි කියනවනෙ. ඒක තමා මෙහෙම තඩි වෙලා තියෙන්නෙ.....

ඇදපු පින්තූරෙට මොනාහරි කියාල්ලකො බලන්න සනික කොටනව

22 comments:

  1. ඇඳපු පින්තූරේ සුපිරි කියන්න ගියේ දැන් ඉතීම් කියන්න විදියක් නෑ.. //"ළමයව නාවල පිහල මෙතනින් තිබ්බ බලන්ඩකො ළමය නැති වෙලානෙ කියල".// ඇඟ හිරිවැටිලා ගියා බං.. ආච්චිලගේ ආදරේ ඔහොමම'ලු'.. 'ලු' කියන්නේ මට ඕක හෙන ඇරියස් එකක්.. මම පවුලේ බාලයා නිසා ආච්චිට වැඩිය හුරතල් කරන්න උනේ නෑ..

    ReplyDelete
    Replies
    1. හොදයි කියාන්..... ආච්චිල හරි වෙනස්

      Delete
  2. +++++++
    අපිටත් පුලුවන් ගහන්න වැටවල් ඒක ලේසී

    ReplyDelete
    Replies
    1. හ හ හ හා තරහ ගන්ට කාරි නෑ අක්කන්ඩි

      Delete
  3. තඩියෝ! එතකොට උබ නාවල කොරල එතනින් තියන්න බොලයි ආච්චිත් දසමහ යෝදයින් ගෙන් එන කෙනෙක්ද? අනික උබ වගේ එකෙක් ලොකු මහත් කල දෙයම ඇති ආච්චි ස්වර්ගයට යන්න. (කන්න බොන්න දුන්න ඒවා හිතාගන්න පුළුවන්... 🙃🙃🙃😂😂)

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙ මොකක් හරි සීන් එකක් මතක් වෙලා වෙටෑ...... කවන එකනම් කවල තියනව සුපිරියට

      Delete
  4. රූපය දෙක වසරේ ළමයෙකුටත් වඩා අගනා විදියට නිර්මාණය කර ඇති බව කියන්ට ඕනා.. කතාව නම් ශෝක්.. ඔයාගේ පරණ කතා හරිම ජොලි විදියට ලියනවා.. ඒ හැකියාව මට නැහැ දුක තමා...

    ReplyDelete
    Replies
    1. ඔන්න කිව්ව කොටනව සනික ඈ......

      Delete
  5. මොනවා උනත් , අපේ තඩිය පැටිය සන්ධියේ කැලිකපන කළුවරේ හිතට ආපු පුරුශ සක්තිය නම් අගය කරන්නම ඕනේ . හේ හේ හේ හේ ,,

    ලස්සනයි කතාව , මටත් පොඩි කලේ මතක් උණා

    ReplyDelete
    Replies
    1. පුරුස සක්තිය කිව්වට මොකෝ ඒක අමුතු සක්තියක් බයේ බැ දවල්ටත් ඒ වත්ත මැදින් යන්ට.... දැන්නම් එලිපෙහෙලි වෙලා

      Delete
  6. කො බොල අර පින්තූරෙවත් පුරුස සත්තිය ඇඳල නෑනෙ. හැක්..
    හොඳ වෙලාවට ඒ කාලෙ 119 තිබ්බෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඒකෙ කොහොමැයි පුරුස සක්තිය අදින්නෙ...හැක හැක හැක

      Delete
  7. තඩි මල්ලී,
    ඔය සීන් එක මේ ඉන්දියාවෙ ලංකාවෙ තියෙන සීන් එකක්! ඒ කියන්නේ කෑලි පහේ ටෝච් එකත් අරණ් චූ කරණ්න යන එකවත් මහ රෑට ගෙවල් වලින් එස්කේප් වෙන එකවත් නොවෙයි! ආච්චිලා මුණුබුරාලාට තියෙන අසීමිත ආදරය! එයාලා අන්තිමට තමන්ගෙ දරුවන්ට එහා යන ආදරයක් තම දරුවන්ගෙ දරුවන්ට ගොඩනගාගන්නවා.හැබැයි එක දෙයක් ඔය අච්චිලා සීයලා එක්ක ආත්මෙට දරුවන්ව හදාගන්න බෑ! ඔයා බලන්න්කෝ ආර් කේ නාරායන්ගේ කතා. බොහෝ කථාවල ආච්චිලගෙ මුණුබුරාලගෙ අසීමිත ආදරය චිත්‍රණය කරලා තියෙනවා!
    මටත් හිටියා ඒ වගේ ආච්චි අම්මා කෙනෙක්!එයා තමයි අර බී ඇල් පොඩිනෝනා මහත්මිය. එයා එයාගෙ දරුවන්ට වඩා අපිට ආදරේ කලා!
    ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මාව තඩි කරන්ඩ සෑහෙන උත්සහයක් අරන් තියනව ආච්චි.....ස්තූතියි මේ පැත්තට ආවට

      Delete
  8. බ්ලොග් කියවන්න , බ්ලොග් එකතු කරන්න එන්න සිතුවිලි සටහන් බ්ලොග් කියවනයට http://sithuwilisatahan.com/

    ReplyDelete
  9. තඩියො මේ පින්තූරෙ ඇන්දෙත් ඔය බැස්ටි කෑලි පහේ ටෝච් එක අරන් චූ කරන්න ගිය කාලෙමද ? :-D

    ReplyDelete
  10. චිත්‍ර හැකියාව නම් ඉස්තරම් අෑ.

    ReplyDelete
  11. කරන්න ගිය වැඩෙි කරලා පාඩුවෙි අාපු පාරේම ගිහින් නිදා ගත්තා නමි ඉවරයි නේ..

    අපේ අමිමා කියන්නේ මන් ෆිජ් එකේ උන්නයි කියලා..පෙර පිනකට දොර වැහුනේ නැති නිසාලු මන් තමාත් මෙිලොව ඉන්නේ...ඇඩෙි....

    ReplyDelete