Saturday, July 21, 2018

දඩාවතේ

තඩියත් ඉතින් ඔය නිවාඩුව හිටපු ටිකේ පොඩ්ඩක් ඇවිද්දා. මේ තැන් වලට නම් කට්ටිය ගිහිල්ලත් ඇති ඒ හින්ද වැඩි විස්තර නැතුව පින්තූර ටිකක් බලමු.



මේ ඇවිල්ල ලිප්ටන් සීට් යන පාර......ඔකේ මැද ඉන්නව ටැමිල් මල්ලිලා ටිකක් උන් ලොකු වන්ගුවක් පෙන්නල යන්ඩ බෑ කියනව සැලෙන්ඩ එපා මිත්‍රවරුනි දිගටම යන්ඩ කාර් වෑන් ඕන එකකට යන්ඩ පුලුවන් රිවස් කරගන්ඩ පුලුවන් නම් බය නැතිව යන්ඩ. වැඩිම උනොත් සුට්ට දුරක් රිවස් එකක් ගහන්ඩ වෙයි එච්චරයි.
















තඩිය ඉතින් කොහොමත් පරන ඒවට කැමතියි නේ......















මේ ඇවිල්ලා ආරුක්කු නමයේ පාලම නේ. ඇත්තටම බලන්ඩ කියල දෙයකුත් නෑ කම්මැලි හින්දම බලන්ඩ ගියා.
ඔතන්ට හැරෙන පාර ලඟදි අපිට හිතෙනව අපි ආපු වාහනේ යන්ඩ පුලුවන් කියල, ඒ වුනාට එහෙම හිතන්ඩ එපා.. යන්ඩ බෑ ඔයා හිරවෙනව සුවර්. පාර අයිනෙ තියන වීල් එකක යන්ඩ අමුතුම ආතල් එකක් ගන්ඩ පුලුවන් එකෙන්, නිකන් රෝල කෝස්ටරේක යනව වගේ එකක්.....








මේ නම් නුවර එලියේ ග්‍රෙගරි ලේක් එක ගාව මොන මගුලක ගියත් බිව්වෙ නැත්තන් වැඩක් නෑ නේ..වෙලාවත් තියෙන්නේ...



මේකත් ඇවිල්ලා නුවර එලියේම අර සින්ගල් ට්‍රී හිල් ද කොහෙද. දැන් මතක නෑ කියාන්කො..... කන්ද උඩ පන්සලක් තියෙන්නේ..























ට්‍රැවල් පාට්නර් නේ.........(උපාලියා නෙමේ වෙන එකක්)



මේ ඇල්ල ඇවිල්ලා මාකෙලි ඇල්ල. මෙතන ඇල්ල පටන් ගන්න තැන නාලා දැනට 20ක් ද කොහෙද මැරිල තියනවලු බෝඩ් එකක් ගහල තියනවා උබලත් නානවනම් පරිස්සන් වෙයන්. ඇල්ල බලන්ඩ පොඩි නැරබුම් කෑල්ලක් හදල තියනව එතන්ට යන්ඩ ටහිකෙන පඩි 90ක් හරි ඔය වගේ ගානක් නගින්ඩ බහින්ඩ ඕන ඒක දැක්කම ඇල්ල එපා වෙනවා.....






Monday, July 16, 2018

තඩියා මැරිලා නෑ

ලියන්ඩයි කියල ගොඩාරියක් දේවල් තියනව ඒ වුනාට ලියන්ඩ නිකා කම්මැලියි වගේ බොලව්.........



තඩියට මොකෑ වුනේ කියල හොය බලපු උන්ව පොඩි නයා කාපිය
නැති උන්ව ලිකු නයා කාපිය







ඉස්තූතියි ප්‍රෙන්ස්