Saturday, March 31, 2018

නිවරදිව පෙරන්නේ කෙසේද? ජෙමා ඉස්පෙසල්



පලවෙනියෙන් කියන්නම් මේව කොරල පොලීසි ගානේ ගිහින් මාව හොයන් එනව එහෙම නෙමෙයි ඕන්.
 

අනික මේව නිකන් පෙරන්නත් බෑ ලව් එකේ පෙරන්න ඕනා
 

මේක ඉතින් සිරි ලන්කාවයි තවත් රටකුයි එක්ක කිරිකොස් මැච් එකක් තිබිල දින්න දවසක තඩියයි ජෙමා අන්කල්ගෙයි කතාවක්. මහා ආර්තික අවපාතයකට ලක්වෙලා හිට්ට ජෙමාගෙ පිහිටට තඩිය උපදෙස් දෙන්න ගිහින් තඩියට හම්බෙච්ච උපදෙස් තමා මේ.
 
පෙරීම කලාවක් නම් මූ එහි පිකාසෝගේත් තාත්තාය..

මුල් සන්වාදේ අමතක කොරල කෙලින්ම පෙරන තැනටම යන්නම්.

තද බල ආර්තික අවපාතෙක හිට්ට ජෙමාට මම මරු අයිඩියා එකක් දැම්මා බොන්ට, ඒ "පෙරමු" කියල
"අන්න මරු, කොහෙද බං ඕවට සහයට ඩැනියෙක් ඉන්ඩ ඕන කරට කර"
"පිස්සුද"
"ඇයි"
"ඇපල් ජූස් එකකට සීනියි යීස්ට් ටුයි දාල සතියක් විතර තියන්ඩ වැඩේ ගොඩ බෝතලේ කටට බැලුමක්/කොන්ඩම් එකක් ගහල තියන්ඩ"
 



"පෙරන් නැතුව??  ආසවනය කොරන් නැද්ද??"
 

"ආසවනයක් නම් නෑ.. අපිනම් බොන්නෙ ඔහොම"
 

"බැලුමෙන් වෙන්නෙ මොකද?"
 

"එයා ලොක් එක, පිට තියන හුලන් බෝතලේ ඇතුලට එන එක වලක්වනවා"

"මචන් ඔතනදි මෙතිල් ඇල්කොහොල් ඉවත් වෙන් නෑ නේද?"
 

"ඒකනම් දන් නෑ ජෙමෝ වදිනවනම් පොල්ලෙන් හරි කමක් නෑ"
 

"ඕක පෙරන්නේ විස මත්පැන් ඉවත් වෙන්ඩ නේද? ඔහොම බිව්වත් සැපට වදිනව"
 

"අපි මෙහෙ කොෆී ෆිල්ටර් කඩදාසියකින් පෙරනව"
 

"එහෙම හොඳ නෑ මචං"
 

"එකක් අපි රත් කොරල පෙරුවා මෙලෝ රහක් නැතිවුනා බන්"
 

"මෙහෙම කොරහන්"

අවශ්‍ය ද්‍රව්‍ය.
 

*නරක්වුන හෝ නරක් වෙන්ට ආසන්න පලතුරු
*යීස්ට්
*සීනි
*ප්‍රසර් කුකර් එකක්/ ඕක නැත්තන් ඔය වගේ එකක් හදන්ඩත් පුලුවන්
*තබ බටයක්
*බටේ සයිස් වෑල් එකක්
*ලිපක්
*වතුර බේසමක්


පෙරා ගන්නා ආකාරය

"හරිම සිම්පල් මචන්, මොකක් හරි බාජනේකට පලතුරු,යීස්ට්,සීනි දාලා සතියක් විතර පල් කරහං,(හුලං යන් නැතුව පල් කොරනවනම් වඩා හොඳයී) ඒක දාහං පෙසර් කුකර් එකට, දාල ලිපක තියහන්"

"අපි එකක් හැදුව බන් ඔය වගේ"


"හිටහංකො කියනකන්"
 

"ඔය ඒසී රෙපෙයාර් කරන උන් ගාව තියනව තඹ බට සහ ඒ සයිස් වෑල්, තඹ බටේකට වෑල් එකක් දාල දඟර ගහල ගනින්, දඟර හරිය වතුර බාජනේකට දාල, වෑල් එක වහල , ලිප ඕන් කරල රත් කොරහන්, හොඳට නටන කොට ටැප් එක ඇරපන්"
 




"එතකොට අර තඹ බටේ අනිත් පැත්ත ගහන්නේ පුකට ද?"
 

"ආ ඒ පැත්ත පෙසර් කුකර් එකේ හූ ගාන කෑල්ල ගලෝල එතන්ට හයි (පාස්සන්න ) කොරපන්"
 

"වද කොරල දිගට ඉස්පිරිට් ගන්ඩත් එපා, වෑල් එක වහල නොතිය හිටියොත් එන්නෙ වතුර"
 

"අන්න එතනයි අපිට එහෙනම් වැරදුනේ අපි ඔය අටමගුලට කරාමයක් දැම්මේ නෑ ඒකතමා අපිට වැදුන් නැත්තේ"
 

"ප්‍රෙසර් වෙන්ඩ දෙන්න ඕනා. හොඳට ප්‍රෙසර් වුනාම ඉස්සෙල්ලම එන්නෙ විස මත්පැන්"
 

"හෑ හැමිනෙනවා"
 

"එන ප්‍රමානය සාපේක්ශයි, ගහපු වඩියට"
 

"කොච්චරක් විතර විස බඩු එනවද??"
 

"සම්මතේ හැටියට වතුර බෝතල් විස්සක් දාපු හැලි අරක්කු වඩියක පලවෙනි බෝතල් බාගය අයින් කොරනවා, ඒකට කියන්නෙ කඳුල ගලනවා කියලා, එතකොට එන්නෙ බින්දු බින්දු, ඒ බින්දු එන ටික බොන් නෑ"
 

"උඹ නම් පොපෙසනල් පෙරන්නෙක් ද කොහෙද"

"ඔය ගලපු කඳුලු ටික ලිපට දානවා. ඊලඟට එනවා එක දිගට වාගේ අන්න එතකොට ගන්නවා, ඒ අපි බොන ජාතිය. ඔහොම ගිහින් ගිහින් ,ආයෙත් බින්දු එන්ඩ ගන්නවා එතකොට බඩු ගන්න එක නතර කරනවා, හැබැයි කස්සිප්පු බැරල් පෙරනකොට ඔය ඔක්කොම ගන්නවා ඒකයි විස වෙන්නේ."




"අන්තිමටත් විසද එන්නේ??"
 

"ඔව් මචං....සම්මත විස මත්පැන් නාවත් ඇමෝනියා වගේ විස ද්‍රව්‍ය එනවා, බඩු වල ක්‍රිස්ටල් ක්ලියර් ගතිය නැතිවෙනවා......හැලි අරක්කු කාරයා ඕකට කියන්නේ ඔන්න වඩිය ඇදෙනවා කියලා.... කසිප්පු පෙරන උන් කියන්නේ ගෝඩා ගහනවා කියලා. මුල් ටික සහ අවසන් ටික ඉවත් කොරන්නම ඕනා."
 

"ඔය ක්‍රියාවලිය හරියට කරලා, පොඩි බෝතලේකට දාලා අතින් කොලයක් අලවලා ඒකේ අත්සන් කොරලා...දෙන එව්වා තමයි බන් ඔය සල්ලිකාර හුකන්නලා මහා ලොකුවට අනර්ග කොරලා ස්කොට්ලන්ඩ් ගිහින් විසිතිස්දාස් ගනන් පයින්ට් එකට ගෙවලා අපිට පෙන්න පෙන්න බොන්නේ."

"අඩේ ඕක හදල බොන්ඩ ගිහින් අපි මැරෙයිද බන්?? අපි හදන එකටනම් බඩ පොඩ්ඩක් යනවා විතරයි හිහිහිහිහි.."

"ගෝඩා බිව්වම බඩ යනවා බොල, තොපි ඔය බොන්නේ ගෝඩා, ඔච්චර පල් කරන්ඩ ඕන නෑ, කෙහෙල් ගෙඩි දෙකක් තලලා දාල දවස් දෙකක් තියලා බීපිය මත් වෙනවා... බඩත් යනවා...."
 

"ඔව් අපි ඉතින් ටිකක් කිව්වට ටිකක් වැඩිපුර යනවා.....හම්මෝ පුක.."

ඔන්න පුතී හදනවනම් පරිස්සමෙන් හදපල්ලා.......


ඔබ දන්නවාද????

*ඔරිජිනල් කසියා කටට ගත්තු ගමන් බාගයක් වාස්ප වෙන බව...
*විශ්කි වලට කලර් මික්ස් කරන බව......
*රසය ගන්න කැල්සියම් එකතු කරන බව.....
*අපටම වෙන් වූ කහ පාට හැලි අරක්කු ක්‍රමයක් තිබුන බව.....
*එයට ගන්න ලී හැන්ද පැනිවරකා ලීයෙන් තැනූ බව.....
*ස්ප්‍රීට් එකට කලවම් කිරීමට වැල් මී, වෙනිවැල් ගැට,හා තල්සූකිරි යොදා උනුකර නිවා ගත් ජලය යොදා ගත් බව...... 


ගෙදර වැඩ

*සුද්දෝ ගෙදර හදන විස්කි ලී කෙග් වල දැමීමට හේතුව කුමක් ද??

*කසියා වලට කන හුනු දියකල විට කුමක් සිදුවේද???



 හැපි පෙරීමක් ෆ්‍රන්ස්...  :)

නම මනංකල්පිතවේ.....පොරත් ඉතින් මේක කියවල කොමෙන්ටුවක් එහෙමත් දායි...

Thursday, March 29, 2018

ඕ ලෙවල් ඇන්ඩ් රූම් මේට්



ඊයෙ පෙරේදා ඕ ලෙවල් රිසාල්ට් ආවලු මේ මගේ කාමරෙ ඉන්න පොරක් දුරකතනයෙන් උගෙ ගෙදරට කතා කරපු එකෙ සාරන්ශය.

පොරට අනුව දුව විභාගෙ පාස් ඒම 8 ක් ලු ඉතින් දැන් තියන ප්‍රශ්නෙ ඒ ලෙවල් වලට මොකද කරන්නෙ කියන එක.

ළමයාගෙ කැමැත්ත ආර්ට්ස් කරන්ඩ අම්ම කියන්නෙ දුව කැමතිනම් ඒක කොරන්න දෙන්න කියලා. මගෙ කාමරේ ඉන්න බුවා තාත්තා, කියන්නෙ බයෝ කරන්න කියල


හේතුව දුවල තුන් දෙනාට උගන්නල එකෙක් හරි දොස්තරෙක් කරන්ඩ ඔනලු.

ආට්ස් කරොත් රස්සවල් නෑලු පොරට කවද මෙහෙන් යන්ඩ වෙයිද දන් නෑලු බයෝ කරල දොස්තර කෙනෙක් වුනොත් මුලු පවුලම ගොඩලු.

(යකෝ එතකොට මූ බලන් ඉන්නෙ ළමයගෙන් ගොඩ යන්ඩ)

දුව කියනව බයෝ කරල එස් තුනක් තමා ගන්ඩ වෙන්නෙ කියල.
මාරාවේස වෙච්ච බුවා හත් මුතු පරම්පරාවටම එක්ක බනිනව.
'තොපිට තියෙන්නෙ ඉගෙන ගන්ඩ විතරයි තො බයෝ කරල ඒ තුනක් ගත්තෙ නැත්තන් තොට අම්මෙක් අප්පෙක් නෑ කියල හිතා ගනින් අපි දෙන්නම වහ බොනව එදාට'

කොහොම හරි ඔය කතාව රන්ඩුවකින් ඉවර වුනා.

ගත්තා තවත් එකෙක්ට කෝල් එකක්.


''අනෙ පුතේ පුලුවන් නම් අර ගෑනිව මානසික දොස්තරෙක් ගාවට එක්කන් යමන් ඔය ගෑනිට පිස්සු අර ලමයගෙ ඔලුව කනව ඒකි කැමති එකක් ඒ ලෙවල් වලට කරන්ඩ කියල මම කියන දෙයක් අහන් නෑ.''

දැන් පිස්සු කාටද ගෑනිට ද මෙහෙ ඉන්දන් කෑ ගහන එකාට ද..... මට තේරෙන් නෑ.

හොදම දේ කියන්නෙ මේකාට ළමයින්ට උපදෙස් දෙන්න මතක් වෙන්න 4ක් 5ක් ලඟ ලඟ නමා ගත්තට පසුව වීමයි.


 **දැන් මට තියන පුරස්න**

*ඇයි ළමය කැමති එක කරන්ඩ දෙන් නැත්තේ?
*මේ කෙල්ල විභාග පාස් වෙයි ද?
*මේකා වහ බොයිද?
*කෙල්ල කොල්ලෙක් එක්ක යාලු නොවීම ඉදියි ද?
(ආ එහෙම කිව්වෙ මේකා දුවගෙන් පොරොන්දුවක් ගත්තා කොල්ලො එක්ක යාලුවෙන් නෑ කියලා)

*කෙල්ලගෙ අම්මට පැන්සොන් එක හම්බෙයි ද?
*අම්මා වලව් කාරයෙක් ද?
*ගෙදර තිබුනයි කියන මැද මිදුල තාම තියනව ද?
*කවුද බන්ඩා?


එක පැත්තකින් මූ බීලා කියෙව්වට මූ කියන එකෙත් ඇත්තක් තියනවද මන්දා....මාත් යනව බන් අඩියක් ගහන්ඩ ඕවා බොන්ඩ ඕන ප්‍රස්න .        ( සමාවන්න ගෝඩා පාරක් ගහන්න )

Monday, March 19, 2018

පිටරට vs ලංකාව






පිට රටවල් වල.....


*පෙම්වතිය ...
                 
හෙලෝ මයිකල් මම ඔයාට කෝල් එකක් ගත්තා ඒ වෙලාවේ වේටිං කියලා පෙන්නුවා ඔයා වෙන කොල් එකක නේද හිටියේ ඉතිං මං කට් කලා අනේ සොරි ඔයාගේ කෝල් එකට බාදාවක් උනානං..


*පෙම්වතා...
                
ආ ඔවු මගේ කලිං පෙම්වතිය ටානියා කෝල් එකක් ගත්තා මං ඉතිං එයා එක්ක ටිකක් කතා කලා ඒ වෙලාවේ තමයි ඔයා කෝල් ගත්තේ...


*පෙම්වතිය...
                
ආ එයා තවමත් ඔයාට කතා කරනවද ඔන්න මට ඒකට නං ඊරිසියයි..


*පෙම්වතා..
                 
පිස්සුද සුදූ මං විහිලුවට කීවේ ටානියා කතා කලා කියලා.. අපේ ඉස්කොලේ කොල්ලෙක් කෝල් කලේ..


*පෙම්වතිය...
                  
දඟයා .මාව තරහ ගස්සන්න නේද හැදුවේ .. ඒකට නං මට හවස පීසා අරං දෙන්න ඔනේ හොඳේ.. නැත්නං මම තරහයි.. හිහී උම්ම්ම්ම්ම්මා... බායි කොල්ලෝ...


අපේ ලංකාවේ...


*පෙම්වතිය..
                
හලෝ සිරිමල් මං ඉස්සර්ලා කෝල් කරපු වෙලාවේ ඔයාගේ පෝන් එක වේටිං.. මං රින්ග්ස් හිහිං ඉවර වෙනකං රිං කලා දැක්කේ නෑ වගේ ඒ කෝල් එකේ හිටියා නේද.. මෙලහට මොකියෙක් හරි බැල්ලියෙක් ලැස්ති කරං ඇති.. නැත්තං මගේ කෝල් එක එනකොට ඒක කට් කරලා මගේ කෝල් එක ගන්නේ නැතුව ඒකේ එල්ලිලා ඉන්නවයැ...


*පෙම්වතා..
                  
අනේ නෑ සුදූ මං අර කලිං යාලු වෙලා හිටපු කුසුමා කතා කලානේ මං නම්බර් එක දැක්කේ නැතුව ආන්ස්වර් කලානේ .. ඒ කතාව වෙලාවේ වෙන්න ඇති ඔයා ගන්න ඇත්තේ..


*පෙම්වතිය..
                
අනේ ඇත්තද.. ගන්න ඇත්තේ නේද.. ඒ කියන්නේ මම ගත්ත බව මේ වෙනකල් වත් දන්නෙ නෑ නේද මම මේ කියනකං.. අයි ඉතිං අරකි කතා කලාම මේ ලෝකේ සිහියක් නැතුව යන්න ඇතිනේ.. මං දැනගත්තා මට මේ ටික වෙයි කියලා.. මං තමුසෙට එදත් කීවා ඔය පට්ට බැල්ලිව බ්ලොක් කරන්න කියලා.. තමුසෙ ඒක කලෙත් නැත්තේ ඕකට තමයි එහෙනං...තමුසෙ මහ වනචර බල්ලෙක්..


*පෙම්වතා..
                   
පිස්සුද සුදු මම ඔයාට විහිලුවට කීවේ කුසුමා කතා කලා කියලා.. අපේ පන්තියේ කොල්ලෙක් කතා කලේ..


*පෙම්වතිය..
                      
තමුසෙට විහිලු කරන්නත් ඕකිගේ නම ගාවගන්නේ නැතුව බෑ නේද.. නැත්නං වෙන කෙල්ල්කුගේ නමක් කියන්න පුලුවන්නේ.. හිතේ උඩින්ම ඉන්නේ ඕකි හින්දනේ විහිලු කරන්නත් ඕකිගේ නම මතක් වෙන්නේ.. වනචරයා තමුසේ මං ඉස්සරහා ඕකිව බ්ලොක් කලේ නැත්නම් ආයේ මගේ මූන බලන්න එපා..

තත්වය සෝචනීයයි මිත්‍රවරුනි.....

බුකියෙන් උස්සන ලදි අයිතිය දනුශ්ක කාන්චන ජයවීර. 


Thursday, March 1, 2018

බොලව් ගෑනියේ


 


ආදර වෙන්ට බිරින්දෑ වෙත,

බල්ලෙක් පූසෙක් වත් බේතකට සොයාගත නොහැකි කුප්ප දූපතක සිට ලියමි. මලක ආතල් එක යහමින් ගන්න වෙලාවක මෙන්න මේ කුනු හබ්බය ම්තක් වූ නිසා ලියමි.
බොලා දැන් මට කියන්නේත් බනිස් කෑමට ඇති ආසාව නිසා බේකරියක් දාගැනීම යහපතැයි වගේ අපබ්‍රන්ස කතාවකි.

"අනේ මටනම් බෑ ඔයා නැතුව ඉන්ඩ"

"මම යනව අපේ ගෙදර"

"මට පාලුයිනෙ"

"තව ටික කාලයයිනෙ අපිට එකට ඉන්ඩ හම්බෙන්නේ"

"අවුරුදු හතක් ලව් කරලත් එකට ඉන්ඩ නෑ"

"සල්ලි කියන්නෙ ජීවිතේම නෙමෙයිනේ"

ඔන්න ඔවැනි කතා දාහක් කියමින් මගේ මේ රස්සවට තිත තැබීමට ගත් උත්සාහයට මගේ ලිබ්බොක්කෙන්ම මෙව්වා  එක බොලාට පුදකරමි.

කනක් ඇහිල ඉන්ටම බැරි හින්දා ඕන් මම රස්සාවෙන් ඉල්ලා අස්වෙමියි කියා ලියුන් කරඩහියක් ලොක්කට අද උදේම කබ හූරමින් හොටු කඩමින් ගිහින් දුන්නෙම්. 

දුන්න ගමන් කෝචොක් හිනාවක් දාපු ලොක්කා "වී විල් ඩිස්කස් දිස් ඉන් ඊවිනින් " පර බාසාවෙන් මට බැන්නත්ද කොහෙද මූ....බොලා හින්දා බැනුම් අහපු පලවෙනි වතාව නෙමේ හින්ද අවුලක් නෑ..

ලොක්කා හවස එන්නම් කිව්වට පොර ආවෙත් නෑ ඒ වුනාට කොල්ලො කීපදෙනෙක්ම උන්ගෙ හිතම්ත්‍රාදින්ගෙ සීවී ගොඩක් මට ගෙනත් දුන්නා. 

"මචන් උබ යනවයි කියල ආරන්චියක් ආව පුලුවන්නම් මූව දාල දියන්"

යකො එතකොට මුන් බලන් ඉදල තියෙන්නෙ මම යනකන්.......ඔන්න ඔහොම කාලකන්නි හිතිවිල්ලක් මගෙ සුට්ටන් හිතට ආවා. දුක තද කරන් මහ මෙර තරන් මට ඉන්න බෑ ඔබ නැතුවනම් කියන්නා වගේ කොහේදෝ තිබුන බොකකුත් ඔය අස්සෙම සැට්වුනා රත්තරන්.

දැන්නම් ඉතින් මාසෙකට ලක්ස වලින් පඩි හම්බෙන හින්දා ඉල්ලන ඕන මගුලක් බොලාට අරන් දෙනව... පස්සෙ අරන් දෙන් නෑ කියල මැරෙන්ඩ හදන්න එපා ඕන්.

බොලා දැන්නම් කියන්නෙ ලුනුයි බතුයි හරි කාල ඉමු කියලා...ඕකත් ටික කාලෙකදි එපා වෙනව එතකොට කන්ඩ බෑ කිව්වොත් බොලාගෙ කනට දෙකක් දීල පරන අතීතේ මතක් කොරල දෙන්න සැදැහැවත් සිතින් මම සැදී පැහැදී ඉන්න වග බොලාට මතක් කරනු කැමැත්තෙමි.

ඉදිරියට අර ඊ බේ එකෙන් බඩු ගෙදරට එන එකක් නැතිවෙයි මයෙ හිතේ.

දැන් ඉතින් ආපුවම ඒ සී දාගෙන ඩබල් දාගෙන යන ගමන් වලදි  වගේ ඉස්සරහට ඒසීත් නැතිවේවි. බොලාට දුක හිතේවි...

මට ආස හිතේවි........

ඉතින් තකහනියෙම මේ ලියුන් කරදහිය ලිව්වේ ඔන්න ඔය අතුරු ප්‍රතිවිපාක බොලාට මතක් කොරල දෙන්න හිටන්.

බොලාව මට පැස්ටෝල් ගහලවත් එලෝගන්ට බැරි බව මම දනිමි...ඒ වුනත් මා ගැන අනුකම්පා කොරනු මැනවි

එහෙනම් ඉතින් මම නවතිමි.

බොලාගේ ආදර
තඩී