Thursday, March 1, 2018

බොලව් ගෑනියේ


 


ආදර වෙන්ට බිරින්දෑ වෙත,

බල්ලෙක් පූසෙක් වත් බේතකට සොයාගත නොහැකි කුප්ප දූපතක සිට ලියමි. මලක ආතල් එක යහමින් ගන්න වෙලාවක මෙන්න මේ කුනු හබ්බය ම්තක් වූ නිසා ලියමි.
බොලා දැන් මට කියන්නේත් බනිස් කෑමට ඇති ආසාව නිසා බේකරියක් දාගැනීම යහපතැයි වගේ අපබ්‍රන්ස කතාවකි.

"අනේ මටනම් බෑ ඔයා නැතුව ඉන්ඩ"

"මම යනව අපේ ගෙදර"

"මට පාලුයිනෙ"

"තව ටික කාලයයිනෙ අපිට එකට ඉන්ඩ හම්බෙන්නේ"

"අවුරුදු හතක් ලව් කරලත් එකට ඉන්ඩ නෑ"

"සල්ලි කියන්නෙ ජීවිතේම නෙමෙයිනේ"

ඔන්න ඔවැනි කතා දාහක් කියමින් මගේ මේ රස්සවට තිත තැබීමට ගත් උත්සාහයට මගේ ලිබ්බොක්කෙන්ම මෙව්වා  එක බොලාට පුදකරමි.

කනක් ඇහිල ඉන්ටම බැරි හින්දා ඕන් මම රස්සාවෙන් ඉල්ලා අස්වෙමියි කියා ලියුන් කරඩහියක් ලොක්කට අද උදේම කබ හූරමින් හොටු කඩමින් ගිහින් දුන්නෙම්. 

දුන්න ගමන් කෝචොක් හිනාවක් දාපු ලොක්කා "වී විල් ඩිස්කස් දිස් ඉන් ඊවිනින් " පර බාසාවෙන් මට බැන්නත්ද කොහෙද මූ....බොලා හින්දා බැනුම් අහපු පලවෙනි වතාව නෙමේ හින්ද අවුලක් නෑ..

ලොක්කා හවස එන්නම් කිව්වට පොර ආවෙත් නෑ ඒ වුනාට කොල්ලො කීපදෙනෙක්ම උන්ගෙ හිතම්ත්‍රාදින්ගෙ සීවී ගොඩක් මට ගෙනත් දුන්නා. 

"මචන් උබ යනවයි කියල ආරන්චියක් ආව පුලුවන්නම් මූව දාල දියන්"

යකො එතකොට මුන් බලන් ඉදල තියෙන්නෙ මම යනකන්.......ඔන්න ඔහොම කාලකන්නි හිතිවිල්ලක් මගෙ සුට්ටන් හිතට ආවා. දුක තද කරන් මහ මෙර තරන් මට ඉන්න බෑ ඔබ නැතුවනම් කියන්නා වගේ කොහේදෝ තිබුන බොකකුත් ඔය අස්සෙම සැට්වුනා රත්තරන්.

දැන්නම් ඉතින් මාසෙකට ලක්ස වලින් පඩි හම්බෙන හින්දා ඉල්ලන ඕන මගුලක් බොලාට අරන් දෙනව... පස්සෙ අරන් දෙන් නෑ කියල මැරෙන්ඩ හදන්න එපා ඕන්.

බොලා දැන්නම් කියන්නෙ ලුනුයි බතුයි හරි කාල ඉමු කියලා...ඕකත් ටික කාලෙකදි එපා වෙනව එතකොට කන්ඩ බෑ කිව්වොත් බොලාගෙ කනට දෙකක් දීල පරන අතීතේ මතක් කොරල දෙන්න සැදැහැවත් සිතින් මම සැදී පැහැදී ඉන්න වග බොලාට මතක් කරනු කැමැත්තෙමි.

ඉදිරියට අර ඊ බේ එකෙන් බඩු ගෙදරට එන එකක් නැතිවෙයි මයෙ හිතේ.

දැන් ඉතින් ආපුවම ඒ සී දාගෙන ඩබල් දාගෙන යන ගමන් වලදි  වගේ ඉස්සරහට ඒසීත් නැතිවේවි. බොලාට දුක හිතේවි...

මට ආස හිතේවි........

ඉතින් තකහනියෙම මේ ලියුන් කරදහිය ලිව්වේ ඔන්න ඔය අතුරු ප්‍රතිවිපාක බොලාට මතක් කොරල දෙන්න හිටන්.

බොලාව මට පැස්ටෝල් ගහලවත් එලෝගන්ට බැරි බව මම දනිමි...ඒ වුනත් මා ගැන අනුකම්පා කොරනු මැනවි

එහෙනම් ඉතින් මම නවතිමි.

බොලාගේ ආදර
තඩී

36 comments:

  1. //යකො එතකොට මුන් බලන් ඉදල තියෙන්නෙ මම යනකන්//

    හෙහ් ... හෙහ්

    ReplyDelete
  2. හි හී.... මට තියෙන ප්‍රශ්නනම් වෙන්ට බිරිඳනම්
    "මම යනව අපේ ගෙදර" කියන්නේ ඇයි ?
    තව ටික කාලයයිනෙ අපිට එකට ඉන්ඩ හම්බෙන්නේ"
    දැන් ඉන්නේ රටවල් දෙකක වෙලා ඇයි මෙහෙම කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. මෙහෙම කියන්නේ....... මම ඉතින් හොඳට කියා දුන්න බැන්දයින් පස්සෙත් මම ආපහු රස්සවට යන්නම් කියල... එතකොට තමයි ඔහොම කියන්නේ.

      Delete
  3. මචෝ. මම කාටවත් උපදෙස් දෙන්නෙත් නෑ, මේ උපදෙසුත් නෙමේ.කාල බීල ඉන්න වෙලාවට ප්‍රශ්න වලට උත්තර හොයන්න එපා. අනුන්ට උබේ පෞද්ගලික දේවල් කියන්නත් එපා. මොකද මිනිස්සු 99% කටම උබේ ප්‍රශ්න උන්ට ආතල්. උබට නොපෙනුනාට උබට උපදෙස් දුන්නත් උං උබට හිනා වෙනව. මම උබේ වයසෙදි පස්පංගුවම ගැහුව. ආතල් ගත්ත. ප්‍රශ්න වලදි මහා පොරක් වගේ ලෝකෙ ඉස්සරහට ගිහිල්ල මම උත්තර හෙව්ව. හැබැයි උං උත්තර දීල මාව හිර කළා. දැන් මම නිදහස්. මට උපදෙස් දීල හිර කරපු අවුන් දෙන්නෙක් සියදිවි නසා ගත්ත. ඒ උන්ගෙ ප්‍රශ්න වලට උත්තර නැතුව. මම උන්දෙන්නවම දිවියලෝකේ යවන්න හිටියෙ. ඒත් උං මම ඒ පවෙන් ගලවගත්ත. ඇත්තම කියනවනං උං මට ලක්ෂ 50 කට ඇරිය (මම අදහන්නෙ කර්මය විතරයි. බට් කර්ම ඊස් අ බිච් )
    01. ජීවත්වෙන්න අනිවා සල්ලි ඕන.
    02. ගෙදර ගිනි පිටට දෙන්න එපා.
    03. නිතරම සන්තෝසෙන් හිටපං.
    04. පැය 24ම හිනා වෙලා හිටපo
    05. තමන්ගෙ ප්‍රශ්න අම්ම තාත්ත හෝ හොඳම යාලුවට කියපන්.
    එහෙම බැරිනං
    ඉතුරු ටික උබට බාරයි.

    ෆිට් තමා තඩියෝ 👊🏽

    ReplyDelete
    Replies
    1. ......ස්තූතියි ටික්කෝ......

      Delete
    2. උබේ ප්‍රශ්න කාටවත් කියන්න යන්න එපා .
      මොකද අහන අය එක්කෝ ප්‍රශ්ණ වැඩි වෙන උත්තර දෙයි ,
      එක්කෝ උබේ හිත අවුල් කරයි

      Wednesday, August 30, 2017
      https://magelokaya01.blogspot.com/2017/08/blog-post_30.html

      Delete
    3. +++++++ ටික්ක උනාට අත්දැකීම් කන්දරාවක්.. :)))

      Delete
    4. කල්‍යාණ මචං. මම හිතන විදිහට මිනිහෙකුට සාර්ථක හෝ දියුණු වෙන්න බැරි මිනිස්සුන්ගෙ ඇතුලෙම තියෙන ලොකුම අවාසි තමයි තදබල විදිහට මිනිස්සුන්ට අනුකම්පා කිරිල්ල, පමණට වැඩිය මිනිස්සු විශ්වාස කිරීම, සංවේදී හදවතක් තියෙන එක සහ තමන්ගෙ දේවල් අනුන් සමග කතා කරල උත්තර හොයන එක. මම මීට වඩා වචනයක් වැඩිපුර කතා කරන්න යන්නෙ නැහැ. ඔය මම උඩ කියල තියෙන දේවල් වලින් මොකෙක්හරි පාඩමක් ඉගෙනගන්නවනන් ලොකු දෙයක්. 👊🏽

      Delete
    5. තදබල විදිහට මිනිස්සුන්ට අනුකම්පා කිරිල්ල, පමණට වැඩිය මිනිස්සු විශ්වාස කිරීම, සංවේදී හදවතක් තියෙන එක සහ තමන්ගෙ දේවල් අනුන් සමග කතා කරල උත්තර හොයන එක.

      මේ කියන ඔක්කොම මට තියනව මට කෙලවීමට මුල මේකයි

      Delete
    6. පුළුවන් කමක් තියෙනවනන් ට්‍රයි එකක් දීපං ඒ ටික අතඇරගන්ට. මුලදි නං මිනිස්සු කියයි ආත්මාර්ථකාමී කියල. හැබැයි බලද්දි උං අපිට වැඩිය ආත්මාර්ථකාමියි. උබට මේ ලොකු ටෝක් මම දුන්නට ඊයෙ පෙරේද මේ සිංහල බ්ලොග් එකේම එකෙක් මට පොඩි ගානකට ඇරිය. හපොයි දුක නෑ බං. මිනිහෙක්ට වේලක් කන්න දුන්න කියල හිතනව. හැබැයි ඌ ගැන දැනගන්නත් එක්කම බ්ලොග් පොස්ට් එකකුත් ලියනව.

      Delete
    7. ඔන්න බලපන්කො ඉතින් මිනිස්සු. අපේ තාත්තා ඊයෙ කිව්ව "ඔයාලට ඉතින් මිනිස්සු අදුර ගන්ඩ සල්ලි වියදන් කරන්ඩම ඕනනෙ" කියල නෑ බෑ පුරුදු නැති හින්දමයි කෙල වෙන්නෙ.

      Delete
  4. ආදර වෙන්ට බිරින්දෑව ද තඩියා ගේ දුපතටම රස්සාවට ගත්තනම් අහවරයි නේ ....

    ඔය කියනදේවල් ගැන හිතල රස්සාව දාල එන්න එපා මචං .

    එක්තැන් වෙලා ළමයි කාරිය හැදුවට පස්සේ උබට උන් දාල ආයේ ලොවෙත් රට යන්න හිතෙන්නේ නැති වෙයි එකයි .

    ReplyDelete
    Replies
    1. ඔව්වා ගෑනුන්ට තේරෙන් නෑ නෙ බන්.....

      Delete
    2. එක තමයි මචං

      Delete
  5. මචං ඉස්සෙල්ලා බොමු....ඊට පස්සෙ කතා කරමු.....

    ReplyDelete
    Replies
    1. අන්න කොල්ලො......පලමුව බීම දෙවෙනුව ප්‍රස්න..... බොමු බොමු මොනාද ජාතිය..??

      Delete
    2. හම්මෝ වැට් හය නම් එපා බන් මම බොන් නෑ හැදුනා...

      Delete
    3. ජාතියක් ජන්මයක් නෑ බන් වැදෙනවනම් කරන්ට් එක හරි.

      Delete
    4. ඒ වුනාට උබත් අර වැට් 6 එකෙන් ගහල බලන්ඩ තිබ්බෙ එතකොට උබට හිතෙයි කරන්ට් එක වැදුන නම් හොදයි නෙ කියල

      Delete
  6. //ලොක්කා හවස එන්නම් කිව්වට පොර ආවෙත් නෑ// මිනිහටත් පවුල් ප්‍රශ්න ඇතිනෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. මෙහෙ ඉන්න උන්ට තනිකරම තියෙන්නෙ පවුල් ප්‍රස්න තමා

      Delete
  7. මද්දලාගේ රස්තියාදු වලට තව ස්ථීර සාමාජිකයෙක් ලැබේවි.(කොස් මයි පින්ගස් )
    අර අහින්සක සැදෙන්න උත්සාහ ගන්න ා හර්ෂයා ඇතුලු සැට් එකටම දෙයියන්ගේම පිහිටත් ෙව්වි.
    තඩියා ෙකට්ටුවේවි(ද?)

    ReplyDelete
    Replies
    1. ඔන්න බලපන් බොලත් බලන් ඉන්නෙ මම එනකන් නේ....
      රස්තියාදුවට නම් අනිවා එන්නම්.....
      හර්ශනයා නෙමේ උන් හින්දා මම නාස්ති වෙයි

      Delete
  8. මගේ අත්දැකීම් හැටියට නම් මට හිතෙන්නේ ජිවිතේ සතුට වෙනුවෙන් අවධානම් ගැනීමම තමයි ජීවිතය කියන්නේ.. ඊවන් 'කසාද බැඳීම' උනත්.. :D

    ReplyDelete
  9. ගැටලු පැමිණේ එවා අපි විසද ගන්න ඔිනි නේ ...

    ReplyDelete
  10. ආදර තඩීට

    අස්වී ගෙදර ආවත් ආදරෙන් තඩී
    දිස්වී ඉඳිමි ඔබ ළඟ විලසින්ම කඩී
    හිස්වී තිබෙන බව කිව්වත් නුඹගෙ පඩී
    රැස්වී ඇති නොවෙද ගහගත් එදා මඩී
    ----වෙන්ට බිරිඳ.

    ජයවේවා!!!

    ReplyDelete
  11. ජිවිතේ ගැන අවධානමක් ගැනීමත් එක්තරා අන්දමක අත්දැකීමක්. ජය වේවා

    ReplyDelete
    Replies
    1. දැන් මම මේ ඒ අවදානම සුපිරියටම ගන්ඩ ලෑස්ති වෙන ගමන් ඉන්නෙ... ජයවේවා.. මේ පැත්තට ආවට ස්තූතියි

      Delete