Monday, March 19, 2018

පිටරට vs ලංකාව






පිට රටවල් වල.....


*පෙම්වතිය ...
                 
හෙලෝ මයිකල් මම ඔයාට කෝල් එකක් ගත්තා ඒ වෙලාවේ වේටිං කියලා පෙන්නුවා ඔයා වෙන කොල් එකක නේද හිටියේ ඉතිං මං කට් කලා අනේ සොරි ඔයාගේ කෝල් එකට බාදාවක් උනානං..


*පෙම්වතා...
                
ආ ඔවු මගේ කලිං පෙම්වතිය ටානියා කෝල් එකක් ගත්තා මං ඉතිං එයා එක්ක ටිකක් කතා කලා ඒ වෙලාවේ තමයි ඔයා කෝල් ගත්තේ...


*පෙම්වතිය...
                
ආ එයා තවමත් ඔයාට කතා කරනවද ඔන්න මට ඒකට නං ඊරිසියයි..


*පෙම්වතා..
                 
පිස්සුද සුදූ මං විහිලුවට කීවේ ටානියා කතා කලා කියලා.. අපේ ඉස්කොලේ කොල්ලෙක් කෝල් කලේ..


*පෙම්වතිය...
                  
දඟයා .මාව තරහ ගස්සන්න නේද හැදුවේ .. ඒකට නං මට හවස පීසා අරං දෙන්න ඔනේ හොඳේ.. නැත්නං මම තරහයි.. හිහී උම්ම්ම්ම්ම්මා... බායි කොල්ලෝ...


අපේ ලංකාවේ...


*පෙම්වතිය..
                
හලෝ සිරිමල් මං ඉස්සර්ලා කෝල් කරපු වෙලාවේ ඔයාගේ පෝන් එක වේටිං.. මං රින්ග්ස් හිහිං ඉවර වෙනකං රිං කලා දැක්කේ නෑ වගේ ඒ කෝල් එකේ හිටියා නේද.. මෙලහට මොකියෙක් හරි බැල්ලියෙක් ලැස්ති කරං ඇති.. නැත්තං මගේ කෝල් එක එනකොට ඒක කට් කරලා මගේ කෝල් එක ගන්නේ නැතුව ඒකේ එල්ලිලා ඉන්නවයැ...


*පෙම්වතා..
                  
අනේ නෑ සුදූ මං අර කලිං යාලු වෙලා හිටපු කුසුමා කතා කලානේ මං නම්බර් එක දැක්කේ නැතුව ආන්ස්වර් කලානේ .. ඒ කතාව වෙලාවේ වෙන්න ඇති ඔයා ගන්න ඇත්තේ..


*පෙම්වතිය..
                
අනේ ඇත්තද.. ගන්න ඇත්තේ නේද.. ඒ කියන්නේ මම ගත්ත බව මේ වෙනකල් වත් දන්නෙ නෑ නේද මම මේ කියනකං.. අයි ඉතිං අරකි කතා කලාම මේ ලෝකේ සිහියක් නැතුව යන්න ඇතිනේ.. මං දැනගත්තා මට මේ ටික වෙයි කියලා.. මං තමුසෙට එදත් කීවා ඔය පට්ට බැල්ලිව බ්ලොක් කරන්න කියලා.. තමුසෙ ඒක කලෙත් නැත්තේ ඕකට තමයි එහෙනං...තමුසෙ මහ වනචර බල්ලෙක්..


*පෙම්වතා..
                   
පිස්සුද සුදු මම ඔයාට විහිලුවට කීවේ කුසුමා කතා කලා කියලා.. අපේ පන්තියේ කොල්ලෙක් කතා කලේ..


*පෙම්වතිය..
                      
තමුසෙට විහිලු කරන්නත් ඕකිගේ නම ගාවගන්නේ නැතුව බෑ නේද.. නැත්නං වෙන කෙල්ල්කුගේ නමක් කියන්න පුලුවන්නේ.. හිතේ උඩින්ම ඉන්නේ ඕකි හින්දනේ විහිලු කරන්නත් ඕකිගේ නම මතක් වෙන්නේ.. වනචරයා තමුසේ මං ඉස්සරහා ඕකිව බ්ලොක් කලේ නැත්නම් ආයේ මගේ මූන බලන්න එපා..

තත්වය සෝචනීයයි මිත්‍රවරුනි.....

බුකියෙන් උස්සන ලදි අයිතිය දනුශ්ක කාන්චන ජයවීර. 


25 comments:

  1. හරිම සෝචනීයයි බන්

    ReplyDelete
    Replies
    1. මන් කිව්වෙ මේ උබේ තත්වෙ හොදේ

      Delete
    2. ඔව් බන් මෙහෙම වෙනකොට සෝචනීයයි නේන්නම්

      Delete
  2. හයියූ සංසාරේ.....රේ රේ...ඒ ඒ..

    ReplyDelete
    Replies
    1. හා බොරුද.......එල්ලෙන් නැද්ද ඔය වගේ...

      Delete
    2. ඔහොමනම් එල්ලිලා නැත ඉස්සරහට එල්ලෙන්න බලපොරොත්තුවකුත් නැත.විහිලුවටනම් එක එක එවා කියනවාය.

      Delete
    3. විහිලුවට හරි කෙල්ලො ඔහොම්මමයි....පටන් ගන්නෙ ඇයි ඔයාට මතක නැද්ද 2010 අප්‍රියේල් 10 වෙනිදා තේ මේසේ ගාවදිත් ඔයාට ඕය සක්කර වට්ටමෙන් කෝල් එකක් ආව.....කියල මට ඉතින් ඕක මතක නෑ මම ඉතින් එතනම ලොස්ට්

      Delete
  3. මෙහෙමදැ පෙම්වත්තු.....

    ජයවේවා!!!

    ReplyDelete
  4. හැබයි පිටරට උන් ලංකාවේ කෙල්ලෝ වගේ ගේම ඉල්ලන් යන්නේ නැතුව හෙට වෙන එකෙක් හොයාගෙන හවසට මීට්අප් එකකුත් දාගනී .

    මොනවා උනත් අපේ කෙල්ලෝ හොදයි බන් ..... හැබැයි පරහකට තියෙන්නේ උන්ගේ කියවිල්ල තමයි .

    ReplyDelete
    Replies
    1. කට සුට්ටක් අඩු වුනානම් පට්ට

      Delete
    2. එක හැබෑව ... හේ හේ හේ

      Delete
  5. තඩියාගේ (තඩි නැති) තඩිච්චට මේක මේ දවස් වල අම්බානක් මඩ ගසනවාය.
    පව් යකෝ පෙනුන දැකපු විදියට නම් තෝ වගේ බේබද්දකේ ලබන්න ඒ කෙල්ල පව්









































    කෝමද ඒ.....ක

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බන් ටෘ ලව් එක අහුවෙන අහුවෙන තැනදි නෝන්ඩි කොරනවා....
      කෝ හු..... මේකේ මැද ටික

      Delete
  6. හැමෝම ඔහොම නැනේ තඩි. ඔන්න අපිටත් ඉතින් ඕවට තරහා යනවා.

    ReplyDelete
    Replies
    1. හරි හරි හැමෝම ඔහොම නෑ තමයි මම මේ පොඩි මඩ වියාපාරෙක නිරත වෙලා ඉන්න ගමන්

      Delete
  7. හම්මෝ වෙලාවට ⁣තාම කෙල්ලෙක් නැත්තෙ. නිදහසේ කෝල් එකක් වත්
    ගන්න නෑ නෙ..

    ReplyDelete
  8. පෙම්වතීව බ්ලොක් කරල දැම්මනං ඔය අවුල වෙන්නෑනෙ.

    ReplyDelete
    Replies
    1. තුන්වෙනි ලෝක යුද්දෙ පටන් ගත්තා වගේ තියෙයි

      Delete