Friday, February 23, 2018

.....මනමාලියන් බැලීම......

 

මනමාලියන් බැලීම වනාහි ත් එක්තරා අමුතුම මෙවුවා එකකි.. කොල්ලා ඉස්සර වගේ නැතුව නිකන් මෙවුවා වෙලා වගේ බව දෙමවුපියන්ට පෙනී යාම නිසා මේ කටයුත්තට මුල පිරීම සිදුවේ.. අල්ලපු ගෙදර ගෑනි ලිඳේ නාන විට කොල්ලාට ඒ පැත්තේ මිදුලේ හරියට වැඩය.. දබ වැස්සේත් ඌ ඒ පැත්තේ මල් ගස් වලට වතුර දායි... නැත්තං ඒ පැත්තේ අඹ ගහේ මුදුනේ පැහුන ගෙඩි සොයා ගස් බඩගායි..වෙනදා පත්තරේ අතට ගත්ත ගමන් පාතාලේ සැඟවුන කතා කියවන එකා දැං පත්තරේ අතට ගත්ත ගමන් මංගල කිංකිණි තීරුව කන්න වගේ බලයි.. උගේ මෙට්ටේ යට තිබී කලින් හමු වන්නේ පිලිවෙලකට දෙකට නමා ඇති ටියුලිප් බෑග් , නෝ ලිමිට් බෑග් වුවද දැන් මෙට්ටේ උස්සන මවට හෝ පියාට දැකගත හැකි වන්නේ අමු හෙලුවැලි රූප සහිත පත්තර කෑලිය... පෝන් එකේ වයර් කැලි දෙකත් කනේ ගහගෙන තිරේ කන්න වගේ බලාගෙන ඉන්න වෙලාවක මව හෝ පියා ආවොත් විජහට පෝන් එක තිරය නොපෙනෙන සේ මුනින් අතට ඇඳේ සතපවයි... මෙබඳු රෝග ලක්ශන දකින දෙමවුපියෝ මුගේ අතින් ඉස්ත්‍රී දූසනයක් වෙන්න කලින් මූට යකින්නක් හෝ හැපින්නක් හෝ එල දෙනක් හෝ මේ සියල්ල එකට කැටි කොට සෑදූ ගෑනියක් කසාද බන්දා දීමට කාලය හොඳ බව තේරුම් ගනී.. 
කෙසේ හෝ කොල්ලා කොටු කරගන්නා මව සහ පියා නානා විධ ප්‍රශ්නාවලි ඔස්සේ පරීක්ෂාවට ලක්කර අවසානයේ... " හා හා අම්මටයි තාත්තටයි ඕනේ දෙයක් " යන දිව්යමය පිලිතුර ලබාගනී.. ඉන් අනතුරුව එදා වේල හොයාගන්නට බැරිව ගෙදරට වෙලා උදලු මිටවල් රැහැ රැහැ ඉන්න බංකොලොත් කපුවෙකුද වැඩේට අල්ලාගනී.. ඌ ඉතින් දහපදුරාවේ ඇවිද ගෙවල් වලට කූට්ටාලි වී සිටන ගෑණු කූරියන් දහ පහලොස් දෙනෙකුගේ පින්තූර හොයාගෙන දිනපතා කොල්ලාගේ ගෙදර බඩගා කොහොම හරි ඒ අතරින් එකක් බලන්නට යාමට සැට් කර ගනී.... 

හොඳම ජෝගිය තියෙන්නේ මනමාලි බලන්ඩ යන දවසේ උදේටය.. උදේ හතරේ ඉඳං මවගේ ගෝරනාඩුවය.. " කොල්ලෝ අද ඉරිදා උනාට කමක් නෑ මතක් කරල දත් මැදගනිං.... ඔය මගුල් කොන්ඩේ තෙල් ටිකක් ගාලා රොදක් තියාගනින් උලමා වගේ නැතුව... තාත්තා කොල්ලාගේ සපත්තු දෙකකට අමාරුවෙන් කකුල ඔබාගෙන අන්ඩවාත රෝගියකු ලෙසින් අමාරුවෙන් ඇවිදී.. අම්මා තඩි රතු මනිපුරි සාරියකින් සැරසී පොල් ගෙඩි වලට වඩා පොඩ්ඩක් පොඩි ඇට මාලයක් ගෙල බැඳගන්නේ මේක අපේ හඟුරංකෙත නැන්දා ගෙනත් දුන්න මාලේ කියා උදම් අනමිනි... යම් හෙයකින් තාත්තා විසින් ." ඔයිට වඩා හොඳ මාලයක් අපේ අම්මා ඔයාට දුන්නේ " කියා කීවොත් මනමාලියන් බැලීම පැත්තක තියා ගල්ෆ් යුද්දය ඇරඹීමට අම්මා පසුබට නොවේ..

 "ඇඤේ ඇච්චජ....... තමුසෙගේ අම්මා දුන්න එක කොහෙද ඕයි මේ තරං වටින්නේ මේව අපේ පවුල් වලිං එන උරුම.. අපේ වලවු වල මේවා පරම්පරාවෙන් ආවේ.. මගේ කරුමෙට තමුසේ එක්ක ආවා මිසක් මෙහෙම ඉන්න ඕනෙ ගෑණියෙක් නෙවෙයි මම..." "ඔවු ඔවු තමුසේ මහ කුමාරිහාමිනේ මං නොදන්නවයැ ඒ බව." මෙසේ රිදී තිරය මත දිගහැරෙන අම්මාගේ සහ තාත්තාගේ වලිය තුල තාත්තා අම්මා බලන්නට ආ මුල්ම දවසේ ගෙනා සාරිය බාල එකක් බව... තාත්තාගේ නංගී කෙනෙකු අම්මාගේ මාලයක් ඉල්ලගෙන ගොස් ආපහු ගෙනත් දෙනකොට ඒකේ ගාංචුව කැඩී තිබූ බව.. තාත්තාගේ නංගි කෙනෙකු පැනලා ගිය කතාව ආදී මෙකී නොකී පුරාවුර්ත ඇතුලත් වේ.. 

අම්මා කියන විදිහට චාල්ස් කුමාරයාට අම්මා නොබැඳ ඩයනා කුමරිය බඳින්නට සිදුව ඇත්තේ චාල්ස් කුමාරයා බඳින්න අම්මාට යෝජනාව එන විටත් අම්මා තාත්තාට බහ දී තිබුන නිසාය... කෙසේ හෝ මෙම කලිකලහය නිම වන්නේ මෙතෙක් ඉස්තෝප්පුවට වී සිටි මාමාගේ නැන්දා පැමින " යං යං ඒ පාර රණ්ඩු වෙන්න පටං ගත්තද" කියා බැනීමෙන් අනතුරුවය... ගමනට ඔක්කොම පිරිස හයකි.. අම්මා තාත්තා කොල්ලා කපුවා සහ කොල්ලාගේ සහයට නිබඳව වචනයෙන් දායක වන.. වැඳපුවාම මගේ අයුසත් අරං ජීවත් වෙයං කියා ආයුස දෙන්නට හදන ඒත් මගේ බැංකු පොතේ සල්ලි ඇති ඒකෙන් පන්දාහක් අරං ජීවත් වෙයං කියාලා වැරදිලා වත් නොකියන ගුරු වුර්තිය හෝ විදුහල්පති වුර්තියෙහි නියැලුන අම්මා ගේ සොයුරු අති පණිඩිත මාමා සහ පොරගේ නැන්දා නැමති ගිණි බෝම්බයත් ය.. 

මනමාලිය බලන්නට යන සීන් එකේදී තැනට ගැලපෙන්නට කතා කරන්නට මාමා තරං වෙන උගතෙක් නැතැයි යන්න අම්මාගේ නිගමනයයි.. අම්මාට අනුව නම් අයිසෙක් නිවුටන් ගුරුත්වාකර්ශනය සොයාගෙන ඇත්තේ ද මාරි කිවුරි රේඩියම් සොයාගෙන ඇත්තේද නීල් ආම්ස්ට්‍රෝන්ග් තනියම හඳට ගොස් ඇත්තේද මාමාට පැපොල හැදී සිටි දවස් වලය....මාමාට පැපොල හැදුනේ නැත්නම් ගුරුත්වාකර්ශනය හොයාගන්නේ මාමාය... රේඩියම් හොයාගන්නේ මාමාය... නීල් ආම්ස්ට්‍රෝන්ග් හඳේ හාවා සමග කතා කරන්නට එක්ක යන්නේ මාමාවය....ටයිටනික් නැව හදන්නට උපදෙස් දී ඇත්තේද අපේ මාමා බව අම්මාගේ මතයයි.. බඩ මැද්දෙං කලිසම ඇඳගෙන අත් දිග කමිසය යට කර සිටින මාමා වරින් වර අත ඔහෙක් කර වෙලාව බලයි...පොර බැඳගෙන ඉන්නා පරන තාලේ ටයි පටියෙන් හදිසියකට කරදරයක් නැතුව අමුඩයක්ද ගසා ගත හැක....

ටවුමේ පාක් එකේ ගුණයාගේ ලදරං හයිඒස් එකත් මිදුලට සම්ප්‍රාප්ත වන්නේ මේ ඇසිල්ලේමය.. පාරේ සිටම ඉස්සරහා සීට් එකේ ඉඳගෙන දොර කිහිල්ලේ ගහගෙන පැමිනි කපුවාට තරම් හදිසියක් වෙන එකෙකුට වත් නැත.. සුරංගනා කතා වල වගේ හරියට වෙලාව පැන්නාම මනමාලිය ගෙම්බෙක් වේවි යැයි බයක් කපුවාට ඇතැයි හිතෙන්නේ උගේ හදිසිය දුටු විටය.. " යං යං අතනක මෙතනකයැ" තාත්තා පුරුදු නැති සපත්තු දෙකත් දමාගෙන අමාරුවෙන් එහෙත් අමාරුව නොපෙන්නා ඇවිත් වෑන් එකේ අසල හිටගෙන සිටියි.. ටිකකින් ගෙදර දොරවල් වල ජනෙල් වල අගුල් සිය පාරක් පමණ අතගා හරියට වැසී ඇත්දැයි බලා සහතික කරගෙන මුතු ඇල්ලූ හෑන්ඩ් බෑග් එකත් කිහිලි ගන්නාගෙන අම්මා දුවගෙන එයි.. අම්මාගේ මූන කාඩ් කුට්ටමේ ජෝකර් කොලයේ ජෝකර්ගේ නැතහොත් ලිබ්බොක්කේ වැටුන එකෙකුගේ මූණ සිහිපත් කරවයි.. ඒ තරං පවුඩර්ය.. 

අන්තිම මොහොතේ වාහනයට නගින්ඩ දුවගෙන එන කොල්ලා දකින මාමා සිය සුපුරුදු උපදේශනාත්මක වැඩසටහන අරඹයි.. "හා හා පුතා කෝ අම්මටයි තාත්තටයි වඳින්න...මෙහෙම ගමන් යනකොට එහෙමනේ.. මේ අලුත් පරම්පරාව කිසි දෙයක් දන්නේ නෑනේ අප්පා.. හැම වෙලාවෙම තරුණ පරපුර පෝන් වල .. අනේ මන්දා මෙහෙම ගියොත්.." තාත්තා විසින් නැති තැන " සුරුට්ටුවා " යන සුරතල් නාමයෙන් හඳුන්වන මේ අපූරු මාමාගේ අනට කීකරු වීමට කොල්ලාට හිතක් නැති උනත් මාමාට අකීකරු වීම අම්මාගේ මාතෲ උදහසට ලක් වීමට හැකි බව කොල්ලා දනී.. නන්දා මාලනියට මිහිමඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා උනත් කොල්ලාගේ අම්මාට අනුව නම් මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත මාමා ය.. මාමාගේ අණට කීකරු වී යන්තං දෙකට නැමී අම්මට තාත්තට වඳින කොල්ලා දකින මාමා නැවත සිය දේශනාව ඔස්සේ නූතන තරුණ පරපුර මුහුණ පා ඇති කේදවාචකය විස්තර කරයි.. අද කාලේ හැදෙන කොල්ලන්ට දනගහලා වැඳගන්නත් බෑ.. ඉස්සර අපේ අම්මා තාත්තා ලඟ අපි බිම පෙරලිලා වඳින්නේ.. අපරාදේ අර දොරමඩලාවට සූරියප්පෙරුම ගෙන්නන්නේ මේ යකාව ගෙන්නන්න තිබුනේ .. කියා සිතමින් කොල්ලා වාහනේට ගොඩ වූ පසු ඩයිවරයා පිටින් පැමින වාහනය අවුරුදු 30ක් පමන අලුත් නිසා කන් හිරිවට්ටමින් කරාස් දබෝං හඬින් දොර වසා දමා කොල්ලලා ගමනක් යන බව අසල්වාසීන්ගෙන් සඟවන්නට මෙන් මුලු වාහනයම කලු දුමාරයෙන් වැසී යන සේ ඔට්ටු වී ඉස්ටාට් කරගෙන වත්තෙන් එලියට ගන්නවාත් සමගම කොල්ලාට අම්මාගෙන් පලවෙනි අවවාදය ලැබේ....

 " තෝ එහෙ ගිහිං එහෙම ඕක සාක්කුවෙං එලියට අරං ඔබන්ඩ ගත්තොත් එහෙම මං නරක ගෑණි කියන්න එපා..." වාහනය පාරට වැටුන තැන ඉඳං අම්මාට අමුතුම රොගයක් හැදේ .. එම රෝගය නම් වයිද්ය වරුන් විසින් බනානා සින්ඩ්‍රෝම් ලෙසත් අපේ පැරැන්නන් විසින් රඹකැන් සන්නිය ලෙසත් සාමන්ය ගැමි වහරේ කෝලිකුට්ටු පිස්සුව ලෙසත් හඳුන්වන තත්වයයි... "ගුණේ ලමයෝ ඔය පලතුරු කඩයක් ලඟ පොඩ්ඩක් නවත්තන්නකෝ අර ගෙදෙට්ට ගෙනියන්න හොඳ කෝලිකුට්ටු ඇවරියක් ගන්ඩ.." අම්මා විසින් කියන ලද එම වාක්යයේ හොඳ කෝලිකුට්ටු යන වචන දෙක විග්‍රහ කිරීම මලල සේකර ශබ්දකෝශයට හෝ මදුර එකට කල නොහැක... සාමාන්ය පරිදි නම් අම්මා කියන හොඳ කෝලිකුට්ටු වල පහත සඳහන් ලක්ශන තිබිය යුතුය.. 1ගෙඩියක දිග අඩි දෙකක් වත් විය යුතුය 
2 මහත මෙගා බෝතලයක් තරම් විය යුතුය. 
3 ලෙල්ල ගැලවු විට ඇතුලේ තිබිය යුත්තේ කෙහෙල් නොව තනිකර පිටි ගොඩකි. 

මෙම නිර්ණායක වලට අනුකූල කෙහෙල් ඇවරි ඇත්තේ පූජියාමා කන්ද පාමුල ගිණිකඳු විදාරනයෙන් ගලාගෙන ආ ලාවා මුසු පසෙහි පමණකි.. කෙසේ හෝ එම නිර්නායක වලට කිට්ටුවෙන් යන කෝලිකුට්ටු ඇවරියක් සොයාගෙන වාහනයට ගොඩවන අම්මා සහ මාමා අතර ඇති වන්නේ තමන් කුඩා කාලයේ කෑ සුපිරි කෝලිකුට්ටු සහ ඒවාට සම්බන්ද පම්පෝරි ඇතුලත් විද්වත් කතිකාවන්ය.. 

කෙසේ හෝ දුරු කතර ගෙවාගෙන කරුණාරත්න දිවුල්ගනේ නොකියම ආවට කොල්ලා ප්‍රමුඛ පිරිස දුරු කතර ගෙවාගෙන අදාල ඉස්තානයට යන්නේ කල් තියා කියලා නිසා අවුලක් නැත.. වාහනය නිවසට ලඟා වෙනවාත් සමගම නිවැසියන් එලියට එන්නේ වාහනයේ ඇංජිමේ සද්දයට නොව වාහනය අලුත් නිසා නිති නැගෙන කිරි කිරි සද්දයටය... කොල්ලලා වාහනයෙන් බහින විටම කොහෙදෝ ඉඳං ආව බල්ලෙක් බැහූඋ.... බැහූඋ... ගා බුරාවදින්නට පටන් ගත් නිසා නිවැසි පොරක්, කෙල්ලව මේ සැරේ වත් කොහොම හරි දීගන්ඩ හදන එක මේ බල්ලා බුරලා නැති කර දමතියි බියෙන් බල්ලා දෙසට දුවමින් බැලී ගියා හුක්... යයි නාද කර බල්ලා එලවා දමයි.... 
ඉන් අන්තුරුව කොල්ලාගේ මාමාගේ අච්චුවේම කෙල්ලගේ පැත්තේ අති පන්ඩිත පොරක් සියල්ල මෙහෙයවීම අරඹයි.. පොර සුපුරුදු ගොන් ප්‍රශ්නය නගයි.
 "ගේ හොයාගන්ඩ අමාරු උනේ නෑනේ..."
 මෙයට පිලිතුරු ලෙස අපොයි නෑ හරවන තැනින් ඇහුවම පාර කීවා කියා කොල්ලාගේ මාමා කියත්ම කපුවා... 
" ඒ හරියෙත් ඉන්නේ මෙයාලගෙම අය තමයි එතන ඉඳං මෙතෙන්ටම එනකන් ඉඩකඩං මේ ගොල්ලංගේ" කියා සීන් එකට එන්ටර් වේ.. කොහොම කොහොම හරි ගෙට අඬගසා සෝපාවේ පතබෑවෙන දෙපිරිස අතර ඇති වන අල්ලාප සල්ලාප අති මනරම්ය.. කොල්ලා ඉඳගත් ගමන් කලිසම් සාක්කුවට අත දමනු ඌ ලඟම ඉඳගත් අම්මා විසින් දැකීමේ ප්‍රතිපලයක් ලෙස කොල්ලාගේ ඉල ඇට කූඩුව හරහා අම්මාගේ මුදු මොලොක් වැලමිට පැයට කිලෝ මීටර දෙසීයක පමණ වේගයෙන් ඇනීම නිසා කොල්ලාට පෝන් එක අමතක කර දැමීමට සිදු වේ.. 
"මේ පුතා අද නිවාඩු දාලද ආවේ" 
කෙල්ලගේ මාමා තෝල්කයාගේ බූමිකාවේ සිට නගන පැනයට අම්මා විසින් පිලිතුරුදෙයි...
"නිවාඩු කියන්නේ මේකනේ වැඩේ.. මෙයාට ඔපිස් එකේ බොස් නිවාඩු දෙන්නේ නෑ... මෙයා නිවාඩු ගියොත් බොස්ටත් වැඩ කරගන්න බෑ කියනවනේ.. මුලු ඔපිස් එකේම වැඩ මෙයා යටතේ තමයි තියෙන්නේ" අම්මාට අනුව නම් ඔපිස් එකේ බොසා වැඩ කරන විදිහ අහගන්නේ කොල්ලාගෙනි.. කොල්ලා නිවාඩු ගිය දවසට බොස් ඔපිස් එක වසා දමා පිස්සුවෙන් මෙන් ඉස හැරුන අතේ දිව යයි... 

කොල්ලාගේ මාමා නැගිට අත් දෙකත් පස්සට බැඳගෙන ඉස්තෝප්පුවේ හතර මුල්ලවල් වල විස්තර හොයයි.. මාමා ජනෙල් රෙදි අතගානවා දකින මනාලියගේ මාමා 
" මේ දුව තමයි ඔය සේරම මැහුවේ.. හරි දක්සයි මැහුම් වලට .. ගමේ ගෑනු පුදුම වෙනවා මෙයාගේ මැහුම් දැකලා"
කියා පොඩි නයා පාරක් අරියි.. කෙසේ හෝ මුචලින්දගේ එක් කුස උපන් නයෙකු වන කොල්ලාගේ මාමා සහ නන්දෝපනන්ද නාරජු ගේ පුංචම්මාගේ පුතෙකු වන මනාලියගේ මාමා යන දෙපලට පින් සිද්ද වෙන්න පැය බාගයක් විතර ගෙවී ගිය පසු කොල්ලාගේ මිහිදුම් සිහින මදු සිහින සහරාවේ සිහින සැබෑකරමින් කෙල්ල ඉදිබුවකු කටුවෙන් මෑත් වෙන්නාක්මෙන් දොර රෙද්ද අස්සෙන් ඔලුව දමයි...

ටිකෙන් ටික එලියට එන මනමාලිය ඇඹරෙන්නේ අත පය ගැට ගසා ඇති එකෙකුගේ පස්ස පැත්තට කිරිපණුවෙක් දැමූ කලක මෙන්ය... එය ලැජ්ජාව ඉකමවා ගිය විලි ලැජ්ජාවකි.. මනාලිය ඇඹරෙන්නේ හරියට මේ ඇවිත් ඉන්න එවුං ඉනෙං පහලට මොකවත් ඇඳලා නෑ වගේය.. 
" මෙයා හරි ලැජ්ජා කාරි"
මනමාලියගේ මාමා අඩුව පුරවන ගමන්ම.. ඒකි කොල්ලෝ එක්ක නටපු නාඩගං මුං දන්නවනං විනාසයි කියා හිත යටින් හිතයි....
" මේ පුතා අරක්කු සිගරැට් එහෙම බොනවද?" 
මනාලියගේ මාමා විසින් නගන පැනයෙහි ගැබ්වූ අරක්කු යන වචනය ඇසෙත්ම සිරුර පුරා රෝමෝද්ගමනය වී පණ උපදන ලද ඉඳුරන් ඇති මනමාල තෙමේ
" බොමු බොමු අංකල් මොනවද වර්ගේ" 
කියන්නට කලිං මාමා ඉස්සර වී... 
" පිස්සුද මේ ලඟදිත් මේ පුතා මගෙන් ඇහුවා මාමේ ඔය මිනිස්සු බොන අරක්කු මොන රහද කියලා..."
කියත්ම කපුවාද මැදින් පනියි..
" මේ මහත්තයට බාර් එකක් ලඟින් ගියත් අප්පිරියාව හිංදා වැඩ ඇරිලා එන්නෙත් රවුම් පාරෙන්" 
මේ පච කියවා අවසන් වන විට උගුර කට වියලී සෙප්පං නැතුව සිටින මාමලා දෙදෙනා සහ කපුවා කෑම මේසයේදී සිය කුසලතාවයන් මනාව ඔප්නංවාගනී..

වෙනදා මනාලියගේ අම්මා අතින් දෙතිස් වදයෙන් එකක් වන ඇඟ මස් රැහීම සිහි ගන්වමින් ඇහේ දාන්නට තරං පොඩියට කපන මූදු මාලු කෑලි අද ටොම්බ සයිස් එකට කපා ඇත්තේ පනුවන් ඇමට යොදාගෙන අල්ලාගන්නා මාලුන් ඇමට යොදාගෙන, කපුවා කියා ඇති අන්දමට මේ බලවත් කුලවත් දනවත් පවුල බිලී බා ගැනීම ඇගේ ඒකායන පැතුම නිසාය... කන අතරේ කෑම හරි රසයි කියා පට්ට පල් කෙබර ඇද බෑමද .. කෑම සියල්ල සැකසුනේ මනාලියගේ අතින්ය යන සුලබ කෙබරයෙන් පිලිතුරු දීමද කෑම මේසයේ චාරිත්‍ර වලට අයත් වේ.. 
ඉන් පසු තැන් තැන් වලට වී එක එකාගේ කේවල හපන් කම් කියන අතර කපුවා ඩ්‍රයිවරයා සමග විට කයි... මනාලයාගේ මාමාගේ පවුල හෙවත් නැන්දා ඔටා දමඤ්ඤං නටන්නට සූදානං වන වැද්දෙකු මෙන් හෙන තඩි කොල අතු මිටියක් නිවසේ ඇති මල් ගස් වලින් කඩාගනී.. අතු පැල වෙන්නේ නැති ගස් වලට පස් බැඳ මුල් අද්දවා දීමට මනාලියගේ අම්මා පොරොන්දු වන්නේ ..
" දැං ඉතිං පිට මිනිස්සුයැ කොයි වේලේ එන්ඩ බැරි ද කියා අමතර සීන් එකක්ද දෙමිනි". 

ඉතා කෙටි කාලයක් තුල මෙසේ දෙපාර්ශවයන් රවටාගැනීම මනමාලියන් බලන්නට යෑම හෙවත් අහස් මාලිගා ලෙසත් රැවටීමේ ලඟ ප්‍රතිඵලය විවාහය හෙවත් මදුසමය ලෙසත් කියපු බොරු එලිවීම සිරියහන ගිනි ගනී ලෙසත් දෙපැත්තේ එවුං ගහමරා ගැනීම ඇගේ වයිරය ලෙසත් දෙපැත්තේ එවුං එකතු වී කපුවාට ගුටි බැට දී උගේ සරම ගලවා ඔලුවේ බැඳීම සලුපට අහසට ලෙසත් චිත්‍රපට වලට නගා ඇත.... 

සියලු හිමිකම් ධනුෂ්ක කාංචන ජයවීර.....සතුය

Wednesday, February 14, 2018

තඩියා සහ කට්ට

තඩියා ඉතින් කෑම කනකොට ඉවක් බවක් නෑ නේ. ඉතින් ඔහොම ලන්කාවෙන් ගෙනාපු බැදපු මාලු වගයක් කන්ඩ ගිහින් කට්ටක් හිර කර ගත්තා නොවැ.
ඉතින් මේ රටෙන් හොයල බලපුවම සති දෙකක් විතර වේටින් ලිස්ට් එකක ඉන්ට වෙනව... ඉතින් ඔය කට්ටක් හිරකරන් ඉන්ට බැරි නිසා තඩිය ල0කාවට ආවා....
ආපු ගමන් ජාතික රෝහලට ඇතුලත් වෙලා පහුවෙනිදා උදේම තියටර් එකට දාල කට්ට ගත්තා..
යකෝ මාලු කට්ට රු. 45000 ක් විතර වුනා කියාන්කො..... හොඳ කුට්ටි මාලු කන්ඩ තිබ්බ අපරාදෙ...
දැන් මේ කට්ට ගත්තා කට්ට ගත්තා කියන එක එක දිගට කියන්ට යන්ඩ එපා බොලාට වැරදි විදිහට ඇහෙන්ඩ පුලුවන්...



Friday, February 2, 2018

වැට් 6 හැදියන්කො බන්

මේක ඉතින් අපි පොත් බෙදන්න ගිය ගමනට සම්බන්දයි.

2018 ජනවාරි හතර වෙනිදා අපි ගෙදර කට්ටිය වගේම තඩියගෙ ගෑල්ලමයත් එක්ක හරි හරියට වැඩ කොරල හවස් වෙද්දි පොත් ටික පැක් කරල ඉවර වුනා.. ඔක්කොම ලෑස්ති කරල ඉවර වෙනකොට හොල්මන් ඩිල්ශාන් අපේ ගෙදරට ආව වැඩ පරීක්ශා කරන්න.. ඉතින් ඔහොම හවස් වෙනකන් කයියක් ගහගෙන හිටපු මේකාට අටට විතර බොන්ඩ ඕන වුනා. කොහොම හරි තිබුන බෝතලේකුත් ලෑස්ති කරන් වැඩේ පටන් ගත්තා... රගුවව යවල බිත්තර දහයක් ගෙන්නෝල ඔම්ලට් දැම්මෙව්වා. හෙට ඉතින් පාන්දර දෙකට පොත් බෙදන්ඩ යන්ඩ ඕන හින්ද ඉක්මනට නිදාගන්ඩ යමුයි කියල පටන් ගත්තාට මොකද අපි දෙන්නා පාන්දර එක වෙන කනුත් බිව්වා. අපිත් එක්ක පොත් බෙදන්න යන්ඩ බෑ කියල හිටපු එකා එක පාරටම යන්ඩ ඕන කියාපි ඉතින් ඕකත් එක්ක වාද කර කර ඉන්න කොට දන්නෙම නැතුව තවත් වෙලා ගියා.. මීගමුවෙන් අපේ දිහාට ආපු හර්ශන චතුර කෙවින් ශනිල් එනකන්ම අපි දෙන්න බොනව. අන්තිමට එහෙනම් යමන් ඇදුමක් අරන් එන්ඩ කියල වාහනේ දාගෙන මේකව කුරන ගෙදට්ට එක්කගෙන ගියා. ඊටපස්සෙ මූ නාන්ඩ පටන් ගත්තෙ නැතැයි

නාන අතරෙ මට උගෙ ඇදුම් අයන් කරන්ඩලු  දෙන්නම් වැඩේ කියල එක ජොකෙක් බෑග් එකට දාල එක ශර්ට් එකක් ලස්සනට නමල උඩයි යටයි විතරක් අයන් කරල බෑග් එකට දැම්මා . එක කලිසමක් දැම්මා කොහොම හරි වදෙන් පොරෙන් මූව ලෑස්ති කරන් එන ගමන් ශොර්ට් කට් එකකින් යමු කියල මේක මාව හෙන වටයක් අරන් ගියා.

බඩු පටවමින්


අන්තිමට අපි යනකොට අනිත් කට්ටිය බඩු පටෝල ඔක්කොම ඉවරයි මමත් ටක් ගාල ඇඟ හෝදගෙන වාහනේට නැග්ගා. හුටා ගේට්ටුවෙන් එලියට දැම්මා විතරයි මට මතක් වුනේ ගිහිල්ල බොන්ඩ කියල ආදාර ලෙස සරත් අයියාගෙන් හම්බුන වැට් හැටනමය බෝතල් දෙක ගත්තෙ නෑ කියලා ආපහු රිවස් කරෝල ඕකත් අරන් ගමන පිටත් වුනා....

අපි ඉතින් බණ්ඩාරවෙලට එන අතරමග හරියක නවත්තලා උදේ පාන්දරම සැන්විච් වගයක් කෑවා එතනම තිබුන කඩේකින් තේ එහෙමත් බිව්වා. ඊටපස්සෙ අපි කෙලින්ම බණ්ඩාරවෙලට ගියා සරත් අයියා එනකන් ඉන්න අතරෙ කොලබින් පිටත් වුන රෝද දෙකේ රස්තියාදුවෙ කට්ටිය බණ්ඩාරවෙලට ආවා අපි දෙගොල්ලොම නගර සභාව ගාව නැවතිලා කයියක් දාගෙන හිටියා ලහිරු චේතිය හර්ශ මද්දා තමයි එහෙන් ආවෙ. සරත් අයියාවත් දාගෙන අපි කුරුකුදේ සාරිපුත්ත විදුහලට ගියා.

වමේ සිට- හොල්මන් ඩිල්ශාන් තඩියා චතුර දමිත් නිනී(ගුරුවරියකගේ මතක ) දකුනේ කෙරෝලෙ කලු පාට ටී එක හර්ශ (රොද දෙක )




ලොරියක බඩු වෑන් එකෙන් ලොරියකට බාන ඒ සොදුරු මොහොත. පව් KDH එක

පොත් පත් ටික නිනී මිස්ගේ ලොරියට පටෝපු අපිට නිනී මිස්ගේ ගෙදර රසම රස දොඩම් එකක් බොන්න යන්න වුනා ඕකත් බීල නිකන්ම එන්ඩ හොඳ නැති හින්දා අපේ කට්ටිය ඔක්කොම එකතු වෙලා මිස්ලගෙ වැසිකිලි වල පුරවන්න ට්‍රයි කරා.(යකෝ මුන් නිකන් සතියකින් රීල නෑ වගේ ගෙදර කටිටියට එහෙම හිතෙන්ඩ ඇති )

ඔය ඔක්කොම ඉවර කරල අපි ඉස්කෝලෙ ගාවට යනකොට අපිව පිලිගන්න පෙරහැරක් එහෙම ලෑස්ති කරල තිබුනා. ඊට පස්සෙ කොඩිගහ උස්සල ජාතික ගීය කියල පාසැල් ගීය කියල අපි ප්‍රදාන ශාලාව ඇතුලට ආව. ඉතින් එතන තිබුන ලස්සන ගැයීම් වැයීම් නැටීම් වගේම ලස්සන නාට්‍ය එහෙම බලන අතරතුර අපි පොත් බෙදා දුන්නා අපිට ඉතා රසවත් කෑම මේසෙකුත් ලෑස්ති කරල තිබුනා. ( අපේ උන්ට කා බෑ නිසා අපරාදේ කෑම ටික විසි කරන්ඩ වෙන්ඩ ඇති එයාලට.)

පොත් සපත්තු බෑග් හම්බුනාම පොඩි උන්ගෙ මූනෙ තිබුන හිනාව ..... ඒව සල්ලි වලට ගන්න බෑ මහත්තයෝ...
ඉතින් එතන පොඩි උන්ට දවල්ට කන්න කෑම වේලකුත් ලෑස්ති කරල තිබුනා
අපිටත් ඕකෙ රස බලන්න හම්බුනා.
ඊට පස්සෙ අපි කෙලින්ම අපි නවතින්න බුක් කරපු හෝටලේට ගියා රස්තියාදු කාරයො හතර දෙනාවත් එක්කගෙනමයි ගියේ මද්දත් එක්ක සොට් එකක් දාන්නම ඕන හින්ද.


අපි බුක් කරේ බණ්ඩාරවෙල ගෙස්ට් හවුස් කියල එකක්.... කාමර එහෙමනම් අලුත් ඒ වුනාට සර්විස් එක නම් අන්තිමයි කණ්ඩායමක් විදිහට යන්ඩ හොඳ තැනක් නෙමෙයි එතන.

අපි කුකාගෙන් බයිට් ගන්න අහනකොට ඔක්කොම බඩු තියනවයි කියල කිව්ව ඊට පස්සෙ ඕඩරේ දෙනකොට කුකුල් මස් නෑ මාලු නෑ බිත්තර විතරයි. පස්සෙ අපි ගෙදර යනගමන්  එකට ගිහින් ඕන කරන බඩු ටික ගෙනත් දුන්නා. ඊට පස්සෙ අපි චිකන් රයිස් ගන්ඩ අහනකොට අපේම කුකුලා අපිටම වික්කා... ඒ හින්දා මෙතන්ට යනවනම් පිටින් කෑම කන්ඩත් බලාගෙන යන්න.

පස්සෙ අපි ඉතින් පාටිය ලෑස්ති කරල ගත්තා. පාටිය නැගලම යනකොට මද්දාට යන්ඩ ඕන වුනා පවුල බලාගෙන ඉන්නව කියල ඒ වුනාට හර්ශයටනම් ඉන්ඩමයි හිත. කොටින්ම මේකා වේටර් කොල්ලට රුපියල් 1000ක් දුන්න වාහනේ රෝද දෙකක හුලන් ඇරපිය කියල. මොනා කරලත් නවත්ත ගන්ඩ බැරි තැන මේකා ගියා. ඊට පස්සෙ අපිත් ටිකක් වෙලා සින්දුවක් කියාගෙන හිටියා



ඔය අතර ඉතින් අපේ හොල්මන් ඩිල්ශාන්ට සෝස් එකක් හම්බුන් නෑ කියල වේටර් එක්ක පොඩි ගේමක් ඇද ගත්තා කොහොම හරි ශේප් කරගෙන එදා  රෑ නිදා ගත්තා.

උදේ ඉතින් සුපුරුදු විදිහට නැගිටල තේ එකක් එහෙම බොන්ඩ හදනකොට කට්ටියම ඒ ගෙස්ට් හවුස් එකෙන් කෑම ගන්න එක වර්ජනේ කරල. හිස්බඩම දුමක් දාන්න කියල ඩිල්ශානයයි හර්ශනයයි ශනියයි හිටපු කාමරේට මම ගියා... කාමරේ හොදයි එලියට බැහැපුවම විව් එකත් ලස්සනයි.. ඒත් සුට්ටන් අවුලක් තිබුනා බාතෲම් එකේ එක්සෝස්ට් කවුලුව හරියටම ඇදට උඩින් කාමරේ ඇතුලට හයි කොරල.. ටවුකන බාස්ලා තමා... නිදහසේ හිතේ හැටියට පඩයක් ඇරගෙන දුමක් දාගන බොකක් දාන්ඩ බෑ... එහෙම කරාම කාමරෙ ඇතුලෙ ඉන්ඩ බෑ.....එහෙමයි කියල අපි සැලුන් නෑ ඉතින් අපි බිව්වා.....

ඩිල්ශාන් සල්ලි දීපිය... 6240යි එක්කෙනෙකුට හෝටලේට ගෙවන්ඩ ඕන ඉක්මන් කරපිය 

ඔය සුදු පාට ශර්ට් එකක් ඇඳන් ඉන්නෙ ඩිල්ශාන් උගෙ ඔලුවට උඩින් තියෙන්න බාතෲම් එකේ එක්සෝස්ට් කවුලුව

ඉතින් අපි ඔතනින් පිටත් වෙලා බන්ඩාරවෙල ටවුමට ඇවිල්ල කඩේකින් හොඳට කෑව.. කාල අපි පල්ලම් බහින්ඩ පටන් ගත්තා.... ඉතින් ඔහොම බෙලිහුල් ඔය හරියට එනකොට තඩියට ආපහු බොන්ඩ ඕන වුනා වාහනේ පිටි පස්සෙ තිබුන ඇබ්සලූට් කොටේ යාන්තන් සොට් එකක් තිබුනා.. ඕක මම අරගෙන තනියම බොන කොට අනිත් සෙට් එකටත් බොන්ඩ හිතුනා. බෙලිහුල් ඔය පාලම ලඟ තියන තානායම කියන එකෙන් නවත්තල බැහැපු ගමන් ඩිල්ශාන් සිකුරිටි අන්කල්ට

"සර් මේකෙ බොන්ඩ තියනවද?" කියල අහපි උඩබිම බලපු සිකුරිටි අන්කල්
"ඔව් සර් අර රිසේප්ශන් එකට යන්න" කියල කිව්වා ...

අපි ඉතින් එතන තිබුන බාර් එකට ගිහින් ගනන් බැලුවම අපිට ආපහු බන්ඩාරවෙල ගිහින් බෝතලයක් ගේන්ඩ පුලුවන් බව තේරුනා..

පස්සේ ආපහු සික්කට කිට්ටු කරල "අන්කල් මෙහෙ බාර් එකක් නැද්ද"
"තියනව සර් ඔය වමට ගියාම මීටර් 500"
"හරි අන්කල්"
"අන්කල් නාන්ඩ හොඳ තැන් නැද්ද?"
"ඒ බාර් එකට කලින් උඩට පාරක් තියනව ඒකෙ ගියාම හමුදා කෑම්ප් එකක් එක්ක නියම තැනක් තියනව එතන්ට යන්න"
"හරි අන්කල් අපි එන්නන් එහෙනම්" කියල අපි පිටත් වුනා.


බාර් එකට ගිය තඩියා හා උනුසුම් සිනාවකින් පිලිගන්න බාර් අයිතිකරු
ඉතින් අපිව ආදරෙන් සාදරෙන් පිලිගත්තු බාර් අයියා
"අයියලා කොහෙද?''
"අපි මීගමුවෙ"
"නාන්ඩ ආපු ගමන්ද?''
"ඔව් පොඩි ශොට් එකක් දාන්ඩ කියල"

"අයියල කොහොම වෙරිවෙන්ඩද කැමති?"
"අපිට ඉතින් හොඳට වදින්ඩ තමයි ඕන මල්ලි"

දැන් ඉතින් මූ අපිට ඌ ගාව තියන ලොකු ලොකු ගනන් වල ඔක්කොම පෙන්නනව
 

"මල්ලි ටිකක් ගනන් අඩුවට නැද්ද වදින එකක්?"
"තියනව අයියෙ මෙන්න මේක මරු විශ්කි වගේ"
"හා එහෙමද හොඳට වදිනවද?"


 හර්ශනය...


"අඩෝ මේක ගමු බන් බෑග් එකකුත් හම්බෙනව බන්"
"යකෝ බෑග් එක කන්ඩයෑ"
"හරි මල්ලි ඕක දෙන්නකො"

ඔන්න භාන්ඩෙ වැට් 6 


අපිට බොන්ඩ බැරි හින්දා උපාලිට පෙව්වා.....

නාන්ඩ යන ගමන්
 
වැඩිහිටියන්ට පමනයි
මෙන්න මෙතනදි අර බාර් එකෙන් ගත්තු බෝතලේ විවුර්ත කරා කට්ටියම සොට් එක සොට් එක බිව්වා.....සමහරුන්ගෙ කට පිච්චුනා සමහරු කෙල ගහැව සමහරු ආපහු එලියට දැම්මා සමහරු ඔක ගිලල දැම්මා...

ඔය සොට් එක ගිලපු  අපි අමාරුවෙන් බෝතලෙන් බාගෙකට කිට්ටු වෙන්ඩ බිව්වා. ගොඩට ඇවිල්ල ආපහු උඩට යනකොට කට්ටිය පාවෙමින් තමයි ගියේ. වාහනේ ගාවට යනකොට කට්ටියට නුවර එලි යන්ඩ ඕන වුනා. බෝතලේ පවර් එක.  එතනම තියන හමුදාවෙන් කරන පොඩි කඩේක ඉඳන් ගෙනාපු බත් ටික කන ගමනුත් නුවර එලි යන්ඩ කල්පනාව කට්ටියගෙ. ඉතින් නඩෙ ගුරා විදිහට වෙරි වෙලා හිටියත් මම කට්ටියගෙන් අහල බැලුව ඔක්කොමල්ල කැමතියි.. අපි ඔක්කොටම වඩා වාහනේ ඩයිබර් මල්ලි එකෙන්ම රෙඩි. ඉතින් මම වාහනේ අයිතිකාරයට කෝල් කරා නෝ ආන්සර්.. ඔය අතරෙ ඩයිබර් මල්ලි කියාපි

"අයියෙ අපෙ බොසා ඇහුවොත් කොහෙද ඉන්නෙ කියල ඔයා කියන්ඩ තවම බන්ඩාරවෙල ඉන්නෙ කියල''
''කමක් නැද්ද  බොරු කිව්වට''
"අවුලක් නෑ අද කොහොම හරි නුවර එලි යන්ඩ ඕන"
"එහෙනම් උබත් එහෙම්ම කියපන් ඈ"
"හරි හරි අයිය ආපහු කොල් කරන්ඩකො"


ඉතින් අපි පෙරුම් පුරලා පෙරුම් පුරලා කොහොම හරි පැයකට විතර පස්සෙ පොරට කෝල් එකක් ගත්තා
"(නම මතක නෑ පොරගේ) මම මේ අශාන් මහත්තයගේ අයියා අකිල කතා කරන්නෙ"
"ඔව් මහත්තයා කියන්ඩ"
"අපේ ප්ලෑන් පොඩ්ඩක් වෙනස් වුනා අපි මෙතනින් නුවර එලි යන්ඩ කියල. ඔයාට කෝල් කරේ මොනා හරි අපහසු කමක් තියනවද කියල බලන්න"
"අනේ සර් වෑන් එක හෙට රෙන්ට් එකට දුන්න පිටරට ඉඳන් එන කෙනෙකුට 12 වෙද්දි දෙන්න ඕන"
"මුකුත් වෙනසක් කරගන්ඩ බැරිද?''
"ටිකක් අමාරුයි "
"ම්ම්ම්ම් හරි එහෙනම් කමක් නෑ"

ඔන්න ඉතින් මම තිබ්බ ගමන් ඩයිබරයට කෝල් එක එනව
"මල්ලි කොහෙද ඉන්නෙ?''
"අපි තාම බන්ඩාරවෙල අයියෙ"
"කට්ටිය නුවර එලි යන්ඩ ඔනලු නෙද?"
"ඔව් ඔයාට කෝල් කරානේද?"
"හෙට වාහනේ රෙන්ට් එකට දීල තියෙන්නෙ ඒකයි අවුල."
"හරි අයියෙ ඔයා එහෙනම් විස්තරේ කිවුවානෙ අපි එන්නම් එහෙනම් තව ටිකකින් පිටත් වෙනව"




ඉතින් අපේ සුට්ටන් හිත් වල තිබුන හීන කෑලි කෑලි වලට බිඳිල කුඩුවෙලා යනකොට බොහොම දුක සේ ආපහු එන්ඩ පිටත් වුනා.... දැන් ඉති හවස් වෙලත් එක්ක... ඔහොම පිටත් වෙලා ටිකක් යනකොට අපේ මල්ලි මට කතා කරා

"ඔයි මොකද වැඩේ ඉවරද? එන ගමන්ද?''
"ඔව් ඕයි වැඩේනම් ඉවරයි. අපි නුවර එලි යන්ඩ කියල අරූගෙන් අහපුවම බෑ කිව්වනෙ මිනිහ හෙට රෙන්ට් එකට දීල කියල"
"දැන් කොහෙද ඉන්නෙ ඔයාල"
"අපි බන්ඩාරවෙල"
"හා පොඩ්ඩක් ඉන්නවකො බලන්ඩ"

අන්න පුතී..........
"අඩො මල්ලි කිව්ව අයිතිකාරයට කතා කරන්නම් කියලා"
යකූ කියල ඉවර කරන්ඩ හම්බුන් නෑ ඩයිබරය වාහනේ නවත්තල ඉවරයි..
කට්ටියගෙ මූනු ආපහු පිපිල ඇවිල්ල සතුට වැඩි කමට එලියට බැහැපු ගමන් ශනිය සිකරට් එකකුත් ගහනවා.....

මේ වෙනකොට අපි බෙලිහුල් ඔයත් පහු කරල කිලෝමීටර් 10ක්-20ක් විතර ඇවිල්ලා....

ඔන්න ඔහොම ඉන්න ගමන් මල්ලිගෙන් කෝල් එක එනව

"අයියෙ මේ වෑන් එකේ අයිතිකාර එක්කෙනා ලයින් එකෙ ඉන්නව.. ඔයාල යනවනම් නුවර එලි යන්ඩ හැබැයි හෙට 12 වෙද්දි වාහනේ ඕනලු"
"කමක් නෑ අපි දෙන්නම් අපි උදේම එහෙන් පිටත් වෙනවා"
"එහෙනම් ඔයා රෙස්පොන්සබිලිටිය අරගෙන වැඩේ කරන්ඩ"
"හරි.... එතකොට තව කීයක් වැඩි වෙනවද?''
"සර් තව 10000ක් විතර දෙන්න"
"හරි අපි අනිත් සල්ලි ටික ඔයාගෙ ඩ්‍රයිවර්ට දුන්නා මේකත්  එයාට දෙන්නම්"
"මම මේ අශාන් මහත්තයා හින්දමයි මේක කරන්නෙ......බ්ලා බ්ලා බ්ලා.." ඉතුරුව මට ඇහුන් නෑ ......මම කෑ ගහල කට්ටියට කිව්වුවා වැඩේ හරි යමූ කියල..
කියන පරක්කුවට කට්ටිය නැගලා ආපහු ගියා... ඩයිබරය කියාපි
බෙලිහුල් ඔය නම් හූනියමහ් වගේ මෙතනින් එහාට යන්ඩම දුන් නෑනෙ ඒ අපි දවල්ට කෑම ගත්තු කඩේ ගාවින් වාහනේ 7 පාරක් හැරෙව්වලු.


කට්ටියගෙ හිනාව.....


අපි මගදිම කතා කරල ඉන්ඩ ගෙයක් ලෑස්ති කර ගත්තා ... රෑම ගිහින් කන්ඩ ඕන කරන දෙවල් ෆුඩ්සිටියෙන් ගත්තා බොන්ඩ ඕන ඒවත් ගත්තා ඉතින්..... ඒව නැතුව බෑනෙ..


මම මුකුත් කියන් නෑමයි......    


හැදියන්කො බන්
ඉතින් අපි බඩු ටිකත් අරගෙන ඔය ගෙදරට ගියා කට්ටිය සට සට ගාල බයිට් ටික  හදල ගත්තා( ගෑනු හැදුවනම් පැය දෙකක් වත් යනවා) එක්මනටම වැඩේට සෙට් වුනා.






 ඔතනත් ඉතින් කට්ටිය හොඳ බජව්වක් දැම්මා. අන්තිමට පාන්දර 1කට විතර එලියට බැහැල ග්‍රෙගරි වැව ගාවට ගියා..... යකූ හිම වැටෙන පැති වල උන් කොහොම ඉන්නවද දන් නෑ.

අවසාන වශයෙන උදේ7ට නැගිටල ආපහු එන්ඩ පිටත් වුනා.... කට්ටියට උදෙත් වෙරි නැගිට්ට ගමන් සින්දු කිව්වා ඩයිබරයව හරිම අමාරුවෙන් වතුර ගහල තමයි ඇහැරගත්තේ... පස්සෙ අතර මගින් තේ බීල එක හුස්මටම ගෙදරට ආව හරියට 12 වෙද්දි අපි ගෙදරට ආව



ඉතින් අපි අන්තිමට ගනන් හදල බලද්දි එක්කෙනෙක්ගේ සම්පූරන වියදම 10000ක් වෙලා....... හිතුවට වැඩිය ගානක් ගියා සම්පූරන වැරැද්ද වැට් 6 බෝතලේ....

 කීය වියදන් වුනත් කොල්ලො කාලෙ ගන්න ආතල් බැන්දම ගන්ඩ බෑ.... ටිකක් අමාරුයි.... හැබැයි ඔතනත් ඉන්නව බැඳපු උන් දෙන්නෙක්.... උන් නම් පවුල ලස්සන්ට බැලන්ස් කරනව.....

හරි යකෝ ඕකට රෙද්ද උස්සන් එන්ඩ ඕන නෑ නෙ මම කිව්වු නෑ නෙ කවුද බැඳල ඉන්නෙ කියල....

හම්මෝ ලියලත් මහන්සියි කියෝලත් මහන්සියි.... මහන්සිය යන්ඩත් එක්ක බොමුද සීතල බියර් එකක්........