Friday, February 2, 2018

වැට් 6 හැදියන්කො බන්

මේක ඉතින් අපි පොත් බෙදන්න ගිය ගමනට සම්බන්දයි.

2018 ජනවාරි හතර වෙනිදා අපි ගෙදර කට්ටිය වගේම තඩියගෙ ගෑල්ලමයත් එක්ක හරි හරියට වැඩ කොරල හවස් වෙද්දි පොත් ටික පැක් කරල ඉවර වුනා.. ඔක්කොම ලෑස්ති කරල ඉවර වෙනකොට හොල්මන් ඩිල්ශාන් අපේ ගෙදරට ආව වැඩ පරීක්ශා කරන්න.. ඉතින් ඔහොම හවස් වෙනකන් කයියක් ගහගෙන හිටපු මේකාට අටට විතර බොන්ඩ ඕන වුනා. කොහොම හරි තිබුන බෝතලේකුත් ලෑස්ති කරන් වැඩේ පටන් ගත්තා... රගුවව යවල බිත්තර දහයක් ගෙන්නෝල ඔම්ලට් දැම්මෙව්වා. හෙට ඉතින් පාන්දර දෙකට පොත් බෙදන්ඩ යන්ඩ ඕන හින්ද ඉක්මනට නිදාගන්ඩ යමුයි කියල පටන් ගත්තාට මොකද අපි දෙන්නා පාන්දර එක වෙන කනුත් බිව්වා. අපිත් එක්ක පොත් බෙදන්න යන්ඩ බෑ කියල හිටපු එකා එක පාරටම යන්ඩ ඕන කියාපි ඉතින් ඕකත් එක්ක වාද කර කර ඉන්න කොට දන්නෙම නැතුව තවත් වෙලා ගියා.. මීගමුවෙන් අපේ දිහාට ආපු හර්ශන චතුර කෙවින් ශනිල් එනකන්ම අපි දෙන්න බොනව. අන්තිමට එහෙනම් යමන් ඇදුමක් අරන් එන්ඩ කියල වාහනේ දාගෙන මේකව කුරන ගෙදට්ට එක්කගෙන ගියා. ඊටපස්සෙ මූ නාන්ඩ පටන් ගත්තෙ නැතැයි

නාන අතරෙ මට උගෙ ඇදුම් අයන් කරන්ඩලු  දෙන්නම් වැඩේ කියල එක ජොකෙක් බෑග් එකට දාල එක ශර්ට් එකක් ලස්සනට නමල උඩයි යටයි විතරක් අයන් කරල බෑග් එකට දැම්මා . එක කලිසමක් දැම්මා කොහොම හරි වදෙන් පොරෙන් මූව ලෑස්ති කරන් එන ගමන් ශොර්ට් කට් එකකින් යමු කියල මේක මාව හෙන වටයක් අරන් ගියා.

බඩු පටවමින්


අන්තිමට අපි යනකොට අනිත් කට්ටිය බඩු පටෝල ඔක්කොම ඉවරයි මමත් ටක් ගාල ඇඟ හෝදගෙන වාහනේට නැග්ගා. හුටා ගේට්ටුවෙන් එලියට දැම්මා විතරයි මට මතක් වුනේ ගිහිල්ල බොන්ඩ කියල ආදාර ලෙස සරත් අයියාගෙන් හම්බුන වැට් හැටනමය බෝතල් දෙක ගත්තෙ නෑ කියලා ආපහු රිවස් කරෝල ඕකත් අරන් ගමන පිටත් වුනා....

අපි ඉතින් බණ්ඩාරවෙලට එන අතරමග හරියක නවත්තලා උදේ පාන්දරම සැන්විච් වගයක් කෑවා එතනම තිබුන කඩේකින් තේ එහෙමත් බිව්වා. ඊටපස්සෙ අපි කෙලින්ම බණ්ඩාරවෙලට ගියා සරත් අයියා එනකන් ඉන්න අතරෙ කොලබින් පිටත් වුන රෝද දෙකේ රස්තියාදුවෙ කට්ටිය බණ්ඩාරවෙලට ආවා අපි දෙගොල්ලොම නගර සභාව ගාව නැවතිලා කයියක් දාගෙන හිටියා ලහිරු චේතිය හර්ශ මද්දා තමයි එහෙන් ආවෙ. සරත් අයියාවත් දාගෙන අපි කුරුකුදේ සාරිපුත්ත විදුහලට ගියා.

වමේ සිට- හොල්මන් ඩිල්ශාන් තඩියා චතුර දමිත් නිනී(ගුරුවරියකගේ මතක ) දකුනේ කෙරෝලෙ කලු පාට ටී එක හර්ශ (රොද දෙක )




ලොරියක බඩු වෑන් එකෙන් ලොරියකට බාන ඒ සොදුරු මොහොත. පව් KDH එක

පොත් පත් ටික නිනී මිස්ගේ ලොරියට පටෝපු අපිට නිනී මිස්ගේ ගෙදර රසම රස දොඩම් එකක් බොන්න යන්න වුනා ඕකත් බීල නිකන්ම එන්ඩ හොඳ නැති හින්දා අපේ කට්ටිය ඔක්කොම එකතු වෙලා මිස්ලගෙ වැසිකිලි වල පුරවන්න ට්‍රයි කරා.(යකෝ මුන් නිකන් සතියකින් රීල නෑ වගේ ගෙදර කටිටියට එහෙම හිතෙන්ඩ ඇති )

ඔය ඔක්කොම ඉවර කරල අපි ඉස්කෝලෙ ගාවට යනකොට අපිව පිලිගන්න පෙරහැරක් එහෙම ලෑස්ති කරල තිබුනා. ඊට පස්සෙ කොඩිගහ උස්සල ජාතික ගීය කියල පාසැල් ගීය කියල අපි ප්‍රදාන ශාලාව ඇතුලට ආව. ඉතින් එතන තිබුන ලස්සන ගැයීම් වැයීම් නැටීම් වගේම ලස්සන නාට්‍ය එහෙම බලන අතරතුර අපි පොත් බෙදා දුන්නා අපිට ඉතා රසවත් කෑම මේසෙකුත් ලෑස්ති කරල තිබුනා. ( අපේ උන්ට කා බෑ නිසා අපරාදේ කෑම ටික විසි කරන්ඩ වෙන්ඩ ඇති එයාලට.)

පොත් සපත්තු බෑග් හම්බුනාම පොඩි උන්ගෙ මූනෙ තිබුන හිනාව ..... ඒව සල්ලි වලට ගන්න බෑ මහත්තයෝ...
ඉතින් එතන පොඩි උන්ට දවල්ට කන්න කෑම වේලකුත් ලෑස්ති කරල තිබුනා
අපිටත් ඕකෙ රස බලන්න හම්බුනා.
ඊට පස්සෙ අපි කෙලින්ම අපි නවතින්න බුක් කරපු හෝටලේට ගියා රස්තියාදු කාරයො හතර දෙනාවත් එක්කගෙනමයි ගියේ මද්දත් එක්ක සොට් එකක් දාන්නම ඕන හින්ද.


අපි බුක් කරේ බණ්ඩාරවෙල ගෙස්ට් හවුස් කියල එකක්.... කාමර එහෙමනම් අලුත් ඒ වුනාට සර්විස් එක නම් අන්තිමයි කණ්ඩායමක් විදිහට යන්ඩ හොඳ තැනක් නෙමෙයි එතන.

අපි කුකාගෙන් බයිට් ගන්න අහනකොට ඔක්කොම බඩු තියනවයි කියල කිව්ව ඊට පස්සෙ ඕඩරේ දෙනකොට කුකුල් මස් නෑ මාලු නෑ බිත්තර විතරයි. පස්සෙ අපි ගෙදර යනගමන්  එකට ගිහින් ඕන කරන බඩු ටික ගෙනත් දුන්නා. ඊට පස්සෙ අපි චිකන් රයිස් ගන්ඩ අහනකොට අපේම කුකුලා අපිටම වික්කා... ඒ හින්දා මෙතන්ට යනවනම් පිටින් කෑම කන්ඩත් බලාගෙන යන්න.

පස්සෙ අපි ඉතින් පාටිය ලෑස්ති කරල ගත්තා. පාටිය නැගලම යනකොට මද්දාට යන්ඩ ඕන වුනා පවුල බලාගෙන ඉන්නව කියල ඒ වුනාට හර්ශයටනම් ඉන්ඩමයි හිත. කොටින්ම මේකා වේටර් කොල්ලට රුපියල් 1000ක් දුන්න වාහනේ රෝද දෙකක හුලන් ඇරපිය කියල. මොනා කරලත් නවත්ත ගන්ඩ බැරි තැන මේකා ගියා. ඊට පස්සෙ අපිත් ටිකක් වෙලා සින්දුවක් කියාගෙන හිටියා



ඔය අතර ඉතින් අපේ හොල්මන් ඩිල්ශාන්ට සෝස් එකක් හම්බුන් නෑ කියල වේටර් එක්ක පොඩි ගේමක් ඇද ගත්තා කොහොම හරි ශේප් කරගෙන එදා  රෑ නිදා ගත්තා.

උදේ ඉතින් සුපුරුදු විදිහට නැගිටල තේ එකක් එහෙම බොන්ඩ හදනකොට කට්ටියම ඒ ගෙස්ට් හවුස් එකෙන් කෑම ගන්න එක වර්ජනේ කරල. හිස්බඩම දුමක් දාන්න කියල ඩිල්ශානයයි හර්ශනයයි ශනියයි හිටපු කාමරේට මම ගියා... කාමරේ හොදයි එලියට බැහැපුවම විව් එකත් ලස්සනයි.. ඒත් සුට්ටන් අවුලක් තිබුනා බාතෲම් එකේ එක්සෝස්ට් කවුලුව හරියටම ඇදට උඩින් කාමරේ ඇතුලට හයි කොරල.. ටවුකන බාස්ලා තමා... නිදහසේ හිතේ හැටියට පඩයක් ඇරගෙන දුමක් දාගන බොකක් දාන්ඩ බෑ... එහෙම කරාම කාමරෙ ඇතුලෙ ඉන්ඩ බෑ.....එහෙමයි කියල අපි සැලුන් නෑ ඉතින් අපි බිව්වා.....

ඩිල්ශාන් සල්ලි දීපිය... 6240යි එක්කෙනෙකුට හෝටලේට ගෙවන්ඩ ඕන ඉක්මන් කරපිය 

ඔය සුදු පාට ශර්ට් එකක් ඇඳන් ඉන්නෙ ඩිල්ශාන් උගෙ ඔලුවට උඩින් තියෙන්න බාතෲම් එකේ එක්සෝස්ට් කවුලුව

ඉතින් අපි ඔතනින් පිටත් වෙලා බන්ඩාරවෙල ටවුමට ඇවිල්ල කඩේකින් හොඳට කෑව.. කාල අපි පල්ලම් බහින්ඩ පටන් ගත්තා.... ඉතින් ඔහොම බෙලිහුල් ඔය හරියට එනකොට තඩියට ආපහු බොන්ඩ ඕන වුනා වාහනේ පිටි පස්සෙ තිබුන ඇබ්සලූට් කොටේ යාන්තන් සොට් එකක් තිබුනා.. ඕක මම අරගෙන තනියම බොන කොට අනිත් සෙට් එකටත් බොන්ඩ හිතුනා. බෙලිහුල් ඔය පාලම ලඟ තියන තානායම කියන එකෙන් නවත්තල බැහැපු ගමන් ඩිල්ශාන් සිකුරිටි අන්කල්ට

"සර් මේකෙ බොන්ඩ තියනවද?" කියල අහපි උඩබිම බලපු සිකුරිටි අන්කල්
"ඔව් සර් අර රිසේප්ශන් එකට යන්න" කියල කිව්වා ...

අපි ඉතින් එතන තිබුන බාර් එකට ගිහින් ගනන් බැලුවම අපිට ආපහු බන්ඩාරවෙල ගිහින් බෝතලයක් ගේන්ඩ පුලුවන් බව තේරුනා..

පස්සේ ආපහු සික්කට කිට්ටු කරල "අන්කල් මෙහෙ බාර් එකක් නැද්ද"
"තියනව සර් ඔය වමට ගියාම මීටර් 500"
"හරි අන්කල්"
"අන්කල් නාන්ඩ හොඳ තැන් නැද්ද?"
"ඒ බාර් එකට කලින් උඩට පාරක් තියනව ඒකෙ ගියාම හමුදා කෑම්ප් එකක් එක්ක නියම තැනක් තියනව එතන්ට යන්න"
"හරි අන්කල් අපි එන්නන් එහෙනම්" කියල අපි පිටත් වුනා.


බාර් එකට ගිය තඩියා හා උනුසුම් සිනාවකින් පිලිගන්න බාර් අයිතිකරු
ඉතින් අපිව ආදරෙන් සාදරෙන් පිලිගත්තු බාර් අයියා
"අයියලා කොහෙද?''
"අපි මීගමුවෙ"
"නාන්ඩ ආපු ගමන්ද?''
"ඔව් පොඩි ශොට් එකක් දාන්ඩ කියල"

"අයියල කොහොම වෙරිවෙන්ඩද කැමති?"
"අපිට ඉතින් හොඳට වදින්ඩ තමයි ඕන මල්ලි"

දැන් ඉතින් මූ අපිට ඌ ගාව තියන ලොකු ලොකු ගනන් වල ඔක්කොම පෙන්නනව
 

"මල්ලි ටිකක් ගනන් අඩුවට නැද්ද වදින එකක්?"
"තියනව අයියෙ මෙන්න මේක මරු විශ්කි වගේ"
"හා එහෙමද හොඳට වදිනවද?"


 හර්ශනය...


"අඩෝ මේක ගමු බන් බෑග් එකකුත් හම්බෙනව බන්"
"යකෝ බෑග් එක කන්ඩයෑ"
"හරි මල්ලි ඕක දෙන්නකො"

ඔන්න භාන්ඩෙ වැට් 6 


අපිට බොන්ඩ බැරි හින්දා උපාලිට පෙව්වා.....

නාන්ඩ යන ගමන්
 
වැඩිහිටියන්ට පමනයි
මෙන්න මෙතනදි අර බාර් එකෙන් ගත්තු බෝතලේ විවුර්ත කරා කට්ටියම සොට් එක සොට් එක බිව්වා.....සමහරුන්ගෙ කට පිච්චුනා සමහරු කෙල ගහැව සමහරු ආපහු එලියට දැම්මා සමහරු ඔක ගිලල දැම්මා...

ඔය සොට් එක ගිලපු  අපි අමාරුවෙන් බෝතලෙන් බාගෙකට කිට්ටු වෙන්ඩ බිව්වා. ගොඩට ඇවිල්ල ආපහු උඩට යනකොට කට්ටිය පාවෙමින් තමයි ගියේ. වාහනේ ගාවට යනකොට කට්ටියට නුවර එලි යන්ඩ ඕන වුනා. බෝතලේ පවර් එක.  එතනම තියන හමුදාවෙන් කරන පොඩි කඩේක ඉඳන් ගෙනාපු බත් ටික කන ගමනුත් නුවර එලි යන්ඩ කල්පනාව කට්ටියගෙ. ඉතින් නඩෙ ගුරා විදිහට වෙරි වෙලා හිටියත් මම කට්ටියගෙන් අහල බැලුව ඔක්කොමල්ල කැමතියි.. අපි ඔක්කොටම වඩා වාහනේ ඩයිබර් මල්ලි එකෙන්ම රෙඩි. ඉතින් මම වාහනේ අයිතිකාරයට කෝල් කරා නෝ ආන්සර්.. ඔය අතරෙ ඩයිබර් මල්ලි කියාපි

"අයියෙ අපෙ බොසා ඇහුවොත් කොහෙද ඉන්නෙ කියල ඔයා කියන්ඩ තවම බන්ඩාරවෙල ඉන්නෙ කියල''
''කමක් නැද්ද  බොරු කිව්වට''
"අවුලක් නෑ අද කොහොම හරි නුවර එලි යන්ඩ ඕන"
"එහෙනම් උබත් එහෙම්ම කියපන් ඈ"
"හරි හරි අයිය ආපහු කොල් කරන්ඩකො"


ඉතින් අපි පෙරුම් පුරලා පෙරුම් පුරලා කොහොම හරි පැයකට විතර පස්සෙ පොරට කෝල් එකක් ගත්තා
"(නම මතක නෑ පොරගේ) මම මේ අශාන් මහත්තයගේ අයියා අකිල කතා කරන්නෙ"
"ඔව් මහත්තයා කියන්ඩ"
"අපේ ප්ලෑන් පොඩ්ඩක් වෙනස් වුනා අපි මෙතනින් නුවර එලි යන්ඩ කියල. ඔයාට කෝල් කරේ මොනා හරි අපහසු කමක් තියනවද කියල බලන්න"
"අනේ සර් වෑන් එක හෙට රෙන්ට් එකට දුන්න පිටරට ඉඳන් එන කෙනෙකුට 12 වෙද්දි දෙන්න ඕන"
"මුකුත් වෙනසක් කරගන්ඩ බැරිද?''
"ටිකක් අමාරුයි "
"ම්ම්ම්ම් හරි එහෙනම් කමක් නෑ"

ඔන්න ඉතින් මම තිබ්බ ගමන් ඩයිබරයට කෝල් එක එනව
"මල්ලි කොහෙද ඉන්නෙ?''
"අපි තාම බන්ඩාරවෙල අයියෙ"
"කට්ටිය නුවර එලි යන්ඩ ඔනලු නෙද?"
"ඔව් ඔයාට කෝල් කරානේද?"
"හෙට වාහනේ රෙන්ට් එකට දීල තියෙන්නෙ ඒකයි අවුල."
"හරි අයියෙ ඔයා එහෙනම් විස්තරේ කිවුවානෙ අපි එන්නම් එහෙනම් තව ටිකකින් පිටත් වෙනව"




ඉතින් අපේ සුට්ටන් හිත් වල තිබුන හීන කෑලි කෑලි වලට බිඳිල කුඩුවෙලා යනකොට බොහොම දුක සේ ආපහු එන්ඩ පිටත් වුනා.... දැන් ඉති හවස් වෙලත් එක්ක... ඔහොම පිටත් වෙලා ටිකක් යනකොට අපේ මල්ලි මට කතා කරා

"ඔයි මොකද වැඩේ ඉවරද? එන ගමන්ද?''
"ඔව් ඕයි වැඩේනම් ඉවරයි. අපි නුවර එලි යන්ඩ කියල අරූගෙන් අහපුවම බෑ කිව්වනෙ මිනිහ හෙට රෙන්ට් එකට දීල කියල"
"දැන් කොහෙද ඉන්නෙ ඔයාල"
"අපි බන්ඩාරවෙල"
"හා පොඩ්ඩක් ඉන්නවකො බලන්ඩ"

අන්න පුතී..........
"අඩො මල්ලි කිව්ව අයිතිකාරයට කතා කරන්නම් කියලා"
යකූ කියල ඉවර කරන්ඩ හම්බුන් නෑ ඩයිබරය වාහනේ නවත්තල ඉවරයි..
කට්ටියගෙ මූනු ආපහු පිපිල ඇවිල්ල සතුට වැඩි කමට එලියට බැහැපු ගමන් ශනිය සිකරට් එකකුත් ගහනවා.....

මේ වෙනකොට අපි බෙලිහුල් ඔයත් පහු කරල කිලෝමීටර් 10ක්-20ක් විතර ඇවිල්ලා....

ඔන්න ඔහොම ඉන්න ගමන් මල්ලිගෙන් කෝල් එක එනව

"අයියෙ මේ වෑන් එකේ අයිතිකාර එක්කෙනා ලයින් එකෙ ඉන්නව.. ඔයාල යනවනම් නුවර එලි යන්ඩ හැබැයි හෙට 12 වෙද්දි වාහනේ ඕනලු"
"කමක් නෑ අපි දෙන්නම් අපි උදේම එහෙන් පිටත් වෙනවා"
"එහෙනම් ඔයා රෙස්පොන්සබිලිටිය අරගෙන වැඩේ කරන්ඩ"
"හරි.... එතකොට තව කීයක් වැඩි වෙනවද?''
"සර් තව 10000ක් විතර දෙන්න"
"හරි අපි අනිත් සල්ලි ටික ඔයාගෙ ඩ්‍රයිවර්ට දුන්නා මේකත්  එයාට දෙන්නම්"
"මම මේ අශාන් මහත්තයා හින්දමයි මේක කරන්නෙ......බ්ලා බ්ලා බ්ලා.." ඉතුරුව මට ඇහුන් නෑ ......මම කෑ ගහල කට්ටියට කිව්වුවා වැඩේ හරි යමූ කියල..
කියන පරක්කුවට කට්ටිය නැගලා ආපහු ගියා... ඩයිබරය කියාපි
බෙලිහුල් ඔය නම් හූනියමහ් වගේ මෙතනින් එහාට යන්ඩම දුන් නෑනෙ ඒ අපි දවල්ට කෑම ගත්තු කඩේ ගාවින් වාහනේ 7 පාරක් හැරෙව්වලු.


කට්ටියගෙ හිනාව.....


අපි මගදිම කතා කරල ඉන්ඩ ගෙයක් ලෑස්ති කර ගත්තා ... රෑම ගිහින් කන්ඩ ඕන කරන දෙවල් ෆුඩ්සිටියෙන් ගත්තා බොන්ඩ ඕන ඒවත් ගත්තා ඉතින්..... ඒව නැතුව බෑනෙ..


මම මුකුත් කියන් නෑමයි......    


හැදියන්කො බන්
ඉතින් අපි බඩු ටිකත් අරගෙන ඔය ගෙදරට ගියා කට්ටිය සට සට ගාල බයිට් ටික  හදල ගත්තා( ගෑනු හැදුවනම් පැය දෙකක් වත් යනවා) එක්මනටම වැඩේට සෙට් වුනා.






 ඔතනත් ඉතින් කට්ටිය හොඳ බජව්වක් දැම්මා. අන්තිමට පාන්දර 1කට විතර එලියට බැහැල ග්‍රෙගරි වැව ගාවට ගියා..... යකූ හිම වැටෙන පැති වල උන් කොහොම ඉන්නවද දන් නෑ.

අවසාන වශයෙන උදේ7ට නැගිටල ආපහු එන්ඩ පිටත් වුනා.... කට්ටියට උදෙත් වෙරි නැගිට්ට ගමන් සින්දු කිව්වා ඩයිබරයව හරිම අමාරුවෙන් වතුර ගහල තමයි ඇහැරගත්තේ... පස්සෙ අතර මගින් තේ බීල එක හුස්මටම ගෙදරට ආව හරියට 12 වෙද්දි අපි ගෙදරට ආව



ඉතින් අපි අන්තිමට ගනන් හදල බලද්දි එක්කෙනෙක්ගේ සම්පූරන වියදම 10000ක් වෙලා....... හිතුවට වැඩිය ගානක් ගියා සම්පූරන වැරැද්ද වැට් 6 බෝතලේ....

 කීය වියදන් වුනත් කොල්ලො කාලෙ ගන්න ආතල් බැන්දම ගන්ඩ බෑ.... ටිකක් අමාරුයි.... හැබැයි ඔතනත් ඉන්නව බැඳපු උන් දෙන්නෙක්.... උන් නම් පවුල ලස්සන්ට බැලන්ස් කරනව.....

හරි යකෝ ඕකට රෙද්ද උස්සන් එන්ඩ ඕන නෑ නෙ මම කිව්වු නෑ නෙ කවුද බැඳල ඉන්නෙ කියල....

හම්මෝ ලියලත් මහන්සියි කියෝලත් මහන්සියි.... මහන්සිය යන්ඩත් එක්ක බොමුද සීතල බියර් එකක්........

20 comments:

  1. වැට් 6? අම්මෝ කියන විදියට තනි කසිය පාරක් වගේ.. අර උපාලි පෝස්ට් එකේ ඉඳලම බලාගෙන හිටියේ මේ කසිය ගැන දන ගන්නද? හැක්.

    //හැබැයි ඔතනත් ඉන්නව බැඳපු උන් දෙන්නෙක්.... උන් නම් පවුල ලස්සන්ට බැලන්ස් කරනව.....// ඕව ගෑනුන්ට එහෙම ඇහෙන්න කියනවා නෙවෙයි.. අපි අසරණයි කෙට්ටුයි.. :(

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කසිය තමයි.......... බැලන්ස් කිරීම කලාවක් නම් මුන් එහි පිකාසෝලාය

      Delete
  2. යකෝ අච්චර බියර් නාන්න ද? වැට් කියල කසිය ගහල වගේ කට්ටිය.

    ReplyDelete
    Replies
    1. නාන්න නෙමෙයි බොල බිව්වා ඔක්කොම

      Delete
  3. දැං ඔය රෙද්ද උස්සං එන්නෙ බැදපු එකාලද උන්ගෙ ගෑණුද

    ReplyDelete
    Replies
    1. ගෑනු ටික ආවනම් මරු හැබැයි

      Delete
  4. මොන මහන්සියක්ද බන් එල හොදේ...
    කෝ බන් අර මද්දා කියන එකාගෙ ෆොටෝ එකක් නැද්ද?
    යකෝ සිරාවට අර බාතෲම් එකේ ජනේලෙ හදලා තියෙන්නෙ ගුලි කාලද බන්.
    මොනා උනත් අර ලක්ෂණ නීනී මිස්ගෙ පුල් පොටෝ එකක් නැති එක ගැන විරෝදය.
    ඒ වගේම හැම අතින්ම එල කොල්ලො කෙල්ලො සෙට් එකක්....ජයින් ජයම වේවා....

    ReplyDelete
    Replies
    1. මහන්සි නැතට් බියර් එකක් බොමු....
      ඔය මද්ද්ව පොටෝ වලට අල්ලන්ඩ හරි අමාරුයි බන්
      ගුලි කන ගමන් ගන්ජ ගහඵ් සෙට් එකක් ඒක හදල තියෙන්නෙ
      මිශ් ගෙ පුල් බොඩි ඒව ගන්නවට කැමති නෑ කිව්වා....බැරල් ටයිප් හින්දා
      කොල්ලො ටිකනම් හොදයි....උන්ව අලුතෙන් මකල හදන්ඩ ඕන

      Delete
  5. ඇයි බන් තඩියෝ එ්ම.......?


    ReplyDelete
  6. කෝ බොල මගෙ කොමනේටුව?

    ReplyDelete
    Replies
    1. ඒක දන්න්නෙ නැතෝ.... බොලා දැම්මද එකක්

      Delete
  7. කෝ අප්පා මම දාපු කමෙන්ට් එක

    ReplyDelete
    Replies
    1. කවුද බොලේ සදවතීගෙ එක ඉස්සුවෙ..... මම දන් නෑ මොනා වුනාද කියලා.... හොරු උස්සලද???

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete