Thursday, December 21, 2017

තඩිය අතුරුදහන්

මේක ඇවිල්ල තඩිය ඇබිත්තියා කාලෙ කොරපු වික්‍රමයක්.

තඩියා ඉස්සර වැඩිපුරම නිදා ගන්න කැමති මම්මාච්චි ගාව. ඉතින් ඒ හින්දම තඩිය රෑට ඉන්නෙත් එහෙ.
 ඔන්න මේ කියන දවසෙත් රෑ නිදා ගන්න සුපුරුදු විදිහට මම්මාචි ගාවට ගියා. ඉතින් ඇලට් එකක් දාගෙන ඉන්න තඩියට සුට්ටන් සූ බරක් හැදෙනව. ඉස්සර දැන් වගේ නෙවෙයි රෑට ඔක්කොම ලයිට් නිවනව, කට්ට කලුවරයි, ඉතින් මම කෑලි පහේ ටෝච් එකත් උස්සන් පිලිකන්නෙ දොර ගාවට ඇවිත් ඕක ඇරල පඩිය උඩටවෙලා චූ පාරක් දානගමන්, දකිනව අල්ලපු වත්තෙ මොනා හරි කරන්ඩ ආපු ලොරියක් එරිල තියනව. ඒකෙ ලයිට් එලියට වත්ත පල්ලෙහා තියන අපේ ගෙවලුත් පේනව.




 ඉතින් ඔය චූ පාරක් දදා හිටපු තඩියට මහ කක්කි අදසක් එනව යකඩෝ අර ලයිට් එලියට දවල් වගේ එලියයිනෙ, මට අපේ ගෙදට්ට යන්ඩ පුලුවන් නෙ කියල.
ඉතින් දෙපාරක් හිතන් නැතුවම අතේ තිබුන ටෝච් එක දොර ගාවින් තියල කලිසන් කොටෙත් උස්සගෙන දුවන්ඩ පටන් ගත්තා අපේ ගෙවල් පැත්තට.
කොස් ගහ යටින් යනකොටනම් පට්ට බය හිතුන අර ගෝනි බිල්ල මාව අල්ලන් කයි කියල ඒත් අර ලයිට් එලිය හින්දම පන එපෝ කියාගෙන දුවගෙන ගියා. බොලේ වත්ත මැදට යද්දි අර ලොරිය ගොඩට අරන් හැරෙව්වෙ නැතැයි, කෑලි කපන කරුවල. මෙලෝ දෙයක් පේන්නෑ. විනාඩියකට නැවතිලා ආපහු යනවද ගෙදර යනවද කියල හිතපු තඩියා ජන්ගිකොටේ පල්ලෙ වැටිල තිබුන පුරුශ සක්තිය අරගෙන දිව්වා ගෙවල් පැත්තටම. හති දාගෙන පන කඩාගෙන ගෙදර ගේට්ටුව ගාවට ආව. බොලේ ගේට්ටුව ලොක් කරල. සැලුන් නෑ කොහොම හරි ගේට්ටුවෙනුත් පැනල ගෙදර දොර ගාවටම ගිහින් දොරට ගහල අම්මව නැගිට්ටෙව්වා. 
නැගිට්ටෙව්වා කිවුවට නැගිට්ටන්ඩ දෙයක් තිබුන් නෑ ඒ වෙනකොටත් නැගිටල. මම්මාච්චි ඒ වෙනකොටත් පනිවිඩේ දීල චූ කරන්ඩයි කියල ගිය ලමය නැතිවෙලා කියල. ආච්චි වත්ත මැද්දෙන් එන්නම් කිවුවලු වැඩට හිටිය කෙල්ලව වටේ මහ පාරෙන් එවනව කිවුවලු. දැන් ඉතින් කස්ටිය බලනව ඇති යකො කොහොමද ඔච්චර ඉක්මනට පනිවිඩේ දුන්නෙ කියල මෙන්න මේකෙන් තමයි පනිවිඩේ දීල තියෙන්න.


මේක ඇවිල්ල ඉන්ටකොම් එකක් අපේ ගෙදර එකයි මහ ගෙදර එකයි තිබුනා දෙකම කරන්ට් එකට ගහල තියෙන්ඩ ඔන ඔකෙ තියන අර කොටු බටන් එක ඔබාගෙන හිටියම අනිත් පෝන් එක රින්ග් වෙනව. හරිම සරල සීන් එකක් වෑර් ලස් පෝන් එකක්.

ඉතින් කොහොම හරි මම්මාච්චිල මාව හොය හොය යනකොට වටේ පිටෙ අනිත් ගෙවල් වල මිනිස්සුත් නැගිටල වැඩේට ජොයින් වෙලා තඩි සර්ච් සීන් එකක් දාගෙනම අපේ ගෙදට්ට ආව... ඉතින් කට්ටිය තඩිය යහතින් කියල දැන ගත්තම සතුටින් සමාදානෙන් විසිරිලා ගියා, ආච්චිත් ඉතින් මගෙන් ඇහුව සුදුබබා කොහෙද ගියෙ කියල මම ඉතින් බොහෝම සාන්ත විදිහට "අම්ම බලන්ඩ ආව "කිව්වම ඔක්කොම සීන් ඉවර වුනා......

ඉතින් මේ කතාව මතක් වුනේ ලඟදි ගෙදරින් කතාකරපු වෙලාවක අම්ම කිවුව මම්මාච්චිට අසනීප වෙලා ඉස්පිරිතාලෙ ගෙනිච්චා කියල. එයාව අරන් යන්ඩ ගෙදරට ගියාම එයා අම්මට කියනවලු "ළමයව නාවල පිහල මෙතනින් තිබ්බ බලන්ඩකො ළමය නැති වෙලානෙ කියල". එහෙම කියල මාව හොයනවලු කොච්චර කරදඩු උස් මහත් වුනත් මම්මාච්චි තාමත් මට ආදරෙයි. එයාගෙ මුනුපුරන්ගෙන් වැඩිපුරම හැදුවෙ මාවයි කියනවනෙ. ඒක තමා මෙහෙම තඩි වෙලා තියෙන්නෙ.....

ඇදපු පින්තූරෙට මොනාහරි කියාල්ලකො බලන්න සනික කොටනව

Saturday, November 4, 2017

අපිටත් හෙටක්


පහුගිය අපිටත් හෙටක් පෝස්ට් එකේදි කියුව වගේම අපි මෙදා පාර දෙසැම්බරයෙදිත් අපේම පුන්චි කැකුලු වලට පොඩි උපකාරයක් කරන්න ලෑස්ති වුනා. මෙදා පාර තෝරා ගත්තෙ බණ්ඩාරවෙළ කුරුකුදේ සාරිපුත්ත විදුහල. අපි කවුරුත් දන්න ගුරුවරියකගේ මතක බ්ලොග් එක ලියන සෙනෙවිරත්න මිස් ගේ පාසල.

මෙහි ළමුන් 200ක් ඉගෙනුම ලබන අතර සියලු දෙනා ගොවිතැනින් හා කුලී වැඩ කිරීමෙන් තම ජීවිතය ගැටගහ ගන්නා දෙමාපියන්ගේ දරුවන්ය.

අපිත් අපිට හැකි අයුරින් මොවුන්ට උදව් කරමු. එන්න අපත් සමග එක්වන්න

එක් අයෙකුට පොත්  

මොනිටර් පිටු 200  පොත් 8  (රු.59.40)
සී ආර් පිටු 200       පොත් 2 (රු. 130.50)


එක් සිසුවෙකු සඳහා මුලු වියදම

59.40  x 8  = 475.2
130.50 x2 = 261.0

475.2 + 261  = 736.2

සිසුන් 200 සඳහා මුලු වියදම

736.2  x 200  = 147,240.00

මීට අමතරව එකතු වන මුදල් වලින් පෑන් පැන්සල් හා අනෙකුත් ලිපිද්‍රව්‍ය ලබා දීමට හෝ ගම්පන්ගුව පාසලට අවශ්‍යව ඇති මුද්‍රන යන්ත්‍රය ලබා දීමට අදහස් කර ඇත.

පහතින් දක්වා ඇත්තේ මා වෙත වීරෝදාර ආයතනය විසින් එවන ලද මිල ගනන් ය.





ඔබට මේ සඳහා සහභාගි විය හැකි අයුරු

* පොත් ලබා දීමට කැමති අය සඳහා

මීගමුව කුරන පල්ලිය අසල 

                            හර්ශන    0094 77 481 3199
                            දුශාන්      0094 77 1131988


දිවුලපිටිය අවට අය සඳහා
                            කැන්වෝ උත්සව ශාලාව කඩවල
                                          0094 77 69 37 202

වෙන්නප්පුව මාරවිල අවට අය සඳහා
                            ඇන්ටන්  0094 77 805 6087


කොළඹ අවට අය සඳහා
                             දිලීප      0094 77 973 6169


* මුදල් ලබා දීමට කැමති අය සඳහා
 

    A/C NO . 75130357
    B.O.C NEGOMBO 

    BAZZAR BRANCH
    AKILA KURERA

* වයිබර් / වට්ස් ඇප් හා ඉමෝ මගින් සම්බන්ද වීමට

  අකිල කුරේරා +960 9698952 


ඔබගේ පරිත්‍යාග දෙසැම්බර් මස 15 වන දිනට ප්‍රතම ලබා දීමට කාරුනික වන්න.


මෙතනින් වැඩි විස්තර හා පින්තූර






Thursday, October 26, 2017

තාත්තාගේ ලිකර් කලෙක්ශන් එක, මල්ලී සහ මම



මටයි මල්ලිටයි මතක තියන කාලෙක ඉඳන් අපේ තාත්තා රට ගිහින් එනකොට එක එක හැඩවලට එක එක සයිස් එකේ අරක්කු බෝතල් ගෙනාව වැඩි හරියක් ඉතාලි සහ ස්පේන් වලින් ගත්තුව (හරි හරි ස්පේන් එක සින්හලෙන් ලියන්ඩ බෑ). මේ ඔක්කොම ලොකු ට්‍රන්ක පෙට්ටියක දාල ගැරේජ් එකේ දාල තිබුනේ. ඔක කොහොමත් ලක්සෙක දෙහෙකවත් කලෙක්ශන් එකක්



අපේ ගෙදරත් ඉතින් හදල ඉවර වුනාම තාත්තට ඕන වුනා ඔය බෝතල් ටික ලස්සනට කබඩ් එකක දාල තියන්ඩ  ඉතින් ඔන්න වීදුරු කබඩ් එකකුත් බිත්තියටම අල්ලල හැදුව

ඒ විතරක්යැ ඔකට ලොක් එකකුත් දැම්මා. ඉතින් ඔහොම ටික කාලයක් ඔය කබඩ් එක කිසිම කරදරයක් නැතුව ලස්සනට තිබුන. හොඳම වැඩේ වුනේ දැන් තමයි එදා ගෙදර කවුරුත් හිටියෙ නෑ තඩියත් ඉතින් ගේම් එකක් ගහගෙන ගෙදරට වෙලා හිටියා ඔය අතරතුර තඩියට වතුර තිබහක් ඇවිල්ල කුස්සිය යන ගමන් අර කබඩ් එක ලගින් යද්දි ඒක ඇතුලින් සද්දයක් එන්ඩ පටන් ගත්තා "කීකික්.. කීකික්.. කීකික්.." එලාම් එකක් වදිනව ඇතුලෙ ඇති ඔරලෝසුවකුත් නෑ වතුර බීම අමතක කරපු තඩිය ඔන්න ගේමට බැස්සා දැන් ලොක් එක අරින්ඩත් එපැයි. අම්මලගෙ මුලු කාමරෙම පෙරලල යතුර හෙවුවා

 අල්මාරි කබඩ් ඇඳ පුටු මේස ලාච්චු වහලෙ සිවිලිමෙ හුලන් කවුලු වල හැමතැනම හෙව්වා ඔහෙ නෑ ඊට පස්සෙ කට්ටක් අරන් ලොක් එක ඇතුලට දාල කරකෝල බැලුව වැඩේ හරි ගියෙ නෑ අන්තිම තුරුම්පුව විදිහට ගෙදර තිබුන ලොකු යතුරු පෙට්ටියක් ගොඩක් ජාතිවල යතුරු තිබුන ඕකෙ ඕකත් උස්සන් ඇවිත් එක එක දාල බැලුව.. මෙන්න බොලේ එක යහුරකට මේක ඇරුන... හම්මේ ශතුට ඉතින් කියල වැඩක් නෑ. හරිගිය යතුර පරිස්සමට අරන් තියා ගත්තු තඩිය වටේ පිටෙ අස්පස් කරල දාල අපහු අර කබඩ් එකට බැස්සා ඔන්න ඉතින් පොඩ්ඩක් බලනකොට මාටීනි බෝතලයක් ඉන්නව හිනාවෙවී එකේ පොඩි ඩිජිටල් ඔරලෝසු කෑල්ලකුත් තියනව

ඔක බෝතලේට අලෝල තියෙන්නෙ තඩිය ඉතින් ඔක ගලෝල ගත්ත ඒත් ඉතින් අර අතට වෙලා හිනා වෙවී ඉන්න බෝතලේ නිකන්ම තියන්ඩ බෑ වගේ ඉතින් ආපහු මේ බෝතලේ තඩියට  හිනාවෙන්ඩ ගත්තා ඔන්න එතකොටනම් තඩියට මල පැන්න ඒ පාර තඩිය අර බෝතලේ ඔලුව අල්ලල කරකෝල කඩල බෝතලේ ඇතුලෙ තිබුන ලේ වලින් උගුරු දෙක තුනක් බීල දැම්ම. මරු ඔය පොඩ්ඩක් අඩු වුනාට කාටවත් නෝට් වෙන් නැති බව දන්න හින්ද තඩිය ඔක පිටිපස්සටම වෙන්ඩ තියල හොඳ ළමය වගේ හිටිය.
ඔන්න ඔය එලාම් මාටීනි එක හින්ද තමයි ඔය බෝතල් කබඩ් එකට අපල කාලයක් උදා වුනේ. ටිකෙන් ටික අර මාටීනි එක හිස් වුනා හිස්වුන බෝතලේ වත්ත පහල කැලෑවට විසි වුනා තනියම ටික ටික බීපු මම මල්ලිවත් වැඩේට හවුල් කර ගත්තා.
 දැන් ඉතින් දෙන්නම හොඳට ගහනව. යාලුවොත් එක්කත් ගහනව බෝතල් අපි ගානේ. ඉතින් තව නොකියම බැරි කතා දෙක තුනක් තියනව මේ අරක්කු කබඩ් එක හින්ද වුන

පලවෙනි එක මෙන්න මෙහෙමයි


මම කියුවනෙ ඔය කබඩ් එකේ එක එක හැඩේ බෝතල් තියනව කියල ඔකෙ තිබුන ලස්සන ඳඟර ගැහුන කොල පාට අරක්කු බෝතලයක් තඩියට ඉතින් ඕකම බොන්ඩ හිතුන.
තඩියයි  යාලුවො දෙන්නෙකුයි ඉතින් ඔක ඉවරයක් කරා කියමුකො දැන් ඉතින් ඕක හොඳටම නෝට් වෙන බෝතලයක් හන්ද තඩිය කල්පනා කරා තාත්තා එන්ඩ කලින් ඕක රී ප්ලේස් කරල දාන්ඩ. ඉතින් තඩිය තිලින කියන යාලුවගෙන් මොබයිල් එක ඉල්ල ගත්තා ඒ කාලෙ තඩියට එකක් තිබුන් නෑ ඒක නොකියා එන්70 යක් ඔකෙන් පින්තුරෙකුත් ගහගෙන සුප්පවත් බයිසිකලේට දාගෙන මුලු බීච් සයිඩ් එකේම ඔක හෙවුව කොහෙන්වත් හොයාගන්ඩ බැරි වුනා. ඊට පස්සෙ ඕක කොලේකට ප්‍රින්ට් කරගත්තා ඔය දවස් වල තඩිය බ්‍රිටිශ් කවුන්සිල් එකට යනව පරයගේ බාසාව ඉගෙන ගන්ඩ මට ට්‍රාන්ස්පෝට් හම්බුනා සුරැක්ලීන් කියල තඩි සල්ලි කාර කොල්ලෙක්ගෙන් තඩි කියුවට මේක හාල්මැස්සෙක් වගේ පොර පන්ති යන්නෙ පොරට ගෙදරින් දීල තිබුන වාහනේ ඩ්‍රයිබර් අයියත් එක්ක. අපි දෙන්න දවසක් කතා වෙලා පන්තියෙන් පස්සෙ මේක හොයන්ඩ යමු කියල ඩ්‍රයිවර් අයියා ලව්ව ඇම් සී එකේ කාර් පර්ක් එකට ගිහින් පොරව එතන තියල අපි ඉස්සරහ දොරෙන් එලියට ඇවිත් ත්‍රීවීල් එකක් සෙට් කර ගත්තා ඒකෙ හිටියෙ කොල්ලෙක් පොරට විස්තරෙ කියල පොර දන්න බාර් ගොඩකට ගිය ඒත් බඩු හම්බුන් නෑ. අන්තිමට ත්‍රීවීල් එකටත් රුපියල් එක්දාස් ගානක් දෙන්ඩ වුනා. කොහොම හරි ඒ බෝතලේ හෙවිල්ල එතනින් ඉවර කරා ඒක කරන්ඩ පුලුවන් වැඩක් නෙමේ කියන එක තේරුනා

දෙවෙනි කතාව වුනේ තාත්තට

එදා තාත්තගෙ යාලුවො කට්ටියක් ඇවිල්ල හිටිය ඉතින් මෙයාලගෙ අල්ලාප සල්ලාප කරගෙන යන අතර කට්ටිය ඩින්කල් එකකට සෙට් වුනා එදා කට්ටිය බියුවෙ ගුරුවරයා නොහොත් ටීචර්ස්. ඉතින් එක බෝතලයක් ඉවර කරා කියමුකො දෙවෙනි එකත් තාත්තා අරගෙන ඔහොම්මම ගිහින් රාලහාමි මාමට දුන්න අරින්ඩ කියල ඒ දීල එයා බයිට් වගයක් ගන්ඩ ගියා. ඔන්න එන ගමන් වැඩේ පත්තු වුනා
"මේක ඇරපු බෝතලයක් නේ......."
"නෑ මම දැන් කබඩ් එකෙන් ගත්තෙ"
"මෙ බලපන්කො මේ සුවඳක්වත් නෑ "
"ඒකනේ බීල බලමු"
"අප්පා තේ කහට"
"කොල්ලො දෙන්න වැඩේ දීල වගේ"
"ලොකු පුතා....... මෙහෙ එන්ඩ....."
එච්චරයි මට මතක උදේ බලනකොට මම මම්මාචිලගෙ ගෙදර හිටියෙ..


තුන් වෙනි කතාව ආපහු තඩියට

ඔන්න ඉතින් තඩියට හවස පන්ති යන්ඩ තියන දවසක්. ආපහු ඉතින් ඔය කැබිනට් එක හරියෙන් යනකොට ගුරුවරයෙක් විසිල් එකක් ගැහුව මමත් ඉතින් ගුරුවරයව අතපත ගාල  මගෙත් එක්ක පන්ති යන සුප්පටයි චරියටයි ඒඩ්‍රියන් වයි අද පන්තිය කට් කරන්ඩ ටෝක් කර ගත්තා. මමත් ඉතින් අම්ම එහෙට මෙහෙට වෙනකන් ඉඳල ටීච්ව උස්සල බෑග් එකට දා ගත්තා පන්තිය ගාවට සෙට් වෙලා මමයි සුප්පයි මගෙ මදුරුවගෙ චරියයි ඒඩ්‍රියනුයි චරියගෙ දඩුමොනරෙ නැගල මීගමුවෙ ටුවරිස්ට් පොලිස් එක ලඟ බීච් එකට ගියා හපන්ඩ වඩ ශැන්ඩි කෝක් ප්ලාස්ටික් කප් එහෙම ලෑස්ති කරන් වටේට ඉඳගෙන සෙට් වුනා චරිය පඬිය හින්ද බෝතලෙ ඇරිය කට්ටියම කෝප්ප වලට දාගෙන හා හා පුරා කියල හොර නැකතින් උගුරක් බියුව... හප්පා කටේ තියන්ඩ බෑ කටට ගත්තු එක ඔහොම්මම විසි කරා...
"යකූ මොකක්ද බන් මේ??''
"නරක් වෙලද කොහෙද"
"කොහෙද හු** අරක්කු නරක් වෙන්නෙ?''
"දියන් බලන්ඩ ඔක මෙහෙට"
තඩිය බෝතලේ අරන් ඉම්ම්බා ...... සුවඳ වෙනස් තඩියගෙ ටිකිරි මොලේට වැඩේ තේරුනා.....
"යකූ අම්ම වයින් හදල දාපු එකක් යකො මේ"
වයින් හරි කමක් නෑ වදිනවනම් ගහමු කියල කට්ටිය වයින් බෝතලේ ඉවර කරල තව බියර් ටිකකුත් බීල හොඳ ලමයි වගේ පන්ති ඉවර වෙන වෙලාවට පන්තිය ගාවින් ඒඩ්‍රියන්වත් හලාගෙන ගෙදර ආව.


එන්ඩ එන්ඩ ඔය කලෙක්ශන් එක වාස්ප වෙනව කියල තේරුනාම ආපහු බෝතල් ටික ට්‍රන්ක පෙට්ටියට ගියා කබඩ් එකට වීදුරු බඩු ආව.. ට්‍රන්ක පෙට්ටියට දැම්මට අපි සැලෙයිද??? නෑ සහෝදර වරුනි..... අපි ඒකෙනුත් ඉස්සුව ඉබ්බව කඩල ඒවගේ වෙන ඉබ්බෙක් දැම්ම. දැන් යතුර අපි ගාව.. බොන්ඩ මුකුත්ම නැතිවෙනකොට අපි ඔකට බහිනව ... ඔහොම ඉතින් අන්තිමට අවුරුද්ද්කට විතර පස්සෙ දවසක් බැලින්නම් බෝතල් තුනයි ඉතුරු වෙලා තිබුනේ.... ඒ තුන තාත්තට ඉතුරු කරා.මදෑ නේ........ අරක්කු සරීරයට අහිතකරයි..ඒකයි අපි බීල ඉවර කරේ

Tuesday, October 24, 2017

එදා සහ අද




ඔන්න ඉතින් නත්තලත් ලන්වේගෙන එනවනෙ තඩියට හිතුන එදා සහ අද තඩියලගෙ පවුලෙ නත්තලට කරපු කියපු  දෙවල් වෙනස් වුන විදිහ ගැන පොඩ්ඩක් ලියන්ඩ. පලවෙනියෙන්ම පටන් ගන්නම් එදා කාලෙන්,

එදා

කස ගහ

නත්තලට සතියකටවත් උඩදි ඉදන් අපි නත්තල් ගහ හදන්ඩ තමයි කල්පනාව හැමදාම අම්මට කරදර කරනව කස අත්තක් කපල දෙන්ඩ කියල, කොච්චර කරදර කරත් නත්තලට දවස් තුනකට විතර කලින් තමයි රාජා මාමා ඔය කස අත්ත කපන්නෙ, එක පාරම ගමේ ඉන්න අනිත් කොල්ලො කුරුට්ටොන්ටත් එක්කම මුලු ගහම සුද්ද කරල දානව. ඉතින් එදාට කට්ටිය ඇවිත් කස අතු අරන් යනව.  පොරට කෙලින් ඇවිදින්ඩ බැරි වුනාට වත්තෙ පිටියෙ වැඩනම් තාමත් කරනව. ඉතින් පලවෙනියෙන්ම ඔය අත්ත හිටවන්ඩ පුලුවන් බකට් එකක් හොයා ගන්නව ඒකට පස් පුරෝල ඕක ගෙයි සාලෙ මැදින් හිටෝනව එහෙම හිටෝපුවම මේක හරියටම වහලෙ ගෑවෙන ගානට උසයි.

ඔය කස අතු පොඩි වුනාමත් මහ අමුතු සුවඳක් එනවනෙ ඒකත් නිකන් හරියට නත්තල් සුවඳ වගේ. මුලු මහ ගෙදරම ඒ සුවදින් පිරෙනව. මේ වෙනකොට අම්ම ඔක්කොම සැරසිලි බඩු ගෙනල්ල තියෙන්නෙ එහෙම කියුවට මහ ලොකු ජාති ගොඩක් නෑ ජාති දෙකයි තුනයි තියෙන්නෙ බැලුම් බෝල,  ටොපි, චොකලට්, දිලිසෙන සැරසිල්ලක් (tinsel) බලුප් වැලක් ඔච්චරයි.

තව තාත්තා එවල තිබුන නත්තල් පප්පෙකුත් හිටිය මතකයි ඒ වගේම ලොකු තරුවකුත් තිබුනා. ඉතින් අපේ පලවෙනි වැඩේ තමයි බැලුම් පුම්බන එක. එකක් දෙකක් නම් පිම්බුව කියමුකො ඔක්කොම පුම්බන්ඩ හෙන ගේමක් දෙන්ඩ ඕන අනිතිම ටික පුම්බන කොට හුලන් පාර පිටවෙන්නේ කටින් නෙමෙයි පුකෙන්. හිහිහි ඇත්ත බොලව් හිනා වෙන්නේ. ඉස්සර බැලුම් ඒ තරන් හයියයි අනික මුලු ගහටම ඇති වෙන්ඩ ගේනවනේ අර කුකුලේ ගම ස්‍රියන්තය හිටියෙත් ඔය මහ ගෙදරමයි ඒ දවස් වල, පොර ඉතින් අපි පුම්බල දෙන බැලුම් වලට ගැට දානව ඊට පස්සෙ ඒවට නූල් කෑලි බදිනව.පලවෙනියෙන්ම නත්තල් ගහට ලයිට් වැල දානව ඊට පස්සෙ අර දිලිසෙන වැල් එල්ලනව ඊටත් පස්සෙ බැලුම් ටික ඊට පස්සෙ ටොපි චොකලට් ටික,
ඔන්න ඔහොම නත්තල් ගහ හදල ඉවර කරනව ඉවරයි කියුවට ඉවරම නෑ ඇයි ගවලෙන ඒකත් හදනව.


නත්තල් දවසෙ රෑ අපි ඔක්කොම පල්ලි යනව ඉස්සර ඔය බොරු ආටෝප තිබුන් නෑනෙ තියන ඇදුම ඇදගෙන පල්ලි යනව, පූජාව ඉවර වෙලා එනකොට මම්මාච්චි කෝපි වක් කරල කේක් කපල තියනව ඉතින් ගමේ ඉන්න පවුලෙ නෑදෑයො ටික පල්ලියෙන් කෙලින්ම මහ ගෙදරට කෝපි බීල සුබ පතාගෙන ගෙවල් වලට යනව. ඉතින් අපිටත් නත්තල් සීය එවපු තෑගි හම්බෙනව.
පහුවෙනිදා මහ ගෙදරට කට්ටියම එකතු වෙනව, කන්න බොන්න අරවද මේවද ඔක්කොම පිරිල ඉතින් නෑදෑයො කට්ටියම ආපුවම පුන්චි උන්ට තෑගි දෙනව ටිකකින් කට්ටියම  මොනා හරි බඩට දාගෙන සෙල්ලම් කරනව ක්‍රිකට් ගහනව, එල්ලෙ ගහනව, ගස් අල්ලනව, තවත් පොඩි උන් බට්ටො පනිනව මේ සෙල්ලම් කිරිල්ලට වයස ප්‍රශ්නයක් වුන් නෑ ලොකු පොඩි ඔක්කොම සෙල්ලම් කරා දවල්ට කන වෙලාව වෙනකොට වැඩිහිටියො පොඩියට ඩින්කල් එකක් දාන්ඩ සෙට් වෙනව අනිත් උන් ආපහු සෙල්ලම, හවස් වෙනකොට වෙරිවුන අය ඔක්කොම ආපහු පොඩ්ඩක් සෙල්ලම් කරනව හවස සන්ගීත පුටු තරගයක් අන්තිමටම මල්වෙඩි පත්තු කරනව ඊට පස්සෙ ඉතින් කට්ටිය සතුටින් සමාදානෙම් ගෙවල් වලට විසිරිලා යනව.

එදාටයි අදටයි අතර මැද

වෙනසකට වුනේ අපි වයසින් වැඩුන එක, වෙනද වගේම නත්තල් ගහ හැදුව හැබැයි මහ ගෙදර නෙමේ අපේම ගෙදරක මහ ගෙදරට ටිකක් පිටි පස්සට වෙන්න. නත්තල් ගහේ බලුප් නිවි නිවි පත්තු වෙන වර්ගෙකට මාරුවුනා බැලුම් එහෙම්මම තිබුනා ටොපි චොකලට් හැලිල ගියා. දැන් මහ ගෙදරට එකයි අපේ ගෙදරට එකයි නත්තල් ගස් දෙකයි. හැබැයි තවමත් එකම කස ගහ.
තවමත් වත්ත මැද තිබුන පිට්ටනියෙන් මහ ගෙදර ලගම තියන ඉඩට මාරුවුන අපි එල්ලෙ ගැහුවා ගස් ඇල්ලුවා හැබැයි බට්ටො පනින එක නැතිවෙලා ගියා
තෑගි බෝග නම් හම්බුනා ගෙදර උයපු කෑම එක කේටරින් එකකින් ගෙනාව වෙනද මහගෙදරම හිටපු නෑදෑයො ටික හවසට ෆලූඩා බොන්ඩ අපේ ගෙදරට ආව. හවස සෙල්ලම් කරන එක නැවතුනා ඒ වෙනුවට එතන්ට ජොනී අයියා එකතු වුනා අපිත් යන්තන් හොරෙන් සූට්ටක් ජොනී අයියාව යූස් කරා. (හරි හරි ජොනී අයිය ගැන කියන්නම් ඉන්ඩකො)


අද

නත්තල් ගහ ආර්ටිෆිශල් ගහකට මාරු වෙලා අපි හදපු ගහ දැන් හදන්නෙ ගෙදර වැඩ කරන කොල්ලො කස ගහ කපල දාල නිවි නිවි පත්තු වුන බල්බ් වෙනුවට එල් ඊ ඩී බලුප් වැලක් ඇවිල්ල ඒ මදිවට ඒකෙන් ලස්සන මියුසික් එකකුත්‍ යනවා බැලුන් ඕල්ඩ් පැසන් වෙලා ඒ වෙනුවට පාට පාට බෝල වගයක් ඇවිත් අර දිලිසෙන වැල් වෙනුවට තවත් එක එක වර්ගයෙ ලස්සන ලස්සන වැල් ඇවිල්ල
ඔක්කොම වැඩ ලේසි වෙලා ඉස්සර වගේ කසගස් කපන්ඩ ඔන නෑ පඩ ඇර ඇර බැලුම් පුම්බන්ඩ ඕන නෑ..


පල්ලි යන්ඩත් තියන විච්චූරන ඔක්කොම දානව, ඉස්සර වගේ මම්මාච්චි අපි එනකන් බලන් ඉන්නෙත් නෑ. එයා නිදි අනිත් නෑදෑයො රෑට එන්නෙත් නෑ එයාල හිතනව ඇති මොකටද අනුන්ට කරදර කරන්නෙ කියල

ඉස්සර කරපු කිසිම සෙල්ලමක් දැන් කරන් නෑ ඒව කරන්ඩ බෑලු දාඩිය දානවනෙ. ඔක්කොම සෙල්ලන් ඉවරයි ඉස්සර අපි එල්ලෙ ගහපු තැන, ගස් අල්ලපු ගස්, තවමත් ඒ විදිහමයි ඒව බලාගෙන ඉන්නෙ හරියට අපි ඇවිත් ආපහු එයාලත් එක්ක සෙල්ලන් කරයි වගේ.(එහෙම කොහොමද අපිට දාඩිය දානවනෙ ඒ හින්ද බෑ) ඉතින් ඔය ඉතුරු වුන කාලය අපෙන් ගත්තෙ ජොනිවෝකර් අයියා.(මෙයාට තමයි උඩින් ජොනී අයියා කියුවෙ) එක ඉවර වෙන්ඩ එක පැටව් ගහනව අපේ දැන් අලුත්ම සෙල්ලම වෙලා තියෙන්නෙ ජොනී අයියලා කීයක් ඉවර කරනවද කියන එකයි

2015 අවුරුද්දෙ ඉවර කරපු ජොනි අයියල

තවත් එකක් අලුතින් එකතු වුනා ගිටාර් ගහල සින්දුවක් කියන්ඩ අපි සෙට් වුනා, ඒකත් තුන් හතර පාරකට වඩා කරේ නෑ ගිටාර් ගහන්ඩ දන්න උන්ගෙ පොයිය බලන්ඩ වුනා, අන්තිමට ලගම තියන වාහනේකින් සින්දුවක් දාගෙන අහන්ඩ පුරුදු වුනා මේ මෑතක ඉදන් තවත් අලුත් සෙල්ලමක් අපිට එකතු වුනා කැට ගහන්ඩ අවුරුදු ක්‍රීඩාවක් නත්තලට ඈදාගත්තා, ඒ අපි බොන එක විතරමක් නෙමෙයි සෙල්ලනුත් කරනව කියන්ට වෙන්ඩ ඕනෑ.

අර සන්ගීත පුටුත් ඔහොම්මම හැලිලා ගියා. පොඩි උන්ට තෑගි බොහොම සීමිත වුනා ලොකු උන්ට හම්බෙච්චත් එහෙමයි.
මොකද සෙල්ලන් නැත්තන් දිනපු උන්දල නෑ දිනපු උන්දල නැත්නම් තෑගිත් නෑ.
මොකක් හෝ හේතුවකට අපේ ගෙදර තිබුන ෆලූඩා පාටියත් එහෙන්ම නැතිව ගියා.
ඉතින් ඔන්න ඔහොමයි අපි අලුත් ලෝකෙට මාරු වුනේ.....

ඉතින් මෙහෙම මනෝපාරක් ගහගෙන ඉන්න තඩියට හිතුනෙ අපේ නත්තල තනිකරම ජොනී අයියා අරගෙන නේද කියල අනේ මේ පෝස්ට් එක කියෝලවත් ඉස්සරහට එන නත්තලේදිවත් අපේ උන්ට ආපහු ගිටාර් පාරක් ගහල සින්දුවක් කියන්ඩ එල්ලෙ පාරක්, ක්‍රිකට් පාරක් ගහන්ඩ, අඩුම තරමෙ බට්ටො පනින්ඩවත් ආසාවක් ආවොත් හොදා.


මේක මෙහෙම සුලුවට කියල අත ඇරියට මෙතන හැන්ගිච්ච දෙයකුත් තියනව. අපි අතරෙ අපේ තුන්වෙන පරම්පරාවෙ පොඩි උනුත් අපිත් එක්ක ඉන්නවනෙ. අපි පොඩි කාලෙදිත් අපිව බොන තැනින් කොච්චර එලෙව්වත් බයිට් තියන හින්ද අපි ඔතනටම එනව (ඒකට දැන්නම් අම්මල තාත්තල අයියල මල්ලිල අක්කල නන්ගිල නැන්දල මාමල ආච්චිල සීයල බෑනො මුනුපුරෝ අත්තල මුත්තල හතර වරිගෙම එකම මේසෙක ඉඳන් එකම බෝතලෙන් දා ගන්නව) එහෙම ඇවිල්ල අපිත් පොඩ්ඩක් කට්ටිය එහෙට මෙහෙට වෙනකන් ඉඳල පොඩ්ඩක් තොල ගානව අපේ මනසට වැටුනෙ මේ බොන එක පට්ට ආතල් සීන් එකක් කියන එකයි මිනිස්සු ලොකු වෙනකොට අරක්කු බොන්ඩ ඕන කියන මතයක් වැටුන, අපිට වුන ඒ දේම අපි අපෙන් පස්සෙ ඉන්න උන්ටත් කරනව නේද කියල තඩියට හිතෙනව. තඩියටනම් මෙහෙම හරි මතකයක් තිබුන, ඒත් අපේ පොඩි උන්ට ඉතුරු වෙන්නෙ අපි බීපු හැටි ගැන ලියන්ඩ තමයි මොකද අපි සෙල්ලමක් කරන්නෙවත් නැත්නම් වෙනමගුලක් වත් කරන් නෑනෙ පටන්ගත්තු වෙලාවෙ ඉඳන් බොනව ඇරෙන්ඩ මම හිතන්නෙ අපි පොඩ්ඩක් මේ සිස්ටම් එක වෙනස් කරොත් හොඳයි කියල.

මේක ඉතින් බහුතරයක්ම පවුලේ උන් වෙනුවෙන් ලියපු පෝස්ට්ටුවක් බව කරුනාවෙන් සලකන්න





Sunday, October 15, 2017

කේටරින් සර්විස් ඇබැද්දි


මේ කතාව නිකන් උඩ බලාගෙන කෙල ගහ ගන්නව වගේ වැඩක්.අවුලක් නෑ ඒ වුනාට රසවත් සීන් එකක්.
තඩිය ඒ කාලෙ ලොකු පොඩියට කරගෙන ගියා ඔය ගාමන්ට් ෆැක්ට්‍රි වලට කෑම දාන බිස්නස් එකක් දවසට කෑම හය හත්සීයක් විතර යනව ඉතින් ඔය ඉවිල්ලත් ලේසි පහසු සීන් එකක් නෙමෙයිනේ. උදේ කෑම එහෙම තියන දවසට පාන්දර ඉඳන් නැගිටන් ගේම ගහන්ඩ ඕන. හාල් හෝදන්ඩ , පොල් ගාන්ඩ, හාල්මැස්සො ඔලු කඩන්ඩ, මාලු , මස් කපන්ඩ මැල්ලුම් තෝරන්ඩ, මැල්ලුම් ලියන්ඩ, බෝන්චි කපන්ඩ , වම්බටු කපන්ඩ බදින්ඩ හෙන වැඩ ගොඩයි අමාරුම පපඩම් බදින එකනෙ..

ඉතින් මේ සිද්දිය වුනේ දවසක් උදේ කෑම තිබුන දවසක සම්පූරන කෑම ගාන හත්සිය පනහක් බුෆේ දාන්ඩ ඕන ඉතින් සුපුරුදු පරිදි උදේම කට්ටිය වැඩ පටන් ගත්තා මෙනූ එක තිබුනෙ සුදු බත් , සම්බෝල , හාල්මැස්සො , පරිප්පු පට්ට මෙනූ එක පොල් ගාල කිරි මිරිකල පරිප්පුවට දාල ඉතිරි කුඩු වලින් සම්බෝල හදන්ඩත් පුලුවන් පට්ට ලාබයි නේ...... අපි එහෙම කරේ නෑ.. ඔය පොල් ගාන්ඩ මැශින් එහෙම තියන හින්ද, පොල්ටික වත්තෙන් හම්බෙන හින්ද අපිට කුඩු වලින් සම්බොල ගහන්ඩ ඕන වුන් නෑ.


හරි හරි ඔන්න ඉතින් පිට පැනල වි‍යාපාර රහස් එලි පනින්ඩ යනව නේ.. කොහොම හරි කට්ටිය කෑම ටිකත් උයල ෆැට්‍රියට ගිහින් බෙදුව කියමුකො. ඔය ගාමන්ට් වල ඉන්න ළමයින්ට වෙඩිමක වගේ කෑම තිබුනත් වැඩක් නෑ මොකක් හරි ඇදයක් කියනවම නෙ. ඒ වුනාට බෝඩිමට ගියාම කන්නෙ බතුයි එක හොද්දයි නැත්තන් ලූනු කෑල්ලකුයි එහෙමත් නැත්තන් සම්බෝලෙකුයි තමයි. ඉතින් මේ කියන දවසෙ මේනූ එක නැගල යනවනේ මම හිතුවෙ අදනම් කොම්ප්ලේන් නෑ කියල කොහෙ ඔන්න අටහ මාර නමය වෙද්දි වැඩ කරන කොල්ලෙක්ගෙන් කෝල් එකක් එනව
ඔය කෝල් එකක් එනව කියන්නෙ බොක්ක කූල් වෙන සීන් එකක් කෑම මදි වෙලාද? මගදි මුන් හැප්පුනාද? කෑම හරි නෑ කියනවද වගේ නා නාප්‍රකාර සීන්.. එක පාර ඔලුවට ඇවිල්ල කලඹල හොල්ලල පොලේ ගහනව වගේ තමයි. ඔය කෝල් එක එනව කියන්නෙ.

"සෑර් මාර කේස් එකනෙ වුනේ"
"ඇයි මොකෝ වුනේ කෑම අවුල් ලුද?"
"නෑ සෑර් කෑම එකක හූනෙක් හිටියනෙ"
"නෑ... යකෝ කොහෙන්ද හූනෙක් ගියෙ, වෙන්ඩ බෑනෙ බන්"
"සර් කරෝල එකේ තිබුනෙ... කරවුන බැදිච්ච හූනෙක් පන පිටින් එකෙක් නෙමෙයි"
"ඌව හොඳට තෙල් දැමිල ද?"
"ඔව් හොයන්ඩත් අමාරුයි හොඳටම බැලුවොත් තමයි පේන්නෙ කොහොම මේකි දැක්කද දන් නෑ"
"හරි දැන් මොකද වුනේ කට්ටිය කෑම කන්ඩ බෑ කියනවද"
"නෑ ඒ කෙල්ල හිටිය ටේබල් එකෙ කට්ටිය නැගිටල ගියා අනිත් උන් කනව"
"හරි හරි ශේප් කරගන්ඩ බලපන් මොනා හරි කියල එන්ඩ බලපන්කො"
"හරි සර්"

ඔන්න ඉතින් තඩිය හිත හදා ගත්තා වැඩේ ගොඩ කියල. ඒ ආතල් එක ටික වෙලාවයි ඔන්න ආපහු කෝල් එකක් එනව මානව සම්පත් මිස් ගෙන්

"හෙලො ....මිස් ගුඩ් මෝනින්"
"මෝනින් මිස්ටර් තඩිය පොඩි ප්‍රශ්නයක් තියනව පුලුවන්ද ෆැක්ට්‍රියට දැන් එන්ඩ"
"හරි මිස් මම එන්නම්"

දැන් ඉතින් සීන් එක හරි එච් ආර් එකටම සීන් එක ගිහින් නේ අවුලක් නෑ ගිහින් බලනව කියල තඩියත් බොක්ක කූල් කරන් යනව ඔය අතර මගදි තඩියට එක එක ඒව හිතෙනව මේ ඕඩරේ නැති වුනොත් මොකෝ වෙන්නෙ කියල ඒ වගේම තඩියට මහ කක්කා අයිඩියා එකකුත් එනව. ඔකත් හිතෙ තියාගෙන යනව

තඩිය එච් ආර් එකට යනව ගෑනිගෙ මූන එච්චර හොඳ නෑ.
"ඉඳ ගන්ඩ මිස්ට තඩිය විනාඩියක් ඉන්ඩ"
"........ මට අර කෑම එකයි ඒ ලමයවයි එවන්ඩ"
"මිස්ට තඩිය ඔයාලගෙ අද කෑම එකක හූනෙක් ඉඳල හම්බුනා නේ"
"අනේ මිස් එහෙම වෙන්ඩ විදිහක් නෑනේ මිස්ල දන්නවනෙ අපේ කුස්සිය ඒ+ හම්බුන එකක් විත්තිය ඉතින් ඒකෙ හූනෙක් ඉන්ඩ විදිහක් නෑනෙ"
"ඒ වුනාට අද හම්බෙලානෙ මිස්ට තඩියා..සීරියස් කේස් එකක් මේක"

ඔන්න අර ළමයයි කැන්ටිමේ සුපවයිසරුයි දෙන්නම පැත්ත දොරකින් ඇතුලට ආව සුපවයිසර්ගෙ අතේ බත් එක ඔන්න ඉතින් දැන් තඩියට පෙන්නනව මේ ඉන්නෙ කියල

හුටා ඇත්ත තමයි හොයන්ඩ අමාරු වුනාට හූනෙක්ගෙ හැඩේ තියනව හාල් මැස්සට වඩා ටිකක් ලොකුයි. තඩිය ආපු කක්කා අයිඩියා එක ක්‍රියාත්මක කරා

"කෝ බලන්ඩ "


කියල තඩිය ගත්ත අතට අර හූනව දාගත්තා කටට දෙපාරක් විතර හපල ගිල්ල කට්ටිය කට ඇරගෙන මූන දෙක කරගෙන සතෙක් දිහා බලනව වගේ මගේ දිහා බලන් ඉන්නව

"මිස් ඒ හාල් මැස්සෙක් හූනෙක් නෙමෙයි ටිකක් ලොකු හින්දයි මේගොල්ලො හූනෙක් කියල තියෙන්නෙ මේ ඉන්දියන් හාල්මැස්සොනෙ මිස් ටිකක් ලොකුයි උන්"

දැන් ඉතින් කොහෙද ඌ හූනෙක් වුනත් ඔප්පු කරන්ඩ සාක්කි නෑ සාක්කිය තඩියගෙ බඩේනේ..

"ආ ඒක තමයි" යන්තන් මිස් වචනයක් ගැටගහ ගත්තා

"මිස් එහෙනම් ලමයින්ට කියන්ඩ ඒ හූනෙක් නෙමෙයි කියල නැත්තන් ඔය ලමයි බොරුවට ප්‍රශ්න ඇතිකරනව නේ."

"අනේ සොරි මිස්ට තඩිය කරදර කරාට මමත් වැඩිය හෙවුවෙ නෑ"

"අනේ නෑ මිස් කිසි අවුලක් නෑ ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න එනව ඒව ඒතරම් ගැටලු නෙමෙයි.... එහෙනම් මිස් මම ගිහින් එන්නම්"

"හා හොඳයි මිස්ට තඩියා"

ඔන්න ඔහොම තමයි තඩියා හූනව හාල් මැස්සා කරල වැඩේ ගොඩ දාගත්තෙ.

පස්සෙ ඉතින් එලියට ආපු ගමන් ම කටුනායක තියන බාර් එකෙන් පොඩියට සොට් එකක් දාල අප්පිරියාව මකා ගත්තා..








Thursday, October 12, 2017

සැක්ස් ISLAND



ළමායි වැඩිහිටියො විතරක් කියවන්න 18 අඩු අය කියවන්ට එපා. ඒ වුනාට මේක කියවන්නෙම අඩු උන් කියල මම දන්නව.

මොකක්ද මේ සෙක්ස් අයිලන්ඩ් කියන්නේ??
කොහෙද මේක තියෙන්නේ??
මොනවද කරන්නෙ??
ගනන් කොහොමද??
කවුද ඉන්නෙ??








මේක ඇවිල්ල එක්තරා ඉවෙන්ට් එකක්. පාටියක් වගේ එකක් කියුවත් අවුලක් නෑ මේක තියෙන්නෙ කොලොම්බියා වල පවුද්ගලික දූපතක. විස්තරේ කෙටියෙන්ම කියන්නම්. ඔයා කොලොම්බියාවට ගොඩබැහැපු වෙලාවෙ ඉඳන් ආපහු කොලොම්බියාවෙන් පිටත් වෙනකන් සුපිරි ෆන් එකක් දෙන සීන් කෝන් එකක් තමයි මේ.






කාන්තාවන් හැට දෙනෙක් අතරින් කැමති දෙදෙනෙක් ඔබට තෝරා ගැනීමට පුලුවන්. ඉදිරි දවස් හතර පුරාවට ඔබට කැමති විදිහට එයාලව මාරු කර ගන්නත් පුලුවන් සියලුම කෑම බීම වර්ග නොමිලේ.ඕනම මත්ද්‍රව්‍යක් පාවිච්චි කරන්න පුලුවන්.



ඉතින් මේකෙ ටිකට් එහෙමත් එච්චර ගනන් නෑ $5000 ලන්කාවෙ මුදලින් නම් 760,000 ක් විතර තමයි වෙන්නෙ. මේකට ගුවන් ටිකට්පත ඇතුලත් වී නෑ.




තඩියනම් එකක් බුක් කරා යන අය ඉන්නවනම් කියන්ඩ සෙට් වෙලාම යමු.

 මෙන්න තියනව මේකෙ වීඩියෝ එක




තව දවස් 43 යි ටිකට් 7යි ඉතුරු වෙලා තියෙන්නෙ. ඉක්මන් කරන්න ඔබේ ටිකට් පත අදම වෙන්කරවා ගන්න.!!!

 මේ ගැන පලවූ පුවතක් http://www.dailymail.co.uk/travel/travel_news/article-4952104/Video-offers-sex-drug-holiday-Colombian-island.html

Wednesday, October 11, 2017

කුකුලේ ගම


තඩියගෙ අම්මගෙ පැත්තෙන් ඔය කුකුලේ ගම කියන ගමට නෑදෑකමක් තියනව නේ. ඔය කුකුලේ ගම ගැන තඩියගෙ පොඩි කාලෙ ලොකු කාලෙ මතක හා අත්දැකීම් කීපයක් තමයි මේ.

පලවෙනියෙන් ගම ගැන විස්තරයක් කියන්නම්. මේ ගම ලස්සන කදු වලින් වට වුන පට්ට ලස්සන ගමක්. ඉස්සරනම් ගැමිකම කියන එක එකෙන්ම තිබුන පැත්තක් නිවාඩුවක් හම්බුනාම අපි යන්ඩ කැමතිම පැත්තක් තමයි මේ. දැන් නම් තත්වය උඩ යටිකුරු වෙලා තියෙන්නෙ..ඒ කුකුලේගම ජල විදුලි බලාගාරය පටන් ගැන්මත් එක්ක කට්ටියගෙ අතමිට සරු වෙලා ගෙවල් වෙනස් වෙලා යානවාහන ඇවිල්ල තියන හින්දයි. ඒත් තවමත් අපි නිවාඩුවකට එහෙ යන්නෙ හරිම කැමැත්තෙන්.......



පලවෙනියෙන් තඩිය පොඩි කාලෙන් පටන් ගන්නම්කො. තඩියගෙ ආච්චියි අක්කා කෙනෙකුයි තඩියයි තමයි මේකට සම්බන්ද..

ඔන්න ඉතින් කුකුලේ යන දවස උදාවුනා,එහෙම ඉතින් දවස උදාවුනාට තඩිය කලින්දවසෙ ඉඳන්ම නැගිටගෙන තමයි. උදේ පාන්දරම අපි ගෙදර ඉඳන් පාරට පයින් එනව කිලෝමීටරයක් විතර එතනින් බස් එකෙන් මීගමුව බස් නැවතුමට එනව මාව ඉතින් අර අක්ක (මැණිකී) අතින් ඇදගෙන තමයි යන්නෙ. තුන් දෙනාම ඉතින් කොලඹ යන බස් එකකට නගිනව ඔය අතරෙ තඩියට හෙන බඩගින්නක් එනව ඉතින් පටන් ගන්නව අඩන්ඩ ගෙදරින් ඔතාගෙන ආපු මොනාහරි බිස්කට් කෑල්ලක් කටේ ඔබල තඩියගෙ කට වහනව. කොලඹට යනකන් ආය කතා නෑ පිටකොටුවෙන් බැස්සම ඉතින්  තඩිය ඇපල් දකිනව මිදි දකිනව පෙයාර්ස් දකිනව ඉතින් මම්මාච්චිට කරදර කරන්ඩ පටන් ගන්නව දකින දකින දෙවල් ඉල්ලල. අනේ ඉතින් ඉල්ලන ඔක්කොම අරන් දෙනව. වටයක් ගහල නගිනව රත්නපුරෙ යන බස් එකට.

ටික දුරක් යනව වටපිට බල බල ඊට පස්සෙ තඩියට නිදිමතක් එනව මම්මාච්චිට හේත්තුවක් දාගෙන නිදා ගන්නව... ආපහු කවුරු හරි වමනෙ දානව ඇහිල නැගිටිනව වටපිට ඔක්කොම කදු, සීතලයි, මීදුම, මැණිකි අක්ක ජනේලෙ බදාගෙන වමනෙ පාරක් දානව. මම්මාච්චි ඉතින් පිට අතගාල වතුර ටිකක් පොවල කටවටෙ පිහ දානව. ඔන්න ඉතින් පැය පහකට හයකට  විතර පස්සෙ අපි පාලමක් ගාවින් බහිනව. ඔතන ඉදන් ගමන කැලෑව මැදින් වැටුන පොඩි අඩි පාරක තමයි.



කලින්ම අපි එනව කියල ලියුන් කඩදහියක් යවල තියන හින්ද ස්‍රියන්ත අයිය පාලම් කොකෙක් වගේ පාලම උඩට වෙලා මග බලාගෙන ඉන්නව. අපිව දැකපු ගමන් පැනල ඇවිත් මලු ටික ඔක්කොම උස්ස ගන්නව. ඊට පස්සෙ පොර ඉස්සර වෙලා යනව. තේ වතු මැදින් පොඩි දිය පාරවල් මැදින් ඒ දඩු වලින් කැලෑ අස්සෙන් තමයි මේ ගමන යන්නෙ හරිම ලස්සනයි, මේ කැලේ කූඩැල්ලන්ගෙන් අඩුවකුත් නෑ මග දිගට කූඩැල්ලො එල්ලෙනව ඔහොම යනකොට හම්බෙනව එල්ලෙන පාලමක් කුකුලේ ගඟ හරහ තමයි ඕක තියෙන්නෙ කම්බි දාල හදල තිබුනට තඩියට ඕක දිගේ යන්ට බයයි


උස නැති හින්ද උඩම යකඩ කම්බිය අල්ල ගන්ඩ බෑ අනික මැදට යද්දි ඔක වැනෙනඩ ගන්නව ඔන්න ඉතින් ස්‍රියන්තය ඔක්කොම පැත්තක දාල තඩියව වඩා ගන්නව. ඔහොම හිටියට පොඩි කාලෙත් තඩිය හරි බරයි ඈ... මේ සම්පූරන ගමන කිලෝමීටර තුනක් විතර තියනව අන්තිමටම අහු වෙන්නේ තවත් පොඩි ලස්සන දොල පාරක් ඔකෙන් එගොඩ වුනාම කන්දකට වගේ වෙන්ඩ මැටියෙන් හදපු ගෙයක් තියනව ඔක තමයි තව සතියක් විතර අපි ඉන්ඩ යන ගේ... පරිසරය වුනත් හරිම සුවදායි බවක් තමයි මේ හරියෙ තියෙන්නෙ ඒ වගේම ගේ ඇතුලත් හරිම කූල්.


ආපු ගමන්ම සබන් කෑල්ලක් දීල ඉන්න කූඩැල්ලන්ගෙ ගාල උන්ව හලල දානව. ඊලගට ලොකු වතුර වීදුරුවක් ඊට පස්සෙ කෙලින්ම කෑමට..... ඔන්න හොඳම හරිය ගෝන මස් රතු බත් සම්බෝල පරිප්පු පපඩන් එක්ක බුරිය උල් වෙන්ඩ කෑවැකි. ඊලගට කිතුල් පැනි එක්ක මී කිරි. ඊට පස්සෙ ඉතින් වැඩිහිටියො එයාලගෙ වල් පල් කියෝනව පොඩි උන් ටික අරහෙ මෙහෙ දුව දුව නටනව... නීති දාන්ඩ කවුරුත් නෑ වැලි අල්ලන්ඩ එපා කියන් නෑ වතුරෙ බහින්ඩ එපා කියන් නෑ පට්ටම නිදහස්.

මට මතක විදිහට අපි මේ ගියෙ අවුරුදු කාලෙ ලන්වෙලා මිදුලෙ පුටු කබලකට හේත්තු කරපු  හයිය ලෑල්ලකට කැටේ විසි කරන්ඩ කොල්ලො කෙල්ලො පිරිල හිටිය සුට්ටන් සුට්ටන් උන් තමයි. මම්මාච්චි ඔක්කොටම සුපියල් දෙකේ කාසි දෙක ගානෙ බෙදල දුන්න ඔන්න ඉතින් එක එකා මරාගෙන කැට ගහනව....


තඩිය වැඩිපුරම ආස අනික් වැඩේ තමයි මාලු අල්ලන එක. ගෙදරින් පහලට බැස්ස ගමන්ම දොල ඔකේ ඉතින් පොඩි පොඩි මාලු පිරිල බැනියමක් ගලෝගෙන තව කොල්ලෙක්වත් අල්ලගෙන ඔකෙන් මාලු අල්ලනව උන්ව පොඩි කුප්පි වල දාල එකතු කරනව ගෙදර යනකොට අරන් යන්න කියල. කොහෙ උදේ වෙනකොට උන් අතුරුදහන් වෙලා


කවුරු හරි උන්ව ආපහු දොලට දානව එකෙක් වත් ගෙදර නම් ගේන්ඩ හම්බුන් නෑ

හවස් අතට පොඩි සිංඥ් මාම ගහෙන් බාපු කිතුල් රා කලයක් ගේනව මම්මාචිචිත් අසෝක වීදුරුවෙන් දෙකක් විතර නෝමල් එකෙ ඉවර කරල දානව අපිටත් ඉතින් යාන්තක් එහෙන් මෙහෙන් දිවේ ගාල බලන්ඩ හම්බෙනව.


ඉතින් මෙහෙ රෑට නිදාගන්න එකත් පුල් මාවලස්. බූරු ඇඳ තමයි තියෙන්නේ.රෑට පට්ට සීතලයි. ඔහෙ තිබුන පරන බැටරි දාන රෙඩියෝ එකක් ඔක ඉතින් මම උස්සන් ඇවිත් ඇඳේ තියාගෙන සින්දු අහනව ඒ දවස් වල කරන්ට් එක එහෙම නෑ රෑ හත අට වෙද්දි ඔක්කොමල නිදි. ඉතින් මේ ගම බොහොම නිස්කලන්කයි නියම හයිඩ් අවුට් ප්ලේස් එකක්.

පොඩි කාලෙ මතකය නම් ඔච්චරයි ඊ ලගට ටිකක් ලොකු කාලෙක එකක්

මේ ගමනට තඩියගෙ මල්ලියි මල්ලිගෙ බාලයක්ස කන්ඩායමෙ කට්ටියයි තඩියගෙ මෑණියොයි පියානොයි තමයි ලෑස්ති වුනේ අපි ගියෙ කුකුලේ ගඟ ගාව කෑම්ප් එකක් ගහන්ඩ.කට්ටිය ඉතින් සින්දුවක් එහෙම කියාගෙන ගඟ ලඟ කෑම්ප් සයිට් එක සුද්ද බුද්ද කරල වැලි දාල පොඩි කන්ඩියක් වගේ හදල ඒක උඩ ටෙන්ට් ගහල ලක ලෑස්ති කර ගත්තා. රෑට අමුවෙන්ම ඉන්ඩ බැරි හින්ද තඩියයි ස්‍රියන්තයයි මාරු වෙලා ටවුමෙ බාර් එකෙන් බොතල් දෙකක් ගෙනාව. කොච්චර හොරාට කරත් ඔක ඉතින් තාත්තට මාට්ටු ඉතින් අපිට බැනලත් වැඩක් නැති හින්ද එයා ඔකෙන් කොක්ටේල් බකට් එකක්ම හැදුව. ඔය අතරෙ රෑට බාබකිවු එකකට වල් ඌර, කුකුල , මාලු එහෙම ලුනු ඇබුල් තුනපහ පදමට අතගාල තියන්ඩත් අමතක කරේ නෑ.




රාත්‍රිය උදා වුනා... නින්ද ඇයි නොයෙන්නේ.... කියාගෙන අපි වැඩේට සෙට් වුනා ගිනි මැලයක් එහම ගහල බාබකියු එකත් පටන් ගත්තා සින්දුවක් දෙකක් කියාගෙන ගානට වදින බෙරපාරයි ගිටාර් එකයි එක්ක හිමීට කොක්ටේල් වීදුරුවක් එහෙම දිව ගාගෙන ගියා.. ඉතින් ඔය බාබකිවු එක බලා ගත්තෙ තඩියා ගානට පිච්චුන පලවෙනි ඌරුමස් කෑල්ල තඩිය රහ බැලුවා.. හ්ම්ම්ම් අවුලක් නෑ මරු කට්ටියටම මස් බෙදුවා ස්‍රියන්තය කියාපි කවුරුත් කන්ඩ කලින් ඉඳුල් කරන්ඩ කියල... කොහෙ බඩජාරිය ඉතින් පටන් ගන්ඩත් කලින් කාල නේ... අවුලක් නෑ තඩියත් ඔහෙ හිටිය මොනා කරන්ඩද කාපුව වමාරන්ඩයැ. ටික වෙලාවකින් තඩියගෙ ඔලුව කැරකෙන්ඩ පටන් ගත්තා ඔහොම්ම ගෙහින් ටෙන්ට් එකක් ඇතුලට වැටුන විතරයි මතක ආපහු නැගිට්ටෙ පහුවෙනිදා උදේ.මොකද වුනේ කියල දන් නෑ මතක නෑ.
ඊට පස්සෙ ඉදන් එකම දොස්මුරයයි පෙරෙත කමට කාල යක්ස බැල්ම වැටුන කියල. එදා ඉදන් තඩියට ඌර ඇලජික් වුනා කෑවොත් හුස්ම ගන්ඩ බැරි වෙනව හොටු ගලන්ඩ පටන් ගන්නව..හේතුව මොක වුනත් එහෙම වුනා.

ඉතින් ඊට පස්සෙ කීප පාරක්ම අපි එහෙ ගියා වර්තමානෙ ඒ ගමට වෙලා තියන දේ ඉතාමත් කනගාටුදායකයි.

එක රැයින් පෝසත් වීමේ අරමුනින් කට්ටිය වල්ලපට්ට කපන්ඩ පටන් ගත්තා. ඒකෙන් හොද ගානක් හම්බ කරපු අයත් ඉන්නව. ඒ වගේම වැලි ගොඩ දාන කොටසකුත් ඉන්නව ඉතින් ගගත් දැන් හරිම ගැබුරු වෙලා.. මේ ලගදි වැස්සට ඔය ස්‍රියන්තයගෙ ගේ එහෙමත් යට වුනා ඉතින් අපි ගියා ගන්වතුර ආදාරත් අරගෙන එයාලව බලන්ඩ මේ පාරනම් අපි ගියෙ හයි වේ එකේ. උපරිම පැය දෙකෙන් තුනෙන් එහෙට යන්ඩ පුලුවන් පාරවල් කාපට් කරල ගමන නම් හරිම ලේසියි. ඉතින් ඔය යනගමන් අතරමග පන්සලක් එක්ක කන්දක් නාය ගිහින් තිබුනා මහ විශාල ගලක් පාර මැදටම ඇවිත්

වටේ පිටේ මිනිස්සු මොනාද හොයනව තඩියත් ඉතින් විපරන් කොරල බැලුව නාය ගිය වත්තෙ ඉදල තියෙන්නෙ සල්ලි කාරයෙක් මිනිහ ඔකෙන් මැරිලා ගම්මු විස්වස කරනව මිනිහගෙ සේප්පුව තවම පස් යට තියනව කියල. සේප්පුව කෙසේ වෙතත් පහල වතුර පාර හරියෙන් මිනිහගෙ ඩිෆෙන්ඩර් එකනම් මතුවෙලා තිබුනා කුඩු වෙලා තිබුනත් තවමත් එක සිග්නල් ලයිට් එකක් පත්තු වෙවී තිබුනා.



ඉතින් ඊලගට හැමෝම වගේ නවත්තන සුමන සමන් දේවාලෙ ලග නවත්තල පඩුරක් දාල එහෙම පිටත් වුනා පාරෙ තැනින් තැන නාය ගිහින් තිබුනා..කුකුලෙ ගම පාරට හරෝල යනකොට ඉස්සර තිබුන ගම කොච්චර වෙනස් වෙලාද කියල තේරුනා පාර මග දිගටම නාය ගිහින් ගල් පෙරලිලා. මේව ඉතින් මිනිස්සුන්ගෙ වැඩ හින්දම වුන දෙවල් මිසක් වැස්ස හින්ද වුන දෙවල් නෙමෙයි.





ගන්වතුර අහුවුන උදවියව බලල එහෙම අපි ලගම තියන ඇල්ලක් ලගට දවල්ට කන්ඩ ගියා අහෝ ටවුකන්ඩ මෙච්චර වැහැලත් ඒ දිය ඇල්ල හිදිලා බොහොම පොඩි වතුර පාරක් තමයි තිබුනෙ. ඊලග පාර යනකොටනම් ඔක්කොම හිදිල තියෙයි මම හිතන්නෙ. මොනව කරන්ඩද ආපු එකෙ බත් ඩින්ගක් කාල වතුර ඩින්ගක් නාල එන්ඩ පිටත් වුනා.


ඉතින් ඔය එන ගමන් තඩියට හිතුනෙ අපි පොඩි කාලෙ රස විදපු ඒ පරිසරය ඉවරයි නේද කියන එක.. අපේ පොඩි එකෙක්ට පෙන්නන්ඩ අන්තිමට මොනවයින් මොනව ඉතුරු වෙයිද දන් නෑ... විල්පත්තුව දිහා බැලුවත් ඉතින් ඔය ටිකම තමා තව අවුරුද්දකින් විතර ඔතන්ට වෙන නමකුත්  වැටිල කාන්තාරයක් වෙලා තියෙයි. ඉතින් අපි අපිට උරුම වෙලා තියන මේ පරිසරය රැක ගමු. ට්‍රිප් එකක් ගියත් යන තැන විනාස කරල එන් නැතුව එතන තව කෙනෙක්ට රස විදින්ඩ පුලුවන් වෙන්න ආරක්ශා කරල එමු.





Friday, September 29, 2017

නයිට් ක්ලබ් උණ


තඩියගෙ පොඩි කාලෙ හිටිය එල පොරක් මීට අවුරුදු හත අටකට කලින් ඉතාලි ගියා මේ සීන් එක මිනිහ නිවාඩු ආපු වෙලාවක සිද්ද වුන එකක්. මිනිහගෙ නම චරිත්. ඕකා ඉතින් නම කියුවයි කියල මාව හොයාගෙන එන්ඩයැ ඒ හින්ද අවුලක් නෑ.
මේකට ඉතින් හෙන අමාරුවක් තිබුන නයිට් ක්ලබ් එකකට යන්ඩ ඔන්න ඒ අමාරුව හොදකර ගත්තු විදිහ තමයි මේ.

අපි ඉතින් දවසක් කතාබහ කරගෙන ගෙවල් වලටත් බොරුවක් ගහල ගෙදරින් පැන්නා
ඔන්න ඉතින් අපි ලගම තිබුන පබ් එකට ගිහින් ගානට ටිකක් වැඩි වෙන්ඩ අනුමත වුනා. එහෙම නැතුව බෑනෙ දැන් අපි කටුනායක තියන කොක් පිට් එකට තමයි යන්ඩ ප්ලෑන් කරේ.එන්ට්‍රන්ස් ටිකට් එක දාහයි බියර් එකක් ෆ්‍රී. අපි දෙන්නත් ඉතින් ඇතුලට ගියා දොර ගාවම කලු ඇදගත්තු සද්දන්තයො කීප දෙනෙක් ඉන්නව. මුන් තඩියටත් වඩා උසයි මහතයි. අපි ගිහින් සෙටියකින් වාඩි වුනා වකපුනපුනා ආපු නන්ගි කෙනෙක් බියර් දෙකක් දුන්නා. අපිත් ඉතින් සුට්ට සුට්ට ගහන ගමන් නටන කෙල්ලො දිහා බලාගෙන ඉන්නව. චරිය ඉතින් ඔතන ඉන්න කෙල්ලන්ගෙ අරව මේව ගැන විස්තරයක් කියනව.
ඔය අතරෙ නන්ගි බබෙක් ඇවිත් චරියගෙ ඔඩොක්කුවෙ ඉදගත්තා අරූටත් මොකෝ ඉතින් නිකන් හම්බුන චාන්ස් එකනෙ කියල  හුරතල් කර කර හිටියා මගෙ ලගට අපු ඇන්ටිව නම් මම ලගින් තියා ගත්ත මිසක් ඔඩොක්කුවට ගත්තෙනම් නෑ අපි ලැජ්ජා බයට හැදුන කොල්ලොනෙ
ඉතින් මුන් දෙන්නා අපෙන් විස්තර අහ අහ ඉන්නව හරියට මුන් අපිව බදින්ඩ වගෙ. ඔහොම ඉන්න ගමන් මම ඉතින් මගෙ රබර් ඇහැ නටන උන් දිහාට දානව. කපල් දෙක තුනක් එක එකා බදාගෙන නටනවා . ඉතින් අපිත් නටමු කියල කෙල්ලො දෙන්න අපිව්ත් ඇදගෙන ගියා කියමුකො..

අපිත් ඉතින් පොඩ්ඩක් එහාට මෙහාට පැද්දි පැද්දි හිටියා ඔය අතරෙ අර නටපු දෙගොල්ලක් බර කතාවක මෙන්න බොලේ ටිහකින් බැලින්නම් මුන් ගෑනු දෙන්න මාරු කරගෙන නටනව


අපෙ මොකෝ උන්ට හොදයි නම්. අපි ආපහු හිටපු පුටුවට ආව. දැන් ඉතින් මේ කෙල්ලො දෙන්නට නෑ නෑ එක කෙල්ලයි ඇන්ටියි බොන්ට ඕනලු අපේ චරියගෙ ඉතින් හිත හරි වෙන එකක් හරි උනු වෙලා විස්කි ශොට් දෙකක් ගෙනත් දුන්නා. යකෝ මුන්ට විතරක් දෙන්නෙ මටත් දියන් කියල මමත් එකක් ගත්තා

ඕකත් බොන ගමන්  වටේට රබර් ඇහැත් දාගෙන දුමකුත් දාගෙන තඩිය ඉන්නව ඔය අතරෙ චරියනම් බරටම වැඩ මයෙ මොකෝ මම මගේ ආතල් එකේ. ඉතින් ඔහොම ඉන්න ගමන් සුපිරි මියුසික් ටිකක් යනව ඉදගෙන ඉන්න බෑ ඉබේ නැටවෙනව.

ආපහු ගියා නටන්ට අපිත් ඉතින් නිකන් හම්බෙන එකනෙ කියල ඔහෙ අරහෙ මෙහෙ වැදි වැදි නට නටා හිටියා මෙන්න බොලේ මුන් දෙන්නා අපහු කොහෙන්දෝ ශොට් දෙකක් අපිට ගෙනත් දුන්නා මුන් දෙන්නත් නටන ගමන් දෙකක් අතේ තියාගෙන ඉන්නව තඩිය ඉතින් නටල ඇති වගේ හිතුන හින්දා පුටුවට වෙලා ඉදගෙන චරියගෙ විකාර බල බල හිටියා

ඒ අතරෙන් අර කෙල්ලො දෙන්න හිමින් සීරුවෙ අර වීදුරු දෙක ආපහු බාර් එකට ගිහින් දුන්නා මුන් බොන් නෑ. ඕක ඉතින් තඩියට මාට්ටු තඩිය ගනන් ගත්තෙ නෑ අනන් මනන් විකාර වලින් පස්සෙ පාන්දර දෙකහ මාරට විතර අපි යන්ඩ ලෑස්ති වෙලා බිලේ ගනන් බලන්ට කියල කවුන්ටරෙට ගියා ටවුකන්ඩ කිරි අප්පට බල්ලො පැනපි බීපුව කටින් එලියට පැන්නෙ ඒ වෙලාවෙ තමයි බිල විසිහත්දාහයි විසි අට දාහකට ඔන්න මෙන්න

යකූ අපි දෙන්නට විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරුව ගියා.... අපි බිලත් ඉල්ලගත්තා තව ටිකකින් ගෙවන්නම් කියල
"මොකෝ බන් කරන්නෙ සල්ලි තියනවද?"
"නෑ යකෝ මෙච්චර"
"යකෝ අර *සියො දෙන්න ගහලනෙ *ත්තො"
"තෝ පකය වගේ බදාගෙන නැටුවෙ"
"වරෙන් යන්ඩ එලියට මෙතන පර්ස් අදින්ඩ බෑ මගෙ ගාවත් ටිකක් තියනව"

අපි දොර ගාවට ආව විතරයි පිටිපස්සෙන් ආපු කලුවට කලුවෙ යකෙක් වගේ එකෙක්
"මල්ලි කොහෙද යන්නෙ බිල ගෙවුවෙ නෑ නෙද?"
"නෑ අයියෙ මේ සල්ලි ගන්ඩ වාහනෙ ගාවට යන්නෙ"
"හා යන් එහෙනම්"
වාහනේ ගාවට ආපු මම පර්ස් එක සුද්ද කරා චරියගෙ එකත් සුද්ද කරා ඔක්කොම විසි පහකට ටිකක් වැඩියි

හුටා තව දෙදහක් විතර මදි..
"මල්ලි මොකෝ සල්ලි නැද්ද?? "
"දෙදාහක් මදි අයියෙ මම පොඩ්ඩක් බැන්කුව ගාවට ගිහින් එන්ඩද"
"බෑ බෑ එහෙම යන්ඩනම් බෑ"

අපි ඉතින් ඔප්සන් නම්බර් දෙකට ගියා ව්ටේම ඉන්න යාලුවන්ට ගත්තා සමහරු ආන්සර් කරන් නෑ ආන්සර් කරපු උන්ට ගෙදරින් පනින්ඩ විදිහක් නෑ තව උන් ගාව සල්ලි නෑ...අපි ඉතින් අන්තිම ඔප්සන් එකට ගියා ඒක නිකන් ලයිප් ලයින් එකක් වගේ එකක් ගත්තා නෑදෑ අයිය කෙනෙක්ට

"හලෝ මල්ලි මොකෝ මෙ පාන්දර අවුලක් නෑ නෙද?"
"දනු අයියෙ පොඩි කේස් එකක්" කියල මම ඉතින් විස්තරෙ කියුව
"හරි ඔහොම ඉන්ඩ මම විනාඩි දහයෙන් එන්නම්"
නිවන් දකිනව කියන්නෙ ඔයවගෙ වෙලාවට තමයි වැඩේ ගොඩ. අනේ ඉතින් දෙයියනේ කියල වැස්සක් පටන් ගත්තා පව් අර මනුස්සය වැස්සෙ තෙමීගෙනම සල්ලි ගෙනත් දුන්නා යන්තන් බිල ගෙවල එලියට ආව

අර බොන මිනිහට කොයි පිටියත් එක්යි කියල කතාවක් තියෙන්නෙ ඒ වගේ අපි දෙන්නා ආපහු බීච් එකට ගියා වෑන් එකේ ඉතුරු වුන කොටයක් තිබුනා කාලට ටිකක් වැඩිය දෙන්න අමුවෙන්ම ඒකත් ගහල වෑන් එකේම නිදා ගත්තා බීච් එකට වෙලා.ගෙදර ගියෙ නෑ මොකද අපේ ගෙදරට කියල ආවෙ මම චරියලගෙ ගෙදර නිදා ගන්නව කියල චරිය කියල ආවෙ අපේ ගෙදර නිදා ගන්නව කියල.

කියපු බොරුව රකින්ඩත් එපැයි උදේ හතට විතර නැගිටල දෙන්න ගෙවල් වලට ගියා එදා ඉදන් අද වෙනකන් මොකා අඩ ගැහුවත් ක්ලබ් වලටනම් ගියෙ නෑ.

Saturday, September 23, 2017

භූකම්පනයක්!!!!

පහතින් දක්වා ඇත්තේ අද දින මා වෙත ලැබුන හීයකි. සත්‍ය අසත්‍ය තාවය කෙසේ වෙතත් සූදානමින් සිටීම කොයිකටත් හොදයිනෙ. ඒ නිසා සහෝදර ඔබත් සමග මෙය බෙදාගන්න සිතුවා,(මෙහෙම දෙයක් වුන් නැත්නම් රෙද්ද උස්සන් මගෙ පස්සෙන් එහෙම එනව නෙවයි රට්ටු මුලා කරා කියල)






Thursday, September 21, 2017

රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා



රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා
මලක් සේම දැඩිකරලා මට සැප දුන්නා
මම කල පව් කියලා දෙපා ලග දන ගහලා
දැඩිකල මවුට වඳිනවා

දුකට සැපට පිහිට අපිට වෙනව මෑණියෝ
දැක දැක මව් නොසලකන්නෙ රටේ මෝඩයෝ
දස මස කුසේ දරා ලේ කිරි කර පොවලා
දැඩි කල මගේ මෑණියෝ

දෑත දෙපය නොකඩා දැඩි කරපු අම්මට
දෝත නගා වදිනව මම මගේ අම්මට
ලෙඩදුක දෙක බැලුවා දිව රෑ නිදි මැරුවා
මෙලොව දෙවියො මගේ මෑණියෝ

මව් වගෙ තව කෙනෙක් ඇත් ද මේ මනු ලෝකේ
මව් නැතිදා තේරේවී මව් නැති සෝකේ
නලවා බබෝ කියා බැලුවා නෙත නොපියා
සිහිවේ මව් මරන මන්චකේ

ප්‍රේම කරන කෙල්ලට නම් පුදයි ජීවිතේ
පව් නේද මව්ට කුස්සියෙ වැඩ ඉවරයක් නැතේ
මෝඩ කම් අත් ඇරලා මෙවදන් සිතට අරන්
සලකනු මව්ගෙ ජීවිතේ

කැලේ සිටින මුර්ගය ආදරෙයි පැටියට
යක්ශයා වාගෙ සමහර පුතු රවයි අම්මට
බස් නොව බොරු මිතුරා ඇස් දෙක යයි පුපුරා
සත්තම් ඇයි නුබේ අම්මට

මරුව ඇවිත් දඟලන කල පන ගෙන යන්ඩ
බේර ගන්න බැරිතැන අඬගසයි අම්මට
දරුවා වරෙන් කියා මරුවා අඬගහනව
පුතාගෙ සැර එවෙලෙට ඉවරයි

ගායනය - මැක්ස්වෙල් මෙන්ඩිස්



Tuesday, September 19, 2017

ඇයි අපිට මෙහෙම වුනේ!!!

උපාලි විජේවර්ධන 1938 පෙබරවාරි මස 17 වන දින උපත ලැබූ මොහු ලංකාවේ සිටි දක්ශම ව්‍යාපාරිකයෙක් විය. 


උපාලි සමූහය රසකවිලි වල සිට ඉලෙක්ට්‍රොනික අයිතම මෝටර් රථ කර්මාන්තය පුවත්පත් කර්මාන්තය ගුවන් ගමන් සඳහාද ප්‍රචලිත විය.

තමන්ටම ආවේනික සන්නම් කිහිපයක් ඔවුන් සතු විය කැන්ඩෝස්, ඩෙල්ටා, යුනික්,
උපාලි මැස්ඩා උපාලි පුවත්පත් ඒ අතර විය
ක්‍රිස්ටල්, සිකුරු , සබන් සඳහාද, යුනික් රේඩියෝ හා වායුසමන යන්ත්‍ර සඳහාද, දිවයින ද අයිලන්ඩ් නවලිය සිත්තරා සතුට පුවත් පත් හා චිත්‍රකතා සඳහාද, උපාලි මැස්ඩා හා උපාලි ෆියට් මෝටර් රථ සඳහාද, උපාලි එයාර් රට තුල හා පිටත ගුවන් ගමන් සඳහාද යොදා ගනු ලැබිනි.

 පහතින් දක්වා ඇත්තේ තඩියා කාලෙකට කලින් කොපි පේස්ට් කරගත් කතාවක්. එය ලියා ඇත්තේ ඔබෙත් මගෙත් අත්දැකීම් නම් බ්ලොග් එකකය.(ඒක දැන ගත්තෙ අද ) කොහෙන් කොහොම කොපි කරගත්තාදැයි මට මතක නැත.එහෙත් මෙය සුරැකිව මගේ පරිගනකයේ තැන්පත් කරගන්නා ලදි සියලු හිමිකම් මුල් රචකයා සතුය. තඩිය කොහොමත් උපාලි මැස්ඩා එක්ක සම්බන්දයක් තියන නිසා හිතට අල්ලල ගියා තඩියාගේ උපාලිත් එක්ක තියන සම්බන්දෙ ගැන කියෝපු නැති අය මෙතනින් කියවන්න

කතාව මෙතැන් සිට

අද සිටින බොහෝ දෙනා නොදන්නා කරුණක් තමයි 1960 දශකයේදී ශ්රී ලංකාව තුළ මෝටර් රථ නිෂ්පාදනය වූ බව.යුරෝපීය තාක්ෂනය සමග එක්ව ශ්රී ලංකික ශ්රමයෙන් සැදුම් ලත් කර්මාන්ත ශාලාවක එදා මෝටර් රථ නිපදවීම සිදු විය.එහෙත් දේශ ප්රේමි , ජනහිත කාමී , ස්වයන්පොෂිත , නිවහල් , සිංහල කම අගයන බොරු උපාසක උපාසිකාවන් ලෙසින් පෙනී සිටි පාපතර පිරිසක් විසින් සියලු උත්සාහයන් විනාශ කර දැමූවා.


පසු ගිය දිනෙක අපේ බ්ලොග් සක්විතිගේ   #ඒරොප්පේ කෝච්චි නේ හලෝ කෝච්චි - Train-spotting in Europe # මෙම බ්ලොග් සටහන දුටු විට මට මේ සියල්ල මතකයට නැගුණා.   පහත දැක්වෙන්නේ එවැනි සිල් ඇත්තියක් , මැතිණියක් විසින් සිදු කල තුට්ටු දෙකේ වැඩසටහන් ක්රියාදාමයක මතකයන් දිග හැරීමකි.මෙම ලිපියේ භාෂා පරිහරණය ගැන සමාව අයදිමි, මන්ද මෙය සිල් රෙද්ද උස්සා හෙළුව මතු කර පෙන්වීමේ ලිපියකි. මටත් නෝටි සහන් ලේබලය වදින බව දැන දැනත් මා මේ රෙද්ද උස්සන්නේ අන් කිසිවකට නොව අප දැන් වත් මෙවැනි විනාශයන් ගැන දැනුවත් විය යුතුය. අපට මවා පෙන්වූ සියල්ලට වඩා වෙනස් යමක් තිරය පිටුපස එදා සිට ක්රියාත්මක විය .එය අදද එලෙසමය.අප දැන් හෝ මෙවැනි පාපතර ක්රියාවන් ගැන නොසලකා , මග හැර සිටියහොත් ඉදිරියේදී සම්පූර්ණ නිර්වස්ත් වීම නම් ඒකාන්තය. පහත එකින් එක විස්තර වන්නේ " ශ්රී ලාංකික සැබෑ දේශ ප්රේමියාගේ " උත්සාහයේ තරමත් " ශ්රී ලාංකික දේශ ප්රේමයේ සිල් රෙද්දට මුවාවෙන් " සිදු කල ජාතිය වළපල්ලට ගෙන යෑමේ තරමත්ය

1957 පමණ වන විට උපාලි විජේවර්ධන මහතාත් මහතාගේ ඥාති සහෝදරෙයෙක් වන රන්ජිත් විජේවර්ධන මහතාත් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළත් වන්නේ ආර්ථික විද්යාව සඳහා උපාධි පාඨමාලාව හැදෑරීමටය.උපන් දා සිට ව්යාපාරික මනසකින් හෙබි උපාලි මහත්මා නිතර කල්පනා කිරීමට පෙළඹුනේ එංගලන්තයේ / යුරෝපයේ මෙන් මෝටර් රථ නිෂ්පාදන සමාගමක් ශ්රී ලංකාව තුලද ක්රියාත්මක කල නොහැකිදැයි සිතමින්.එවැන්නක් ක්රියාත්මක කල හැකිනම් අසල්වැසි ඉන්දියාව වෙතින්ද ඇණවුම් ලබා ගෙන විශාල ලෙස මෝටර් රථ නිෂ්පාදනය කල හැකි බව ඔහුට වන විටත් වැටහෙමින් තිබූවක්.


මෙයට අඩිතාලම් දමා ගැනීමට ඔහු පළමුව පිවිසෙන්නේ වර්තමාන රෝලන්ඩ් සමූහය ලෙස ක්රියාකරන බ්රිතන් මෝටර් රථ සමූහයේ විධායක නිලධාරීන් හමු වීමෙනි.එවකට ඔහුගේ මෙම උත්සාහයේ ඇති අනාගත වටිනාකම් දැකීමට එම නිලධාරීන්ද අපොහොසත් වීම හේතුවෙන් ඔහුට මෙය ක්රියාවට නැංවීමට නොහැකි විය.කෙසේ හෝ උපාලි , රන්ජිත් සොහොයුරන් උපාධි ප්රධානෝත්සවයෙන් පසුව සිය රට පැමිණේ


ඉන් පසු රන්ජිත් ඔහුගේම පවුලේ ව්යාපාරයක් වූ ලේක් හවුස් ආයතනයටද උපාලි ලිවර් බ්රදර්ස් ආයතනයටද බැඳි වෘතීයන් අරඹයි. මෙම කාල වකවානුව තුල උපාලි නැවතත් බ්රිතන් මෝටර් රථ හවුල නොහොත් රෝලන්ඩ් ආයතනය වෙත පිවිසෙන්නේ තම උවමනාවන් සඳහා වාහන කීපයක් මිලට ගැනීම සඳහායි.මේ සෑම විටකම ඔහු තදින් සිදු කරන්න නම් වාහන නිෂ්පාදනයේ අගසිට මුලට කරුණු අධ්යනය කිරීමයි.කෙසේ හෝ ඔහු ඇණවුම් කරන ලද වාහන කීපයක එවකට ශ්රී ලංකා ලේලන්ඩ් නියෝජිතයන් හරහා ඔහු වෙත ලබා දීමට කටයුතු සලසයි

මේ අතර තුර උපාලි මහතාගේ මිත්‍රයෙකුට අයිතිව තිබූ රස කැවිලි නිෂ්පාදනය කරන ආයතනයක් පාඩු ලබමින් වසා දැමීමට යන බවක් දැනගන්නට ලැබීමෙන් අනතුරුව ඔහු එය මිලට ගැනීමට කටයුතු කරයි.තමා එංගලන්තයේදී දුටු පරිදි නවීන තාක්ෂනයෙන් හෙබි යන්ත්‍ර සූත්‍ර වලින් සමන්විත කම්හලක් බවට ඔහු එය පත් කරයි. නොබෝ දිනකින් එම ව්‍යාපාරය සීග්‍ර ලෙස ලාබ ලබන්නක් බවට පත් වන්නේ අදද අප හට " ඩෙල්ටා " රසය මුවගට මතක් කර දෙමින් .



නිවැරදි අනාගත දැක්ම තුළින් කාලාන්තරයක් යන තෙක් ස්ථාවර ව්‍යපාරික ගමනක් යා හැකි බව ඔහු ඔප්පු කර පෙන්වන්නේ එමගිනි.ඉන්පසු ඔහු තවත් මෙම ව්‍යපාරය පුළුල් කිරීමේ අරමුණින් ලිවර් බ්‍රදර්ස් ආයතනයෙන් සමු ගැනීමට තීරණය කරයි.ඒ කැන්ඩෝස් චොකලට් ආයතනය මිළ දී ගැනීමට කටයුතු කිරීමත් සමග ඇති වූ කාර්ය බහුල කම නිසාය.අද වන විට මලයාසියාව , සිංගපූරුව , තායිලන්තය වැනි රටවලද නිෂ්පාදනාගාර ක්‍රියාත්මකව පවතී.
 
එලෙසම ඇමෙරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වගෙනු යනු ලබන උපාලි සමූහයේ නිළ ව්‍යාපාරික හවුලද මෙහදී සඳහන් කල යුතුමය.මන්ද ශ්‍රී ලාංකික වෙනත් ව්‍යපාරිකයන් සමගද ඔහු ඉතා හොඳින් පුද්ගල සම්බන්ද තාවයන් පවත්වා ගත් ව්‍යාපාරිකයෙකි.


           ඔහු ඉන් පසු පිවිසෙන්නේ එවකට ඉතා සීග්‍ර ලෙස වර්ධනය වෙමින් පැවතී ව්‍යපාරික ක්ෂේත්‍රයක් වන ඉලෙක්ට්‍රොනික් රේඩියෝ දෙසටය. ජපානයේ ඩේන්ෂි යුනික් ආයතනය සමග ඒකාබද්ධව ඔහු මුල් වරට රේඩියෝ එකලස් කිරීමේ වැඩසටහනක් අරඹයි.ඒ සඳහා අවශ්‍ය සේවකයන් බඳවා ගත්තේද ශ්‍රී ලංකාවෙනි.විදෙස් පුහුණුව නොමිලේ ලබා දීම , ඉහළ වැටුප් තල ඇති කිරීම වැනි සේවක ප්‍රසාදය වැඩි කරගත හැකි ක්‍රමද ඔහු අනුගමනය කලේ භාණ්ඩයේ ගුණාත්මක බව ඉහළ මට්ටමෙන් පවත්වා ගැනීමට උවමනා බැවිනි. ඔහුගේ මෙම ඉලෙක්ට්‍රොනික් කර්මාන්ත ශාලාවද ඉතා ඉක්මණින් ජනතා ප්‍රසාදය හිමි කරගනිමින් අලෙවි වාර්තා බිඳ දමමින් භාණ්ඩ අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් බවටද පත් විය.


 මේ සියල්ල කෙසේ වුවද ඔහුගේ එකම අපේක්ෂාව වූයේ මෝටර් රථ තාක්ෂණයට පිවිසීමයි.එම නිසාම ඔහු මැස්ඩා ආයතනය සමග සම්බන්ධ වී තම ව්‍යාපාරික අපේක්ෂාවන් පිලිබඳ සාකච්චා අරඹනවා .දීර්ඝ ලෙස කෙරුණු ව්‍යාපාරික හමුවීම් මගින් 1965 පමණ වන විට මැස්ඩා ආයතනයෙන් යහපත් පිළිතුරු ලබා ගැනීමට උපාලි මහත්මයාට හැකියාව ලැබෙනවා.මුල්ම ගිවිසුමට අනුව වාහන එකලස් කිරීමට පමණක් ඇති කරගත් ගිවිසුම් මත කර්මාන්ත ශාලාව හෝමාගම ආරම්භ කරනවා.මෙහි අති නවීන පින්තාරු ඒකකයක් , ස්වයං ක්‍රීය ලෙස ටෝක් ගණනය වීම් සිදු වී ඇණ සවි වීමේ උපාංග වැනි දේ පවා සවි වෙනවා. ( torque කැල්කිව්ලේෂන් කියලා කියන්නේ ඇණ මුරිච්චි තද කරද්දී යොදන්න ඕනේ නියමිත කෝණික පීඩනයට .ඒක වෙනම කතාවක් .ඒත් හිතන්න අපි මේ කතා කරන්නේ 1965 ලංකාවේ වෙච්ච දේවල් ගැන . කොච්චර දියුණුවක්ද ඒක. මේක වැරදුණොත් ක්‍රෑන්ක් ශාෆ්ට් බෙයාරින් එහෙම ඉක්මනට සවුත්තු වෙනවා.ඒවා වෙනම කතා )


              මූලික අධියර විදිහට වාහන 100 ක් එකලස් කිරීම සඳහා එංජින් , චැසි , රෝද , වින්ඩ්ස්ක්‍රීන් , විදුලි උපකරණ ආදී සියල්ල ගෙන්වනවා මුල්ම නැව් බහාලුම් මගින් ජපානයේ සිට.{එහෙත් මේ වන විට වාහන 100 සඳහා ආසන කවර , කුෂන් , ආසන සැකිළි ගෙන්වා තිබුණේ නැහැ.මේ බව දැනගත් එවකට රජයේ පාලකයන් තුරුම්පුවක් ලෙස මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා...( විස්තර පසුවට ) }



උපාලි මැස්ඩා මෝටර් රථය සඳහා ඇණවුම් ලබා ගැනුමට උපාලි මහතා පුවත්පත් දැන්වීම පළ කරනවා.ඔහුගේම ඥාතීන් සතු වූ ලේක් හවුස් ආයතනය ඒ සඳහා ඉතා හොඳ ප්‍රචරයක්ද ලබා දෙනවා.

         ඔන්න දැන් ටික ටික මහ ජනතාව පැමිණ විමසීම් කරන්න ගන්නවා . සාම්පල් කෝ කියලා අහනවා .අපිට බලන්න ඕනේ කියනවා වාහනේ .

              සම්පූර්ණ ලෙස වාහනය 100 එකලස් කිරීමට හිඟව තිබු ආසන සැකිළි , කවර , කුෂන් රැගත් නැව කොළඹ වාරායට පැමිණෙනවා.ඔන්න මේ අවස්ථාවේදී අති ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ලක් දේශ ප්‍රේමි ආණ්ඩුව කරළියට පැමිණ ඉතා විශාල සහනයක් ලබා දෙනවා .ඒ තමයි ආසන රැගත් නැව කොළඹ වරායේ නැංගුරම් ලා තිබියදී රටින් නෙරපීම.කිසිම දෙයක් ගොඩ බෑමට අවසර ලැබෙන්නේ නැහැ.උපාලි මහතා මේ පිළිබඳව හොයලා බලද්දී දැනගන්න ලැබෙන්නේ මීට දින කීපයකට කළින් මෝටර් රථ පිලිඹද ශ්‍රී ලංකා රාජතාන්ත්‍ර වාදී ආණ්ඩුවේ නීති රීති වෙනස් වී ඇති බවය.


 එනම් සීට් ආනයනය තහනම් කර ඇති බවය.මෙයින් නොසැළෙන උපාලි මහතා සම්පූර්ණ වාහන 100 සඳහාම අවශ්‍ය කරන සීට් ප්‍රමාණය සකස් කිරීමට නාවින්නේ පිහිටි වෑල්ඩින් කරුවන්ටත් , කුෂන් වැඩපළවල් වලත් සහය පතනවා.උපාලි මහතාගේ විශ්වාසය නිසා ඔවුන් සියල්ල මේ ධූර භාර කර්තව්‍යට අත ගැසීමට පැකිළෙන්නේ නැහැ.ඒ සඳහා අවශ්‍ය තාක්ෂනය දැනුම උපාලි මහතා සීමිත කාලයකින් ඔවුනට ලබා දෙනවා..

             තත්වය මෙසේ වෙද්දී කෙසේ හෝ සාම්පල් මට්ටමෙන් පෙන්වීමට අංග සම්පූර්ණ රථ කීපයක අවශ්‍ය තාවය දැඩි ලෙස පැණ නගිනවා.ඒ සඳහා වාහන කීපයක් ගෙන්වීමට කටයුතු කර , වාහන වරායෙන් නිදහස් කර ගැනීමට ගිය අවස්ථාවේදී දේශ ප්‍රේමි ලක් රජය දෙවන සහනයද ලබා දෙන්නේ නොසිතු විරු අන්දමින්.


එනම් මීට දින කීපයකට උඩදී එංජින් ධාරිතාවය 1500 ට වැඩි වාහන කිසි සේත් ගෙන්වීමට අවසර නැති බවට නීති සංශෝධනය වී ඇති බව දන්වමිනි. උපාලි මැස්ඩා රථයේ ධාරිතාවය 1600 කි.

                උපාලි මහතා දැඩි ලෙස අපහසු තාවයටත් වන්නේ මේ අවස්ථාවේදීය. ඔහු පත්ව ඇති දැඩි අසීරුතාවය තේරුම් ගත් වෙනත් ජපන් සමාගමක් ඔහුට කිසිදු මුදලක් අය කිරීමෙන් තොරව සාම්පල් සඳහා පෙන්වීමට රථ දෙකක් ලබා දීමට කටයුතු කරනවා.ඒ සුමිටොමෝ ජපන් සමාගම ඒ වන විටත් ලංකාවට ගෙන්වා තිබු මැස්ඩා රථ දෙකක් ලබා දීමෙන්. ( බලන්න ජපන් මිනිස්සු එහෙමයි.මැස්ඩා කොම්පැනිය වෙනුවෙන් සුමිටොමෝ කොම්පැනිය පෙනී ඉන්නවා එක යෙන් එකක් වත් ගන්නේ නැතුව .ඒ මිනිස්සු දියුණු උනේ එහෙමයි.කුහක කම් නැහැ ඒ අයගේ )

             සීට් නිර්මාණය කිරීමේදී හැඩය සහ සැකිල්ලට මිණුම් ලබා ගෙන ඇත්තේද මේ රථ මගින්.

              මෙතරම් බාධක මැද නිෂ්පාදන වූ පළමු උපාලි මැස්ඩා රථ පෙළ වෙළඳ පොලට මුදා හරිනවා.ඒ රුපියල් 18,000 ක මුදලකට.වෙළඳ පොළට නිකුත් කර සීමිත කාලයක් තුළදී සියලු රථ අවසන් වනවා පමණක් නොව ඉහළ ලංසු වලට ඇණවුම්ද ලැබෙන්නේ මිළ 22,000 සිට 29,000 දක්වා ඉහළ යමින්.


දෙවන වාහන 100 ද නිර්මාණය හා නිෂ්පාදන මේ බාධක මැද්දේ සිදු කිරීමට උපාලි මහතා ක්‍රියා කළේය.එහෙත් නොසිතු විරු ලෙස යළිත් ඔහුට සනහයක් දීමට ලක් මැතිණියගේ රජය ක්‍රියා කළේය.

                       එනම් උපාලි මැස්ඩා රථය , මෝටර් රථ දෙපාර්තමේන්තුව තුල තහනම් කාණ්ඩයේ වහනයක් බවට පත් කරමිනි.තවදුරටත් උපාලි මැස්ඩා වාහන ලක් මව තුල ලියාපදිංචි කල නොහැකිය.උපාලි මැස්ඩා රථය දේශ ද්‍රෝහී නිෂ්පාදනයක් වීම එයට හේතුව ලෙස දක්වා තිබුණි.උපාලි මැස්ඩා නමැති පුංචි හුරතලා ජාතියේ මවගේ , මිත්තණියගේ , ආඩම්බර කාර මවගේ අත පල්ලෙන් වැටෙන්නේ මෙලෙසය. ( එහෙත් මම තවමත් ජාතියේ මැතිණිය වෙමි .. වන්දි බට්ටයන්ගේ හොරණෑ හඬ අදටද එළෙසය . )
..
             එහෙත් එදාද පිට කොන්ද තිබු දේශපානඥයින් සිටි නිසා සිදු වෙමින් පවතින පාපතර ක්‍රියාවට විරෝධය පෑම සිදු විය.කෙසේ හෝ මැතිණිය , ප්‍රවාහන ඇමති විදේශ ගමනකට සභාගි වූ අවස්ථාවක එවකට උප ඇමති ධූරය හෙබවූ මහත්මා මෙම රථ ලියාපදිංචියට අවසර දීමට කටයුතු කළේය. සමගිව පෙරමුණ ගත් ආණ්ඩුවේ පාපතර ක්‍රියාවන් එසේ විය.එහෙත් අද පවා බොහෝ දෙනා සිතා සිටිනුයේ ලක් මව ගොඩ ගත් මහා බලය නම් මේ සභාග රජයන් , සමගියෙන් පෙරමුණ ගත් බලයන් බවය.


 කෙසේ හෝ නැවත වාහන ලියාපදිංචිය සදහටම අහෝසි කර දමමින් උපාලි මැස්ඩා ආයතනය සදහටම විනාශ කර දැමීමට ජාතියේ මව එක පෑන් පහරින් කටයුතු කළාය.

             උපාලි විජයවර්ධන මහතාගේ පරම්පරාව සතු සියලු දේපල රජයට පවරා ගනිමින් , පළි ගනිමින් , එකින් එක විනාශ කරමින් 1970 සිට 77 දක්වා කටයුතු සිදු වුනි.එහෙත් ඒ සියල්ල සිදු වන්නේ දේශ ප්‍රේමය මුවාවෙනි .මා ඉහත දක්වා ඇත්තේ ඇස් පනාපිට සිදු වූ දේවල්ය. ලේක් හවුස් ආයතනය රජයට පවරා ගනිමින් තම හෙන්චයියන් එකා පිට එකා පුරවමින් සිදු කල ක්‍රියාවන් වල අරුත අද අප අත්විඳිති. පුද්ගලිකව ක්‍රියාත්මක වන තම සතුරෙක්ගේ ආයතනයක් දුටුවහොත් සිදු කරන්නේ දේශ ප්‍රේමයට මුවා වෙමින් එම ආයතනය විනාශ කර දැමීමයි. ජාතික පුවත් පත් කොමිසම එවැනි ධූෂිත , පාපතර සිල් රෙද්දකි.එයට මුවා වී ලේක් හවුස් ආයතනය රජයට පවරා ගැනුණි. ඉන් එහාට කතා කළහොත් ඔහු දේශ ද්‍රෝහියෙක් වනු නියතය. මේ රටේ එදා සිට ක්‍රියාත්මක වූ සත්‍ය මෙයයි.මා මීට ඉහතදීද
මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලිපි කීපයක පළමුවැන්න ). පොස්ටුවෙන් මේ ගැන දීර්ඝව කරුණු එළි කර ඇත.
 

කෙසේ වුවද 77 දී බලයට පත් වූ උපාලි මහතාගේ ඥාති සොයුරු ජේ.ආර්.ජයවර්ධන මහතා නැවත නීති ළිහිල් කරමින් උපාලි වෙත රථ නිෂ්පාදනයට ඉඩ හසර ලබා දීමට කටයුතු කරනවා. එලෙසම කොළඹ ආර්ථික කොමිසම පත් කරමින් නව ආයෝජන ලබා ගැනීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කරන්නේ උපාලි මහතාව එහි සභාපති ධූරයේ පිහිටුවමින්.වර්තමානයේද ආයෝජන මණ්ඩලය ලෙස ක්‍රියාත්මකව පවතින්නේ එදා උපාලි මහතා ඇති කළා වූ එම ආයතනයයි.



 උපාලි මහතා ක්‍රිස්ටල් සිකුරු නමින් සබන් නිෂ්පදානායතනයක් , තුරඟ තරඟ , පුවත් පත් ආයතනයක් , සිවිල් ගුවන් ගමන් කටයුතු ආරම්භ කරන්නේ මේ ලැබෙන නිදහස සමගයි. එළෙසම ෆියැට් සමාගම සමග ගිවිසුම් වලට එළෙඹේමින් ඔහු නැවත මෝටර් රථ නිෂ්පාදනයට පිවිසෙන්නේ එහි ඇති වටිනාකම තේරුම් ගනිමිනි.එහෙත් එම උත්සාහය පෙර වූ තරම් සාර්ථක නොවීය .මන්ද අඩු මිළට පාවිච්චි කරන ලද වාහන ගෙන්වීමට විවෘත ආර්ථිකය මත හැකි වූ බැවිනි. එහෙත් එවකටද 34,000 සිට ඉහළ මිලට වාහන 500 සාර්ථකව විකිණීමට ඔහු සමත් විය.( ඇතැම් විට 70,000 වන තෙක් ලංසු ලැබී ඇත .)

කෙසේ වුවද උපාලි මහතාගේ ගමන ඔහුගේම ලඟින් උන් අය පවා ඉවසුවේ නැත.සිව්ල් ගුවන්ගමන් ඇති කිරීමට ඒ මහතා තුල දැඩි අධිෂ්ඨානයක් තිබු නිසා පුද්ගලික ගුවන් යානා කීපයක් ඔහු පුද්ගලික වියදමින් ගෙන්වීමට කටයුතු කළේද මේ වකවානුවේදීය . ඔබ 70 පසු සිංහල චිත්‍රපටි වල දුටු ගුවන් යානා සියල්ලේ හිමි කරුද උපාලි මහත්මා වෙයි.ඔහු සතුව ආසන 18 කින් සමන්විත හෙලිකොප්ටර් යානාවක්ද ලියර් වර්ගයේ ජෙට් යානාවක්ද පැවතුණා තම පුද්ගලික පරිහරණය සඳහා.

 පෘතුගීසි ආක්‍රමණ මගින් විනාශ වී ගිය කැළණිය විහාරය පිළිසකර කර සෝලියස් මෙන්ඩිස් නමැති අනර්ඝ සිත්තරා මගින් බිතු සිතුවම් කර අද දක්වාද නඩත්තු කරන්නේ මෙම පරම්පරාවයි.උපාලි මහත්මාගේ මිත්තණිය වන දොන් හෙලේනා ඩෙප් වීරසිංහ මැතිණිය විසින් තම පුද්ගලික ධනයෙන් මුළු කැළණිය රාජ මහා විහාරයම අලුත් වැඩියා කර ඇත .( විවාහයෙන් පසු හෙලේනා විජයවර්ධන ආර්යාව ) 1927 දී මුළින්ම කැළණි පෙරහැර වීදි සංචාරය කල අවස්ථාවේ එහි බස් නායක ධූරය හොබවන්නේද උපාලි මහතාගේ පියා වන දොන් වෝල්ටර් විජේවර්ධනයි. ඉන්පසු උපාලි විජයවර්ධනයන්ද එම ධූරය දැරුවා.උපාලි මහතාගේ පියාගේ පියාට අයිතිව තිබූ දැව කර්මාන්ත ආයතන මගින් ඉදි කළ ආයතන අතර කොළඹ නයනා රෝහල , අලුත්කඩේ අධිකරණ ශාලාව , කොළඹ කෞතුකාගාරය සඳහන් කළ යුතුමයි.එම කොන්ත්‍රාත් හි ගුණාත්මකභාවය ගැන අද මේ මොහොතේත් ලිපිය කියවන ඔබ සාක්ෂි දරණු ඇත. එසේම ඔහු අතින් ගාලු පාර කොල්ලුපිටියේ ඉදි කෙරුණු ශ්‍රී රම්‍යා නමැති අනර්ඝ නිවසද අදද දක්නට ඇත.ඒ අන් කිසිවක් නොව එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පුස්තකාලය වෙනුවෙන් පරිහරණය වන මනරම් ගොඩනැගිල්ලයි.හෙලේනා මැතිණිය තම සහකරුගේ අකල් වියෝවෙන් පසුව වයස අවුරුදු 39 සිට ජීවත්ව ඇත්තේ එම නිවසේයි. හෙලේනා මැතිණියට දූ දරුවන් 9 දෙනෙකි. 

දොන් ඇලෙක්‌සැන්ඩර්, ඇග්නස්‌ හෙලන්, දොන් ලුයිස්‌, දොන් රිචඩ් (ඩී. ආර්. විජයවර්ධන මහතා) දොන් එඩ්මන්ඩ්, ලීසා හැරියට්‌, දොන් චාල්ස්‌, දොන් වෝල්ටර් (උපාලි විජයවර්ධන මහතාගේ පියා) සහ දොන් ඇල්බට්‌ උසස්‌ තත්ත්වයට පත්වූ අතර ඔවුන්ගෙන් දෙදෙනකු වන ඇලෙක්‌සැන්ඩර් සහ රිචඩ් ජාතික වීරයන් වශයෙන් පිළිගැනීමට පාත්‍ර විය. ඇගේ මුණුපුරකු වන ඡේ. ආර්. ජයවර්ධන අපේ ප්‍රථම විධායක විධායක ජනාධිපති වූ අතර මීමුනුබුරා වන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයෙක්‌ විය. ලෝකප්‍රකට ගවේෂයකයකු වූ රේ. විඡේවර්ධන හා ව්‍යාපාරික ප්‍රකට ප්‍රබලයන් වූ උපාලි විජයවර්ධන හා රංජිත් විජයවර්ධන ඇතුළු තවත් පවුලේ බොහෝ අය පිළිගත් ව්‍යාපාරිකයෝ වූහ.

                සිව්වන පරපුරේ රවී ජයවර්ධන, ආචාර්ය හිරාන් ජයවර්ධන, රජිත ගෝමස්‌, අමිත ගුණරත්න, අමරි විජයවර්ධන, ශාලිත විඡේසුන්දර, ධම්මික ආටිගල, ෂාන් වික්‍රමසිංහ, දොස්‌තර ශ්‍රී නාත් සෙනෙවිරත්න, රුවන් විජයවර්ධන (රංජිත් විජයවර්ධන මහතාගේ පුත්) පවුලේ සාමාජිකයන්ගෙන් සමහරෙකි.

                 පස්‌වැනි පරම්පරාව ගත්කළ ප්‍රදීප් ජයවර්ධන, ඉෂිනි වික්‍රමසිංහ, තිෂ්‍ය වික්‍රමසිංහ, ඉරුෂි තෙන්නකෝන්, නිරෝෂන් විඡේසුන්දර, රුචිනි විඡේසුන්දර, චූලෝ සමරසිංහ, කේමින්ද ආටිගල සහ හිටපු රාජකීය රග්බි නායක දුමින්ද ආටිගල සමහරක්‌ අයෙකි. .


  කෙසේ හෝ මෙවැනි පවුලකින් පැවතෙන
උපාලි විජයවර්ධනයන්ගේ ගමන කෙසේ හෝ නැවැත්වීමට පක්ෂ පාට භේදයකින් තොරවම සියලු දෙනාම සංවිධානය විය. අංඟේ සිට කණ කෑමේ සිට එළිපිට ගල් ගැසීම දක්වා මේ සියල්ල වර්ධනය විය. උපාලි මහතාට තම ඥාතීන් වූ ඩිකී අයියාගේ ( දන්නෝ දනිති.නොදන්නා අයට කමෙන්ට් මගින් ) සිට පහළම වෙළෙන්දා දක්වා සතුරන් වර්ධනය විය.මේ අන් කිසිවක් නොව ඉරිසියාවයි. ශ්‍රී ලාංකික සැබෑ ගති ලක්ෂණය මෙයයි.තමන්ට කන්න නැතත් ඉවසීමට හැකිය අනිකා කනවා ඉවසිය නොහැකිය.

                මේ සියල්ල අවසාන වන්නේ ක්වාලාම්පූර් සිට ඔහු තම පුද්ගලික ජෙට් යානයේන් නැවත ලංකාව බලා එන අතරතුර 1983 පෙබරවාරි 13 දින ගුවන් අනතුරකට මුහුණ පා ජීවිතයෙන් සමු ගැනීමෙනි .ඔහුගේ ව්‍යාපාර හවුල්කරුවන් 5 දෙනෙක් සමග මලක්කා මුහුදට ඉහළ අහසේදී ගුවන් යානය විනාශ වී යනවා.


  ඉන්පසු නැවත කිසි දිනක ඔහු ආ ගමන යෑමට සමත් ජගතෙකු ලක් මවට බිහි වූයේ නැත. බිහි වූවානම් ඔවුන්ද අත පල්ලෙන් වැටී කිරි නැතිව මිය ගොසිණි.මීට අමතරව පොතක් ලිවීමට තරම් කරුණු ඇතත් මා ලිපිය මෙතකින් නවත්වමි. ඒ මෙවන් දෑ කීමෙන්ද පලක් නැත. දේශ ප්‍රේමී ප්‍රෝඩාකාරී පුද්ගලයන් සිටින තෙක් කිසිදා ශ්‍රී ලංකාවට සහනය උදා නොවනු ඇත.

   විශේෂ ස්තූතිය ධම්මික ආටිගල , ලලිත් ජයවර්ධන , ශාන් වික්‍රමසිංහ , මගේ පියා ( silentsahanගේ පියා ) . 


ප.ලි.

                 පියාගේ දැඩි විරෝධය මත publish බොත්තම එබුවෙමි.මන්ද ප්‍රෝඩාකාරී රැවටීම් ගැන මෙසේ හෝ කරුණු එළි කල යුතුය.එසේ නොවන්නට මගේ දරුවන් මගේ මිනි වලටද සාප කරණු ඇත...! ඔබේ දරුවන් ඔබේ මිනි වලටද සාප කරණු ඇත...!

මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද


වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!
 රටක අග්‍රවිනිශ්චය ධූරයට හූ කියන තුට්ටු දෙකේ පාපතර...
 රටක පාලන ව්‍යුහයක බිහිසුණු තැන් (01)
බෝලේ පාස් කරගත්තම ඔක්කොම හරිද ?|Dont miss the catc...
 රූපවාහිනී ආයතනයක ප්‍රධාන පාලක මැදිරිය.

*****************



             වෙහෙර හැර ආරම්භ කරන ලද වාහන එකලස් කිරීමේ ආයතනයටද එවැනි සහන ලබා දී අඩපණ කර විනාශම කර දැමීය.2002 අවධියේ ඇති කෙරුණු වාහන පෑස්සුම් ආයතනයද සහන ලබා විනාශම විය. 

 ආචාර්ය ලෝරන්ස් පෙරේරා සතු මයික්‍රෝ ආයතනයද යාන්තමින් සහන / අසහන වෙමින් ඇදගෙන යයි .ළඟදීම සම්පූර්ණ සහනය ලැබීමටද හැකිය. එම ආයතනය 2006 වකවානුව තුලදී මෙරටදීම දුම්රිය මැදිරි එකක් ලක්ෂ 65 වැනි මුදලකට නිෂ්පාදනයට ඇති ශක්‍යතාවය පෙන්වා ඇත.එහෙත් එවැනි ආයතන වල නිෂ්පාදන තුට්ටුවකට ගණන් නොගෙන ප්‍රකෝටි ගණන් මුදල් යටි මඩි ගැසීමේ අරමුණින් විදේශ සමාගම් වලට කොන්ත්‍රාත් ලබා දීම සිදු වේ. මැදිරියක වටිනාකම ලක්ෂ 45 ක් නම් එහි අත යට මුදලම ලක්ෂ 200 පමණ වේ.අත යට මුදලට පමණක් භාණ්ඩයේ වටිනාකම මෙන් 4 ගුණයක් වැය වී ඇත.

                    ලංකාවේ බදු මුදල්ද මෙලෙසම වේ. භාණ්ඩයේ සැබෑ වටිනාකම රුපියල් 10 නම් අපට එය මිළට ගැනීමට සිදු වන්නේ රුපියල් 22 පමණ වූ පසුවය.ඉතුරු රුපියල් 12ම වැය වී ඇත්තේ මෙවන් නින්දිත පුද්ගලයන්ගේ අධූරදර්ශී වැඩ වලටය.රටේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදල් වැය කල යුත්තේ සැබෑ වටිනාකම රුපියල් 10 ක් වන භාණ්ඩයක ගුණාත්මක භාවය තවත් වැඩි දියුණු කිරීමට මිස එම කර්මාන්තය විනාශ කිරීමට නොවේය . එහෙත් 48 සිට සිදු වූයේ බදු මුදල් වලින් සැබෑ ශ්‍රී ලාංකික ශක්තිය විනාශ කිරීමයි. විනාශය සිදු කර එය දේශප්‍රේමී සළුවෙන් වසා ගැනීමට දරණ වෑයමේදී තව තවත් මුදල් අවශ්‍යයය .එම මුදල්ද ලබා ගැනීමට නම් භාණ්ඩයේ බදු මුදල තවත් වැඩි කල යුතුය. එවිට රුපියල් 10 යේ භාණ්ඩයක මිළ රුපියල් 40 / 50 ඉක්මවීම වැළක්විය නොහැකිය.

                   ළඟදීම රුපියල් 10 යේ භාණ්ඩ කර්මාන්තශාලා සහන දරා ගැනීමට නොහැකිව වැසි යනු ඇත .පෙර රාජාණ්ඩු සමයේ මෙන් එවිට අඹුවගේ අවයවයටද බදු ගැසීමට සිදු වීම වැළක්විය නොහැක්කේමය ...!




                   ඉන්දියාවේ අශෝක් මහත්මා බ්‍රිතාන්‍ය ලේලන්ඩ් ආයතනය සමග එක් වී ආරම්භ කරණ ලද ආයතනය අද වන විට ඉන්දියානු රජයේ ආධාර උපකාර මැද අශෝක් ලේලන්ඩ් නමින් අති සාර්ථක ගමනක් යමින් ඇත.ඔබ අද ලංකාවේ  දකින සියලුම පුද්ගලික බස් වලින් 80% වඩා නිපදවා ඇත්තේ එම සමාගමේ. එහිම තව දිගුවක් වන ලංකා අශෝක් ලේලන්ඩ් යනු එම ඉන්දියානු සමාගමයි. බ්‍රිතාන්‍ය , ජපන් සමාගම් හරහා අතර මැදියන් නොමැතිව ඍජුව වාහන නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව එදා විනාශ කර නොදමන්නට අද අප ඉන්දියාවට වාහන අපනය කිරීමට පවා ශක්තියකින් සමන්විත වීමට හොඳටම ඉඩ තිබෙනු ඇත.එහෙත් වර්තමානයේ වුවද සිදු වන්නේ අප ඉන්දියාවෙන් වාහන ගෙන්වීමකි. සුසුකි මරුටි , ටාටා , ඩිමෝ , බජාජ් , TVS වැනි සියලු ආයතන ආරම්භ වූයේ එලෙසිනි. ( ඉඩක් ලැබුණොත් ඒ ගැනද මතු ලිපියකින් ) . පුද්ගලිකව මේ ලිපිය ලියන මාද ජපාන NHK ආයතනයේ විකාශන අයිතිය ශ්‍රී ලංකාව තුල ලැබූ අයෙකි.එහෙත් පැවසීමට ඇත්තේ නැවතත් , 

 මේ සියල්ල අවසාන වන්නේ ක්වාලාම්පූර් සිට ඔහු තම පුද්ගලික ජෙට් යානයේන් නැවත ලංකාව බලා එන අතරතුර 1983 පෙබරවාරි 13 දින ගුවන් අනතුරකට මුහුණ පා ඔහුගේ ව්‍යාපාර හවුල්කරුවන් 5 දෙනෙක් සමග මලක්කා මුහුදට ඉහළ අහසේදී ගුවන් යානයත්  සමගින්  විනාශ වී යමින් . ඉන්පසු නැවත කිසි දිනක ඔහු ආ ගමන යෑමට සමත් ජගතෙකු ලක් මවට බිහි වූයේ නැත. බිහි වූවානම් ඔවුන්ද අත පල්ලෙන් වැටී කිරි වෙනුවට වස කැවී මිය ගොසිණි...! 

 http://obeth-mageth-addakeem.blogspot.com/2013/05/upali-mazda-1968.html
 
මේක කොපි කරගෙන තිබුනට එහෙම ලේසියෙන් පේස්ට් කරගන්ඩ හම්බුන් නෑ ඒ නිසා මෙහි තිබූ සමහර පින්තුර අයින් කිරීමට සිදුවුනා
මෙන්න උපාලි මැස්ඩා කාර් වල පින්තූර කීපයක්










දැන් ඉතින් සමහරුන්ට හිතෙන්ඩ පුලුවන් උපාලි මැස්ඩා එකක් තිබුනනම් මරු නේද කියලත්.....එකක් හොයනවනම් හැපි හන්ටින්...