Wednesday, October 11, 2017

කුකුලේ ගම


තඩියගෙ අම්මගෙ පැත්තෙන් ඔය කුකුලේ ගම කියන ගමට නෑදෑකමක් තියනව නේ. ඔය කුකුලේ ගම ගැන තඩියගෙ පොඩි කාලෙ ලොකු කාලෙ මතක හා අත්දැකීම් කීපයක් තමයි මේ.

පලවෙනියෙන් ගම ගැන විස්තරයක් කියන්නම්. මේ ගම ලස්සන කදු වලින් වට වුන පට්ට ලස්සන ගමක්. ඉස්සරනම් ගැමිකම කියන එක එකෙන්ම තිබුන පැත්තක් නිවාඩුවක් හම්බුනාම අපි යන්ඩ කැමතිම පැත්තක් තමයි මේ. දැන් නම් තත්වය උඩ යටිකුරු වෙලා තියෙන්නෙ..ඒ කුකුලේගම ජල විදුලි බලාගාරය පටන් ගැන්මත් එක්ක කට්ටියගෙ අතමිට සරු වෙලා ගෙවල් වෙනස් වෙලා යානවාහන ඇවිල්ල තියන හින්දයි. ඒත් තවමත් අපි නිවාඩුවකට එහෙ යන්නෙ හරිම කැමැත්තෙන්.......



පලවෙනියෙන් තඩිය පොඩි කාලෙන් පටන් ගන්නම්කො. තඩියගෙ ආච්චියි අක්කා කෙනෙකුයි තඩියයි තමයි මේකට සම්බන්ද..

ඔන්න ඉතින් කුකුලේ යන දවස උදාවුනා,එහෙම ඉතින් දවස උදාවුනාට තඩිය කලින්දවසෙ ඉඳන්ම නැගිටගෙන තමයි. උදේ පාන්දරම අපි ගෙදර ඉඳන් පාරට පයින් එනව කිලෝමීටරයක් විතර එතනින් බස් එකෙන් මීගමුව බස් නැවතුමට එනව මාව ඉතින් අර අක්ක (මැණිකී) අතින් ඇදගෙන තමයි යන්නෙ. තුන් දෙනාම ඉතින් කොලඹ යන බස් එකකට නගිනව ඔය අතරෙ තඩියට හෙන බඩගින්නක් එනව ඉතින් පටන් ගන්නව අඩන්ඩ ගෙදරින් ඔතාගෙන ආපු මොනාහරි බිස්කට් කෑල්ලක් කටේ ඔබල තඩියගෙ කට වහනව. කොලඹට යනකන් ආය කතා නෑ පිටකොටුවෙන් බැස්සම ඉතින්  තඩිය ඇපල් දකිනව මිදි දකිනව පෙයාර්ස් දකිනව ඉතින් මම්මාච්චිට කරදර කරන්ඩ පටන් ගන්නව දකින දකින දෙවල් ඉල්ලල. අනේ ඉතින් ඉල්ලන ඔක්කොම අරන් දෙනව. වටයක් ගහල නගිනව රත්නපුරෙ යන බස් එකට.

ටික දුරක් යනව වටපිට බල බල ඊට පස්සෙ තඩියට නිදිමතක් එනව මම්මාච්චිට හේත්තුවක් දාගෙන නිදා ගන්නව... ආපහු කවුරු හරි වමනෙ දානව ඇහිල නැගිටිනව වටපිට ඔක්කොම කදු, සීතලයි, මීදුම, මැණිකි අක්ක ජනේලෙ බදාගෙන වමනෙ පාරක් දානව. මම්මාච්චි ඉතින් පිට අතගාල වතුර ටිකක් පොවල කටවටෙ පිහ දානව. ඔන්න ඉතින් පැය පහකට හයකට  විතර පස්සෙ අපි පාලමක් ගාවින් බහිනව. ඔතන ඉදන් ගමන කැලෑව මැදින් වැටුන පොඩි අඩි පාරක තමයි.



කලින්ම අපි එනව කියල ලියුන් කඩදහියක් යවල තියන හින්ද ස්‍රියන්ත අයිය පාලම් කොකෙක් වගේ පාලම උඩට වෙලා මග බලාගෙන ඉන්නව. අපිව දැකපු ගමන් පැනල ඇවිත් මලු ටික ඔක්කොම උස්ස ගන්නව. ඊට පස්සෙ පොර ඉස්සර වෙලා යනව. තේ වතු මැදින් පොඩි දිය පාරවල් මැදින් ඒ දඩු වලින් කැලෑ අස්සෙන් තමයි මේ ගමන යන්නෙ හරිම ලස්සනයි, මේ කැලේ කූඩැල්ලන්ගෙන් අඩුවකුත් නෑ මග දිගට කූඩැල්ලො එල්ලෙනව ඔහොම යනකොට හම්බෙනව එල්ලෙන පාලමක් කුකුලේ ගඟ හරහ තමයි ඕක තියෙන්නෙ කම්බි දාල හදල තිබුනට තඩියට ඕක දිගේ යන්ට බයයි


උස නැති හින්ද උඩම යකඩ කම්බිය අල්ල ගන්ඩ බෑ අනික මැදට යද්දි ඔක වැනෙනඩ ගන්නව ඔන්න ඉතින් ස්‍රියන්තය ඔක්කොම පැත්තක දාල තඩියව වඩා ගන්නව. ඔහොම හිටියට පොඩි කාලෙත් තඩිය හරි බරයි ඈ... මේ සම්පූරන ගමන කිලෝමීටර තුනක් විතර තියනව අන්තිමටම අහු වෙන්නේ තවත් පොඩි ලස්සන දොල පාරක් ඔකෙන් එගොඩ වුනාම කන්දකට වගේ වෙන්ඩ මැටියෙන් හදපු ගෙයක් තියනව ඔක තමයි තව සතියක් විතර අපි ඉන්ඩ යන ගේ... පරිසරය වුනත් හරිම සුවදායි බවක් තමයි මේ හරියෙ තියෙන්නෙ ඒ වගේම ගේ ඇතුලත් හරිම කූල්.


ආපු ගමන්ම සබන් කෑල්ලක් දීල ඉන්න කූඩැල්ලන්ගෙ ගාල උන්ව හලල දානව. ඊලගට ලොකු වතුර වීදුරුවක් ඊට පස්සෙ කෙලින්ම කෑමට..... ඔන්න හොඳම හරිය ගෝන මස් රතු බත් සම්බෝල පරිප්පු පපඩන් එක්ක බුරිය උල් වෙන්ඩ කෑවැකි. ඊලගට කිතුල් පැනි එක්ක මී කිරි. ඊට පස්සෙ ඉතින් වැඩිහිටියො එයාලගෙ වල් පල් කියෝනව පොඩි උන් ටික අරහෙ මෙහෙ දුව දුව නටනව... නීති දාන්ඩ කවුරුත් නෑ වැලි අල්ලන්ඩ එපා කියන් නෑ වතුරෙ බහින්ඩ එපා කියන් නෑ පට්ටම නිදහස්.

මට මතක විදිහට අපි මේ ගියෙ අවුරුදු කාලෙ ලන්වෙලා මිදුලෙ පුටු කබලකට හේත්තු කරපු  හයිය ලෑල්ලකට කැටේ විසි කරන්ඩ කොල්ලො කෙල්ලො පිරිල හිටිය සුට්ටන් සුට්ටන් උන් තමයි. මම්මාච්චි ඔක්කොටම සුපියල් දෙකේ කාසි දෙක ගානෙ බෙදල දුන්න ඔන්න ඉතින් එක එකා මරාගෙන කැට ගහනව....


තඩිය වැඩිපුරම ආස අනික් වැඩේ තමයි මාලු අල්ලන එක. ගෙදරින් පහලට බැස්ස ගමන්ම දොල ඔකේ ඉතින් පොඩි පොඩි මාලු පිරිල බැනියමක් ගලෝගෙන තව කොල්ලෙක්වත් අල්ලගෙන ඔකෙන් මාලු අල්ලනව උන්ව පොඩි කුප්පි වල දාල එකතු කරනව ගෙදර යනකොට අරන් යන්න කියල. කොහෙ උදේ වෙනකොට උන් අතුරුදහන් වෙලා


කවුරු හරි උන්ව ආපහු දොලට දානව එකෙක් වත් ගෙදර නම් ගේන්ඩ හම්බුන් නෑ

හවස් අතට පොඩි සිංඥ් මාම ගහෙන් බාපු කිතුල් රා කලයක් ගේනව මම්මාචිචිත් අසෝක වීදුරුවෙන් දෙකක් විතර නෝමල් එකෙ ඉවර කරල දානව අපිටත් ඉතින් යාන්තක් එහෙන් මෙහෙන් දිවේ ගාල බලන්ඩ හම්බෙනව.


ඉතින් මෙහෙ රෑට නිදාගන්න එකත් පුල් මාවලස්. බූරු ඇඳ තමයි තියෙන්නේ.රෑට පට්ට සීතලයි. ඔහෙ තිබුන පරන බැටරි දාන රෙඩියෝ එකක් ඔක ඉතින් මම උස්සන් ඇවිත් ඇඳේ තියාගෙන සින්දු අහනව ඒ දවස් වල කරන්ට් එක එහෙම නෑ රෑ හත අට වෙද්දි ඔක්කොමල නිදි. ඉතින් මේ ගම බොහොම නිස්කලන්කයි නියම හයිඩ් අවුට් ප්ලේස් එකක්.

පොඩි කාලෙ මතකය නම් ඔච්චරයි ඊ ලගට ටිකක් ලොකු කාලෙක එකක්

මේ ගමනට තඩියගෙ මල්ලියි මල්ලිගෙ බාලයක්ස කන්ඩායමෙ කට්ටියයි තඩියගෙ මෑණියොයි පියානොයි තමයි ලෑස්ති වුනේ අපි ගියෙ කුකුලේ ගඟ ගාව කෑම්ප් එකක් ගහන්ඩ.කට්ටිය ඉතින් සින්දුවක් එහෙම කියාගෙන ගඟ ලඟ කෑම්ප් සයිට් එක සුද්ද බුද්ද කරල වැලි දාල පොඩි කන්ඩියක් වගේ හදල ඒක උඩ ටෙන්ට් ගහල ලක ලෑස්ති කර ගත්තා. රෑට අමුවෙන්ම ඉන්ඩ බැරි හින්ද තඩියයි ස්‍රියන්තයයි මාරු වෙලා ටවුමෙ බාර් එකෙන් බොතල් දෙකක් ගෙනාව. කොච්චර හොරාට කරත් ඔක ඉතින් තාත්තට මාට්ටු ඉතින් අපිට බැනලත් වැඩක් නැති හින්ද එයා ඔකෙන් කොක්ටේල් බකට් එකක්ම හැදුව. ඔය අතරෙ රෑට බාබකිවු එකකට වල් ඌර, කුකුල , මාලු එහෙම ලුනු ඇබුල් තුනපහ පදමට අතගාල තියන්ඩත් අමතක කරේ නෑ.




රාත්‍රිය උදා වුනා... නින්ද ඇයි නොයෙන්නේ.... කියාගෙන අපි වැඩේට සෙට් වුනා ගිනි මැලයක් එහම ගහල බාබකියු එකත් පටන් ගත්තා සින්දුවක් දෙකක් කියාගෙන ගානට වදින බෙරපාරයි ගිටාර් එකයි එක්ක හිමීට කොක්ටේල් වීදුරුවක් එහෙම දිව ගාගෙන ගියා.. ඉතින් ඔය බාබකිවු එක බලා ගත්තෙ තඩියා ගානට පිච්චුන පලවෙනි ඌරුමස් කෑල්ල තඩිය රහ බැලුවා.. හ්ම්ම්ම් අවුලක් නෑ මරු කට්ටියටම මස් බෙදුවා ස්‍රියන්තය කියාපි කවුරුත් කන්ඩ කලින් ඉඳුල් කරන්ඩ කියල... කොහෙ බඩජාරිය ඉතින් පටන් ගන්ඩත් කලින් කාල නේ... අවුලක් නෑ තඩියත් ඔහෙ හිටිය මොනා කරන්ඩද කාපුව වමාරන්ඩයැ. ටික වෙලාවකින් තඩියගෙ ඔලුව කැරකෙන්ඩ පටන් ගත්තා ඔහොම්ම ගෙහින් ටෙන්ට් එකක් ඇතුලට වැටුන විතරයි මතක ආපහු නැගිට්ටෙ පහුවෙනිදා උදේ.මොකද වුනේ කියල දන් නෑ මතක නෑ.
ඊට පස්සෙ ඉදන් එකම දොස්මුරයයි පෙරෙත කමට කාල යක්ස බැල්ම වැටුන කියල. එදා ඉදන් තඩියට ඌර ඇලජික් වුනා කෑවොත් හුස්ම ගන්ඩ බැරි වෙනව හොටු ගලන්ඩ පටන් ගන්නව..හේතුව මොක වුනත් එහෙම වුනා.

ඉතින් ඊට පස්සෙ කීප පාරක්ම අපි එහෙ ගියා වර්තමානෙ ඒ ගමට වෙලා තියන දේ ඉතාමත් කනගාටුදායකයි.

එක රැයින් පෝසත් වීමේ අරමුනින් කට්ටිය වල්ලපට්ට කපන්ඩ පටන් ගත්තා. ඒකෙන් හොද ගානක් හම්බ කරපු අයත් ඉන්නව. ඒ වගේම වැලි ගොඩ දාන කොටසකුත් ඉන්නව ඉතින් ගගත් දැන් හරිම ගැබුරු වෙලා.. මේ ලගදි වැස්සට ඔය ස්‍රියන්තයගෙ ගේ එහෙමත් යට වුනා ඉතින් අපි ගියා ගන්වතුර ආදාරත් අරගෙන එයාලව බලන්ඩ මේ පාරනම් අපි ගියෙ හයි වේ එකේ. උපරිම පැය දෙකෙන් තුනෙන් එහෙට යන්ඩ පුලුවන් පාරවල් කාපට් කරල ගමන නම් හරිම ලේසියි. ඉතින් ඔය යනගමන් අතරමග පන්සලක් එක්ක කන්දක් නාය ගිහින් තිබුනා මහ විශාල ගලක් පාර මැදටම ඇවිත්

වටේ පිටේ මිනිස්සු මොනාද හොයනව තඩියත් ඉතින් විපරන් කොරල බැලුව නාය ගිය වත්තෙ ඉදල තියෙන්නෙ සල්ලි කාරයෙක් මිනිහ ඔකෙන් මැරිලා ගම්මු විස්වස කරනව මිනිහගෙ සේප්පුව තවම පස් යට තියනව කියල. සේප්පුව කෙසේ වෙතත් පහල වතුර පාර හරියෙන් මිනිහගෙ ඩිෆෙන්ඩර් එකනම් මතුවෙලා තිබුනා කුඩු වෙලා තිබුනත් තවමත් එක සිග්නල් ලයිට් එකක් පත්තු වෙවී තිබුනා.



ඉතින් ඊලගට හැමෝම වගේ නවත්තන සුමන සමන් දේවාලෙ ලග නවත්තල පඩුරක් දාල එහෙම පිටත් වුනා පාරෙ තැනින් තැන නාය ගිහින් තිබුනා..කුකුලෙ ගම පාරට හරෝල යනකොට ඉස්සර තිබුන ගම කොච්චර වෙනස් වෙලාද කියල තේරුනා පාර මග දිගටම නාය ගිහින් ගල් පෙරලිලා. මේව ඉතින් මිනිස්සුන්ගෙ වැඩ හින්දම වුන දෙවල් මිසක් වැස්ස හින්ද වුන දෙවල් නෙමෙයි.





ගන්වතුර අහුවුන උදවියව බලල එහෙම අපි ලගම තියන ඇල්ලක් ලගට දවල්ට කන්ඩ ගියා අහෝ ටවුකන්ඩ මෙච්චර වැහැලත් ඒ දිය ඇල්ල හිදිලා බොහොම පොඩි වතුර පාරක් තමයි තිබුනෙ. ඊලග පාර යනකොටනම් ඔක්කොම හිදිල තියෙයි මම හිතන්නෙ. මොනව කරන්ඩද ආපු එකෙ බත් ඩින්ගක් කාල වතුර ඩින්ගක් නාල එන්ඩ පිටත් වුනා.


ඉතින් ඔය එන ගමන් තඩියට හිතුනෙ අපි පොඩි කාලෙ රස විදපු ඒ පරිසරය ඉවරයි නේද කියන එක.. අපේ පොඩි එකෙක්ට පෙන්නන්ඩ අන්තිමට මොනවයින් මොනව ඉතුරු වෙයිද දන් නෑ... විල්පත්තුව දිහා බැලුවත් ඉතින් ඔය ටිකම තමා තව අවුරුද්දකින් විතර ඔතන්ට වෙන නමකුත්  වැටිල කාන්තාරයක් වෙලා තියෙයි. ඉතින් අපි අපිට උරුම වෙලා තියන මේ පරිසරය රැක ගමු. ට්‍රිප් එකක් ගියත් යන තැන විනාස කරල එන් නැතුව එතන තව කෙනෙක්ට රස විදින්ඩ පුලුවන් වෙන්න ආරක්ශා කරල එමු.





20 comments:

  1. පිස්සු හැදෙනවනේ....

    මටත් ඩිංගක් විතර ඔය ගමක සිරියක් විඳින්න ලැබිලා තියෙනවා. ඒ නිසා මේ විස්තරේ දැනෙනවා. ඇත්ත, ට්‍රිප් ගියාම ඒ තැන් විනාස කරලා එන උන් එක්ක මටත් ටිකක් තරහා යනවා. ඕකට දියකඩිති ගාව බොන එවුනුත් ඇතුලත්.. හි හි හි....

    ReplyDelete
    Replies
    1. ඉතින් අපිත් දිය කඩිති ගාව බොනවනෙ.... අපි බීපු ඔක්කොම අපහු එකතු කරල අරන් එනවා. ඔය ඇල්ල ගාවත් බෝතල් කුඩු කරල දාල තියනව. අපරාද ඉතින්. දවසක් මීගමු බීච් එකේ ගල් වැටිය ගාව අපි සුට්ටන් ඩින්කල් එකක් දාගෙන ඉන්න කොට කොල්ලො කට්ටියක් බීපු බෝතලයක් ගලේ ගහල කුඩු කරා අපි උන්ගෙන් ගේම ඉල්ලල ඔක්කොම ඇහිලෙව්වා. අපිනම් ගමනක් බිමනක් යනකොට කන බොන ඔක්කොම වාහනේ ඇතුලෙ එකතු කරනවා. ගෙදර ගෙනල්ල විසි කරනව

      Delete
  2. බොලා කියන කතාව ඇත්ත. ඔය ස්වාභාවික විපත් කියන ඒව කිසිම දෙයක් ස්වාභාවික ඒව නෙමෙයි ඒ පරිසරයෙ ජීවත්වෙන මිනිස්සුම තමන්ට කරගත්ත ඒව.
    ඒ වගේම ඉස්සර බොහොම සුන්දරව තිබුණ ගම්මාන වැඩිහරියක් මේ වෙනකොට වාණිජ පරමාර්ථ නිසා විනාස වෙලා ගිහිල්ල.

    ReplyDelete
    Replies
    1. ඒක හැබැයි. ඒ වුනාට අපිට ඕව තේරෙනකොට අපි පරක්කු වැඩියි.

      Delete
  3. http://yanhella.blogspot.com/2017/02/1.html
    මෙතන ඉඳල ඉස්සරහට කොටස් තුන හතරක තියෙනව ප්‍රොජෙක්ට් එක නිසා ඔය ගම වෙනස් වෙච්ච හැටි ගැන ගමේ එකෙක්ගෙම අත්දැකීම්.

    ReplyDelete
    Replies
    1. මම කියන හරිය ගැනම තමයි මිනිහ කියන්නෙත් මට වඩා හොඳට විස්තර කරල තියනව මරු ඒක නම්

      Delete
  4. ගමක ජිවිතේ නමි ඉතින් කියලා වැඩක් නැ.සරල ජිවිත,⁣⁣නිහතමානි මිනිස්සු...නිවාඩු කාලෙට අමිමා ලාගෙ ගමෙි යනව කියන්නේ..සැප...සැප...


    ස්වාභාවික විපත් තිබුණේ ඉස්සර දැන් තියෙන්නේ අපිම අපිට කරගත් දෙවල්...

    ReplyDelete
  5. අපූරු සටහනක්.. අර පලවෙනි පින්තූරෙ දැක්කහම එතනට යන්නම හිතෙන තරම් ආසයි.ඒත් පාලම දැක්කම ඇග සීතල වෙනවා.. කූඩැල්ල දැක්කම උණ හැදෙනවා. අන්තිමට තියෙන පින්තූර ටික දැක්කම මේ හැමදේම අනිත්‍යයි කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඔය උඩම පින්තුර ඉන්ටර්නෙට් එකෙන් උස්සපුවා පලවෙනි එක මම හිතන්නෙ යාල කැලේ එකක් වැල් පාලමත් එහෙමයි ඉස්සුවා ඔවයෙ පින්තූර ගන්න ඒදවස් වල කැමරා අරව මේව නැහැනෙ. හැබැයි ලබන පාරනම් ඔය මම කියපු පරන පාරෙන් පොඩ්ඩක් ඇතුලට ගිහින් බලනව ....කොහෙද ඉතින් මේ සරීර කූඩුවට් එක්ක ඇවිදින්ඩනෙ බැරි

      Delete
  6. බොලේ කාටවත් තවම මේ පාලම් කොකාගෙ සීන් එක අහු වෙලා නැහැනෙ.. මේ කතාවෙ ඇතුලෙ පාලම් කොකෙකුත් ඉන්නව

    ReplyDelete
  7. තඩියෝ! උබේ පොස්ට් එකේ පලවෙනි ෆොටෝ එක දැක්කහම මම හිතුවෙ ඒ ලංකාව නෙමෙයි කියල. පුදුම ලස්සනක් මචං. ඒත් කියවගෙන පල්ලෙහාට යද්දි අපි ගැනම කාලකන්ණි හැඟීමක් ආව. මට සොබාදහම ගැන ලොකු අමාරුවක් නැහැ. ඒත් මම ට්‍රැවල් කරද්දි ලොකේෂන් ගැන ගොඩක් සැලැකිලිමත් වෙන්නෙ නේචර් එක කියන්නෙ විඳින්න පුළුවන් පුදුම තැනක්.ලංකාවේ ඉන්නකොට ඔය කුණු ගැන මම ගොඩක් සැලකිලිමත් උනේ නැහැ ඇත්තම කියනවනම්. ඒත් මම මේ රටට ඇවිත් කල පලවෙනි අර්ධ කාලීන රැකියාව උනේ යාර්ඩ් මෑන් රස්සාව. ඒ කියන්නේ තට්ටු 15 (ෆ්ලැට් 255ක්‌) ක මැන්ෂන් එකක කුණු එකතු කරන එක. අද මට හොඳ රැකියාවක් තියෙනව. ඒත් අදටත් සෙනසුරාද උදේට ගිහිල්ල පැය 4කට ඒ රස්සාව කරන්නෙ සල්ලි ඕන කමටවත් නෙමෙයි. මම එකෙන් සතුටක් ලබනව. මමත් මගේ ෆ්ලැට් එකේ රීසයිකල් සාමාන්‍ය කුණු වෙනම දානව. මොකද මම දන්නව දැන් කුණු එකතු කරන මිනිහෙකුගෙ තත්වය.

    කවදාහරි ලංකාවෙදි සෙට් වෙමු තඩියෝ. බාබකිව් එක්ක කෑම්පින් පාරක් දාමු.

    👊🏽

    ReplyDelete
    Replies
    1. අනිවා ටික්කා හැම මිනිහම මේ විදිහට හිතන් නෑ අද ගැන විතරයි හිතන්නෙ. හෙට ගැන උන්ට වැඩක් නෑ..
      දෙසැම්බර් විසි හතරෙන් පස්සෙ මම ලන්කාවෙ ඉන්නව ඒ වෙනකොට ඉන්නවනම් මට කියාන් අපි සෙට් වෙමු....

      Delete
  8. කුකුලේගමට කලුතරින් යන එක ලේසි නැද්ද.. එහේ නේද මාකෙලි ඇල්ල තියෙන්නේ.. මං යන්න ආසවෙන් ඉන්න පලාතක් ඒක.. කොහොමත් ඉදිරි පරම්පරා වලට බලන්න ලස්සනක් ලංකාවේ ඉතුරු වෙන් නෑ...

    ReplyDelete
    Replies
    1. කලුතර පහු කරපු ගමන් කටුකුරුන්ද හන්දියෙන් වමට දාල තමයි යන්නේ. දැන් නම් ඔය පැත්තෙන් යැවෙන් නෑ හයිවේ එකේ යන්නෙ. ඔය කියන මාකෙලි ඇල්ල ඒ හරියෙ තමයි තියෙන්නෙ. මම බලන්ඩ ගෙහිල්ලත් නෑ. ඔය පලාතට ගියාම රවුම් ගහන්ඩ ඔන නෑ දිය ඇල්ලක් හොයා ගන්න. මම කියන ගෙදර ලඟම එකක් තියනව බෝතල් දෙක තුනක් එක්ක සෙට් වෙන්න තමයි තියෙන්නෙ. යනවනම් කියන්න ලන්කාවෙ ඉන්න කාලෙකනම් සෙට් වෙලා යමු

      Delete
  9. අර යාන් හෑල්ලෙ කියන්නෙත් ඔය ගැන නේද?

    ReplyDelete
  10. තඩියට නම් හරියන්නේ නිසාන් පැටරෝල් එකක් තමයි!

    ReplyDelete
    Replies
    1. ලබන ආත්මෙ දිහාට ලාවට ට්‍රයි එකක් දෙන්ඩ ඔනා එකක් ගන්ඩ.....හිහිහ්හි....

      Delete
    2. හේ හේ හේ ,., එක තමයි . ට්‍රය් කරොත් බැරිවෙන එකක් ණෑ . බැරිමනම් 120 prado එකක් හරි . පරණ උනත් යක්කු බැදගත්ත වගේ තමයි

      Delete