Monday, January 22, 2018

උපාලිගේ අලුත් තතු

ඉතින් ගිය දෙසැම්බරයෙත් පුරුදු විදිහටම අත ගැහුව උපාලිව ගොඩ දාන වැඩේට.
හිතන තරන් ලේසිත් නෑ අමාරුත් නැති සීන් එකක් තමයි මේක.



ගෙදරට ගොඩවෙලා පහුවෙනිද පලවෙනියෙන්ම කරේ මේ උපාලිව පොඩ්ඩක් බලපු එක බලන කොටනම් ආසයි නිල් පාට....



ඇතුලත් හොඳට කරල තියනව සීට් ඔක්කොම අලුතෙන් කුශන් කරල කාපට් දාල ඒ වුනාට වැඩ ඉවර කරල නෑ වයරින් කරන්න තියන හින්ද.



වීදුරු ගලවල තිබුන හින්ද බීඩින් හයි කරන කෙනෙක්ව හොයල ඉස්සරහ පස්ස වීදුරු ටික හයි කරෝ ගත්තා.






බීඩින් සවි කිරීම



එන්ජිම නම් මම යන්ඩත් කලින්ම හිරාන් අයියලා ඇවිල්ලා හයි කරල තිබුනා ඊ ලඟට පටන් ගත්තෙ බ්‍රේක් හදන්නයි.අවසන් තීරනය වුනේ මේකට සේව් බ්‍රේක් සිස්ටම් එකක් හයි කරමු කියල.

ඇන්ජිම සවිකිරීමෙන් පසු


පුරුදු බාස්ට කෝල් කරා මිනිහට වැඩ.. ඊටත් වැඩියෙම මම නැති වෙලාවට මිනිහා ඕක හදන්ඩ වැඩිපුරම කැමති වැඩිපුර ගානක් කඩා ගන්ඩම හින්දයි... ඉතින් මම ඉස්කෝලෙ යන කාලෙ මිත්‍රයෙක් වුනු ගෙම්බා ට කතා කරල වැඩේට අත ගැහුවා. පොම්ප අනන් මනන් අඩුම කුඩුම ටික හොයාගෙන ආව.

මවුන්ට් ගැන කම්පනා කොරමින්


අපේ ගෙදර තියාගෙනම වැඩේ පටන් ගත්තා. දවසක් දෙකක් කරනකොට තෙරුනා අපේ දිහා තියන් හැදුවොත් ඕක තව කල්පෙකට ගොඩ ගන්ඩ බැරි බව.

උපාලිට සුට්ටක් පෙව්වා


හේතුව ඉතින් කියන්ඩ ඔන නෑ නෙ පේනව නෙ. (ඔය වැට් හය බෝතලේ ගැන කතා තව ඉස්සරහට) කොහොම හරි අන්තිමට ආපහු උපාලියව මගෙ යාලුවගෙ ගැරෙජ් එකටම ගිහින් දාන්න වුනා මිනිහනම් කියන්නෙ තව මාසෙකින් වැඩේ ඉවර කරල දෙන්නම් කියල බලමුකො නේ.



අලුතෙන්ම ටයර් හතරක් දැම්මා


දැන් ඉතින් ඉතුරු වෙලා තියෙන්නෙ වයරින් වැඩ ටික තමයි.... ඒ වුනාට පොඩි පොඩි වැඩ ඇති පදමට තියනව.

වැඩනම් තවත් කොටසකට ඉතුරු වුනා.... අන්තිම ටික වඩා රසවත් කියනවනේ..... අන්තිම කොටහින් හම්බෙමු ....

Sunday, January 21, 2018

31 රෑ

ඔන්න ඉතින් පරන අවුරුද්දෙ මඟ ඇරුන ඒවයෙ ඉඳන් ඔක්කොම ලියන්ඩ කියල හිට0 යන්නෙ.

රෝද දෙකේ රස්තියදුව එක්ක ගියානෙ පොඩි රවුමක්.



මම ඉතින් ගොඩ බැස්ස ගමන් මල්ලිගාව තිබුන මගේ බයිසිකලේ උස්සාගෙන ගෙදර ගෙනාව... එන්ජිමත් හදල අනික් ඔක්කොම හොදයි පිටි පස්සෙ බ්‍රේක් ලයිට් කවරෙ නෑ. ඒකනම් එච්චර අවුලක් නෑ..

ඉතින් ඔක පොඩ්ඩක් පදින්ඩ කියල හිතාගෙන ලයිසන් ඉන්ශුවරන්ස් හොයනකොට බඩු මිසින්.... මේකා කියාපි ඔක්කොම කොරල තියෙන්නෙ ගෙදර ඔක්කොම ඇති කියල. දවසක් දෙකක් බැලුවට වැඩේ හරියන් නෑ. ඕක ගැන රෝදදේකේ රස්තියාදුවෙ ගෘප් චැට් එකට දැම්ම. මද්ද බලල කිව්ව ඔක්තෝම්බර් වලින් ඔක්කොම ඉවර වෙලා කියල.. (බලාපන්කො මලයගෙ බොරුව ) මම ඉතින් අලුතින්ම ඔක්කොම අරගෙන බයික් එකත් හෝදල කරල පහුවෙනිද ගමන යන්ට පිටත් වුනා.

මට ඉතින් කට්ටිය අවිස්සාවෙල්ලට එනව කිවුවෙ උදේ 9ට විතර හින්ද මමත් ඉතින් 50-60 අතරෙ නිවාඩු පාඩුව ගියා යන්තන් 9 වෙද්දි අවිස්සවෙල්ලට ආව කොයි මුන් එකෙක්වත් නෑ..... කට්ටිය මග එන ගමන් මමත් ඉතින් උදේට මොනාහරි පොඩ්ඩක් බඩට දාගෙන කට්ටිය එනකන් පොඩි මනෝපාරක් ගහගෙන හිටියා.




කොහොම හරි සචින්තන මල්ලි කෝල් කරල ඉන්න තැන කියල මාවත් සෙට් කර ගත්තා.අපි කණ්ඩායම් දෙක පුවක්පිටිය පාලම ලගින් සෙට් වුනා.
කට්ටියම ගියා කුමාරි ඇල්ල ලඟ නාන්න තිබුනු නියම තැනකට.



ඔතනදි ඉතින් මට නියම සෙට් එකක් හම්බුනා ඔක්කොම බයික් හා කෑම්පින් පිස්සො.. මේ වෙනකන් හම්බුන සුපිරිම සෙට් එකක්.





වතුර ටික නම් සුපිරි. වතුර දැක්කම කට්ටියට කොහොමත් ඉන්ඩ බෑනෙ.. කට්ටිය පැනල නෑව......

මද්දා හොඳට කුනු අතුල්ලපන්


වැඩේ කියන්නෙ මුන් එකෙක්වත් බොන් නෑ නෙ... මගෙ ඇඟ නිකන් බොන්ඩ නැතුව ගැහෙනව ගැහෙනව වගේ වුනා.. පස්සෙ මම සද්ද නැතුවම ඒකට පිලියමක් යොදා ගත්තා..... (මද්දා තාමත් මේක දන් නෑ නේ... හූ හූ) අනිත් කස්ටියත් තම තමන්ගෙ, අනුන්ගෙ, වටේ ඉන්න උන්ගෙ, ලෝකවල් වල හිටියා....




සචින්තන මල්ලි ගිටාර් පාරක් ගහල ලස්සන සින්දුවකුත් කිවුවා  ( කියන්ට බැරි වුනා නේ මෙතන තිබුන සුපිරිම බයික් එක තිබ්බෙත් බුවාට තමයි....හැබැයි ඊලඟ පාරනම් ඕක හදාගෙන හිටියෙ නැත්තන් උබව දාල යනව )....

පස්සෙ ඉතින් කටිටිය නාල කරල ගොඩ ආවට පස්සෙ මද්දා අපිව ලඟම ලඟ පාරකින් කන්ඩ තැනක් හොයන්ඩ යමුයි කියල එක්කන් ගියා.. කොච්චර ලඟද කියනවනම් පට්ට ලඟයි......(ටවුකන්ඩ ) කටිටිය කොහොම හරි ඔය ලෝන්ග් ශෝර්ට් කට් එකෙන් ආපහු අවිස්සවෙල්ලට ආව.

එතනින් කෑම කාල එහෙම මම ඉතින් විසිරිලා යනව කියල එලියට බහිද්දිම තවත් රෝද දෙකක් කඩාගෙන බිඳගෙන ඇවිත් නවත්තල වටපිට බලන්නෙත් නැතුව ඔහොම්ම අස්සට ගියා.. පස්සෙ ඉතින් මද්දා මට කිව්ව ඒ මලියගෙ සටහන ලියන මලිය තමයි ආවෙ කියල. මම ඉතින් ලඟට ගිහින් අතත් දීල කතා කොරා මාව හදුන්වා දුන්න ඌට ගානක් වත් නෑ.. මමත් ඉතින් ඉල්ලගෙන පචවෙන්ඩ ඕන නැති හින්ඩ ටවුකපන් කියල ආවා. අන්න කොල්ලො...



මම ඉතින් ඔතනින් එලියට බැහැල හිතේ තිබුන මානෙට වමට දාල ගියා බොලේ අවිස්සාවෙල්ලෙ හිටපු මම කුරුවිට පැත්තට ගිහින් තියෙන්නෙ. වැරදිලා බොලව් පාර වැරදිලා..... මම ඉතින් කිලෝමීටර් 17ක් විතර වැරදි පැත්තට ගිහින් හරෝගෙන එනකොට අනිත් සෙට් එක මගදි හම්බෙලා ආපහු බායි කියාගෙන හරි පාරෙන් ගෙදර ආව.... මගදි මම හිතපු විදිහටම කලු බල්ලෙක් පාර හරහා පැන්නා යන්තමින් ඌවත් බේරල මමත් බේරීගෙන (බල්ලගෙ අයිතිකාරයන්ගෙ දෙමව්පියන්ගෙ ඉඳන් බල්ලගෙ මහ උන් දක්වා ගුනවර්නනා කරා) අවුලක් නැතුව ගෙදර ආවා.

ඔය පාරේ දඩාවතේ යන බල්ලොත් එක්ක මගෙ පොඩි එරියස් එකක් තියනව ඒක ඒ ඒ වෙලාවට යන වාහනේ අනුව වෙනස් වෙනව.ඒ විස්තර පස්සට

මද්දා වෙත,
ඔන්න ඊලඟ පාර මට හරියන ටී- ශර්ට් එකක් මහල තිබුන් නැත්තන් බලාගමු...
හර්ශ පුතී ඔයා ගැන ඉස්සරහට කමින් සූන්....

Sunday, January 7, 2018

අපිටත් හෙටක් 2 කුරුකුදේ සාරිපුත්ත හා පෙරහෙට්ටිය පාසල

කලින් පාර පොරොන්දු වුනා වගේම මේ පාරත් අපිටත් හෙටක් විසින් කුරුකුදේ සාරි පුත්ත විදුහලට හා පෙරහෙට්ටිය ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන සිසුන් 250 ක් සඳහා පාසැල් උපකරන හා ලිපි ද්‍රව‍ය පරිත්යාග කරන ලදි.


පොත් ඇසිරීම




අපිව පිලිගන්න පෙරහැරකුත් තිබුනා








ඊලගට ඉතින් පහන් පත්තු කරල ආරධිත අමුත්තන්ගෙ කතා ටික පැවැත්වුවා. ඔය කතා වලටනම් පොඩ්ඩන්ගෙ එච්චර කැමැත්තක් නෑ. තෑගි ටිකට තමයි කැමැත්ත...








ඔය අතර තුරට ලස්සන නැටුම් ගැයුම් මෙන්ම නාට්යය කිහිපයක්ද රඟ දැක්විය










                           



                                       
 
                                   

                                                        නැවත්ත් පොත් ප්‍රදානය














                                    පෙරහෙට්ටිය ප්‍රාථමික පාසලට පොත් ප්‍රධානය කිරීම




පොත් ලබාදීමෙන් අනතුරුව ගමේ කාන්තා සමිතියක් විසින් පොඩි උන්ට කෑම ලබාදීමට ඉදිරිපත් වී සිටියා.







අපිත් එක්කම එකතුවුන රෝද දෙකේරස්තියාදුව කණ්ඩායම








                                                           
                                                                    අපේ සෙට් එක









මෙය නැවතත් ප්‍රතිසන්ස්කරනය කර ලස්සනට ලියන බව කරුනාවෙන් සලකන්න...