Monday, January 22, 2018

උපාලිගේ අලුත් තතු

ඉතින් ගිය දෙසැම්බරයෙත් පුරුදු විදිහටම අත ගැහුව උපාලිව ගොඩ දාන වැඩේට.
හිතන තරන් ලේසිත් නෑ අමාරුත් නැති සීන් එකක් තමයි මේක.



ගෙදරට ගොඩවෙලා පහුවෙනිද පලවෙනියෙන්ම කරේ මේ උපාලිව පොඩ්ඩක් බලපු එක බලන කොටනම් ආසයි නිල් පාට....



ඇතුලත් හොඳට කරල තියනව සීට් ඔක්කොම අලුතෙන් කුශන් කරල කාපට් දාල ඒ වුනාට වැඩ ඉවර කරල නෑ වයරින් කරන්න තියන හින්ද.



වීදුරු ගලවල තිබුන හින්ද බීඩින් හයි කරන කෙනෙක්ව හොයල ඉස්සරහ පස්ස වීදුරු ටික හයි කරෝ ගත්තා.






බීඩින් සවි කිරීම



එන්ජිම නම් මම යන්ඩත් කලින්ම හිරාන් අයියලා ඇවිල්ලා හයි කරල තිබුනා ඊ ලඟට පටන් ගත්තෙ බ්‍රේක් හදන්නයි.අවසන් තීරනය වුනේ මේකට සේව් බ්‍රේක් සිස්ටම් එකක් හයි කරමු කියල.

ඇන්ජිම සවිකිරීමෙන් පසු


පුරුදු බාස්ට කෝල් කරා මිනිහට වැඩ.. ඊටත් වැඩියෙම මම නැති වෙලාවට මිනිහා ඕක හදන්ඩ වැඩිපුරම කැමති වැඩිපුර ගානක් කඩා ගන්ඩම හින්දයි... ඉතින් මම ඉස්කෝලෙ යන කාලෙ මිත්‍රයෙක් වුනු ගෙම්බා ට කතා කරල වැඩේට අත ගැහුවා. පොම්ප අනන් මනන් අඩුම කුඩුම ටික හොයාගෙන ආව.

මවුන්ට් ගැන කම්පනා කොරමින්


අපේ ගෙදර තියාගෙනම වැඩේ පටන් ගත්තා. දවසක් දෙකක් කරනකොට තෙරුනා අපේ දිහා තියන් හැදුවොත් ඕක තව කල්පෙකට ගොඩ ගන්ඩ බැරි බව.

උපාලිට සුට්ටක් පෙව්වා


හේතුව ඉතින් කියන්ඩ ඔන නෑ නෙ පේනව නෙ. (ඔය වැට් හය බෝතලේ ගැන කතා තව ඉස්සරහට) කොහොම හරි අන්තිමට ආපහු උපාලියව මගෙ යාලුවගෙ ගැරෙජ් එකටම ගිහින් දාන්න වුනා මිනිහනම් කියන්නෙ තව මාසෙකින් වැඩේ ඉවර කරල දෙන්නම් කියල බලමුකො නේ.



අලුතෙන්ම ටයර් හතරක් දැම්මා


දැන් ඉතින් ඉතුරු වෙලා තියෙන්නෙ වයරින් වැඩ ටික තමයි.... ඒ වුනාට පොඩි පොඩි වැඩ ඇති පදමට තියනව.

වැඩනම් තවත් කොටසකට ඉතුරු වුනා.... අන්තිම ටික වඩා රසවත් කියනවනේ..... අන්තිම කොටහින් හම්බෙමු ....

34 comments:

  1. බොන්ඩ එපා බං හැදියංකො.

    ReplyDelete
    Replies
    1. නුවරෑලියෙ ගියායින් පස්සෙ හැදුනා බොල ඒ වුනාට පෙවෙනව නෙ....

      Delete
  2. වාව් , තඩියෝ . උපාලිට පණ දෙන්න හදන එක පට්ට . Mazda 1500 මොඩල් එක වගේ එයි ලෝව්ප්රෝෆිලේ ටයර් සෙට් එකයි එකට ගැලපෙන අලෝව්වීල් සෙට් එකයි දැම්මහම .

    ඔය ඉස්සර පස්සේ වටේ නිකල් පටියක් එන්න ඕනේ නේද ? නිකල්සෙල් එක කෝ ? දොර පින් ලොක් වයින්ඩර් එහෙම හදල ඉවර අතෙයි ?

    යෝජනාවක් විදියට , රේඩියේටර් ගද්දි බලලා ac කන්ඩෙන්සර් එකක් එක්ක තියෙන සෙට් එකක් (රී කන්ඩිෂන් හරි කමක් නෑ) ගත්තනම් ac කරන දවසට වියදමත් අඩුයි කලෙත් ඉතුරුයි .

    වැඩේ ඉක්මනට සාර්ථකව අවසන් කරගන්න පුළුවන් වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා ./

    ReplyDelete
    Replies
    1. මේක මැස්ඩා1500 තමයි... ඔරිජිනල් උපාලි නෙමේ.ඒ වුනාට ලන්කාවෙ අදුරන්නෙ උපාලි මැස්ඩා කියල තමයි

      නිකල් පටි ටික අතුරුදහන් කොරල පේන්ට් බාසා. කොටින්ම ඌ ඔරිජිනල් බීඩින් ටිකත් කෑලි කෑලි වලට කපල ගලෝල තියෙන්නේ. අලුතෙන් ලෝකල් ඒව දැම්මට කොලිටි නෑ. දොර පින් ලොක් ඔරිජිනල්ම ඒව තවම තියෙන්නෙ ගෙවිල නෑ තවම තව අවුරුදු 10 විතර දුවන්ඩ පුලුවන් සීන් එකක් තියෙන්නෙ. වයින්ඩර් ඉවර නෑ තවම

      ඒ සී කරන්ඩ හිතන් ඉන්නේ ඔරිජිනල් රේඩියේටරේ තවම හොදයි ලීක් මුකුත් නෑ මලකඩ කාලත් නෑ කලින් පොර රේඩියේටරේටත් ඇන්ජින් ඔයිල් දාල දිවුවද දන් නෑ

      ප්‍රාර්තනාවට තුති

      Delete
    2. දෙය්යනේ ....
      මාර අපරාදයක් නේ එක ...
      ෂුවර් එකට එහෙනම් ඌ විකුනන්න ඇති . මොකද ඕවගේ කෑලි කීය දීලාවත් ගන්න නෑ නේ . පේන්ට් බාසා සෙල් එකටත් වැඩේ දීල ද ?

      දොර පින් ලොක් ඔරිජිනල්ම ඒව තවම තියෙන්නෙ ගෙවිල නෑ කියන්නේ ලොකු දෙයක් . නැත්තම් හදල කවදාවත් පැරණ තත්වේ ගන්න අමාරුයි . දොර 4 වහේදී සද්ද 4 එන්නේ ගොඩක් වෙලාවට .

      ඔරිජිනල් රේඩියේටරේ තවම හොදයි කියන්නේ ලොකු ගාණක් ඉතුරු උනා කියන එක . ac හදන එක හොදයි . සීට් සෙට් එක හොදට කරලා තියෙනවා පේනවා . කරපු එක classic කාර් ම කරන පොරක් වෙන්න ඕනේ . ඔය ලයින් එහෙම හරියට ගැප් තියල මහල .

      මැස්ඩා1500 ලංකාවේ ගොඩක් නෑ මම දන්නා විදියට . තිබ්බ ඒවත් යකඩ වලට කපලා . ඔය ඇහැ වගේ බලාගන්න . නම්බර් ප්ලේට් හදද්දී සිල්ව ඉලක්කම් ප්ලේට් එකම පොලිෂ් කරලා තියා ගන්න . එක පට්ට .

      බ්රේක් හයි කරේ රෑ බී ගෙනද බොල ? හික් හික් හික්

      Delete
    3. සෙල් එක තියනව වින්ඩ්ස්ක්‍රීන් වටේ එන නිකල් බීඩින් ටික අතුරුදහන්. ඕස්ට්‍රෙලියාව එකෙක් ගාව තියනව යූ ඇස් ඩී 240ක් + සිපින් ඉල්ලනව...... පව් නේ මම

      සීට් කරේ එදිරිසින්හ එකේ වැඩ කොරල අයි වුන කොල්ලෙක්

      නම්බර් ප්ලේට් පොලිශ් කරල හදල තියෙන්නේ

      ඔව් ඔව් එක පාරක් රෑ බොන ගමන් හැදුවා පස්සෙ උදේ ආපහු ඔක්කොම ගැලෙව්වා බ්‍රේක් ලයින් හදපුවා ලොරිය සයිස් එකට මැනලද කොහෙද හදල තියෙන්නේ. ඔක්කොම දිග වැඩියි ඊට පස්සෙ තමයි බුවා කිවුවෙ උගෙ ගැරෙජ් එකට අරන් යන් මෙතන තියල වැඩේ කොරොත් ඕක ඉවර කරන්ඩ වෙන් නෑ කියල.

      Delete
    4. ඇස් ඩී 240 + තව 160 වත් යයි සිපින් වලට . ඔව් ඔව් පව් නේන්නම් . පේන්ට් බාසා මරාගෙන මැරෙන්න හිතෙන්නේ ඔය වෙලාවට තමයි නේද .

      කෝකටත් හුඩ් රෙද්ද අදින්න ඉස්සර වීදුරුවේ බිඩින් එක වටේ ට සිලිකන් පාරක් යවන්න එක ඉස්සරහටත් හොදයි නේ .

      ලයිනර් ටික නම් කීප පාරක් ගැලෙව්වත් කමක් නෑ හරියට සෙට් නොවී දුවල වැඩක් ණෑ නේ එකයි . වයිපර් සෙට් එක අපුම එක ද ?

      Delete
    5. මම නම් දන්න එකෙක්වත් යවන් නෑ ආපහු ඒ පේන්ට් බාසා ගාවට... වයිපර් තියා වයිපර් මෝටරයක් වත් මේකේ නෑ ඒ විතරක් නෙමෙයි හෑන්ඩ් බ්‍රේක් කෑල්ලක් වත් නෑ ඒව හොයන්ඩ වෙනවා...නැත්තන් මවන්ඩ වෙනවා නැත්තන් යූ ඇස් ඩී සුට්ටක් වියදන් කොරන්ඩ වෙනවා

      Delete
    6. ඕන කෑලි හැම එකකටම මූ වැඩේ දීල නේ බං .

      වෙලාවට ඔය පේන්ට් බාසා ගාවින් කාර් එක අරන් ආවේ . නැත්තම් ටිකදවසක් යද්දී කාර් එකත් නෑ කියයි .

      Delete
  3. හැමදේටම බීම ඉස්සරකරගන්න එපා තඩියා......
    පස්සටත් කරන්න කාලක්වත් තියාගනින් ......
    මේ උඹ ටැකනිකල් දැනුම කොහෙන්ද ගන්නෙ

    ReplyDelete
    Replies
    1. කොහෙද ඉතින් අපේ උන් එක්ක බෑ බොන්නෙ නෑ කියල තමයි හැම එකම පටන් ගන්නේ පස්සෙ එක එකා හොරෙන් හරි සුට්ට සුට්ට ගහල....

      මම පොඩිම කාලේ තාත්තා ස්කූල් හයර් කරපු වාහනේ තාත්තා ගලෝන කොට මමත් යට රින්ගන් ඉන්නවලු පස්සෙ තාත්තා රට ගිහින් එවපු සෙල්ලන් බඩු ගලක් උඩ තියල තව ගලකින් ගහල කඩල ඇතුල බැලුවා
      නියන් යතුරු හුරු වුනාම අහුවෙන හැම එකම ගැලෙව්වා
      පස්සෙ ගෙදර තිබුන චැලියට වැඩේ දුන්නා බර්ඩි බයික් එකට වැඩේ දුන්නා ගෙදර තිබුන වාහන කැඩුවා ඉස්කෝලෙදි මෝටර්මිකැනිසම් කරල ගෝකාර්ට් එකක් හැදුවා පස්සෙ ගෙදර තිබුන පරන ලොරියක් කෑලි කොරා ලෑන්ඩ් මාස්ටරයක් කෑලිකොරා (හැබැයි එකක්වත් ආපහු හයි කොරේ නෑ හොදේ)
      තවමත් ඉතින් ආපුගමන් වාහනයක් අල්ලගෙන දඟලනව අනිවාර්යයෙන්ම. ගැරෙජ් එකකට යැවෙනවමයි... හූනියමක් වගේ

      Delete
  4. වන්ඩිය ලස්සනට හදලා ගන්නකෝ ඉක්මනට අපිටත් බලන්න...

    ReplyDelete
    Replies
    1. කොහෙද බන් මේ බාස්ලත් එක්ක බෑ බන් මුන් දෙන්නම් කියන දවසට එකෙක්වත් වැඩක් ඉවර කරන් නෑනෙ බන්... පිට උන් තියා යාලුවොත් එහෙමයි බන්... උන් උන්ගෙ වැඩ ඔක්කොම ඉවර වෙලා වෙලාවක් තිබ්බොත් මේක හදනව

      Delete
  5. මරු. මොක නැතත් බ්‍රේක් එක හරියට හදාගනිං. හැක්..

    ReplyDelete
    Replies
    1. බ්‍රෙක් නම් මොනාද අඩයක් හරි තියන්ඩ බැරියෑ....

      Delete
  6. ආදි කාලේ මේකක් තිබුණා 6 ශ්‍රී 1815

    ReplyDelete
    Replies
    1. 6 ස්‍රී කියන්නෙ ඔරිජිනල්ම උපාලි බඩ්ඩක් ඩෑශ් බෝඩ් එකේ එහෙම umc කියල ගහල තියෙන්ඩ ඇති.. සුට්ටන් ඉරක් එක්ක

      Delete
  7. මෙහෙත් ඉන්නවා ඔය වගේ වාහන වලට එයාලගේ පාඩුවේ ඉන්න නොදෙන කෙනෙක්... ඒකටම හරියන්න පොඩි බඩ්ඩත් එහෙමයි සෙල්ලම් වාහන සියල්ල කාබාසිනියා කරනවා...අවුලක් නෑ ඉතින් ඒවා කරන්න දෙන්න ඕනෙලුනේ ඒ නිසා මම දැක්කෙ නෑ වගේ ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඒකනේ කොල්ලොනේ ගමේනේ බොන් නෑ නේ....හිහිහිහි (මම හැදුනා)

      Delete
  8. නියමයි බං. මේ වගේ ප්‍රොෙජක්ට් කරන එක හිතන තරං ලේසි නෑ. ඒත් උඹට තව ඩිංගයි ඉතිරි.. අපිට ඉතිං ලස්සනට රවුමක් යනකොට පින්තුරයක්වත් දාහං බලන්න.. එළ තඩියා

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම වටයක් පදින්ඩ තමා බලාපොරොත්තුව කෝ මේ බාස්ලත් එක්ක බෑනෙ

      Delete
  9. හනේ මන්දන්නෑ තදියෝ... වාහන විද්‍යාව තියා වාහන ගැන කිසිම ආසාවක් නැත්තෙ මට විතරද බං? දැන් නං අම්මප මචෝ සිරාවටම වාහනයක ඇක්සිලේටර් එක ක්ලච් එක බ්‍රේක් එක කොහෙද කියලවත් දන්නෙ නැහැ. වාහනයක් ගන්නව තියා ලයිසන් එකක් ලංකාවෙත් නැහැ තිබ්බෙත් නැහැ මෙහෙත් නැහැ දැනුත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ජීවිතේ එක පාරක් හරි වාහනයක් පදින්ඩ ඕන ටික්කො

      Delete
    2. එක පාරක් පැදල කොරගත්ත හරිය මදැයි හිටං 🤔

      Delete
  10. ela

    තවත් සින්ඩියක් http://sithuwilisatahan.com

    ReplyDelete
  11. බලන්න ආසාවෙන් ඉන්නවා ඉතුරු ටික.
    සුභ පැතුම්! ජයවේවා!

    ReplyDelete