රෝද දෙකේ රස්තියදුව එක්ක ගියානෙ පොඩි රවුමක්.
මම ඉතින් ගොඩ බැස්ස ගමන් මල්ලිගාව තිබුන මගේ බයිසිකලේ උස්සාගෙන ගෙදර ගෙනාව... එන්ජිමත් හදල අනික් ඔක්කොම හොදයි පිටි පස්සෙ බ්‍රේක් ලයිට් කවරෙ නෑ. ඒකනම් එච්චර අවුලක් නෑ..
ඉතින් ඔක පොඩ්ඩක් පදින්ඩ කියල හිතාගෙන ලයිසන් ඉන්ශුවරන්ස් හොයනකොට බඩු මිසින්.... මේකා කියාපි ඔක්කොම කොරල තියෙන්නෙ ගෙදර ඔක්කොම ඇති කියල. දවසක් දෙකක් බැලුවට වැඩේ හරියන් නෑ. ඕක ගැන රෝදදේකේ රස්තියාදුවෙ ගෘප් චැට් එකට දැම්ම. මද්ද බලල කිව්ව ඔක්තෝම්බර් වලින් ඔක්කොම ඉවර වෙලා කියල.. (බලාපන්කො මලයගෙ බොරුව ) මම ඉතින් අලුතින්ම ඔක්කොම අරගෙන බයික් එකත් හෝදල කරල පහුවෙනිද ගමන යන්ට පිටත් වුනා.
මට ඉතින් කට්ටිය අවිස්සාවෙල්ලට එනව කිවුවෙ උදේ 9ට විතර හින්ද මමත් ඉතින් 50-60 අතරෙ නිවාඩු පාඩුව ගියා යන්තන් 9 වෙද්දි අවිස්සවෙල්ලට ආව කොයි මුන් එකෙක්වත් නෑ..... කට්ටිය මග එන ගමන් මමත් ඉතින් උදේට මොනාහරි පොඩ්ඩක් බඩට දාගෙන කට්ටිය එනකන් පොඩි මනෝපාරක් ගහගෙන හිටියා.
කොහොම හරි සචින්තන මල්ලි කෝල් කරල ඉන්න තැන කියල මාවත් සෙට් කර ගත්තා.අපි කණ්ඩායම් දෙක පුවක්පිටිය පාලම ලගින් සෙට් වුනා.
කට්ටියම ගියා කුමාරි ඇල්ල ලඟ නාන්න තිබුනු නියම තැනකට.
ඔතනදි ඉතින් මට නියම සෙට් එකක් හම්බුනා ඔක්කොම බයික් හා කෑම්පින් පිස්සො.. මේ වෙනකන් හම්බුන සුපිරිම සෙට් එකක්.
වතුර ටික නම් සුපිරි. වතුර දැක්කම කට්ටියට කොහොමත් ඉන්ඩ බෑනෙ.. කට්ටිය පැනල නෑව......
මද්දා හොඳට කුනු අතුල්ලපන් |
වැඩේ කියන්නෙ මුන් එකෙක්වත් බොන් නෑ නෙ... මගෙ ඇඟ නිකන් බොන්ඩ නැතුව ගැහෙනව ගැහෙනව වගේ වුනා.. පස්සෙ මම සද්ද නැතුවම ඒකට පිලියමක් යොදා ගත්තා..... (මද්දා තාමත් මේක දන් නෑ නේ... හූ හූ) අනිත් කස්ටියත් තම තමන්ගෙ, අනුන්ගෙ, වටේ ඉන්න උන්ගෙ, ලෝකවල් වල හිටියා....
සචින්තන මල්ලි ගිටාර් පාරක් ගහල ලස්සන සින්දුවකුත් කිවුවා ( කියන්ට බැරි වුනා නේ මෙතන තිබුන සුපිරිම බයික් එක තිබ්බෙත් බුවාට තමයි....හැබැයි ඊලඟ පාරනම් ඕක හදාගෙන හිටියෙ නැත්තන් උබව දාල යනව )....
පස්සෙ ඉතින් කටිටිය නාල කරල ගොඩ ආවට පස්සෙ මද්දා අපිව ලඟම ලඟ පාරකින් කන්ඩ තැනක් හොයන්ඩ යමුයි කියල එක්කන් ගියා.. කොච්චර ලඟද කියනවනම් පට්ට ලඟයි......(ටවුකන්ඩ ) කටිටිය කොහොම හරි ඔය ලෝන්ග් ශෝර්ට් කට් එකෙන් ආපහු අවිස්සවෙල්ලට ආව.
එතනින් කෑම කාල එහෙම මම ඉතින් විසිරිලා යනව කියල එලියට බහිද්දිම තවත් රෝද දෙකක් කඩාගෙන බිඳගෙන ඇවිත් නවත්තල වටපිට බලන්නෙත් නැතුව ඔහොම්ම අස්සට ගියා.. පස්සෙ ඉතින් මද්දා මට කිව්ව ඒ මලියගෙ සටහන ලියන මලිය තමයි ආවෙ කියල. මම ඉතින් ලඟට ගිහින් අතත් දීල කතා කොරා මාව හදුන්වා දුන්න ඌට ගානක් වත් නෑ.. මමත් ඉතින් ඉල්ලගෙන පචවෙන්ඩ ඕන නැති හින්ඩ ටවුකපන් කියල ආවා. අන්න කොල්ලො...
මම ඉතින් ඔතනින් එලියට බැහැල හිතේ තිබුන මානෙට වමට දාල ගියා බොලේ අවිස්සාවෙල්ලෙ හිටපු මම කුරුවිට පැත්තට ගිහින් තියෙන්නෙ. වැරදිලා බොලව් පාර වැරදිලා..... මම ඉතින් කිලෝමීටර් 17ක් විතර වැරදි පැත්තට ගිහින් හරෝගෙන එනකොට අනිත් සෙට් එක මගදි හම්බෙලා ආපහු බායි කියාගෙන හරි පාරෙන් ගෙදර ආව.... මගදි මම හිතපු විදිහටම කලු බල්ලෙක් පාර හරහා පැන්නා යන්තමින් ඌවත් බේරල මමත් බේරීගෙන (බල්ලගෙ අයිතිකාරයන්ගෙ දෙමව්පියන්ගෙ ඉඳන් බල්ලගෙ මහ උන් දක්වා ගුනවර්නනා කරා) අවුලක් නැතුව ගෙදර ආවා.
ඔය පාරේ දඩාවතේ යන බල්ලොත් එක්ක මගෙ පොඩි එරියස් එකක් තියනව ඒක ඒ ඒ වෙලාවට යන වාහනේ අනුව වෙනස් වෙනව.ඒ විස්තර පස්සට
මද්දා වෙත,
ඔන්න ඊලඟ පාර මට හරියන ටී- ශර්ට් එකක් මහල තිබුන් නැත්තන් බලාගමු...
හර්ශ පුතී ඔයා ගැන ඉස්සරහට කමින් සූන්....
මද්ද ආව.
ReplyDeleteඈ බොල මට හොරෙන් බීවද තෝ.
බොන්න නොතිබ්බට පාඩුනොවෙන්න දේවල් ඇවිත් තිබ්බ නේහ්.
තොට හරියන්න ටී එකක් මහන්න මම මේ ප්ලෑන් කොරා. අර xxL T දෙකක් වත් එකට අමුනෝනව.
ටෙස්ට්
ReplyDeleteඅඩෝ හෙන අමාරුවෙන් ලීව කොමෙන්ට් එක නෑ.
Deleteතෝ හොරෙන් බීවද බොල.
ඇයි ගෙනත් තිබ්බ ජාති මදි උනාද?
ඒක නෙමේ පට්ට සොට් කට් එක ආ...
ඈ යකෝ අපි දෙනනගෙ සෙල්ලිපියක් ත්බ්බ නේද? කෝ ඒක?
ලබන පාර එද්දි කලින්ම දවසම ඉන්න බලන් වරෙන් හොදේ..
ටී දෙකක් එකට අමුනල හරි උඹටත් එකක් අන්දනව අම්මප ලබනපාරනම්.
හිටු හිටු සෙල්පිය දාන්නන්
Deleteඔන්න සෙල්පිය දැම්මා
Deleteහැක හැක.
Deleteඅඩො තඩියො..ලබන පාර යමන් එකෙන්ම
ReplyDeleteයමන් යමන් මම ලන්කාවෙ ඉන්නව නම් එනව එකෙන්ම
Delete++++++
ReplyDeleteතෑන්ක්ස් ඉයන්
Deleteයකෝ මට උබ තඩිය කිව්වට මට මීටර් උනේ නෑ බං එහෙම මොකාද කියලා. 😂නැතිව කෙයා කරේ නැතිව නෙමේ.
ReplyDeleteපල පල දැන් ඉතින් බොරුව දානව......
Deleteබොරු බොරු මම නිවැරදිවම හදුන්වා දුන්නා.
Deleteමේක බය උනා උඹව දැකල.
හැක හැක.
යකූ මම එච්චර මරුමුස් පාටද බොලව්
Deleteඔන්න උබේ සෙල්පිය දැම්ම
ReplyDelete++++++++++++++++++++++
ReplyDeleteආයෙ ඉතින් මොකක්ද ගැහුවා ඕං වැටක්.... හැබැයි පෝස්ට් එක කියෙව්වා
හරි හරි මමත් ඉතින් වැටවල් ගැහුවට කියෝල තමයි ගහන්නේ...... හිහිහිහි
Deleteහෙහ් හෙහ්
ReplyDeleteනියමයි
එකම ගමන දෙන්නෙක් ලියලා කියෝනකොට දැනෙන්නේ මාර හැඟීමක්! හි හි හි
ඔය හැගීම් ගැන වැඩිය හිතන්නෙ බලන්නෙ නැතුව ඊලඟ එකට ආවනම්..... 3ක් ලියද්දි කොහොමද???
Deleteනියමයි නේ . පට්ට ට්‍රිප් එකක් මද්දා ගේ රෝද දෙකේ රස්තියදුව එක්ක.
ReplyDeleteෆුල් ෆන් එකක් දාලා වගේ .
"වැඩේ කියන්නෙ මුන් එකෙක්වත් බොන් නෑ නෙ... මගෙ ඇඟ නිකන් බොන්ඩ නැතුව ගැහෙනව ගැහෙනව වගේ වුනා.. පස්සෙ මම සද්ද නැතුවම ඒකට පිලියමක් යොදා ගත්තා....."
කිව්වේ නෑ නේ අප්පාපා හොරෙන් බිව්ව හැටි . හික්ස් හික්ස් /
මම ඔය රෝද දෙකේ රස්තියාදුවේ ගෲප් චැට් එකේ ඉන්නව නේ.. ඉතින් මට තේරුනා මුන් බොන උන් සෙට් එකක් නෙමෙයි ගැහුවොත් කන්ට්‍රෝල් නැති වෙන්න ගහන සෙට් එකක් කියල කෝකටත් කියල මම ඇබ්සලූට් කාලක් කලවන් කරගෙන පොඩි බෝතලේක දාගෙනම ආව. පස්සෙ බයික් සෙට් එකෙන් අන්තිමයා වෙලා පාරෙ අයින් කොරල ශනික ගහල දැම්මා....... ඊලඟ පාර ඉන්දන් මුන් මට අන්තිමට යන්ඩ දෙන එකක් නෑ වගේ
Deleteඔන්න වැඩ කිව්වලු . ඇබ්සලූට් කාල එන්ජි ඩ්‍රින්ක් එකක් වගේ එකපාර ගහල දාල හිනා වේවි ඉන්න ඇති. :D
Deleteහපෝයි .....
තඩියා මහත්තයා , අටියා නිසා යුධ රහස් එලියට දැම්ම වගේ ඔය ප්‍රසිධියේ ම කියල තියෙන්නේ කරපු විදිය ..
කිලෝමීටර් 17ක් විතර වැරදි පැත්තට ගිහින් හරෝගෙන එන්න උනේ ඇබ්සලූට් කාල නිසා නෙවෙයි වෙන්න ඇති .
අම්මට සිරි මූ යකෝ.
Deleteඅෑ බොල ඒකත් ගහලද තෝ අර අරවත් ගැහුවෙ?
ඔව් ඔව් බොලව්
Deleteමාත් ලොකුවෙලා කවද හරි උඹලත් එක්ක රෝද දෙකක රස්තියාදුවක යනවමයි..
ReplyDeleteප.ලි. ඔය මලිය ඉන්නවා නේද? හෙනම පණ්ඩිතය..ආයේ හම්බුනත් ගණන් ගන්න එපා.. හැක්.
තව කොහෙද බොලෑ ලොකු වෙන්ඩ තියෙන්නෙ???? හැක්
Deleteමලියව දන් නෑ අදුරන් නෑ වගේ ඉන්ඩ ඕන
31 සමරලා වගෙ රිදෙන්න එල..එල..
ReplyDeleteහනේ අම්මේ... මොනා කියන්නද ඉතින් වැටක් ගහලා යනවා මිසක්.....
ReplyDeleteමොනාද බන් ඔය ලෝකල් ලෝකල් කියන්නෙ
ReplyDelete