Tuesday, October 24, 2017

එදා සහ අද




ඔන්න ඉතින් නත්තලත් ලන්වේගෙන එනවනෙ තඩියට හිතුන එදා සහ අද තඩියලගෙ පවුලෙ නත්තලට කරපු කියපු  දෙවල් වෙනස් වුන විදිහ ගැන පොඩ්ඩක් ලියන්ඩ. පලවෙනියෙන්ම පටන් ගන්නම් එදා කාලෙන්,

එදා

කස ගහ

නත්තලට සතියකටවත් උඩදි ඉදන් අපි නත්තල් ගහ හදන්ඩ තමයි කල්පනාව හැමදාම අම්මට කරදර කරනව කස අත්තක් කපල දෙන්ඩ කියල, කොච්චර කරදර කරත් නත්තලට දවස් තුනකට විතර කලින් තමයි රාජා මාමා ඔය කස අත්ත කපන්නෙ, එක පාරම ගමේ ඉන්න අනිත් කොල්ලො කුරුට්ටොන්ටත් එක්කම මුලු ගහම සුද්ද කරල දානව. ඉතින් එදාට කට්ටිය ඇවිත් කස අතු අරන් යනව.  පොරට කෙලින් ඇවිදින්ඩ බැරි වුනාට වත්තෙ පිටියෙ වැඩනම් තාමත් කරනව. ඉතින් පලවෙනියෙන්ම ඔය අත්ත හිටවන්ඩ පුලුවන් බකට් එකක් හොයා ගන්නව ඒකට පස් පුරෝල ඕක ගෙයි සාලෙ මැදින් හිටෝනව එහෙම හිටෝපුවම මේක හරියටම වහලෙ ගෑවෙන ගානට උසයි.

ඔය කස අතු පොඩි වුනාමත් මහ අමුතු සුවඳක් එනවනෙ ඒකත් නිකන් හරියට නත්තල් සුවඳ වගේ. මුලු මහ ගෙදරම ඒ සුවදින් පිරෙනව. මේ වෙනකොට අම්ම ඔක්කොම සැරසිලි බඩු ගෙනල්ල තියෙන්නෙ එහෙම කියුවට මහ ලොකු ජාති ගොඩක් නෑ ජාති දෙකයි තුනයි තියෙන්නෙ බැලුම් බෝල,  ටොපි, චොකලට්, දිලිසෙන සැරසිල්ලක් (tinsel) බලුප් වැලක් ඔච්චරයි.

තව තාත්තා එවල තිබුන නත්තල් පප්පෙකුත් හිටිය මතකයි ඒ වගේම ලොකු තරුවකුත් තිබුනා. ඉතින් අපේ පලවෙනි වැඩේ තමයි බැලුම් පුම්බන එක. එකක් දෙකක් නම් පිම්බුව කියමුකො ඔක්කොම පුම්බන්ඩ හෙන ගේමක් දෙන්ඩ ඕන අනිතිම ටික පුම්බන කොට හුලන් පාර පිටවෙන්නේ කටින් නෙමෙයි පුකෙන්. හිහිහි ඇත්ත බොලව් හිනා වෙන්නේ. ඉස්සර බැලුම් ඒ තරන් හයියයි අනික මුලු ගහටම ඇති වෙන්ඩ ගේනවනේ අර කුකුලේ ගම ස්‍රියන්තය හිටියෙත් ඔය මහ ගෙදරමයි ඒ දවස් වල, පොර ඉතින් අපි පුම්බල දෙන බැලුම් වලට ගැට දානව ඊට පස්සෙ ඒවට නූල් කෑලි බදිනව.පලවෙනියෙන්ම නත්තල් ගහට ලයිට් වැල දානව ඊට පස්සෙ අර දිලිසෙන වැල් එල්ලනව ඊටත් පස්සෙ බැලුම් ටික ඊට පස්සෙ ටොපි චොකලට් ටික,
ඔන්න ඔහොම නත්තල් ගහ හදල ඉවර කරනව ඉවරයි කියුවට ඉවරම නෑ ඇයි ගවලෙන ඒකත් හදනව.


නත්තල් දවසෙ රෑ අපි ඔක්කොම පල්ලි යනව ඉස්සර ඔය බොරු ආටෝප තිබුන් නෑනෙ තියන ඇදුම ඇදගෙන පල්ලි යනව, පූජාව ඉවර වෙලා එනකොට මම්මාච්චි කෝපි වක් කරල කේක් කපල තියනව ඉතින් ගමේ ඉන්න පවුලෙ නෑදෑයො ටික පල්ලියෙන් කෙලින්ම මහ ගෙදරට කෝපි බීල සුබ පතාගෙන ගෙවල් වලට යනව. ඉතින් අපිටත් නත්තල් සීය එවපු තෑගි හම්බෙනව.
පහුවෙනිදා මහ ගෙදරට කට්ටියම එකතු වෙනව, කන්න බොන්න අරවද මේවද ඔක්කොම පිරිල ඉතින් නෑදෑයො කට්ටියම ආපුවම පුන්චි උන්ට තෑගි දෙනව ටිකකින් කට්ටියම  මොනා හරි බඩට දාගෙන සෙල්ලම් කරනව ක්‍රිකට් ගහනව, එල්ලෙ ගහනව, ගස් අල්ලනව, තවත් පොඩි උන් බට්ටො පනිනව මේ සෙල්ලම් කිරිල්ලට වයස ප්‍රශ්නයක් වුන් නෑ ලොකු පොඩි ඔක්කොම සෙල්ලම් කරා දවල්ට කන වෙලාව වෙනකොට වැඩිහිටියො පොඩියට ඩින්කල් එකක් දාන්ඩ සෙට් වෙනව අනිත් උන් ආපහු සෙල්ලම, හවස් වෙනකොට වෙරිවුන අය ඔක්කොම ආපහු පොඩ්ඩක් සෙල්ලම් කරනව හවස සන්ගීත පුටු තරගයක් අන්තිමටම මල්වෙඩි පත්තු කරනව ඊට පස්සෙ ඉතින් කට්ටිය සතුටින් සමාදානෙම් ගෙවල් වලට විසිරිලා යනව.

එදාටයි අදටයි අතර මැද

වෙනසකට වුනේ අපි වයසින් වැඩුන එක, වෙනද වගේම නත්තල් ගහ හැදුව හැබැයි මහ ගෙදර නෙමේ අපේම ගෙදරක මහ ගෙදරට ටිකක් පිටි පස්සට වෙන්න. නත්තල් ගහේ බලුප් නිවි නිවි පත්තු වෙන වර්ගෙකට මාරුවුනා බැලුම් එහෙම්මම තිබුනා ටොපි චොකලට් හැලිල ගියා. දැන් මහ ගෙදරට එකයි අපේ ගෙදරට එකයි නත්තල් ගස් දෙකයි. හැබැයි තවමත් එකම කස ගහ.
තවමත් වත්ත මැද තිබුන පිට්ටනියෙන් මහ ගෙදර ලගම තියන ඉඩට මාරුවුන අපි එල්ලෙ ගැහුවා ගස් ඇල්ලුවා හැබැයි බට්ටො පනින එක නැතිවෙලා ගියා
තෑගි බෝග නම් හම්බුනා ගෙදර උයපු කෑම එක කේටරින් එකකින් ගෙනාව වෙනද මහගෙදරම හිටපු නෑදෑයො ටික හවසට ෆලූඩා බොන්ඩ අපේ ගෙදරට ආව. හවස සෙල්ලම් කරන එක නැවතුනා ඒ වෙනුවට එතන්ට ජොනී අයියා එකතු වුනා අපිත් යන්තන් හොරෙන් සූට්ටක් ජොනී අයියාව යූස් කරා. (හරි හරි ජොනී අයිය ගැන කියන්නම් ඉන්ඩකො)


අද

නත්තල් ගහ ආර්ටිෆිශල් ගහකට මාරු වෙලා අපි හදපු ගහ දැන් හදන්නෙ ගෙදර වැඩ කරන කොල්ලො කස ගහ කපල දාල නිවි නිවි පත්තු වුන බල්බ් වෙනුවට එල් ඊ ඩී බලුප් වැලක් ඇවිල්ල ඒ මදිවට ඒකෙන් ලස්සන මියුසික් එකකුත්‍ යනවා බැලුන් ඕල්ඩ් පැසන් වෙලා ඒ වෙනුවට පාට පාට බෝල වගයක් ඇවිත් අර දිලිසෙන වැල් වෙනුවට තවත් එක එක වර්ගයෙ ලස්සන ලස්සන වැල් ඇවිල්ල
ඔක්කොම වැඩ ලේසි වෙලා ඉස්සර වගේ කසගස් කපන්ඩ ඔන නෑ පඩ ඇර ඇර බැලුම් පුම්බන්ඩ ඕන නෑ..


පල්ලි යන්ඩත් තියන විච්චූරන ඔක්කොම දානව, ඉස්සර වගේ මම්මාච්චි අපි එනකන් බලන් ඉන්නෙත් නෑ. එයා නිදි අනිත් නෑදෑයො රෑට එන්නෙත් නෑ එයාල හිතනව ඇති මොකටද අනුන්ට කරදර කරන්නෙ කියල

ඉස්සර කරපු කිසිම සෙල්ලමක් දැන් කරන් නෑ ඒව කරන්ඩ බෑලු දාඩිය දානවනෙ. ඔක්කොම සෙල්ලන් ඉවරයි ඉස්සර අපි එල්ලෙ ගහපු තැන, ගස් අල්ලපු ගස්, තවමත් ඒ විදිහමයි ඒව බලාගෙන ඉන්නෙ හරියට අපි ඇවිත් ආපහු එයාලත් එක්ක සෙල්ලන් කරයි වගේ.(එහෙම කොහොමද අපිට දාඩිය දානවනෙ ඒ හින්ද බෑ) ඉතින් ඔය ඉතුරු වුන කාලය අපෙන් ගත්තෙ ජොනිවෝකර් අයියා.(මෙයාට තමයි උඩින් ජොනී අයියා කියුවෙ) එක ඉවර වෙන්ඩ එක පැටව් ගහනව අපේ දැන් අලුත්ම සෙල්ලම වෙලා තියෙන්නෙ ජොනී අයියලා කීයක් ඉවර කරනවද කියන එකයි

2015 අවුරුද්දෙ ඉවර කරපු ජොනි අයියල

තවත් එකක් අලුතින් එකතු වුනා ගිටාර් ගහල සින්දුවක් කියන්ඩ අපි සෙට් වුනා, ඒකත් තුන් හතර පාරකට වඩා කරේ නෑ ගිටාර් ගහන්ඩ දන්න උන්ගෙ පොයිය බලන්ඩ වුනා, අන්තිමට ලගම තියන වාහනේකින් සින්දුවක් දාගෙන අහන්ඩ පුරුදු වුනා මේ මෑතක ඉදන් තවත් අලුත් සෙල්ලමක් අපිට එකතු වුනා කැට ගහන්ඩ අවුරුදු ක්‍රීඩාවක් නත්තලට ඈදාගත්තා, ඒ අපි බොන එක විතරමක් නෙමෙයි සෙල්ලනුත් කරනව කියන්ට වෙන්ඩ ඕනෑ.

අර සන්ගීත පුටුත් ඔහොම්මම හැලිලා ගියා. පොඩි උන්ට තෑගි බොහොම සීමිත වුනා ලොකු උන්ට හම්බෙච්චත් එහෙමයි.
මොකද සෙල්ලන් නැත්තන් දිනපු උන්දල නෑ දිනපු උන්දල නැත්නම් තෑගිත් නෑ.
මොකක් හෝ හේතුවකට අපේ ගෙදර තිබුන ෆලූඩා පාටියත් එහෙන්ම නැතිව ගියා.
ඉතින් ඔන්න ඔහොමයි අපි අලුත් ලෝකෙට මාරු වුනේ.....

ඉතින් මෙහෙම මනෝපාරක් ගහගෙන ඉන්න තඩියට හිතුනෙ අපේ නත්තල තනිකරම ජොනී අයියා අරගෙන නේද කියල අනේ මේ පෝස්ට් එක කියෝලවත් ඉස්සරහට එන නත්තලේදිවත් අපේ උන්ට ආපහු ගිටාර් පාරක් ගහල සින්දුවක් කියන්ඩ එල්ලෙ පාරක්, ක්‍රිකට් පාරක් ගහන්ඩ, අඩුම තරමෙ බට්ටො පනින්ඩවත් ආසාවක් ආවොත් හොදා.


මේක මෙහෙම සුලුවට කියල අත ඇරියට මෙතන හැන්ගිච්ච දෙයකුත් තියනව. අපි අතරෙ අපේ තුන්වෙන පරම්පරාවෙ පොඩි උනුත් අපිත් එක්ක ඉන්නවනෙ. අපි පොඩි කාලෙදිත් අපිව බොන තැනින් කොච්චර එලෙව්වත් බයිට් තියන හින්ද අපි ඔතනටම එනව (ඒකට දැන්නම් අම්මල තාත්තල අයියල මල්ලිල අක්කල නන්ගිල නැන්දල මාමල ආච්චිල සීයල බෑනො මුනුපුරෝ අත්තල මුත්තල හතර වරිගෙම එකම මේසෙක ඉඳන් එකම බෝතලෙන් දා ගන්නව) එහෙම ඇවිල්ල අපිත් පොඩ්ඩක් කට්ටිය එහෙට මෙහෙට වෙනකන් ඉඳල පොඩ්ඩක් තොල ගානව අපේ මනසට වැටුනෙ මේ බොන එක පට්ට ආතල් සීන් එකක් කියන එකයි මිනිස්සු ලොකු වෙනකොට අරක්කු බොන්ඩ ඕන කියන මතයක් වැටුන, අපිට වුන ඒ දේම අපි අපෙන් පස්සෙ ඉන්න උන්ටත් කරනව නේද කියල තඩියට හිතෙනව. තඩියටනම් මෙහෙම හරි මතකයක් තිබුන, ඒත් අපේ පොඩි උන්ට ඉතුරු වෙන්නෙ අපි බීපු හැටි ගැන ලියන්ඩ තමයි මොකද අපි සෙල්ලමක් කරන්නෙවත් නැත්නම් වෙනමගුලක් වත් කරන් නෑනෙ පටන්ගත්තු වෙලාවෙ ඉඳන් බොනව ඇරෙන්ඩ මම හිතන්නෙ අපි පොඩ්ඩක් මේ සිස්ටම් එක වෙනස් කරොත් හොඳයි කියල.

මේක ඉතින් බහුතරයක්ම පවුලේ උන් වෙනුවෙන් ලියපු පෝස්ට්ටුවක් බව කරුනාවෙන් සලකන්න





24 comments:

  1. Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්හ්ම්ම්

      Delete
  2. දැන් හැමදේම අාටිෆිෂල් වෙලා. සිංහල අලුත් අවුරුද්දක උනත් ඔයිට වඩා වෙනසක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බහුතරයක තියෙන්නෙ බොරු මවාපෑම විතරයි. ලෝකෙට පේන්ඩ ඔක්කොම

      Delete
  3. Replies
    1. ඔව් ඔව් හම්මට එලනෙ අටමො එහෙනම් මේ පාර සෙට් වෙමු.

      Delete
  4. අම්මට සිරි තඩිය නත්තල්ද?
    එලනෙ

    ReplyDelete
    Replies
    1. එල තමයි නත්තලට සෙට් වෙමුද?? ඕන් ඉතින් බලපන්කො එතනත් බොන්ඩනෙ

      Delete
    2. එනව එනව කියල බලපන්කො අපිටත්.

      Delete
  5. සිංහල අවුරුද්දට උනෙත් ඕකමයි.. කැවිලි හැදීමක්, සෙල්ලම් කිරීමක් නා ගෙවල් වල යාමක් ඔය මොකුත් නෑ.. විච්චුර්ණ ඇඳුම් අරගැනිල්ලයි සෝබන ට්‍රිප් යාමයි කණ පැලෙන්න බීල බුදියාමයි විතරයි දැන් අවුරුදු කියන්නේ..

    අනේ කාලේ ටවුන් එකේ වාසේ කියුවලු..

    ReplyDelete
  6. හ්ම්ම් කාලය මැව් වෙනසක අරුමය... ඇත්තටම දුකයි අපේ ඒ ගෙවිල හමාර උන කාලය ගැන

    ReplyDelete
    Replies
    1. කවදත් අපි පස්ස හැරිල බැලුවොත් පහුවුන මතක සුන්දරයි තමයි ආපහු ආපස්සට යන්ඩ තියනවනම් මරු

      Delete
  7. එදා නත්තලේ සිරි විසිතුරු වැඩි වූවා
    හොදා කාරවම කවුරුත් සැමරූවා
    යොදා විරිය වෙහෙසෙන්නෙට හැකි වේවා
    මෙදා නත්තලත් යළි සුන්දර වේවා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ජය වේවා දුමි අයියෙ. මේක කියෝපු පවුලෙ අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබුන.. බලමු මේ පාල නත්තල

      Delete
  8. christmas cake කන්න පෙරේතයි මං...

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට අරු අපි කේක් හදන් නෑ.......... හූ හූ හූ......

      Delete
    2. එහෙනම් වයින්!!!

      Delete
    3. අන්න ඒවනම් තියනව

      Delete
    4. එහෙමනම් පොඩ්ඩක් පාර කියන්නකෝ..

      Delete
    5. මීගමුවෙන් කටාන පාරෙ එන්ඩ ඕනෙ.0777575828

      Delete
  9. සිංහල අලුත් අවුරැද්ද,වෙසක් හැමදෙම දැන් වෙනස් වෙලා..

    ReplyDelete