Thursday, October 26, 2017

තාත්තාගේ ලිකර් කලෙක්ශන් එක, මල්ලී සහ මම



මටයි මල්ලිටයි මතක තියන කාලෙක ඉඳන් අපේ තාත්තා රට ගිහින් එනකොට එක එක හැඩවලට එක එක සයිස් එකේ අරක්කු බෝතල් ගෙනාව වැඩි හරියක් ඉතාලි සහ ස්පේන් වලින් ගත්තුව (හරි හරි ස්පේන් එක සින්හලෙන් ලියන්ඩ බෑ). මේ ඔක්කොම ලොකු ට්‍රන්ක පෙට්ටියක දාල ගැරේජ් එකේ දාල තිබුනේ. ඔක කොහොමත් ලක්සෙක දෙහෙකවත් කලෙක්ශන් එකක්



අපේ ගෙදරත් ඉතින් හදල ඉවර වුනාම තාත්තට ඕන වුනා ඔය බෝතල් ටික ලස්සනට කබඩ් එකක දාල තියන්ඩ  ඉතින් ඔන්න වීදුරු කබඩ් එකකුත් බිත්තියටම අල්ලල හැදුව

ඒ විතරක්යැ ඔකට ලොක් එකකුත් දැම්මා. ඉතින් ඔහොම ටික කාලයක් ඔය කබඩ් එක කිසිම කරදරයක් නැතුව ලස්සනට තිබුන. හොඳම වැඩේ වුනේ දැන් තමයි එදා ගෙදර කවුරුත් හිටියෙ නෑ තඩියත් ඉතින් ගේම් එකක් ගහගෙන ගෙදරට වෙලා හිටියා ඔය අතරතුර තඩියට වතුර තිබහක් ඇවිල්ල කුස්සිය යන ගමන් අර කබඩ් එක ලගින් යද්දි ඒක ඇතුලින් සද්දයක් එන්ඩ පටන් ගත්තා "කීකික්.. කීකික්.. කීකික්.." එලාම් එකක් වදිනව ඇතුලෙ ඇති ඔරලෝසුවකුත් නෑ වතුර බීම අමතක කරපු තඩිය ඔන්න ගේමට බැස්සා දැන් ලොක් එක අරින්ඩත් එපැයි. අම්මලගෙ මුලු කාමරෙම පෙරලල යතුර හෙවුවා

 අල්මාරි කබඩ් ඇඳ පුටු මේස ලාච්චු වහලෙ සිවිලිමෙ හුලන් කවුලු වල හැමතැනම හෙව්වා ඔහෙ නෑ ඊට පස්සෙ කට්ටක් අරන් ලොක් එක ඇතුලට දාල කරකෝල බැලුව වැඩේ හරි ගියෙ නෑ අන්තිම තුරුම්පුව විදිහට ගෙදර තිබුන ලොකු යතුරු පෙට්ටියක් ගොඩක් ජාතිවල යතුරු තිබුන ඕකෙ ඕකත් උස්සන් ඇවිත් එක එක දාල බැලුව.. මෙන්න බොලේ එක යහුරකට මේක ඇරුන... හම්මේ ශතුට ඉතින් කියල වැඩක් නෑ. හරිගිය යතුර පරිස්සමට අරන් තියා ගත්තු තඩිය වටේ පිටෙ අස්පස් කරල දාල අපහු අර කබඩ් එකට බැස්සා ඔන්න ඉතින් පොඩ්ඩක් බලනකොට මාටීනි බෝතලයක් ඉන්නව හිනාවෙවී එකේ පොඩි ඩිජිටල් ඔරලෝසු කෑල්ලකුත් තියනව

ඔක බෝතලේට අලෝල තියෙන්නෙ තඩිය ඉතින් ඔක ගලෝල ගත්ත ඒත් ඉතින් අර අතට වෙලා හිනා වෙවී ඉන්න බෝතලේ නිකන්ම තියන්ඩ බෑ වගේ ඉතින් ආපහු මේ බෝතලේ තඩියට  හිනාවෙන්ඩ ගත්තා ඔන්න එතකොටනම් තඩියට මල පැන්න ඒ පාර තඩිය අර බෝතලේ ඔලුව අල්ලල කරකෝල කඩල බෝතලේ ඇතුලෙ තිබුන ලේ වලින් උගුරු දෙක තුනක් බීල දැම්ම. මරු ඔය පොඩ්ඩක් අඩු වුනාට කාටවත් නෝට් වෙන් නැති බව දන්න හින්ද තඩිය ඔක පිටිපස්සටම වෙන්ඩ තියල හොඳ ළමය වගේ හිටිය.
ඔන්න ඔය එලාම් මාටීනි එක හින්ද තමයි ඔය බෝතල් කබඩ් එකට අපල කාලයක් උදා වුනේ. ටිකෙන් ටික අර මාටීනි එක හිස් වුනා හිස්වුන බෝතලේ වත්ත පහල කැලෑවට විසි වුනා තනියම ටික ටික බීපු මම මල්ලිවත් වැඩේට හවුල් කර ගත්තා.
 දැන් ඉතින් දෙන්නම හොඳට ගහනව. යාලුවොත් එක්කත් ගහනව බෝතල් අපි ගානේ. ඉතින් තව නොකියම බැරි කතා දෙක තුනක් තියනව මේ අරක්කු කබඩ් එක හින්ද වුන

පලවෙනි එක මෙන්න මෙහෙමයි


මම කියුවනෙ ඔය කබඩ් එකේ එක එක හැඩේ බෝතල් තියනව කියල ඔකෙ තිබුන ලස්සන ඳඟර ගැහුන කොල පාට අරක්කු බෝතලයක් තඩියට ඉතින් ඕකම බොන්ඩ හිතුන.
තඩියයි  යාලුවො දෙන්නෙකුයි ඉතින් ඔක ඉවරයක් කරා කියමුකො දැන් ඉතින් ඕක හොඳටම නෝට් වෙන බෝතලයක් හන්ද තඩිය කල්පනා කරා තාත්තා එන්ඩ කලින් ඕක රී ප්ලේස් කරල දාන්ඩ. ඉතින් තඩිය තිලින කියන යාලුවගෙන් මොබයිල් එක ඉල්ල ගත්තා ඒ කාලෙ තඩියට එකක් තිබුන් නෑ ඒක නොකියා එන්70 යක් ඔකෙන් පින්තුරෙකුත් ගහගෙන සුප්පවත් බයිසිකලේට දාගෙන මුලු බීච් සයිඩ් එකේම ඔක හෙවුව කොහෙන්වත් හොයාගන්ඩ බැරි වුනා. ඊට පස්සෙ ඕක කොලේකට ප්‍රින්ට් කරගත්තා ඔය දවස් වල තඩිය බ්‍රිටිශ් කවුන්සිල් එකට යනව පරයගේ බාසාව ඉගෙන ගන්ඩ මට ට්‍රාන්ස්පෝට් හම්බුනා සුරැක්ලීන් කියල තඩි සල්ලි කාර කොල්ලෙක්ගෙන් තඩි කියුවට මේක හාල්මැස්සෙක් වගේ පොර පන්ති යන්නෙ පොරට ගෙදරින් දීල තිබුන වාහනේ ඩ්‍රයිබර් අයියත් එක්ක. අපි දෙන්න දවසක් කතා වෙලා පන්තියෙන් පස්සෙ මේක හොයන්ඩ යමු කියල ඩ්‍රයිවර් අයියා ලව්ව ඇම් සී එකේ කාර් පර්ක් එකට ගිහින් පොරව එතන තියල අපි ඉස්සරහ දොරෙන් එලියට ඇවිත් ත්‍රීවීල් එකක් සෙට් කර ගත්තා ඒකෙ හිටියෙ කොල්ලෙක් පොරට විස්තරෙ කියල පොර දන්න බාර් ගොඩකට ගිය ඒත් බඩු හම්බුන් නෑ. අන්තිමට ත්‍රීවීල් එකටත් රුපියල් එක්දාස් ගානක් දෙන්ඩ වුනා. කොහොම හරි ඒ බෝතලේ හෙවිල්ල එතනින් ඉවර කරා ඒක කරන්ඩ පුලුවන් වැඩක් නෙමේ කියන එක තේරුනා

දෙවෙනි කතාව වුනේ තාත්තට

එදා තාත්තගෙ යාලුවො කට්ටියක් ඇවිල්ල හිටිය ඉතින් මෙයාලගෙ අල්ලාප සල්ලාප කරගෙන යන අතර කට්ටිය ඩින්කල් එකකට සෙට් වුනා එදා කට්ටිය බියුවෙ ගුරුවරයා නොහොත් ටීචර්ස්. ඉතින් එක බෝතලයක් ඉවර කරා කියමුකො දෙවෙනි එකත් තාත්තා අරගෙන ඔහොම්මම ගිහින් රාලහාමි මාමට දුන්න අරින්ඩ කියල ඒ දීල එයා බයිට් වගයක් ගන්ඩ ගියා. ඔන්න එන ගමන් වැඩේ පත්තු වුනා
"මේක ඇරපු බෝතලයක් නේ......."
"නෑ මම දැන් කබඩ් එකෙන් ගත්තෙ"
"මෙ බලපන්කො මේ සුවඳක්වත් නෑ "
"ඒකනේ බීල බලමු"
"අප්පා තේ කහට"
"කොල්ලො දෙන්න වැඩේ දීල වගේ"
"ලොකු පුතා....... මෙහෙ එන්ඩ....."
එච්චරයි මට මතක උදේ බලනකොට මම මම්මාචිලගෙ ගෙදර හිටියෙ..


තුන් වෙනි කතාව ආපහු තඩියට

ඔන්න ඉතින් තඩියට හවස පන්ති යන්ඩ තියන දවසක්. ආපහු ඉතින් ඔය කැබිනට් එක හරියෙන් යනකොට ගුරුවරයෙක් විසිල් එකක් ගැහුව මමත් ඉතින් ගුරුවරයව අතපත ගාල  මගෙත් එක්ක පන්ති යන සුප්පටයි චරියටයි ඒඩ්‍රියන් වයි අද පන්තිය කට් කරන්ඩ ටෝක් කර ගත්තා. මමත් ඉතින් අම්ම එහෙට මෙහෙට වෙනකන් ඉඳල ටීච්ව උස්සල බෑග් එකට දා ගත්තා පන්තිය ගාවට සෙට් වෙලා මමයි සුප්පයි මගෙ මදුරුවගෙ චරියයි ඒඩ්‍රියනුයි චරියගෙ දඩුමොනරෙ නැගල මීගමුවෙ ටුවරිස්ට් පොලිස් එක ලඟ බීච් එකට ගියා හපන්ඩ වඩ ශැන්ඩි කෝක් ප්ලාස්ටික් කප් එහෙම ලෑස්ති කරන් වටේට ඉඳගෙන සෙට් වුනා චරිය පඬිය හින්ද බෝතලෙ ඇරිය කට්ටියම කෝප්ප වලට දාගෙන හා හා පුරා කියල හොර නැකතින් උගුරක් බියුව... හප්පා කටේ තියන්ඩ බෑ කටට ගත්තු එක ඔහොම්මම විසි කරා...
"යකූ මොකක්ද බන් මේ??''
"නරක් වෙලද කොහෙද"
"කොහෙද හු** අරක්කු නරක් වෙන්නෙ?''
"දියන් බලන්ඩ ඔක මෙහෙට"
තඩිය බෝතලේ අරන් ඉම්ම්බා ...... සුවඳ වෙනස් තඩියගෙ ටිකිරි මොලේට වැඩේ තේරුනා.....
"යකූ අම්ම වයින් හදල දාපු එකක් යකො මේ"
වයින් හරි කමක් නෑ වදිනවනම් ගහමු කියල කට්ටිය වයින් බෝතලේ ඉවර කරල තව බියර් ටිකකුත් බීල හොඳ ලමයි වගේ පන්ති ඉවර වෙන වෙලාවට පන්තිය ගාවින් ඒඩ්‍රියන්වත් හලාගෙන ගෙදර ආව.


එන්ඩ එන්ඩ ඔය කලෙක්ශන් එක වාස්ප වෙනව කියල තේරුනාම ආපහු බෝතල් ටික ට්‍රන්ක පෙට්ටියට ගියා කබඩ් එකට වීදුරු බඩු ආව.. ට්‍රන්ක පෙට්ටියට දැම්මට අපි සැලෙයිද??? නෑ සහෝදර වරුනි..... අපි ඒකෙනුත් ඉස්සුව ඉබ්බව කඩල ඒවගේ වෙන ඉබ්බෙක් දැම්ම. දැන් යතුර අපි ගාව.. බොන්ඩ මුකුත්ම නැතිවෙනකොට අපි ඔකට බහිනව ... ඔහොම ඉතින් අන්තිමට අවුරුද්ද්කට විතර පස්සෙ දවසක් බැලින්නම් බෝතල් තුනයි ඉතුරු වෙලා තිබුනේ.... ඒ තුන තාත්තට ඉතුරු කරා.මදෑ නේ........ අරක්කු සරීරයට අහිතකරයි..ඒකයි අපි බීල ඉවර කරේ

20 comments:

  1. අවවාදය : ගෙදර අරක්කු කබඩ් තබා ඇත්තේ බොන්න නොව ලස්සනට බව ඔබේ හය හතර නොතේරෙන දරුවන්ට කියාදෙන්න. හැක්..

    අර ඉතුරු කරපු බෝතල් තුන හිස් බෝතල් වෙන්ටැ.

    ReplyDelete
  2. නෑ නෑ ඒව සම්පූරන ඒව.... ගොඩක් ගෙවල් වල ලස්සනට තමා තියෙන්නෙ. අපේ මාමලගෙ ගෙදරනම් වැඩ කරන කෙල්ලට බොන්ඩ තමයි ඒක තියෙන්න....

    ReplyDelete
    Replies
    1. වැඩ කරන කෙල්ලට බොන්ඩ කියලත් අරක්කු තියනවද?

      Delete
    2. ඔව් ඔව් වැඩ කරන කෙල්ල හොරෙන් හොරෙන් ඔකේ තියන බෝතල් වලින් ගහල මාට්ටු වුනා. කෙල්ල දන් නෑ ඔතන කැමරාවක් තියනව කියල.

      Delete
  3. මටත් ඔය අරක්කු රාක්ක පේන්ඩ බැ

    ReplyDelete
    Replies
    1. අපරාදෙ බොරුවට බෝතල් නරක් වෙනව නේ......

      Delete
  4. හොඳයි ඉතින්... මොනවා කියලා කියන්නද මාත්

    ReplyDelete
  5. ඔව් ඔව් ඕව සරීරයට අහිත කරයි

    ReplyDelete
    Replies
    1. එකනෙ දෙමාපියන්ට නරක දෙවල් දෙන්ඩ හොඳ නෑ

      Delete
    2. ඉතිරි තුනත් අහිත කරයි එන්නද හෙල්ප් එකක් දෙන්න.

      Delete
  6. අන් අයගෙ යහපත වෙනුවෙන් ඔබ දෙදෙනාගෙන් ඉටු වු සේවය අතිමහත්ය..හිහි..

    ReplyDelete
    Replies
    1. ප්‍රජා සේවයනෙ.....ඉහලින්ම කරන්ඩ ඕන....හිහිහිහිහිහි

      Delete
  7. මූ නං මරන්ට ඕනි... ගෙයි බඩුත් හොරකන් කරනවා

    ReplyDelete
    Replies
    1. ගෙදර ඉන්න අරක්කු බෝතල් ඉන්නෙ මාව හොරකම් කරපියො උස්සපියෝ කියාගත්තු ගමන්මයි ඉතින් කොහොමැයි අහක බලන් ඉන්නෙ

      Delete
  8. මගේ ලඟත් පොඩි කලෙක්ෂන් එකක් තියෙනවා.. මම ගෙදරදී ඒ හැටි බිමක් නැති නිසා බේරිලා තියෙනවා.. ඕක රාක්කෙකට දාල ප්‍රදර්ශනේට තියන්ඩ කලින් මං හොයල බැලුව එහෙම ප්‍රයිවෙට් කලෙක්ෂන් එකක් තියාගන්න එකේ නිත්‍යානුකුල පසුබිම.. රට බිම (බියර් හා වයින් වර්ගද ඇතුළුව) ලීටර් 7.5ක් හා අරක්කු ලීටර් 7.5ක් තියාගන්න පුළුවන්.. තියාගන්න කියන්නේ ප්‍රවහනයත් එක්කම.. ඊට වැඩි උනොත් කේස්.. දැන් මේ උඹ කියන විදියට මගේ කලෙක්ෂන් එකත් කොල්ලෝ දෙන්නගෙන් පරෙස්සන් කර ගන්න බැරිවෙයි වගේ තව ටික දොහක් යනකොට.. හැක්.

    ReplyDelete
    Replies
    1. මම මේ කියන කාලෙ අපේ මාමලගෙ ගෙදරයි අපේ ගෙදරයි ඇරුනම මෙහෙම කලෙක්ශන් තියන ගෙවල් ගමේ තිබුන් නෑ. දැන්නම් කොහොමද දන් නෑ. අනික ඉස්සර මිනිස්සුන්ට නීතිය ගැන ලොකු වැටහීමක් තිබුනෙත් නෑ මයෙ හිතේ කොහොම වුනත් දැන් අපේ ගෙදර කලෙක්ශන් එකක් නෑ... මම කොච්චර පටන් ගත්තත් තියාගන්ඩ බෑ මගේ නසරානි යාලුවො බැහැපු ගමන් ඔක්කොම හිස් කොරනව....

      කොහොමත් අපිට වැඩිය සුපිරි විදි වලට දැන් කාලෙ හැදෙන පොඩ්ඩොනම් ඕව උස්සයි...

      Delete
  9. he he he මෙවටනේ යකෝ වැඩ කියන්නේ

    ReplyDelete
    Replies
    1. ඔන්න දෙනවනම් ගේම්

      Delete
    2. සිරාවටම! මේවානම් පට්ට ගේම් :D

      Delete