Sunday, October 15, 2017

කේටරින් සර්විස් ඇබැද්දි


මේ කතාව නිකන් උඩ බලාගෙන කෙල ගහ ගන්නව වගේ වැඩක්.අවුලක් නෑ ඒ වුනාට රසවත් සීන් එකක්.
තඩිය ඒ කාලෙ ලොකු පොඩියට කරගෙන ගියා ඔය ගාමන්ට් ෆැක්ට්‍රි වලට කෑම දාන බිස්නස් එකක් දවසට කෑම හය හත්සීයක් විතර යනව ඉතින් ඔය ඉවිල්ලත් ලේසි පහසු සීන් එකක් නෙමෙයිනේ. උදේ කෑම එහෙම තියන දවසට පාන්දර ඉඳන් නැගිටන් ගේම ගහන්ඩ ඕන. හාල් හෝදන්ඩ , පොල් ගාන්ඩ, හාල්මැස්සො ඔලු කඩන්ඩ, මාලු , මස් කපන්ඩ මැල්ලුම් තෝරන්ඩ, මැල්ලුම් ලියන්ඩ, බෝන්චි කපන්ඩ , වම්බටු කපන්ඩ බදින්ඩ හෙන වැඩ ගොඩයි අමාරුම පපඩම් බදින එකනෙ..

ඉතින් මේ සිද්දිය වුනේ දවසක් උදේ කෑම තිබුන දවසක සම්පූරන කෑම ගාන හත්සිය පනහක් බුෆේ දාන්ඩ ඕන ඉතින් සුපුරුදු පරිදි උදේම කට්ටිය වැඩ පටන් ගත්තා මෙනූ එක තිබුනෙ සුදු බත් , සම්බෝල , හාල්මැස්සො , පරිප්පු පට්ට මෙනූ එක පොල් ගාල කිරි මිරිකල පරිප්පුවට දාල ඉතිරි කුඩු වලින් සම්බෝල හදන්ඩත් පුලුවන් පට්ට ලාබයි නේ...... අපි එහෙම කරේ නෑ.. ඔය පොල් ගාන්ඩ මැශින් එහෙම තියන හින්ද, පොල්ටික වත්තෙන් හම්බෙන හින්ද අපිට කුඩු වලින් සම්බොල ගහන්ඩ ඕන වුන් නෑ.


හරි හරි ඔන්න ඉතින් පිට පැනල වි‍යාපාර රහස් එලි පනින්ඩ යනව නේ.. කොහොම හරි කට්ටිය කෑම ටිකත් උයල ෆැට්‍රියට ගිහින් බෙදුව කියමුකො. ඔය ගාමන්ට් වල ඉන්න ළමයින්ට වෙඩිමක වගේ කෑම තිබුනත් වැඩක් නෑ මොකක් හරි ඇදයක් කියනවම නෙ. ඒ වුනාට බෝඩිමට ගියාම කන්නෙ බතුයි එක හොද්දයි නැත්තන් ලූනු කෑල්ලකුයි එහෙමත් නැත්තන් සම්බෝලෙකුයි තමයි. ඉතින් මේ කියන දවසෙ මේනූ එක නැගල යනවනේ මම හිතුවෙ අදනම් කොම්ප්ලේන් නෑ කියල කොහෙ ඔන්න අටහ මාර නමය වෙද්දි වැඩ කරන කොල්ලෙක්ගෙන් කෝල් එකක් එනව
ඔය කෝල් එකක් එනව කියන්නෙ බොක්ක කූල් වෙන සීන් එකක් කෑම මදි වෙලාද? මගදි මුන් හැප්පුනාද? කෑම හරි නෑ කියනවද වගේ නා නාප්‍රකාර සීන්.. එක පාර ඔලුවට ඇවිල්ල කලඹල හොල්ලල පොලේ ගහනව වගේ තමයි. ඔය කෝල් එක එනව කියන්නෙ.

"සෑර් මාර කේස් එකනෙ වුනේ"
"ඇයි මොකෝ වුනේ කෑම අවුල් ලුද?"
"නෑ සෑර් කෑම එකක හූනෙක් හිටියනෙ"
"නෑ... යකෝ කොහෙන්ද හූනෙක් ගියෙ, වෙන්ඩ බෑනෙ බන්"
"සර් කරෝල එකේ තිබුනෙ... කරවුන බැදිච්ච හූනෙක් පන පිටින් එකෙක් නෙමෙයි"
"ඌව හොඳට තෙල් දැමිල ද?"
"ඔව් හොයන්ඩත් අමාරුයි හොඳටම බැලුවොත් තමයි පේන්නෙ කොහොම මේකි දැක්කද දන් නෑ"
"හරි දැන් මොකද වුනේ කට්ටිය කෑම කන්ඩ බෑ කියනවද"
"නෑ ඒ කෙල්ල හිටිය ටේබල් එකෙ කට්ටිය නැගිටල ගියා අනිත් උන් කනව"
"හරි හරි ශේප් කරගන්ඩ බලපන් මොනා හරි කියල එන්ඩ බලපන්කො"
"හරි සර්"

ඔන්න ඉතින් තඩිය හිත හදා ගත්තා වැඩේ ගොඩ කියල. ඒ ආතල් එක ටික වෙලාවයි ඔන්න ආපහු කෝල් එකක් එනව මානව සම්පත් මිස් ගෙන්

"හෙලො ....මිස් ගුඩ් මෝනින්"
"මෝනින් මිස්ටර් තඩිය පොඩි ප්‍රශ්නයක් තියනව පුලුවන්ද ෆැක්ට්‍රියට දැන් එන්ඩ"
"හරි මිස් මම එන්නම්"

දැන් ඉතින් සීන් එක හරි එච් ආර් එකටම සීන් එක ගිහින් නේ අවුලක් නෑ ගිහින් බලනව කියල තඩියත් බොක්ක කූල් කරන් යනව ඔය අතර මගදි තඩියට එක එක ඒව හිතෙනව මේ ඕඩරේ නැති වුනොත් මොකෝ වෙන්නෙ කියල ඒ වගේම තඩියට මහ කක්කා අයිඩියා එකකුත් එනව. ඔකත් හිතෙ තියාගෙන යනව

තඩිය එච් ආර් එකට යනව ගෑනිගෙ මූන එච්චර හොඳ නෑ.
"ඉඳ ගන්ඩ මිස්ට තඩිය විනාඩියක් ඉන්ඩ"
"........ මට අර කෑම එකයි ඒ ලමයවයි එවන්ඩ"
"මිස්ට තඩිය ඔයාලගෙ අද කෑම එකක හූනෙක් ඉඳල හම්බුනා නේ"
"අනේ මිස් එහෙම වෙන්ඩ විදිහක් නෑනේ මිස්ල දන්නවනෙ අපේ කුස්සිය ඒ+ හම්බුන එකක් විත්තිය ඉතින් ඒකෙ හූනෙක් ඉන්ඩ විදිහක් නෑනෙ"
"ඒ වුනාට අද හම්බෙලානෙ මිස්ට තඩියා..සීරියස් කේස් එකක් මේක"

ඔන්න අර ළමයයි කැන්ටිමේ සුපවයිසරුයි දෙන්නම පැත්ත දොරකින් ඇතුලට ආව සුපවයිසර්ගෙ අතේ බත් එක ඔන්න ඉතින් දැන් තඩියට පෙන්නනව මේ ඉන්නෙ කියල

හුටා ඇත්ත තමයි හොයන්ඩ අමාරු වුනාට හූනෙක්ගෙ හැඩේ තියනව හාල් මැස්සට වඩා ටිකක් ලොකුයි. තඩිය ආපු කක්කා අයිඩියා එක ක්‍රියාත්මක කරා

"කෝ බලන්ඩ "


කියල තඩිය ගත්ත අතට අර හූනව දාගත්තා කටට දෙපාරක් විතර හපල ගිල්ල කට්ටිය කට ඇරගෙන මූන දෙක කරගෙන සතෙක් දිහා බලනව වගේ මගේ දිහා බලන් ඉන්නව

"මිස් ඒ හාල් මැස්සෙක් හූනෙක් නෙමෙයි ටිකක් ලොකු හින්දයි මේගොල්ලො හූනෙක් කියල තියෙන්නෙ මේ ඉන්දියන් හාල්මැස්සොනෙ මිස් ටිකක් ලොකුයි උන්"

දැන් ඉතින් කොහෙද ඌ හූනෙක් වුනත් ඔප්පු කරන්ඩ සාක්කි නෑ සාක්කිය තඩියගෙ බඩේනේ..

"ආ ඒක තමයි" යන්තන් මිස් වචනයක් ගැටගහ ගත්තා

"මිස් එහෙනම් ලමයින්ට කියන්ඩ ඒ හූනෙක් නෙමෙයි කියල නැත්තන් ඔය ලමයි බොරුවට ප්‍රශ්න ඇතිකරනව නේ."

"අනේ සොරි මිස්ට තඩිය කරදර කරාට මමත් වැඩිය හෙවුවෙ නෑ"

"අනේ නෑ මිස් කිසි අවුලක් නෑ ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න එනව ඒව ඒතරම් ගැටලු නෙමෙයි.... එහෙනම් මිස් මම ගිහින් එන්නම්"

"හා හොඳයි මිස්ට තඩියා"

ඔන්න ඔහොම තමයි තඩියා හූනව හාල් මැස්සා කරල වැඩේ ගොඩ දාගත්තෙ.

පස්සෙ ඉතින් එලියට ආපු ගමන් ම කටුනායක තියන බාර් එකෙන් පොඩියට සොට් එකක් දාල අප්පිරියාව මකා ගත්තා..








36 comments:

  1. අපේ එකෙක් මස් කෑල්ලක ඉදපු පනුවෙක් පෙන්නුවාම මුදලාලි කරල තිබ්බෙත් ඔය වැඩේ

    ReplyDelete
    Replies
    1. ඔය උදේ කෑම වේල විතරක් 52500ක් නෙ බන් කවුද හූනව නොකන මුදලාලි

      Delete
    2. හූනවනොකා ඉදියි

      Delete
    3. හූනවනොකා ඉදියි

      Delete
  2. ඒ බං බොට පස්සෙ මොකවත් බඩේ අමාරුවක් එහෙම ආවෙ නැද්ද? හූනෝ විසයි කියනව නේද?

    ReplyDelete
    Replies
    1. අවුලක් වුන් නෑ රවී මම හිතන්නෙ ඇල්කොහොල් වලට කැපිල යන්ඩ ඇති...මාත් අහල තියනව හූන විසයි කියල මට අවුලක් වුන් නෑ මට වුනා වගේම බියගම පැත්තෙ ෆැක්ට්‍රියකට කෑම දාන ලොකු බිස්නස් කාරයෙකුත් හූනව කාල තිබුනා පොරටත් අවුලක් නෑ...ඔය ඉන්දියන් හාල්මැස්සො පෙට්ටියෙ තමයි හූනො ඉන්නෙ

      Delete
  3. බෝව එල්ලන්න එඑපැයි තඩියො
    හෙහ හෙහ්

    ReplyDelete
    Replies
    1. හූන වගේද බිස්නස් එක

      Delete
  4. ඊ...ක් ඇයි මම මේ කතාව කියෙව්වෙ

    ReplyDelete
    Replies
    1. තෙල් දාපු හාල්මැස්සො එක දැකලනේ....කරවුන හූනො තෙල්දාපුවමත් රහයි ට්‍රයි කොරල බලන එකයි....

      Delete
  5. මෙව්වනේ බං තඩියෝ කථා කියන්නෙ 🤣🤣🤣🤣.. කනේ වැලි, පුකේ පස්..🤣🤣.. උබේ බිස්නස් මොලේ තමයි මොලේ..!!

    මේකනං ඔන්න මට උන එකක් නෙමෙයි. දවසක් මගේ ඇති ජාති මිත්‍රයෙක් සුපුරුදු පරිදි ගාල්ලේ කොටුවේ වල බැහැල (ජොයින්ට් එකකුත් එහෙම ගහල) බඩගින්නෙ ගෙදර ගියාලු. මිනිහ තේ එහෙම රස්නෙන් බොන එකෙක් නෙමෙයි නිසා සුපුරුදු ටී එක සුපුරුදු පරිදිම එදා ඒත් ටිකක් අමුතු විදිහට කුස්සියෙ තියෙනවලු. බුවා ඉතිං ඈස් යුෂුවල් විදිහට ෆුටාර් එක පාර්ක් කුස්සියට දුවපු ගමන් තේ එක එක හුස්මට ගහල දැම්මලු. කොහොම කොහොම හරි මු මුගේ අයියල අක්කල මව් පියන් එක්ක රෑ කෑම ගන්නකොට අම්ම කියනවලු, “මොන පෙරේතයෙක්ද ඇවිල්ල හූන වැටිල තිබ්බ තේ එක බිව්වද මන්ද? අපරාදෙ කියන්න බැහැ කෝප්පෙත් හෝදල ගිහිං” කියල. ඔය සීන් එක මු ඉතිං ජාතික වීරයෙක් වගේ අපි එක්ක කියද්දි අපි ඇහුව “යකෝ තේ එකේ හුනෙක්‌ ඉඳල උගුරු දණ්ඩෙන් පහලට යනකං තොට තේරුනේ නැද්ද?” කියල. මු කියපි පිස්සුද බං මට තේරුනා මොකක්ද දිවේ ස්ලිප් වෙලා යනව. මම හිතුවේ දිය නොවිච්ච ගල් උන පිටි ගුලියක් කියල.
    😜😜😜😜😜😜

    ReplyDelete
    Replies
    1. ටහිකේ මරු පිටි ගුලිය......

      ටික්කො එක වේලකට ඔය ගාන ඔය ඕඩරෙ සතියට දවස් තුනක් තිබුන ලේසි පහසු නෑනෙ බන් සීන් එක ගැස්සුනොත්..

      Delete
  6. හැක්.. අන්නේව තමයි දියු‍ණුවෙන බිස්නස් කාරයෙක්ගෙ ට්‍රික්ස් කියන්නෙ.
    වෙන රටවල කැරපොත්තො, කම්බිලියො කන එකේ හූනෙක්නං මොනාද.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ප්‍රසා.... අනික උන් ගෙවන ගානට හූනෙක් ඇර කුකුලෙක් හරකෙක් දාන්ඩ බෑ. හැත්තෑවයි ගෙවන්නෙ.

      Delete
  7. යකෝ තඩී ඒක කෑවද ... අනේ බං උබ නං යකෙක්.. හූනා විස නැද්ද බං මං අහල තියෙන්නේ විසයි කියලනේ..
    යකෝ ඒක අහද්දිත් බඩ දඟලනවා

    ReplyDelete
    Replies
    1. කෑව බන් වෙන මොනා කරන්ඩද? නැත්තන් කොල්ලන්ට පඩි ගෙවාගන්ඩ විදිහක් නැතුව වැඩේ පට්ට චා වෙනව. අනික බඩට ඇල්කොහොල් ටිකක් වැටුනම ඔක්කොම හරි.

      Delete
  8. තෝව මැරුන් නැතුව බේරුනා මදැයි.

    ReplyDelete
    Replies
    1. ඔය සමහරුන්ව ගලේ ගහලත් මරන්ඩ බෑ කියනව නේ..... ඒ වගේ වෙන්ඩෑ

      Delete
  9. අනිවා.... ඇල්කොහොල් තමා අනුපානෙ ....
    ඕන එකකට වැඩ ...

    ReplyDelete
    Replies
    1. උණට කැස්සට හෙම්බිරිස්සාවට කකුල් අමාරුවට කොන්දෙ අමාරුවට බඩේ අමාරුවට ගැස්ට්‍රික් වලට එකී මෙකී නොකී නව අනූවක් ලෙඩ රෝග වලට නියම බෙහෙත .....සන්ස්තා ගල්....... ඔබත් අදම වෙනස අත් දකින්ඩ ගහන්ඩ ගල්

      Delete
  10. දැන් එතකොට තඩියා කියන්නේ හුනෙක් කැවට අවුලක් නැ කියදද ?
    එක්කෝ අවුලක් නැතිව ඇති අපි ඔය කඩෙින් කන කැම ගෙඩාක් පිරිසිදු නෙ...

    ReplyDelete
    Replies
    1. මට නම් අවුලක් වුන් නෑ.. බය නැතුව කාපන්

      Delete
  11. අප්පිරිය හිතුනේ නැද්ද , හාල් මැස්සො වාගෙම රහයිද , උඹ නං යකෙක්

    ReplyDelete
    Replies
    1. අප්පිරිය තමයි අටමො..මොනා කරන්ඩද බිස්නස් එක නැති කරගන්ඩ බෑනෙ.......
      මගුලක් කතා කරනව අටම හිටන් රහ බැලුවෙ නෑ බොල ගිලල දැම්මාමිසක් මොකාද හූනෙක් රහ කොරල කන්ඩ කැමති..

      Delete
  12. නැකතත් ඔය සතාට නේද අයිති? කතාව එල ######

    ReplyDelete
  13. නැකත ගෝනුස්සා....අනික පැක්ටරියෙන් ගෙවන ගානට හූනෙක ඇරෙන්ඩ කුකුලෙක් එහෙම දාන්ට බෑ

    ReplyDelete
  14. හුකා.. තෝ නං තඩි බිස්නස් කාරයෙක්ම තමයි.. හැක්.. ඕකේ අනික් පැත්ත කතාවක් මං අහලා තියෙනවා ..
    කවුදෝ ගෑනු ලමේකුට වැරදීමකින් හූනෙක් කැවිලා.. ඉස්පිරිතාලවල එහෙම ගියාට උන් ඒවට පෙතිකර්ම කරන්නේ නෑනේ.. මේ කෙල්ල තුන් හතර දොහක් කන්නේ බොන්නේ නැතුව වමනේ දදා ඉන්නවලු හූනා බඩේ කියලා.. ඒ දාපු වමනේ කන්දරාවටයි හිටපු දවස් ගානටයි හූනෙක් නෙවෙයි කිඹුලෙක් ගිලිලා හිටියත් ඒ වෙනකොට එක්කෝ දිරවලා නැත්තං වමනෙත් එක්ක එළියට ඇවිත්.. පස්සේ රටේ වෙදෙක් බාර අරං හූනව එළියට අරං දෙන්න.. ඉල්ලලා තියෙන්නේ උණු වතුර එහෙකුයි, පොල් කිරි කෝප්පෙකුයි, වමනේ කරන්න පඩික්කමකුයි.. මූ එන ගමං කොහෙන්දෝ හූනෙක් මරාගෙන ඇවිත්.. අර උනුවතුර එකට දාල ටිකක් තැම්බෙන්න ඇරලා හොරෙන්ම.. ඊලඟට කෙල්ලට මන්තර කියන ගමන් පොල්කිරි පොවලා අර පඩික්කමට වමනේ කරවලා..ඒ අතරේ මූ ශේප් එකේ අර තැම්බිච්ච හූනවත් පඩික්කමට දාලා.. වමනෙත් එක්ක 'ගිලිච්චි හූනා' එළියට ඇවිත් ඉන්නව දැක්කගමං කෙල්ලගේ ලෙඩේ සනීපයි ලු.. හැක්

    ReplyDelete
    Replies
    1. අන්න වෙද්දු... මේක සිරාම සීන් එකක් බන් තව තියනව බෝන්චි එකේ හිටපු පනුවෙක් කාපු එකක් බත් එකට පිහියක් දාපු එකක් පට්ට සීන් තමා ලියන්ඩ අමාරුයි බන්

      Delete
  15. ෂුවර් එකටම එක හාල්මැස්සෙක්ගේවත් ඔළු කඩලා නැතුව ඇති

    ReplyDelete
    Replies
    1. මේව ඉන්දියන් බඩු ඔලු නෑ

      Delete
    2. හේ හේ හේ ... එකතමයි ,. මම බැලුවේ! :D

      Delete
    3. එකනෙ බන් අවුල

      Delete