Friday, September 29, 2017

නයිට් ක්ලබ් උණ


තඩියගෙ පොඩි කාලෙ හිටිය එල පොරක් මීට අවුරුදු හත අටකට කලින් ඉතාලි ගියා මේ සීන් එක මිනිහ නිවාඩු ආපු වෙලාවක සිද්ද වුන එකක්. මිනිහගෙ නම චරිත්. ඕකා ඉතින් නම කියුවයි කියල මාව හොයාගෙන එන්ඩයැ ඒ හින්ද අවුලක් නෑ.
මේකට ඉතින් හෙන අමාරුවක් තිබුන නයිට් ක්ලබ් එකකට යන්ඩ ඔන්න ඒ අමාරුව හොදකර ගත්තු විදිහ තමයි මේ.

අපි ඉතින් දවසක් කතාබහ කරගෙන ගෙවල් වලටත් බොරුවක් ගහල ගෙදරින් පැන්නා
ඔන්න ඉතින් අපි ලගම තිබුන පබ් එකට ගිහින් ගානට ටිකක් වැඩි වෙන්ඩ අනුමත වුනා. එහෙම නැතුව බෑනෙ දැන් අපි කටුනායක තියන කොක් පිට් එකට තමයි යන්ඩ ප්ලෑන් කරේ.එන්ට්‍රන්ස් ටිකට් එක දාහයි බියර් එකක් ෆ්‍රී. අපි දෙන්නත් ඉතින් ඇතුලට ගියා දොර ගාවම කලු ඇදගත්තු සද්දන්තයො කීප දෙනෙක් ඉන්නව. මුන් තඩියටත් වඩා උසයි මහතයි. අපි ගිහින් සෙටියකින් වාඩි වුනා වකපුනපුනා ආපු නන්ගි කෙනෙක් බියර් දෙකක් දුන්නා. අපිත් ඉතින් සුට්ට සුට්ට ගහන ගමන් නටන කෙල්ලො දිහා බලාගෙන ඉන්නව. චරිය ඉතින් ඔතන ඉන්න කෙල්ලන්ගෙ අරව මේව ගැන විස්තරයක් කියනව.
ඔය අතරෙ නන්ගි බබෙක් ඇවිත් චරියගෙ ඔඩොක්කුවෙ ඉදගත්තා අරූටත් මොකෝ ඉතින් නිකන් හම්බුන චාන්ස් එකනෙ කියල  හුරතල් කර කර හිටියා මගෙ ලගට අපු ඇන්ටිව නම් මම ලගින් තියා ගත්ත මිසක් ඔඩොක්කුවට ගත්තෙනම් නෑ අපි ලැජ්ජා බයට හැදුන කොල්ලොනෙ
ඉතින් මුන් දෙන්නා අපෙන් විස්තර අහ අහ ඉන්නව හරියට මුන් අපිව බදින්ඩ වගෙ. ඔහොම ඉන්න ගමන් මම ඉතින් මගෙ රබර් ඇහැ නටන උන් දිහාට දානව. කපල් දෙක තුනක් එක එකා බදාගෙන නටනවා . ඉතින් අපිත් නටමු කියල කෙල්ලො දෙන්න අපිව්ත් ඇදගෙන ගියා කියමුකො..

අපිත් ඉතින් පොඩ්ඩක් එහාට මෙහාට පැද්දි පැද්දි හිටියා ඔය අතරෙ අර නටපු දෙගොල්ලක් බර කතාවක මෙන්න බොලේ ටිහකින් බැලින්නම් මුන් ගෑනු දෙන්න මාරු කරගෙන නටනව


අපෙ මොකෝ උන්ට හොදයි නම්. අපි ආපහු හිටපු පුටුවට ආව. දැන් ඉතින් මේ කෙල්ලො දෙන්නට නෑ නෑ එක කෙල්ලයි ඇන්ටියි බොන්ට ඕනලු අපේ චරියගෙ ඉතින් හිත හරි වෙන එකක් හරි උනු වෙලා විස්කි ශොට් දෙකක් ගෙනත් දුන්නා. යකෝ මුන්ට විතරක් දෙන්නෙ මටත් දියන් කියල මමත් එකක් ගත්තා

ඕකත් බොන ගමන්  වටේට රබර් ඇහැත් දාගෙන දුමකුත් දාගෙන තඩිය ඉන්නව ඔය අතරෙ චරියනම් බරටම වැඩ මයෙ මොකෝ මම මගේ ආතල් එකේ. ඉතින් ඔහොම ඉන්න ගමන් සුපිරි මියුසික් ටිකක් යනව ඉදගෙන ඉන්න බෑ ඉබේ නැටවෙනව.

ආපහු ගියා නටන්ට අපිත් ඉතින් නිකන් හම්බෙන එකනෙ කියල ඔහෙ අරහෙ මෙහෙ වැදි වැදි නට නටා හිටියා මෙන්න බොලේ මුන් දෙන්නා අපහු කොහෙන්දෝ ශොට් දෙකක් අපිට ගෙනත් දුන්නා මුන් දෙන්නත් නටන ගමන් දෙකක් අතේ තියාගෙන ඉන්නව තඩිය ඉතින් නටල ඇති වගේ හිතුන හින්දා පුටුවට වෙලා ඉදගෙන චරියගෙ විකාර බල බල හිටියා

ඒ අතරෙන් අර කෙල්ලො දෙන්න හිමින් සීරුවෙ අර වීදුරු දෙක ආපහු බාර් එකට ගිහින් දුන්නා මුන් බොන් නෑ. ඕක ඉතින් තඩියට මාට්ටු තඩිය ගනන් ගත්තෙ නෑ අනන් මනන් විකාර වලින් පස්සෙ පාන්දර දෙකහ මාරට විතර අපි යන්ඩ ලෑස්ති වෙලා බිලේ ගනන් බලන්ට කියල කවුන්ටරෙට ගියා ටවුකන්ඩ කිරි අප්පට බල්ලො පැනපි බීපුව කටින් එලියට පැන්නෙ ඒ වෙලාවෙ තමයි බිල විසිහත්දාහයි විසි අට දාහකට ඔන්න මෙන්න

යකූ අපි දෙන්නට විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරුව ගියා.... අපි බිලත් ඉල්ලගත්තා තව ටිකකින් ගෙවන්නම් කියල
"මොකෝ බන් කරන්නෙ සල්ලි තියනවද?"
"නෑ යකෝ මෙච්චර"
"යකෝ අර *සියො දෙන්න ගහලනෙ *ත්තො"
"තෝ පකය වගේ බදාගෙන නැටුවෙ"
"වරෙන් යන්ඩ එලියට මෙතන පර්ස් අදින්ඩ බෑ මගෙ ගාවත් ටිකක් තියනව"

අපි දොර ගාවට ආව විතරයි පිටිපස්සෙන් ආපු කලුවට කලුවෙ යකෙක් වගේ එකෙක්
"මල්ලි කොහෙද යන්නෙ බිල ගෙවුවෙ නෑ නෙද?"
"නෑ අයියෙ මේ සල්ලි ගන්ඩ වාහනෙ ගාවට යන්නෙ"
"හා යන් එහෙනම්"
වාහනේ ගාවට ආපු මම පර්ස් එක සුද්ද කරා චරියගෙ එකත් සුද්ද කරා ඔක්කොම විසි පහකට ටිකක් වැඩියි

හුටා තව දෙදහක් විතර මදි..
"මල්ලි මොකෝ සල්ලි නැද්ද?? "
"දෙදාහක් මදි අයියෙ මම පොඩ්ඩක් බැන්කුව ගාවට ගිහින් එන්ඩද"
"බෑ බෑ එහෙම යන්ඩනම් බෑ"

අපි ඉතින් ඔප්සන් නම්බර් දෙකට ගියා ව්ටේම ඉන්න යාලුවන්ට ගත්තා සමහරු ආන්සර් කරන් නෑ ආන්සර් කරපු උන්ට ගෙදරින් පනින්ඩ විදිහක් නෑ තව උන් ගාව සල්ලි නෑ...අපි ඉතින් අන්තිම ඔප්සන් එකට ගියා ඒක නිකන් ලයිප් ලයින් එකක් වගේ එකක් ගත්තා නෑදෑ අයිය කෙනෙක්ට

"හලෝ මල්ලි මොකෝ මෙ පාන්දර අවුලක් නෑ නෙද?"
"දනු අයියෙ පොඩි කේස් එකක්" කියල මම ඉතින් විස්තරෙ කියුව
"හරි ඔහොම ඉන්ඩ මම විනාඩි දහයෙන් එන්නම්"
නිවන් දකිනව කියන්නෙ ඔයවගෙ වෙලාවට තමයි වැඩේ ගොඩ. අනේ ඉතින් දෙයියනේ කියල වැස්සක් පටන් ගත්තා පව් අර මනුස්සය වැස්සෙ තෙමීගෙනම සල්ලි ගෙනත් දුන්නා යන්තන් බිල ගෙවල එලියට ආව

අර බොන මිනිහට කොයි පිටියත් එක්යි කියල කතාවක් තියෙන්නෙ ඒ වගේ අපි දෙන්නා ආපහු බීච් එකට ගියා වෑන් එකේ ඉතුරු වුන කොටයක් තිබුනා කාලට ටිකක් වැඩිය දෙන්න අමුවෙන්ම ඒකත් ගහල වෑන් එකේම නිදා ගත්තා බීච් එකට වෙලා.ගෙදර ගියෙ නෑ මොකද අපේ ගෙදරට කියල ආවෙ මම චරියලගෙ ගෙදර නිදා ගන්නව කියල චරිය කියල ආවෙ අපේ ගෙදර නිදා ගන්නව කියල.

කියපු බොරුව රකින්ඩත් එපැයි උදේ හතට විතර නැගිටල දෙන්න ගෙවල් වලට ගියා එදා ඉදන් අද වෙනකන් මොකා අඩ ගැහුවත් ක්ලබ් වලටනම් ගියෙ නෑ.

26 comments:

  1. හෝටලේකනං පිඟන් හෝදන්න තිබුණ. ක්ලබ් එකක මොනවගේ ඒව කරන්න වෙයිද දන්නෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ එක එකා පාර දිගට දාන වමනෙ අදින්ඩ කියුවොත් තමා සීන් එක

      Delete
    2. Praසන්ன හායි හනි

      ඔයා නියම ආතල් එකෙනේද ....මේ එක නොවෙයි මෙයා, අපේ බොසා මට එයාගේ ගම්පලාතෙන් ජොබ් එකක් හොයලා දුන්නා ගනේමුල්ල /කොස්සින්න පාරේ තියන පරක්න්දෙනිය පාර හන්දියේ තියන අනුරාධා බේකරියේ චුන්පාන් සෙල්ස්රේප් ජොබ් එක.
      මම හෙට එහෙයනවා මගේ ඒරිය එක පරකන්දෙනිය. මට හරි ජොලි ,,,පස්සේ වෙලාවක ආයි ස්ටෝබෙරි ලොලි සකස් කරන්ගමන් බුරුඇඳේ දාන් අදිමු..

      ටෙක් කෙයාර් හනි ..... ගුඋඋඩ් බායි.

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. හී.හී.... ඉතාලියේ ගිය කෙනා එහෙ ක්ලබ් ගිහින් නැද්ද

    ReplyDelete
    Replies
    1. පොරට එහෙ ඒව දැකල තමයි මෙහෙත් යන්ඩ ඕන වුනේ..පොර එහෙ හිටියෙ තාත්තා එක්ක පොරට එලියට බහින්ඩ දෙන් නෑ තාත්තා

      Delete
  6. අයියේ කැසිනෝ කලබ් වලත් ඔයවගේමද අපේ අක්කා නම් නිතර නිතර කැසිනෝ කලබ් යනවා

    ReplyDelete
  7. හොඳ වැඩේ බොට .... අනේ අල්ලගෙන නෙළුව නම් වෙරි හිදෙන්න..

    ReplyDelete
    Replies
    1. එහෙම නෙලන්නෙ කොහොමැයි... අපි උඩ පැනල අතපය විසි කරල වැඳවැටිල ශේප් වුනා හිහිහිහිහි...

      Delete
  8. දැන් ඉතින් ඔය උණ සනීපයිද ?

    ReplyDelete
    Replies
    1. අපොයි ඔවු එක පාරින්ම සනීප වුනා

      Delete
  9. ඔබට සතුටුයි ද දැන් ?

    ReplyDelete
    Replies
    1. බොහෝත් බොහෝත් ශතුටුයි දැන්

      Delete
  10. ඔබගේ සමාජ ශාලා උණ හොඳවූවා යයි සිතමි... 😜

    ReplyDelete
    Replies
    1. එහෙමයි බොලව් එහෙමයි....නිට්ටාවට සුවයි

      Delete
  11. ඇති යන්තම් 28 කින් ගොඩ ගියා ... හදිස්සියේ වත් චරියා ව අර ගණු දෙන්න VIP අරන් ගියා නම් තමයි , කෙලවෙන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙනම් උගෙ අහවල් එක උගස් කරනව... ඌව වෙන එකෙකුට විකුනන්ඩ තමයි වෙන්නෙ

      Delete
    2. හා හා හා ... සිරාවටම .
      ඇති ඔයින් ගියා නේද ?

      Delete
  12. කොක්පිට් තිබ්බේ කොච්චියාගේ ගෙදරට නම් වැඩි දුරක නෙවේ. එක දවසයි ගියේ මෙලෝ රහක් නම් තිබ්බේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ කොච්චියා ඉන්නෙත් මේ අහල පහලමයි.... කොහොමත් ඒ මගුල වැඩක් නෑ මට ඊට වැඩිය බීල පරන සින්දුවක් අහන් ඉන්න එක ආතල්

      Delete