Saturday, September 16, 2017

රෑ පැල් රැකලා





රෑ පැල් රැකලා පැල් කවි කියලා නිදි නැති දෙනෙත බරයි
වෙහෙස නිවන්නට තුරුලිය නලවා එන මද පවන සුවයි

බොල් පිනි මකලා හිරු රැස් වැටිලා මැනික් ලෙසින් දිලිසේ
මට බහ දුන් දා විලියෙන් ඇබරුන මැණිකෙගෙ නෙත් විලසේ
මෙදා සැරේ කුරහන් කිරි වැදිලා සුලගේ ලෙල දෙනවා
කුබුකෙන් නාගෙන වරල විදා යන මැණිකෙව සිහි වෙනවා

ගොවිතැන් සාරයි ඒකෙන් නැහැ නොවැ අතමිට අඩු පාඩූ
පලදන්නම් ගෙල මාල සවන් යුග ලෙලවමි රන් තෝඩූ
ගේ පොඩියෙත් වැඩපල අවසන් මුත් එලියක් එහි නෑනේ
මේ කන්නයෙදිම අස්වනු කැපුවම මැනිකෙත් එනවානේ


ගායනය - සී.ටී ප්‍රනාන්දු



24 comments:

  1. මෙකනම් කට පාඩම් සිංදුවක්..

    ReplyDelete
  2. මං මේ සිංදුවක් අහලා තිබුනේ නැහැ

    ReplyDelete
    Replies
    1. අයියෝ එහෙනම් තව දෙන්නම් අහල නැති ඒව...

      Delete
  3. Replies
    1. Praසන්ன හායි!

      කොමෙයි හනි ඔයාට ජොලි නේද. ඊයේ හමුව්ම සුන්දරයි වෙන්වීම ගින්දරයි
      කවුද අනේ කිව්වේ .ස්ටෝබෙරි ලොලි පොප් රහයි ගුණයි නේද
      කොහොමෙයි ගල් බිස්නස් එක නැගලා යනවද
      බ්ලොග් ලොවේ බොසා කිව්වා මට ජොබ් එකක් හොයලා දෙන්නම් කියලා එයාගේ ගම පළාතෙන් මට හරි ජොලි

      ටෙක් කෙයාර් ලව්.... සියු නෙක්ස්ට් ටයිම්.... ටටා බායි...

      Delete
  4. තඩියෝ මු තමයි හැම බ්ලොගක්ම ප්‍රොමෝට් කරන්නේ උඹ එහෙනම් උන්ට කියලා ප්‍රොමෝට් කරන වැඩේ කරගනින් හැබැයි සමනල් ගැටේට අහු නොවී.උන් ඩබල නැති බ්ලොගක් තියනවද එක ප්‍රසන්නය්ගේ බිස්නස් එකනේ.

    ReplyDelete
    Replies
    1. ආ එහෙනම් එයාල මේක ප්‍රමෝට් කරයි නේ

      Delete
  5. මේ මොකෝ බං ...
    පැලක වත් සෙට් උනාද ..??

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කොහොමද පැලක සෙට් වෙනකොට තියන ආතල් එක

      Delete
  6. තඩියෝ මොකෝ මේ උඹ කම්මැලි කමට සිංදු දාන්නෙ, සිංදු ඕන නම් අපි රේඩියෝ එක දාගන්නවනේ හිටං ;-D

    ReplyDelete
    Replies
    1. සීතලයි කණ්ඩො වහිනව කම්මැලියි නොවැ..මේව අහල නැති උන්දල ඉන්නව නෙ... ඉතින් ටිකක් ප්‍රොමෝට් කරන්ඩ හිතුනා.. කොහොමත් අලුත් එවට වැඩිය මේව හොඳා

      Delete
  7. Replies
    1. මොකෝ මද්දො මේ???

      Delete
    2. කියන්න අදහසක් ආවෙ නෑ පැමිනීම සටහන් කලා

      Delete
  8. තඩියාගේ "තම්බි " පොස්ටුවට කොමන්ට් දාපු නැති සෙට් එක ඔය අද එලි බැහැලා තියෙන්නේ. මාර පිට කසන සෙට් එකක්නේ බන් උඹට කොමන්ට් දාන්නේ අම්මපා මෙහෙමත් එවුන්

    ReplyDelete
    Replies
    1. උඹට ඉතින් ඊරිසියාව හැක් හැක් හැක්........
      එක පැත්තකින් උඹත් ඇත්ත. ඒවට ඉතින් හැමෝටම කොමෙන්ට් දාන්ඩ බෑ

      Delete
  9. අද තමයි තඩියාගේ පැලට ඉස්සෙල්ලාම ගොඩ උනේ.. කොමෙන්ට් වලින් සෙට්වෙලා හිටියට මේ දවස්වල බ්ලොග් බැලෙන්නේ උඩින් පල්ලෙන් නිසා උඹේ බ්ලොග් එක මගේ ලිස්ට් එකට දා ගන්නත් බැරිඋනා ඒකෙන් හැමදාම මිස් වෙනෝ.. අවුලක් නෑ එනකොටම පැදුරු සාජ්ජෙකට හරියන සිංදුවක්.. ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. එලෝ එලෝ ලඟදිම පැදුරු සාජ්ජයක් දාමු එහෙනම්

      Delete