Tuesday, September 5, 2017

ගෝ කාර්ට් (මිශන් රිනොවේශන් ඉන් ෆෝර්ටි එයිට් අවර්ස් )

මේකත් ඉතින් තඩියගෙ යාලුවො එක්ක කොරපු වික්‍රමයක් තමයි.. තඩිය ලන්කාවට ආපු වෙලාවක කට්ටිය

මචන් නිගම්බෝ එකේ චීස් ඔම්ලට් එක පට්ට ඈ..

එක්ක ගියා මචන් එකට ස්ටෙලා වෙන්ට කියල ඔහොම ඉතින් ස්ටෙලා වුන කට්ටිය බියර් පානයෙන් මුසපත් වෙලා ඉන්න කොට
"මචන් කෝ උබේ අර ගෝ කාර්ට් එක?"
"තියනව බන් ගෙදර."
"පදින්ඩ පුලුවන්ද බන්?"
"බෑ යකූ දන්න කාලෙකින් අල්ලල නෑ ඒක පිටිපස්සෙ මඩුවෙ දාල තිබුන බන් ගිහිල්ල තමයි බලන්ඩ ඕන කොහොමද කියල"
"අඩෝ ඒක අපහු හදල ගමුද බන් අපේ පැරේඩ් එකට යන්ඩ"
"යකෝ ඊන් අනිද්දානෙ බන් පැරෙඩ් එක කල් ඇතිද?"
"හදමු බන් කොහොම හරි"
"හරි හරි බලමුකො"....
කොහොම හරි ඔතනින් ඔය කතාව ඉවර වුනා කියල තමයි මම හිතුවෙ. වෙරි මතෙ කියොපුව ගානට මම හිතුව.
පහුවෙනිද උදේම ආතල් කුඩු කරගෙන එකෙක් කෝල් කරනව
"අඩේ වැඩේ හරි නේද? අද පටන් ගමු ද?"
"යකෝ මම තවම නිදි බන් අනික ඕකෙ එන්ජිම නෑ ඒක බයික් එක හදල මම වික්කා"
"හරි බන් මගෙ ගාව බයික් එකක් තියනව ඒක දෙන්නම්.. වරෙන් අපේ ගෙදරට"
මමත් ඉතින් බෑ කියාගෙන ගිහින් බැලින්නම් චයිනීස් සුපර් කබ් එකක් තියනව අවුලක් නෑකියල ඕක පටොගෙන ආව.

ලොන්සින් සුපර් කබ්

රිනොවේශන් එකේ විස්තර වලට කලින් ඔකේ ඔරිජිනල් විස්තර ටිකක් කියන්නම්කෝ.
මේක මමයි යාලුවෙකුයි සාමාන්‍යපෙල පන්තිවල තාක්ශන විශයට කරපු මෝටර් මිකැනිසම් සබ්ජෙට් එකේ ප්‍රොජෙට් එකට හදපු ගෝ කාර්ට් එක.
ටෙක්නිකල් ඩ්‍රොවින් එක ඇන්දෙ අපිට උගන්නපු සර්.
ඕන කරන යකඩ බට ටික නම් ගෙදර තිබුනා අනිත් පොඩි පොඩි යකඩ කෑලි පරන යකඩ බඩු කඩේකින් ගත්තා
එන්ජිම බ්‍රවුන් ටෑන්ක් සිව් පහර 125cc බයික් එකක. රෝද ත්‍රීවීල් සයිස්. බ්‍රේක් හයිඩ්‍රොලික් ත්‍රීවීල් සිස්ටම් එකමයි.
ස්ටීරින් එක රැක් එකක් එක්ක පරන වාහනෙක එකක්



(ඔය ඉන්නෙ තඩියත් පතබාගෙන ඔවා ඉතින් හෙන පරන පොටෝ හරි අමාරුවෙන් රිකවර් කර ගත්තෙ.)


ඉතින් දැන් යමු රිනොවේශන් එක පැත්තට (මෙතන ඉදන් තමයි පැය 48 පටන් ගන්නෙ)
මේකෙදි ඉතින් වෙනසක් කියල වුනේ එන්ජිම මාරු වුන එකයි පදින්චි වෙලා ගෙවල් හදාගෙන හිටිය කූබින්ට උන්ගෙ ගෙවල් අහිමි වීමයි තමයි.
පලවෙනියෙන්ම අපි ඕක හොදට හේදුවා දිරනවට කියල උඩින් උලල තිබුන කොලපාට තීන්ත එක පතුරු ගැලවිලා යද්දි යටින් තිබුන කහ පාට මතුවෙන්ඩ ගද්දි මාරම ආසාවක් ආවෙ.




ඊට පස්සෙ ගලවන්ඩ පුලුවන් ඔක්කොම කෑලි ගැලෙව්වා ගලෝල පලු කරල බූමිතෙල් වලින් හෝදල ග්‍රීස් ගාල අපහු හයි කරා





බ්‍රේක් ගලවන්ඩනම් හෙනම ගේමක් දුන්න කූබි ඔක්කොම බදු අරන් ගෙවල් හදලනෙ රේසර් ඔක්කොම සුද්ද කරල ඔයිල් කරල ග්‍රීස් ගාල අපහු හයි කරා
අපි ඔය කෑලි හයි කරන අතරෙ හොල්මන් ඩිල්ශාන් පරන පේන්ට් ඔක්කොම ග්‍රයින්ඩරෙන් අල්ලා සුද්ද කරා


අඩුපාඩු කෑලි ලිස්ට් එකක් හදා ගන්ඩ පටන් ගත්තා එතකොට තමයි කිරි අප්පට බල්ලො පැනපි වුනේ මේකෙ රෝද හතරම නෑ බොලව් කවුරු හරි උස්සන් ගිහින්. අන්තිමට කොහොම හරි රිම් හතරකුත් අලුතින් ගත්තා අලුත්ම ටයර් හතරකුත් දැම්මා

හරි හරි මේව හදපු ගමන්ම අලුත් තමයි දැන් පරන වුනාට

කඩේ ගිය අපි දේශිය දෙවල් භාවිතා කරන්න අමතක කරෙත් නෑ....ජෝග්ගු වලට දෙන්නෙ මොනාදැයි දන්නෝ දනිති..


අනන් මනන් ඉවර කරල ආපු අපි බයිසිකලේ කෑලි කරන්න පටන් ගත්තා..ගෝ කාර්ට් එකේ පරන එන්ජින් මවුන්ට් වෙනස් කරන්න වුනා



මේ ප්‍රොජෙට් එකේ හොඳම හරිය පටන් ගන්නෙ දැන් තමයි. අපි ඉතින් කොහොමින් කොහොම හරි එන්ජින් මවුන්ට් එහෙම හදා ගත්තා කරුවලේම කොහොම හරි ඕක පෑස්සුව.ඔය කරුවලේ වැඩ කිරීම නිසා පොඩි කොස්සක් හිටල තිබුන. චේන් එක දාපුවම ඔක එන්ජිමෙ චේන් කේස් එකේ නට් එකක් බහින්ඩ තියන පොඩි කෑල්ලක ගෑවෙනව ඒ හින්ද චේන් එක පනින්ඩ හදනව වගේ දැනුනා. ඒක වැඩි ගානකට නොගත්තු අපි එදා දවසට නියමිත ඇල්කොහොල් කෝටා එකත් ඉවර කරල පේන්ට් කරන එකත් ඉවර කරල උදේ පාන්දර පොඩ්ඩක් නිදාගන්නව වගේ එකක් කරා ඇත්තටම නිදාගන්න හම්බුන් නෑ




අපි ඉතින් පොඩි පොඩි වැඩ කියල හිතාගෙන හිටපු වැඩ හැම එකක්ම අන්තිමට ලොකු ලොකු වැඩ වුනා... කොහොම වුනත් උත්සාහය අත ඇරියෙ නෑ.. ඇඟට පන එන තේ කෝප විස්සක් තිහක් විතර අපි ඉවර කරා

දවල් වරුවෙ ඉතුරුවෙලා තිබුන ඉලෙක්ට්‍රික් වැඩ ටිකත් කොහොම හරි වටේ පිටේ ඉන්න කට්ටියගෙ පිහිටෙන් ඉවර කර ගත්තා


ඉලෙක්ට්‍රික් වැඩ කරන ගමන්

ඔකටත් ඉතින් නොසෑහෙන්ඩ වෙලා ගියා. හවස හත විතර වෙද්දි ආපහු කට්ටිය අපේ ගෙදරට එකතු වුනා කට්ටිය කියුවට තුන් දෙනයි.. ඉතුරු වැඩ ටික බැලුවා බ්‍රෙක් ඉතුරුයි එන්ජිම මවුන්ට් කරන්න ඉතුරුයි චේන් එජෙස් කිරීම, රෝද සවි කිරීම.

පලවෙනියෙන්ම එන්ජිම මවුන්ට් කරන්න පටන් ගත්තා හිතපු තරන් වෙලා ගියෙ නෑ සුටු සුටු ගාල ඇන දාල තද කරා එන්ජිම කෙලින් තියනව.චේන් එකත් ඔය එක්කම එජෙස් කරා ඔක ඉතින් ටිකක් වෙලා යනව චේන් කොට කරන්ඩ දිග කරන්ඩ සෑහෙන අමාරු සීන් එකක් අපේ මවුන්ට් එක්ක බලද්දි චේන් එකේ එක පුරුකක් කොට කරොත් ගොඩක් කොටයි ලොකු කරොත් ගොඩක් ලොකුයි ගෙදර හිටියොත් අබු නසී මග හිටියොත් තෝ නසී වගෙ සීන් එකක් වුනේ. අනේ ඉතින් අපි ඔකට එජෙස්ටරේකුත් හැදුවා වැඩේ ගොඩ(එහෙම කියල අපි හිතුවා)
ඊට පස්සෙ අපි බ්‍රේක් හදන්ඩ පටන් ගත්තා දකුණු පැත්තෙ රෝදෙනම් අවුලක් නැතුව හරි ගියා. වම් පැත්ත නොසෑහෙන්ඩ වද දුන්නා අන්තිමට බ්‍රේක් ලයිනර් ග්‍රයින්ඩ් කරල තමයි හයි කරේ. ඉතින් ඕකට රෝද දෙකත් හයි කරායින් පස්සෙ තමයි අපිට හරියට ස්පොකට් සහ චෙන් එක බලන්ඩ හම්බුනෙ..කිරි අප්පට බල්ලො පැනපි කියුවලු හයියෙන් කරකෝපුවම අර ඇනයක් හයිවෙන තැන චේන් එක වැදිල චේන් එක පයිනව..ආපහු ගලවල මුල ඉන්දන් හදන්ඩත් වෙලා නෑ වෙලාවත් රෑ 12 පහු වෙලා ජීවිතේට කරපු ලොකුම ගොන්කම තඩියත් අනුමත කරා ඒ ඇනේ හයි වෙන කෑල්ල ග්‍රයින්ඩරෙන් කපමු කියල. හොල්මන් ඩිල්ශාන් වැඩෙ පටන් ගත්තා තත්පර දෙකක්වත් ගියෙ නෑ අර කෑල්ල කැපිල වැටෙනවත් එක්කම චුරු චුරු චුරු චුරු චුරු ගාල එන්ජින් ඔයිල් යන්ඩ පටන් ගත්තා.. ඔක්කොමල්ලම එක එක්කෙනාගෙ මූනවල් බලනව කාටවත් වචනයක්වත් කතාකරගන්ඩ බෑ ඩිල්ශාන්ගෙ අතින් ග්‍රයින්ඩරෙත් බිම වැටුන....අනිකා ඔලුවෙ අත ගහ ගත්තා... හිතට ආපු දුකටදෝ ආවේගෙටදෝ ලඟ තිබුන නිල් පාට බැරල් එකට තඩිය තඩි පා පාහරක් එල්ල කරා පෙරලිලා පෙරලිලා ගිහින් මුල්ලකට වැටෙන්ඩ...
කට්ටියටම හොඳටම මහන්සියි ඊටත් වඩා වුන දේට කනගාටුයි දුකයි...කට්ටියම එක පෝලිමට ඉඳගත්තා ඔක්කොමල ඒ මේ අත බලාගෙන සිකරට් පත්තු කරගෙන ආත බූත නැතුව ඉන්නවා තඩියට ඔහොම නිකන්ම ඉන්ඩ බැරි හින්ද හොරෙන්ම ගෙට පැනල ගෙනාපු බඩු අස්සෙ තිබුන බොතල් රාජයෙක් උස්සන් ආව කතාවක් බහක් නැති අපේ උන් ඔක්කොමලට වීදුරුව ගානෙ ගෙනත් දීල ඔක්කොවන්ටම එකම ගානට වක්කරා කොකා කෝලත් දැම්ම. අරක්කු බොතලෙ තව කාලක්වත් ඉතුරු නෑ (හිතා ගන්ඩලකො ගහපු සොට් එකේ තරම, මේව වතුර බොන ලොකු වීදුරු)

ඔන්න ඉතින් ඊට පස්සෙ පනගහල ආපු අපේ උන්දල එක එක අයිඩියා දුන්න.(මොන අයිඩියා වලටත් අපි ඔක්කොමල සූ ගාල හතර දෙනයි හිටියේ)  ජිම් පප්පා වැඩ කරන්නෙ ගුවන් යානා හදන තැනක නෙ. ඉතින්  ජිම් පප්පා බෑ කියද්දිම උගෙ සාක්කුවට බැහැපු ගම් වගයක් ගෙදර තියනව කියල ගියා අරන් එන්න හොල්මන් ඩිල්ශාන්ගෙ බයිසිකලේ ඇතුලෙ තිබුන කලින් දවසක අපිට නොදී තනියම ගහපු වයින් බෝතලයක් ඒකෙ පොරොප්පෙ අරගෙන අර හිලට හරියන විදිහට ඔක කපල අර ජිම් පප්පගෙ අනන් මනන් ගම් වලින් ඇලෙව්වා...ඔය ටික ඉවර වෙනකොට පාන්දර 4 විතර වෙලා ඉතුරු වෙලා තිබුනෙ ඉස්සරහ රෝද හයි කරන්ඩයි බ්‍රේක් එජස් කරන්ඩයි.
අපි හා හා පුරා කියල රෝද වලට බැස්සා.. හුටා මෙකෙ ඉස්සරහ කලින් තිබුනෙ ජපන් රිම් සෙට් එකක් ඇක්සලේ ඇන වෙනස් ආපහු ඇන ඔක්කොම කපල වෙනත් හිල් විදල අලුත් ඇන දාල හයි කරා(මෙහෙම වචනින් දෙකෙන් ලියුවට ඔවට හිතනවට වඩා වෙලා යනව ) කොහොමහරි උදේ හතහ මාර විතර වෙද්දි වැඩේ ගොඩ දා ගත්තු අපි ආපහු එන්ජිම පැත්තට හැරුනා අපේ ජිම් පප්පගෙ වැඩේ හරි යකඩ වගෙ හයි වෙලා. එතකොට මුන් ප්ලේන් වලටත් මේව දාල අලවනව ඇති නේ... ඔය වගේ අලවපුවගෙ අපි යනවත් ඇති නේ... එන්ජින් ඔයිල් ඩී ඇස් 40 තමයි දැම්මෙ (හරි හරි ඩීඇස් තමයි වාහනේ එන්ජින් ඔයිල් තමයි දැම්මෙ උදේ කාටවත් වෙන ඔයිල් හොයන්ඩ යන්ඩ තරම් ඕන කමක් තිබුන් නෑ) කොහොම හරි වැඩේ ගොඩ ලීක් නෑ. බූරුවගෙ පිටේ හිටපු ගෝ කාර්ට් එක බිමට බාපු අපි බ්‍රේක් හදන්ඩ පටන් ගත්තා.
"මම කියනකොට උබ බ්‍රේක් එක පාගල පාගල පාගගෙනම හිටහන් හරි"
"හරී"
"හා පැඩල් කරපන්"
"හරී"
"හා දැන් පාගන් හිටපන්"

"හරී"
"හා පැඩල් කරපන්"
"හා දැන් පාගන් හිටපන්"
අරින්ඩ තියන හුලන් ඔක්කොම ඇරියත් බ්‍රේක් නම් හරියට වැදුන් නෑ වෙලාව 9ටත් ලන් වුන නිසා කටිටියක් පිටත් වුනා ගෝ කාර්ට් එකත් එක්ක යන්ඩ මමත් ඉතින් නාගෙන කරගෙන ඉස්කෝලෙට යන්ඩ පිටත් වුනා

ඔහොම ඉතින් දුමක් එහෙම දාගෙන යනගමන් කෝල් එකක් ආපි
"මචන් කැඩුන බන්"
"මොනාද බන්"
"අඩෝ අර එජෙස්ටරෙ ගැලවිලා වැටුන තෝ හරියට පාස්සල නෑ"
"අප්පට දැන්නම් බෑ මචන් මුකුත් කරන්ඩ හු*ත අල්ල දාපන්.. උබල කොහෙද ඉන්නෙ"
"බ්ලා බ්ලා බ්ලා.......හු*ත"
"හා ඉදපන්කො මම ඔතනට එන්ඩ"





මම ඉතින් එතනට යනකොට ඔන්න ඔහොම තමයි අපේ හොල්මන් ඩිල්ශාන් හිටියෙ ඔය කකුල ඉස්සරහ රෝදෙට තියන් ඉන්නෙ අලුත්ම බ්‍රේක් සිස්ටම් එක.....
කොහොමහරි අපිට එදා පැරේඩ් එකට ඔක අරන් යන්ඩ බැරි වුනා අපි අපේ වාහන වලින් එයට සහභාගි වුනා... මෙකෙන් අපි ලොකු අත්දැකීම් ගොඩක් ලබුවා... ඒවගේම මින් පස්සෙ බොනකොට වාහන ගැන කතා නොකර ඉන්ඩත් තීරනය කරා

ප.ලි
අපි මේකෙ හදන්ඩ තියන පොඩි පොඩි ඒව ටික හදල ඩිල්ශාන්ගෙ හෝම් කමින් රැග් එකට පාවිච්චි කරන්න හිතාන ඉන්නව..
තව කාට හරි රැග් සඳහා අවශ්ය නම් මා අමතන්න


කියෝල නිකන් ඉන්න එවුන්ගේ වාහන මගදි කැඩේවා ඒස්.. වා.. පුහ්....

26 comments:

  1. ඇත්තටම වැඩේ නම් නියමයි. අවුලක් නෑ වරදින්න හරි උත්සාහය ආපහු ගත්තනේහ් ;-) ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඔව් මහන්සි වැඩි නිසාම පාස්සපුව හරියට පෑස්සිලා නෑ ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන් ඩෙ යූ කැන් ෆ්ලයි කියල සින්හලෙන් කියල තියනවලු නෙ

      Delete
  2. වැරදෙන්න වැරදෙන්න තමයි අපි අද්දැකීම් ලබා ගන්නේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා ස්තූතියි

      Delete
  3. අනේ ඉතින් ඔන්න ඔහෙ කියවගෙන ගියා පින්තූරත් බල බල මට ඉතින් මෙලෝ දෙයක් තේරුනේ නෑ ඕවා ගැන දැනුමක් ඇත්තෙම නෑනෙ මට

    ReplyDelete
    Replies
    1. කමක් නෑ පින්තූර බැලුවනම් මදෑ...

      Delete
  4. කියෝල නිකන් ඉන්න එවුන්ගේ වාහන මගදි කැඩේවා ඒස්.. වා.. පුහ්..

    +++++++++++

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ඒස් වා පුහ්......

      Delete
    2. කොහෙන්ද අප්පා මේ කට්ටඩි දෙන්නා ගෙනාවේ???

      Delete
    3. අපි මෙහෙන් ආවෙ ..... වර වර ...එස්... වා... පුහ්...පුහ්

      Delete
  5. මළ හත්තිලව්වක් නෙ මේක බං තඩියෝ..!! තට්ටය අයිය, කණ්ඩ, අම්බලන්ගොඩය තොපි ඔක්කොම (තොපි කිව්වෙ සහෝදරය කියන බහු වචනෙ සංඝක නයන්නට හිටං, තරහට නෙමෙයි හොඳේ 🙏) ලියන්නෙ වාහන නිසා මට හොඳ අදහසක් ආව. අර හොර කච්චේරි වගේ අරිමුද හොරට වාහන ඇසෙම්බල් කරන තැනක්? බට් කරන කට් කරන අරව මේව ඔක්කොම. ලයිසම ගමු අළුත්ම වොක්ස්වැගන් කොම්පැනිය කියල. රනිල් තුමාත් උදව් කරයි හිටං.

    ප.ලි.

    උබේ චීස් ඔම්ලට් මාව අතීතයට 1998 ට එක්කරගෙන ගියා. ඒ දවස්වල හික්කඩුවේ ප්‍රසිද්ද චීස් කොත්තු, චීස් බිත්තර රොටි වලට. නිගම්බෝ වල ෆේමස් ඇන්ඩ්රූ සහ උගේ සෙට් හම්බ වෙලා තියෙනව 99දි විතර. දැන් ස්විස් වල ඉන්නෙ මම හිතන්නෙ. උං බොහොම හිත හොඳ මිනිස්සු. අපේ ගෙවල් වලත් ඇවිල්ල තියෙනව.

    ReplyDelete
    Replies
    1. තොපි කියුවට කිසි අවුලක් නෑ මචන් ටික්කා.... හොඳ අදහසක්.හොරාට හරි කමක් නෑ.රනිල් තුමා උදව් කොරයි නෙ.. පොරටත් චෑන්ස් එක....( මගෙත් පොඩි අයිඩියා එකක් තියනව ක්ලැසික් කාර් රීස්ටෝ කරන වර්ක් ශොප් එකක් පටන් ගන්ඩ..... කවද වෙයිද දන් නෑ)
      මීගමුවෙ උන්ගෙ බොක්ක හොඳයි.(හැබැයි ඔක්කොම නෙමෙයී)

      Delete
  6. වාහනේ මගදි කඩා ගන්නේ මොටද කියලා ඔන්න කොමෙන්ටුවක් කෙටුවා.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාගේ වාහනය මගදී නොකැඩේවා....ඒස්.. වා.. පුහ්.....
      ස්තූතියි මේ පැත්තෙ පැමිනියාට......

      Delete
  7. මාර කට්ටක් කාල අන්තිමට මාර කට්ටක්නෙ කාල තියෙන්නෙ. (කෑම කොහොම වෙතත් බීමනං ගානට සෙට් වෙලා තියෙනව වගේ)
    මොනව උනත් ඔහොම වැරදීමක් උනොත් තමයි ඊගාව පාර වැඩේ හරියට කරගන්න පලපුරුද්ද ඇති වෙන්නෙ.
    රැග් එකේදිවත් වාහනේට රැග් නොවේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න මේ පැත්තෙ ආවට.... අපි ඉතින් කොහොමත් බීමට රුසියො නේ...මේ පාර ගියාම ඇහැ කන පේන වෙලවට ඕක හදල ඉවර කරනව...

      Delete
  8. සුපිරි වැඩක්නේ... එල බං

    ReplyDelete
  9. නොම්මර එකේ පිස්සො ටිකක්....

    ReplyDelete
    Replies
    1. මේ ආතල් සල්ලි වලට ගන්ට බෑ මහත්තයෝ........
      කවද හරි අපිට ඉතුරු වෙන්නෙ මේ වගේ ආතල් මතකයන් තමයි

      Delete
  10. අඩේ මරු බන් අදයි ආවේ මේකට

    ReplyDelete
  11. මට ආබාධිත බයික් එකක් හදලා දෙන්නකො.0766467162

    ReplyDelete