Tuesday, September 19, 2017

ඇයි අපිට මෙහෙම වුනේ!!!

උපාලි විජේවර්ධන 1938 පෙබරවාරි මස 17 වන දින උපත ලැබූ මොහු ලංකාවේ සිටි දක්ශම ව්‍යාපාරිකයෙක් විය. 


උපාලි සමූහය රසකවිලි වල සිට ඉලෙක්ට්‍රොනික අයිතම මෝටර් රථ කර්මාන්තය පුවත්පත් කර්මාන්තය ගුවන් ගමන් සඳහාද ප්‍රචලිත විය.

තමන්ටම ආවේනික සන්නම් කිහිපයක් ඔවුන් සතු විය කැන්ඩෝස්, ඩෙල්ටා, යුනික්,
උපාලි මැස්ඩා උපාලි පුවත්පත් ඒ අතර විය
ක්‍රිස්ටල්, සිකුරු , සබන් සඳහාද, යුනික් රේඩියෝ හා වායුසමන යන්ත්‍ර සඳහාද, දිවයින ද අයිලන්ඩ් නවලිය සිත්තරා සතුට පුවත් පත් හා චිත්‍රකතා සඳහාද, උපාලි මැස්ඩා හා උපාලි ෆියට් මෝටර් රථ සඳහාද, උපාලි එයාර් රට තුල හා පිටත ගුවන් ගමන් සඳහාද යොදා ගනු ලැබිනි.

 පහතින් දක්වා ඇත්තේ තඩියා කාලෙකට කලින් කොපි පේස්ට් කරගත් කතාවක්. එය ලියා ඇත්තේ ඔබෙත් මගෙත් අත්දැකීම් නම් බ්ලොග් එකකය.(ඒක දැන ගත්තෙ අද ) කොහෙන් කොහොම කොපි කරගත්තාදැයි මට මතක නැත.එහෙත් මෙය සුරැකිව මගේ පරිගනකයේ තැන්පත් කරගන්නා ලදි සියලු හිමිකම් මුල් රචකයා සතුය. තඩිය කොහොමත් උපාලි මැස්ඩා එක්ක සම්බන්දයක් තියන නිසා හිතට අල්ලල ගියා තඩියාගේ උපාලිත් එක්ක තියන සම්බන්දෙ ගැන කියෝපු නැති අය මෙතනින් කියවන්න

කතාව මෙතැන් සිට

අද සිටින බොහෝ දෙනා නොදන්නා කරුණක් තමයි 1960 දශකයේදී ශ්රී ලංකාව තුළ මෝටර් රථ නිෂ්පාදනය වූ බව.යුරෝපීය තාක්ෂනය සමග එක්ව ශ්රී ලංකික ශ්රමයෙන් සැදුම් ලත් කර්මාන්ත ශාලාවක එදා මෝටර් රථ නිපදවීම සිදු විය.එහෙත් දේශ ප්රේමි , ජනහිත කාමී , ස්වයන්පොෂිත , නිවහල් , සිංහල කම අගයන බොරු උපාසක උපාසිකාවන් ලෙසින් පෙනී සිටි පාපතර පිරිසක් විසින් සියලු උත්සාහයන් විනාශ කර දැමූවා.


පසු ගිය දිනෙක අපේ බ්ලොග් සක්විතිගේ   #ඒරොප්පේ කෝච්චි නේ හලෝ කෝච්චි - Train-spotting in Europe # මෙම බ්ලොග් සටහන දුටු විට මට මේ සියල්ල මතකයට නැගුණා.   පහත දැක්වෙන්නේ එවැනි සිල් ඇත්තියක් , මැතිණියක් විසින් සිදු කල තුට්ටු දෙකේ වැඩසටහන් ක්රියාදාමයක මතකයන් දිග හැරීමකි.මෙම ලිපියේ භාෂා පරිහරණය ගැන සමාව අයදිමි, මන්ද මෙය සිල් රෙද්ද උස්සා හෙළුව මතු කර පෙන්වීමේ ලිපියකි. මටත් නෝටි සහන් ලේබලය වදින බව දැන දැනත් මා මේ රෙද්ද උස්සන්නේ අන් කිසිවකට නොව අප දැන් වත් මෙවැනි විනාශයන් ගැන දැනුවත් විය යුතුය. අපට මවා පෙන්වූ සියල්ලට වඩා වෙනස් යමක් තිරය පිටුපස එදා සිට ක්රියාත්මක විය .එය අදද එලෙසමය.අප දැන් හෝ මෙවැනි පාපතර ක්රියාවන් ගැන නොසලකා , මග හැර සිටියහොත් ඉදිරියේදී සම්පූර්ණ නිර්වස්ත් වීම නම් ඒකාන්තය. පහත එකින් එක විස්තර වන්නේ " ශ්රී ලාංකික සැබෑ දේශ ප්රේමියාගේ " උත්සාහයේ තරමත් " ශ්රී ලාංකික දේශ ප්රේමයේ සිල් රෙද්දට මුවාවෙන් " සිදු කල ජාතිය වළපල්ලට ගෙන යෑමේ තරමත්ය

1957 පමණ වන විට උපාලි විජේවර්ධන මහතාත් මහතාගේ ඥාති සහෝදරෙයෙක් වන රන්ජිත් විජේවර්ධන මහතාත් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළත් වන්නේ ආර්ථික විද්යාව සඳහා උපාධි පාඨමාලාව හැදෑරීමටය.උපන් දා සිට ව්යාපාරික මනසකින් හෙබි උපාලි මහත්මා නිතර කල්පනා කිරීමට පෙළඹුනේ එංගලන්තයේ / යුරෝපයේ මෙන් මෝටර් රථ නිෂ්පාදන සමාගමක් ශ්රී ලංකාව තුලද ක්රියාත්මක කල නොහැකිදැයි සිතමින්.එවැන්නක් ක්රියාත්මක කල හැකිනම් අසල්වැසි ඉන්දියාව වෙතින්ද ඇණවුම් ලබා ගෙන විශාල ලෙස මෝටර් රථ නිෂ්පාදනය කල හැකි බව ඔහුට වන විටත් වැටහෙමින් තිබූවක්.


මෙයට අඩිතාලම් දමා ගැනීමට ඔහු පළමුව පිවිසෙන්නේ වර්තමාන රෝලන්ඩ් සමූහය ලෙස ක්රියාකරන බ්රිතන් මෝටර් රථ සමූහයේ විධායක නිලධාරීන් හමු වීමෙනි.එවකට ඔහුගේ මෙම උත්සාහයේ ඇති අනාගත වටිනාකම් දැකීමට එම නිලධාරීන්ද අපොහොසත් වීම හේතුවෙන් ඔහුට මෙය ක්රියාවට නැංවීමට නොහැකි විය.කෙසේ හෝ උපාලි , රන්ජිත් සොහොයුරන් උපාධි ප්රධානෝත්සවයෙන් පසුව සිය රට පැමිණේ


ඉන් පසු රන්ජිත් ඔහුගේම පවුලේ ව්යාපාරයක් වූ ලේක් හවුස් ආයතනයටද උපාලි ලිවර් බ්රදර්ස් ආයතනයටද බැඳි වෘතීයන් අරඹයි. මෙම කාල වකවානුව තුල උපාලි නැවතත් බ්රිතන් මෝටර් රථ හවුල නොහොත් රෝලන්ඩ් ආයතනය වෙත පිවිසෙන්නේ තම උවමනාවන් සඳහා වාහන කීපයක් මිලට ගැනීම සඳහායි.මේ සෑම විටකම ඔහු තදින් සිදු කරන්න නම් වාහන නිෂ්පාදනයේ අගසිට මුලට කරුණු අධ්යනය කිරීමයි.කෙසේ හෝ ඔහු ඇණවුම් කරන ලද වාහන කීපයක එවකට ශ්රී ලංකා ලේලන්ඩ් නියෝජිතයන් හරහා ඔහු වෙත ලබා දීමට කටයුතු සලසයි

මේ අතර තුර උපාලි මහතාගේ මිත්‍රයෙකුට අයිතිව තිබූ රස කැවිලි නිෂ්පාදනය කරන ආයතනයක් පාඩු ලබමින් වසා දැමීමට යන බවක් දැනගන්නට ලැබීමෙන් අනතුරුව ඔහු එය මිලට ගැනීමට කටයුතු කරයි.තමා එංගලන්තයේදී දුටු පරිදි නවීන තාක්ෂනයෙන් හෙබි යන්ත්‍ර සූත්‍ර වලින් සමන්විත කම්හලක් බවට ඔහු එය පත් කරයි. නොබෝ දිනකින් එම ව්‍යාපාරය සීග්‍ර ලෙස ලාබ ලබන්නක් බවට පත් වන්නේ අදද අප හට " ඩෙල්ටා " රසය මුවගට මතක් කර දෙමින් .



නිවැරදි අනාගත දැක්ම තුළින් කාලාන්තරයක් යන තෙක් ස්ථාවර ව්‍යපාරික ගමනක් යා හැකි බව ඔහු ඔප්පු කර පෙන්වන්නේ එමගිනි.ඉන්පසු ඔහු තවත් මෙම ව්‍යපාරය පුළුල් කිරීමේ අරමුණින් ලිවර් බ්‍රදර්ස් ආයතනයෙන් සමු ගැනීමට තීරණය කරයි.ඒ කැන්ඩෝස් චොකලට් ආයතනය මිළ දී ගැනීමට කටයුතු කිරීමත් සමග ඇති වූ කාර්ය බහුල කම නිසාය.අද වන විට මලයාසියාව , සිංගපූරුව , තායිලන්තය වැනි රටවලද නිෂ්පාදනාගාර ක්‍රියාත්මකව පවතී.
 
එලෙසම ඇමෙරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වගෙනු යනු ලබන උපාලි සමූහයේ නිළ ව්‍යාපාරික හවුලද මෙහදී සඳහන් කල යුතුමය.මන්ද ශ්‍රී ලාංකික වෙනත් ව්‍යපාරිකයන් සමගද ඔහු ඉතා හොඳින් පුද්ගල සම්බන්ද තාවයන් පවත්වා ගත් ව්‍යාපාරිකයෙකි.


           ඔහු ඉන් පසු පිවිසෙන්නේ එවකට ඉතා සීග්‍ර ලෙස වර්ධනය වෙමින් පැවතී ව්‍යපාරික ක්ෂේත්‍රයක් වන ඉලෙක්ට්‍රොනික් රේඩියෝ දෙසටය. ජපානයේ ඩේන්ෂි යුනික් ආයතනය සමග ඒකාබද්ධව ඔහු මුල් වරට රේඩියෝ එකලස් කිරීමේ වැඩසටහනක් අරඹයි.ඒ සඳහා අවශ්‍ය සේවකයන් බඳවා ගත්තේද ශ්‍රී ලංකාවෙනි.විදෙස් පුහුණුව නොමිලේ ලබා දීම , ඉහළ වැටුප් තල ඇති කිරීම වැනි සේවක ප්‍රසාදය වැඩි කරගත හැකි ක්‍රමද ඔහු අනුගමනය කලේ භාණ්ඩයේ ගුණාත්මක බව ඉහළ මට්ටමෙන් පවත්වා ගැනීමට උවමනා බැවිනි. ඔහුගේ මෙම ඉලෙක්ට්‍රොනික් කර්මාන්ත ශාලාවද ඉතා ඉක්මණින් ජනතා ප්‍රසාදය හිමි කරගනිමින් අලෙවි වාර්තා බිඳ දමමින් භාණ්ඩ අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් බවටද පත් විය.


 මේ සියල්ල කෙසේ වුවද ඔහුගේ එකම අපේක්ෂාව වූයේ මෝටර් රථ තාක්ෂණයට පිවිසීමයි.එම නිසාම ඔහු මැස්ඩා ආයතනය සමග සම්බන්ධ වී තම ව්‍යාපාරික අපේක්ෂාවන් පිලිබඳ සාකච්චා අරඹනවා .දීර්ඝ ලෙස කෙරුණු ව්‍යාපාරික හමුවීම් මගින් 1965 පමණ වන විට මැස්ඩා ආයතනයෙන් යහපත් පිළිතුරු ලබා ගැනීමට උපාලි මහත්මයාට හැකියාව ලැබෙනවා.මුල්ම ගිවිසුමට අනුව වාහන එකලස් කිරීමට පමණක් ඇති කරගත් ගිවිසුම් මත කර්මාන්ත ශාලාව හෝමාගම ආරම්භ කරනවා.මෙහි අති නවීන පින්තාරු ඒකකයක් , ස්වයං ක්‍රීය ලෙස ටෝක් ගණනය වීම් සිදු වී ඇණ සවි වීමේ උපාංග වැනි දේ පවා සවි වෙනවා. ( torque කැල්කිව්ලේෂන් කියලා කියන්නේ ඇණ මුරිච්චි තද කරද්දී යොදන්න ඕනේ නියමිත කෝණික පීඩනයට .ඒක වෙනම කතාවක් .ඒත් හිතන්න අපි මේ කතා කරන්නේ 1965 ලංකාවේ වෙච්ච දේවල් ගැන . කොච්චර දියුණුවක්ද ඒක. මේක වැරදුණොත් ක්‍රෑන්ක් ශාෆ්ට් බෙයාරින් එහෙම ඉක්මනට සවුත්තු වෙනවා.ඒවා වෙනම කතා )


              මූලික අධියර විදිහට වාහන 100 ක් එකලස් කිරීම සඳහා එංජින් , චැසි , රෝද , වින්ඩ්ස්ක්‍රීන් , විදුලි උපකරණ ආදී සියල්ල ගෙන්වනවා මුල්ම නැව් බහාලුම් මගින් ජපානයේ සිට.{එහෙත් මේ වන විට වාහන 100 සඳහා ආසන කවර , කුෂන් , ආසන සැකිළි ගෙන්වා තිබුණේ නැහැ.මේ බව දැනගත් එවකට රජයේ පාලකයන් තුරුම්පුවක් ලෙස මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා...( විස්තර පසුවට ) }



උපාලි මැස්ඩා මෝටර් රථය සඳහා ඇණවුම් ලබා ගැනුමට උපාලි මහතා පුවත්පත් දැන්වීම පළ කරනවා.ඔහුගේම ඥාතීන් සතු වූ ලේක් හවුස් ආයතනය ඒ සඳහා ඉතා හොඳ ප්‍රචරයක්ද ලබා දෙනවා.

         ඔන්න දැන් ටික ටික මහ ජනතාව පැමිණ විමසීම් කරන්න ගන්නවා . සාම්පල් කෝ කියලා අහනවා .අපිට බලන්න ඕනේ කියනවා වාහනේ .

              සම්පූර්ණ ලෙස වාහනය 100 එකලස් කිරීමට හිඟව තිබු ආසන සැකිළි , කවර , කුෂන් රැගත් නැව කොළඹ වාරායට පැමිණෙනවා.ඔන්න මේ අවස්ථාවේදී අති ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ලක් දේශ ප්‍රේමි ආණ්ඩුව කරළියට පැමිණ ඉතා විශාල සහනයක් ලබා දෙනවා .ඒ තමයි ආසන රැගත් නැව කොළඹ වරායේ නැංගුරම් ලා තිබියදී රටින් නෙරපීම.කිසිම දෙයක් ගොඩ බෑමට අවසර ලැබෙන්නේ නැහැ.උපාලි මහතා මේ පිළිබඳව හොයලා බලද්දී දැනගන්න ලැබෙන්නේ මීට දින කීපයකට කළින් මෝටර් රථ පිලිඹද ශ්‍රී ලංකා රාජතාන්ත්‍ර වාදී ආණ්ඩුවේ නීති රීති වෙනස් වී ඇති බවය.


 එනම් සීට් ආනයනය තහනම් කර ඇති බවය.මෙයින් නොසැළෙන උපාලි මහතා සම්පූර්ණ වාහන 100 සඳහාම අවශ්‍ය කරන සීට් ප්‍රමාණය සකස් කිරීමට නාවින්නේ පිහිටි වෑල්ඩින් කරුවන්ටත් , කුෂන් වැඩපළවල් වලත් සහය පතනවා.උපාලි මහතාගේ විශ්වාසය නිසා ඔවුන් සියල්ල මේ ධූර භාර කර්තව්‍යට අත ගැසීමට පැකිළෙන්නේ නැහැ.ඒ සඳහා අවශ්‍ය තාක්ෂනය දැනුම උපාලි මහතා සීමිත කාලයකින් ඔවුනට ලබා දෙනවා..

             තත්වය මෙසේ වෙද්දී කෙසේ හෝ සාම්පල් මට්ටමෙන් පෙන්වීමට අංග සම්පූර්ණ රථ කීපයක අවශ්‍ය තාවය දැඩි ලෙස පැණ නගිනවා.ඒ සඳහා වාහන කීපයක් ගෙන්වීමට කටයුතු කර , වාහන වරායෙන් නිදහස් කර ගැනීමට ගිය අවස්ථාවේදී දේශ ප්‍රේමි ලක් රජය දෙවන සහනයද ලබා දෙන්නේ නොසිතු විරු අන්දමින්.


එනම් මීට දින කීපයකට උඩදී එංජින් ධාරිතාවය 1500 ට වැඩි වාහන කිසි සේත් ගෙන්වීමට අවසර නැති බවට නීති සංශෝධනය වී ඇති බව දන්වමිනි. උපාලි මැස්ඩා රථයේ ධාරිතාවය 1600 කි.

                උපාලි මහතා දැඩි ලෙස අපහසු තාවයටත් වන්නේ මේ අවස්ථාවේදීය. ඔහු පත්ව ඇති දැඩි අසීරුතාවය තේරුම් ගත් වෙනත් ජපන් සමාගමක් ඔහුට කිසිදු මුදලක් අය කිරීමෙන් තොරව සාම්පල් සඳහා පෙන්වීමට රථ දෙකක් ලබා දීමට කටයුතු කරනවා.ඒ සුමිටොමෝ ජපන් සමාගම ඒ වන විටත් ලංකාවට ගෙන්වා තිබු මැස්ඩා රථ දෙකක් ලබා දීමෙන්. ( බලන්න ජපන් මිනිස්සු එහෙමයි.මැස්ඩා කොම්පැනිය වෙනුවෙන් සුමිටොමෝ කොම්පැනිය පෙනී ඉන්නවා එක යෙන් එකක් වත් ගන්නේ නැතුව .ඒ මිනිස්සු දියුණු උනේ එහෙමයි.කුහක කම් නැහැ ඒ අයගේ )

             සීට් නිර්මාණය කිරීමේදී හැඩය සහ සැකිල්ලට මිණුම් ලබා ගෙන ඇත්තේද මේ රථ මගින්.

              මෙතරම් බාධක මැද නිෂ්පාදන වූ පළමු උපාලි මැස්ඩා රථ පෙළ වෙළඳ පොලට මුදා හරිනවා.ඒ රුපියල් 18,000 ක මුදලකට.වෙළඳ පොළට නිකුත් කර සීමිත කාලයක් තුළදී සියලු රථ අවසන් වනවා පමණක් නොව ඉහළ ලංසු වලට ඇණවුම්ද ලැබෙන්නේ මිළ 22,000 සිට 29,000 දක්වා ඉහළ යමින්.


දෙවන වාහන 100 ද නිර්මාණය හා නිෂ්පාදන මේ බාධක මැද්දේ සිදු කිරීමට උපාලි මහතා ක්‍රියා කළේය.එහෙත් නොසිතු විරු ලෙස යළිත් ඔහුට සනහයක් දීමට ලක් මැතිණියගේ රජය ක්‍රියා කළේය.

                       එනම් උපාලි මැස්ඩා රථය , මෝටර් රථ දෙපාර්තමේන්තුව තුල තහනම් කාණ්ඩයේ වහනයක් බවට පත් කරමිනි.තවදුරටත් උපාලි මැස්ඩා වාහන ලක් මව තුල ලියාපදිංචි කල නොහැකිය.උපාලි මැස්ඩා රථය දේශ ද්‍රෝහී නිෂ්පාදනයක් වීම එයට හේතුව ලෙස දක්වා තිබුණි.උපාලි මැස්ඩා නමැති පුංචි හුරතලා ජාතියේ මවගේ , මිත්තණියගේ , ආඩම්බර කාර මවගේ අත පල්ලෙන් වැටෙන්නේ මෙලෙසය. ( එහෙත් මම තවමත් ජාතියේ මැතිණිය වෙමි .. වන්දි බට්ටයන්ගේ හොරණෑ හඬ අදටද එළෙසය . )
..
             එහෙත් එදාද පිට කොන්ද තිබු දේශපානඥයින් සිටි නිසා සිදු වෙමින් පවතින පාපතර ක්‍රියාවට විරෝධය පෑම සිදු විය.කෙසේ හෝ මැතිණිය , ප්‍රවාහන ඇමති විදේශ ගමනකට සභාගි වූ අවස්ථාවක එවකට උප ඇමති ධූරය හෙබවූ මහත්මා මෙම රථ ලියාපදිංචියට අවසර දීමට කටයුතු කළේය. සමගිව පෙරමුණ ගත් ආණ්ඩුවේ පාපතර ක්‍රියාවන් එසේ විය.එහෙත් අද පවා බොහෝ දෙනා සිතා සිටිනුයේ ලක් මව ගොඩ ගත් මහා බලය නම් මේ සභාග රජයන් , සමගියෙන් පෙරමුණ ගත් බලයන් බවය.


 කෙසේ හෝ නැවත වාහන ලියාපදිංචිය සදහටම අහෝසි කර දමමින් උපාලි මැස්ඩා ආයතනය සදහටම විනාශ කර දැමීමට ජාතියේ මව එක පෑන් පහරින් කටයුතු කළාය.

             උපාලි විජයවර්ධන මහතාගේ පරම්පරාව සතු සියලු දේපල රජයට පවරා ගනිමින් , පළි ගනිමින් , එකින් එක විනාශ කරමින් 1970 සිට 77 දක්වා කටයුතු සිදු වුනි.එහෙත් ඒ සියල්ල සිදු වන්නේ දේශ ප්‍රේමය මුවාවෙනි .මා ඉහත දක්වා ඇත්තේ ඇස් පනාපිට සිදු වූ දේවල්ය. ලේක් හවුස් ආයතනය රජයට පවරා ගනිමින් තම හෙන්චයියන් එකා පිට එකා පුරවමින් සිදු කල ක්‍රියාවන් වල අරුත අද අප අත්විඳිති. පුද්ගලිකව ක්‍රියාත්මක වන තම සතුරෙක්ගේ ආයතනයක් දුටුවහොත් සිදු කරන්නේ දේශ ප්‍රේමයට මුවා වෙමින් එම ආයතනය විනාශ කර දැමීමයි. ජාතික පුවත් පත් කොමිසම එවැනි ධූෂිත , පාපතර සිල් රෙද්දකි.එයට මුවා වී ලේක් හවුස් ආයතනය රජයට පවරා ගැනුණි. ඉන් එහාට කතා කළහොත් ඔහු දේශ ද්‍රෝහියෙක් වනු නියතය. මේ රටේ එදා සිට ක්‍රියාත්මක වූ සත්‍ය මෙයයි.මා මීට ඉහතදීද
මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලිපි කීපයක පළමුවැන්න ). පොස්ටුවෙන් මේ ගැන දීර්ඝව කරුණු එළි කර ඇත.
 

කෙසේ වුවද 77 දී බලයට පත් වූ උපාලි මහතාගේ ඥාති සොයුරු ජේ.ආර්.ජයවර්ධන මහතා නැවත නීති ළිහිල් කරමින් උපාලි වෙත රථ නිෂ්පාදනයට ඉඩ හසර ලබා දීමට කටයුතු කරනවා. එලෙසම කොළඹ ආර්ථික කොමිසම පත් කරමින් නව ආයෝජන ලබා ගැනීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කරන්නේ උපාලි මහතාව එහි සභාපති ධූරයේ පිහිටුවමින්.වර්තමානයේද ආයෝජන මණ්ඩලය ලෙස ක්‍රියාත්මකව පවතින්නේ එදා උපාලි මහතා ඇති කළා වූ එම ආයතනයයි.



 උපාලි මහතා ක්‍රිස්ටල් සිකුරු නමින් සබන් නිෂ්පදානායතනයක් , තුරඟ තරඟ , පුවත් පත් ආයතනයක් , සිවිල් ගුවන් ගමන් කටයුතු ආරම්භ කරන්නේ මේ ලැබෙන නිදහස සමගයි. එළෙසම ෆියැට් සමාගම සමග ගිවිසුම් වලට එළෙඹේමින් ඔහු නැවත මෝටර් රථ නිෂ්පාදනයට පිවිසෙන්නේ එහි ඇති වටිනාකම තේරුම් ගනිමිනි.එහෙත් එම උත්සාහය පෙර වූ තරම් සාර්ථක නොවීය .මන්ද අඩු මිළට පාවිච්චි කරන ලද වාහන ගෙන්වීමට විවෘත ආර්ථිකය මත හැකි වූ බැවිනි. එහෙත් එවකටද 34,000 සිට ඉහළ මිලට වාහන 500 සාර්ථකව විකිණීමට ඔහු සමත් විය.( ඇතැම් විට 70,000 වන තෙක් ලංසු ලැබී ඇත .)

කෙසේ වුවද උපාලි මහතාගේ ගමන ඔහුගේම ලඟින් උන් අය පවා ඉවසුවේ නැත.සිව්ල් ගුවන්ගමන් ඇති කිරීමට ඒ මහතා තුල දැඩි අධිෂ්ඨානයක් තිබු නිසා පුද්ගලික ගුවන් යානා කීපයක් ඔහු පුද්ගලික වියදමින් ගෙන්වීමට කටයුතු කළේද මේ වකවානුවේදීය . ඔබ 70 පසු සිංහල චිත්‍රපටි වල දුටු ගුවන් යානා සියල්ලේ හිමි කරුද උපාලි මහත්මා වෙයි.ඔහු සතුව ආසන 18 කින් සමන්විත හෙලිකොප්ටර් යානාවක්ද ලියර් වර්ගයේ ජෙට් යානාවක්ද පැවතුණා තම පුද්ගලික පරිහරණය සඳහා.

 පෘතුගීසි ආක්‍රමණ මගින් විනාශ වී ගිය කැළණිය විහාරය පිළිසකර කර සෝලියස් මෙන්ඩිස් නමැති අනර්ඝ සිත්තරා මගින් බිතු සිතුවම් කර අද දක්වාද නඩත්තු කරන්නේ මෙම පරම්පරාවයි.උපාලි මහත්මාගේ මිත්තණිය වන දොන් හෙලේනා ඩෙප් වීරසිංහ මැතිණිය විසින් තම පුද්ගලික ධනයෙන් මුළු කැළණිය රාජ මහා විහාරයම අලුත් වැඩියා කර ඇත .( විවාහයෙන් පසු හෙලේනා විජයවර්ධන ආර්යාව ) 1927 දී මුළින්ම කැළණි පෙරහැර වීදි සංචාරය කල අවස්ථාවේ එහි බස් නායක ධූරය හොබවන්නේද උපාලි මහතාගේ පියා වන දොන් වෝල්ටර් විජේවර්ධනයි. ඉන්පසු උපාලි විජයවර්ධනයන්ද එම ධූරය දැරුවා.උපාලි මහතාගේ පියාගේ පියාට අයිතිව තිබූ දැව කර්මාන්ත ආයතන මගින් ඉදි කළ ආයතන අතර කොළඹ නයනා රෝහල , අලුත්කඩේ අධිකරණ ශාලාව , කොළඹ කෞතුකාගාරය සඳහන් කළ යුතුමයි.එම කොන්ත්‍රාත් හි ගුණාත්මකභාවය ගැන අද මේ මොහොතේත් ලිපිය කියවන ඔබ සාක්ෂි දරණු ඇත. එසේම ඔහු අතින් ගාලු පාර කොල්ලුපිටියේ ඉදි කෙරුණු ශ්‍රී රම්‍යා නමැති අනර්ඝ නිවසද අදද දක්නට ඇත.ඒ අන් කිසිවක් නොව එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පුස්තකාලය වෙනුවෙන් පරිහරණය වන මනරම් ගොඩනැගිල්ලයි.හෙලේනා මැතිණිය තම සහකරුගේ අකල් වියෝවෙන් පසුව වයස අවුරුදු 39 සිට ජීවත්ව ඇත්තේ එම නිවසේයි. හෙලේනා මැතිණියට දූ දරුවන් 9 දෙනෙකි. 

දොන් ඇලෙක්‌සැන්ඩර්, ඇග්නස්‌ හෙලන්, දොන් ලුයිස්‌, දොන් රිචඩ් (ඩී. ආර්. විජයවර්ධන මහතා) දොන් එඩ්මන්ඩ්, ලීසා හැරියට්‌, දොන් චාල්ස්‌, දොන් වෝල්ටර් (උපාලි විජයවර්ධන මහතාගේ පියා) සහ දොන් ඇල්බට්‌ උසස්‌ තත්ත්වයට පත්වූ අතර ඔවුන්ගෙන් දෙදෙනකු වන ඇලෙක්‌සැන්ඩර් සහ රිචඩ් ජාතික වීරයන් වශයෙන් පිළිගැනීමට පාත්‍ර විය. ඇගේ මුණුපුරකු වන ඡේ. ආර්. ජයවර්ධන අපේ ප්‍රථම විධායක විධායක ජනාධිපති වූ අතර මීමුනුබුරා වන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයෙක්‌ විය. ලෝකප්‍රකට ගවේෂයකයකු වූ රේ. විඡේවර්ධන හා ව්‍යාපාරික ප්‍රකට ප්‍රබලයන් වූ උපාලි විජයවර්ධන හා රංජිත් විජයවර්ධන ඇතුළු තවත් පවුලේ බොහෝ අය පිළිගත් ව්‍යාපාරිකයෝ වූහ.

                සිව්වන පරපුරේ රවී ජයවර්ධන, ආචාර්ය හිරාන් ජයවර්ධන, රජිත ගෝමස්‌, අමිත ගුණරත්න, අමරි විජයවර්ධන, ශාලිත විඡේසුන්දර, ධම්මික ආටිගල, ෂාන් වික්‍රමසිංහ, දොස්‌තර ශ්‍රී නාත් සෙනෙවිරත්න, රුවන් විජයවර්ධන (රංජිත් විජයවර්ධන මහතාගේ පුත්) පවුලේ සාමාජිකයන්ගෙන් සමහරෙකි.

                 පස්‌වැනි පරම්පරාව ගත්කළ ප්‍රදීප් ජයවර්ධන, ඉෂිනි වික්‍රමසිංහ, තිෂ්‍ය වික්‍රමසිංහ, ඉරුෂි තෙන්නකෝන්, නිරෝෂන් විඡේසුන්දර, රුචිනි විඡේසුන්දර, චූලෝ සමරසිංහ, කේමින්ද ආටිගල සහ හිටපු රාජකීය රග්බි නායක දුමින්ද ආටිගල සමහරක්‌ අයෙකි. .


  කෙසේ හෝ මෙවැනි පවුලකින් පැවතෙන
උපාලි විජයවර්ධනයන්ගේ ගමන කෙසේ හෝ නැවැත්වීමට පක්ෂ පාට භේදයකින් තොරවම සියලු දෙනාම සංවිධානය විය. අංඟේ සිට කණ කෑමේ සිට එළිපිට ගල් ගැසීම දක්වා මේ සියල්ල වර්ධනය විය. උපාලි මහතාට තම ඥාතීන් වූ ඩිකී අයියාගේ ( දන්නෝ දනිති.නොදන්නා අයට කමෙන්ට් මගින් ) සිට පහළම වෙළෙන්දා දක්වා සතුරන් වර්ධනය විය.මේ අන් කිසිවක් නොව ඉරිසියාවයි. ශ්‍රී ලාංකික සැබෑ ගති ලක්ෂණය මෙයයි.තමන්ට කන්න නැතත් ඉවසීමට හැකිය අනිකා කනවා ඉවසිය නොහැකිය.

                මේ සියල්ල අවසාන වන්නේ ක්වාලාම්පූර් සිට ඔහු තම පුද්ගලික ජෙට් යානයේන් නැවත ලංකාව බලා එන අතරතුර 1983 පෙබරවාරි 13 දින ගුවන් අනතුරකට මුහුණ පා ජීවිතයෙන් සමු ගැනීමෙනි .ඔහුගේ ව්‍යාපාර හවුල්කරුවන් 5 දෙනෙක් සමග මලක්කා මුහුදට ඉහළ අහසේදී ගුවන් යානය විනාශ වී යනවා.


  ඉන්පසු නැවත කිසි දිනක ඔහු ආ ගමන යෑමට සමත් ජගතෙකු ලක් මවට බිහි වූයේ නැත. බිහි වූවානම් ඔවුන්ද අත පල්ලෙන් වැටී කිරි නැතිව මිය ගොසිණි.මීට අමතරව පොතක් ලිවීමට තරම් කරුණු ඇතත් මා ලිපිය මෙතකින් නවත්වමි. ඒ මෙවන් දෑ කීමෙන්ද පලක් නැත. දේශ ප්‍රේමී ප්‍රෝඩාකාරී පුද්ගලයන් සිටින තෙක් කිසිදා ශ්‍රී ලංකාවට සහනය උදා නොවනු ඇත.

   විශේෂ ස්තූතිය ධම්මික ආටිගල , ලලිත් ජයවර්ධන , ශාන් වික්‍රමසිංහ , මගේ පියා ( silentsahanගේ පියා ) . 


ප.ලි.

                 පියාගේ දැඩි විරෝධය මත publish බොත්තම එබුවෙමි.මන්ද ප්‍රෝඩාකාරී රැවටීම් ගැන මෙසේ හෝ කරුණු එළි කල යුතුය.එසේ නොවන්නට මගේ දරුවන් මගේ මිනි වලටද සාප කරණු ඇත...! ඔබේ දරුවන් ඔබේ මිනි වලටද සාප කරණු ඇත...!

මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද


වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!
 රටක අග්‍රවිනිශ්චය ධූරයට හූ කියන තුට්ටු දෙකේ පාපතර...
 රටක පාලන ව්‍යුහයක බිහිසුණු තැන් (01)
බෝලේ පාස් කරගත්තම ඔක්කොම හරිද ?|Dont miss the catc...
 රූපවාහිනී ආයතනයක ප්‍රධාන පාලක මැදිරිය.

*****************



             වෙහෙර හැර ආරම්භ කරන ලද වාහන එකලස් කිරීමේ ආයතනයටද එවැනි සහන ලබා දී අඩපණ කර විනාශම කර දැමීය.2002 අවධියේ ඇති කෙරුණු වාහන පෑස්සුම් ආයතනයද සහන ලබා විනාශම විය. 

 ආචාර්ය ලෝරන්ස් පෙරේරා සතු මයික්‍රෝ ආයතනයද යාන්තමින් සහන / අසහන වෙමින් ඇදගෙන යයි .ළඟදීම සම්පූර්ණ සහනය ලැබීමටද හැකිය. එම ආයතනය 2006 වකවානුව තුලදී මෙරටදීම දුම්රිය මැදිරි එකක් ලක්ෂ 65 වැනි මුදලකට නිෂ්පාදනයට ඇති ශක්‍යතාවය පෙන්වා ඇත.එහෙත් එවැනි ආයතන වල නිෂ්පාදන තුට්ටුවකට ගණන් නොගෙන ප්‍රකෝටි ගණන් මුදල් යටි මඩි ගැසීමේ අරමුණින් විදේශ සමාගම් වලට කොන්ත්‍රාත් ලබා දීම සිදු වේ. මැදිරියක වටිනාකම ලක්ෂ 45 ක් නම් එහි අත යට මුදලම ලක්ෂ 200 පමණ වේ.අත යට මුදලට පමණක් භාණ්ඩයේ වටිනාකම මෙන් 4 ගුණයක් වැය වී ඇත.

                    ලංකාවේ බදු මුදල්ද මෙලෙසම වේ. භාණ්ඩයේ සැබෑ වටිනාකම රුපියල් 10 නම් අපට එය මිළට ගැනීමට සිදු වන්නේ රුපියල් 22 පමණ වූ පසුවය.ඉතුරු රුපියල් 12ම වැය වී ඇත්තේ මෙවන් නින්දිත පුද්ගලයන්ගේ අධූරදර්ශී වැඩ වලටය.රටේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදල් වැය කල යුත්තේ සැබෑ වටිනාකම රුපියල් 10 ක් වන භාණ්ඩයක ගුණාත්මක භාවය තවත් වැඩි දියුණු කිරීමට මිස එම කර්මාන්තය විනාශ කිරීමට නොවේය . එහෙත් 48 සිට සිදු වූයේ බදු මුදල් වලින් සැබෑ ශ්‍රී ලාංකික ශක්තිය විනාශ කිරීමයි. විනාශය සිදු කර එය දේශප්‍රේමී සළුවෙන් වසා ගැනීමට දරණ වෑයමේදී තව තවත් මුදල් අවශ්‍යයය .එම මුදල්ද ලබා ගැනීමට නම් භාණ්ඩයේ බදු මුදල තවත් වැඩි කල යුතුය. එවිට රුපියල් 10 යේ භාණ්ඩයක මිළ රුපියල් 40 / 50 ඉක්මවීම වැළක්විය නොහැකිය.

                   ළඟදීම රුපියල් 10 යේ භාණ්ඩ කර්මාන්තශාලා සහන දරා ගැනීමට නොහැකිව වැසි යනු ඇත .පෙර රාජාණ්ඩු සමයේ මෙන් එවිට අඹුවගේ අවයවයටද බදු ගැසීමට සිදු වීම වැළක්විය නොහැක්කේමය ...!




                   ඉන්දියාවේ අශෝක් මහත්මා බ්‍රිතාන්‍ය ලේලන්ඩ් ආයතනය සමග එක් වී ආරම්භ කරණ ලද ආයතනය අද වන විට ඉන්දියානු රජයේ ආධාර උපකාර මැද අශෝක් ලේලන්ඩ් නමින් අති සාර්ථක ගමනක් යමින් ඇත.ඔබ අද ලංකාවේ  දකින සියලුම පුද්ගලික බස් වලින් 80% වඩා නිපදවා ඇත්තේ එම සමාගමේ. එහිම තව දිගුවක් වන ලංකා අශෝක් ලේලන්ඩ් යනු එම ඉන්දියානු සමාගමයි. බ්‍රිතාන්‍ය , ජපන් සමාගම් හරහා අතර මැදියන් නොමැතිව ඍජුව වාහන නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව එදා විනාශ කර නොදමන්නට අද අප ඉන්දියාවට වාහන අපනය කිරීමට පවා ශක්තියකින් සමන්විත වීමට හොඳටම ඉඩ තිබෙනු ඇත.එහෙත් වර්තමානයේ වුවද සිදු වන්නේ අප ඉන්දියාවෙන් වාහන ගෙන්වීමකි. සුසුකි මරුටි , ටාටා , ඩිමෝ , බජාජ් , TVS වැනි සියලු ආයතන ආරම්භ වූයේ එලෙසිනි. ( ඉඩක් ලැබුණොත් ඒ ගැනද මතු ලිපියකින් ) . පුද්ගලිකව මේ ලිපිය ලියන මාද ජපාන NHK ආයතනයේ විකාශන අයිතිය ශ්‍රී ලංකාව තුල ලැබූ අයෙකි.එහෙත් පැවසීමට ඇත්තේ නැවතත් , 

 මේ සියල්ල අවසාන වන්නේ ක්වාලාම්පූර් සිට ඔහු තම පුද්ගලික ජෙට් යානයේන් නැවත ලංකාව බලා එන අතරතුර 1983 පෙබරවාරි 13 දින ගුවන් අනතුරකට මුහුණ පා ඔහුගේ ව්‍යාපාර හවුල්කරුවන් 5 දෙනෙක් සමග මලක්කා මුහුදට ඉහළ අහසේදී ගුවන් යානයත්  සමගින්  විනාශ වී යමින් . ඉන්පසු නැවත කිසි දිනක ඔහු ආ ගමන යෑමට සමත් ජගතෙකු ලක් මවට බිහි වූයේ නැත. බිහි වූවානම් ඔවුන්ද අත පල්ලෙන් වැටී කිරි වෙනුවට වස කැවී මිය ගොසිණි...! 

 http://obeth-mageth-addakeem.blogspot.com/2013/05/upali-mazda-1968.html
 
මේක කොපි කරගෙන තිබුනට එහෙම ලේසියෙන් පේස්ට් කරගන්ඩ හම්බුන් නෑ ඒ නිසා මෙහි තිබූ සමහර පින්තුර අයින් කිරීමට සිදුවුනා
මෙන්න උපාලි මැස්ඩා කාර් වල පින්තූර කීපයක්










දැන් ඉතින් සමහරුන්ට හිතෙන්ඩ පුලුවන් උපාලි මැස්ඩා එකක් තිබුනනම් මරු නේද කියලත්.....එකක් හොයනවනම් හැපි හන්ටින්...







23 comments:

  1. ඈ තඩියෝ
    ඇත්තටම උඹමද මේ ලිපිය ලිව්වේ ...චතුරිකා සිරිසේන ගොස්රයිටර් වගේ තවත් ගොස්රයිටර් කෙනෙක් එහෙම නෙවෙයිනේ
    මේක ලිව්වේ?
    පොඩි සැකයක් ආවා ..උඹට [මට]මොකෝ නේද

    ReplyDelete
    Replies
    1. ඔකනේ කියන්නේ මුලින්ම කියල තියනව කොපි පේස්ට් කියල... මුල ඉදන්ම කියවන් එන්ඩකෝ.....

      Delete
    2. තඩියා එතකොට මේ ලිපියේ උබේ සියඹලා ඇත්තෙම නැද්ද උඹ හොද්ද හැඳිගවා විතරද ? කවදා චෙෆ් කෙනෙක් වෙයිද මෙහෙම ?

      Delete
    3. ඇස් පනාපිටම හැදිනොගා හදපු හොද්දක් තියනකොට... හොද්ද හැදිගාන එකත් කලාවක් බ්‍රෝ

      Delete
  2. මම දැක නොතිබුනත්, උපාලි විජේවර්ධන කියන්නේ මම මාර විදියට ගරුකරන මනුස්සයෙක්. අදටත් මට ඔහු ගැන ඇතිවෙන්නේ පුදුමයක්. බොහොම ස්තුතියි මේක ලිව්වට.

    ලංකාවේ ව්‍යාපාර කරනවිට සාර්ථක නොවෙන්න හේතුවත් ඒකයි ( ජාත්‍යන්තරය දිනන) දේශපාලනය ගෑවුනොත් ලොවෙත් නෑ .. නැතිනම් කුඩු බිස්නස් කාරයෙක් වෙන්න ඕනේ.

    රේ විජේවර්ධන මතක් උනා..

    Read this as well
    http://upekshad.blogspot.com/2016/04/i-dont-know-why.html

    ReplyDelete
    Replies
    1. ඔන්න ඒකත් කියෝලම ආව..... අභිරහස් නම් හැමතැනම.... විසදෙන් නෑ හරියට විසදන්ඩ ඕන කමකුත් නෑ

      Delete
  3. **පහතින් දක්වා ඇත්තේ තඩියා කාලෙකට කලින් කොපි පේස්ට් කරගත් කතාවක්** මෙන්න මේ කෑල්ල නොතිබ්බනම් මං තඩියව රොයිටර් එකට රෙකමන්ඩ් කරන්න හැදුවේ...

    ReplyDelete
    Replies
    1. මට කොහෙද මේ වගේ ලියන්ඩ හැකියාවක්..කොහොමත් මගෙ හිතට මේක වැදුන හින්ද මේක මම අරන් තියා ගත්තා. මේක අපහු කියෝනකොට තමයි ඔය බ්ලොග් එකට යන ලින්ක් එහෙම හම්බුනේ එතකන් මේක වර්ඩ් ෆයිල් එකක පේස්ට් කරල තිබුනෙ

      Delete
  4. සේරම කියෙව්වා බොහෝ දේ දැන කියා ගත්තා. හැබැයි දැන් මගේ ඇස් නිලංකාර වෙලා මේ රතු අකුරු ටික කියවලා. හනේ තඩියෝ පාට වෙනස් කොරන්ඩ පීස්

    ReplyDelete
    Replies
    1. සඳවතී(යෝ) මේක කොපි කරපු එකක් හින්ද මොකක් හෝ හේතුවකට ඒව පාට වෙනස් කරන්ඩ බෑ මම උත්සහ කරා සමහරක් කලු වුනා අනික්ව වෙනස් වෙන් නෑ...

      Delete
  5. තම පෙලැන්තියේ ඉරිසියාව වගේම (ගොංකම තමා. එහෙමම කියන එක හරි නෑනෙ) ව්‍යවසායකයා කියන කෙනාගේ වෘත්තිකභාවය අපි රටක් හැටියට පිළිගන්නෙත් නෑ නේද? ව්‍යාපාරිකයා හොරෙක් කියන මිනිස්සුන්ට හෙතෙන්නෙ නෑ ව්‍යාපාරිකයා ණය අරන් ව්‍යාපාර කරන බවත් ඔහු/ඇය ළඟ වැඩ කරන මිනිස්සු ලබන්නෙ පඩියක් බවත් එයින් ඒ මිනිස්සු පවුලක් නඩත්තු කරමින් ජීවිත ගමනේ ඉදිරියට යන බවත් අමතක කරනවා. ව්‍යාපාරිකයා ණය අරන් ආයෝජනය කරල , රස්සාවල් දීල තමනුත් හම්බ කරන් ජීවත් වෙන බව අමතක කරනව. ණයගෙවී මේ වගකීමත් ඒ ව්‍යාපාරිකයාටමයි. සේවකයන් තෘප්තියෙන් අවංකව වැඩකිරීමත් ඒ සේවයට සරිලන වැටුප් සහ පහසුකම් ලැබීමත් අවශ්‍යයි. රට දියුණු වෙන්න හොඳ ව්‍යාපාරිකයොත් හොඳ සේවකයොත් ඉන්න ඕන.ලංකාවෙ ආණ්ඩු හරියට බිස්නස් එකක් කරයි කියල ඔප්පු කරල නැතිතරම්.

    ReplyDelete
    Replies
    1. දේසපාලකයො කරේම දේසපාලු වැඩමයි

      Delete
  6. සයිලන්ට් සහන් කියන්නේ පට්ට බ්ලොගර් කෙනෙක්.. දැන් ලියන්නේ නැති එක අපරාධයක් ..
    මේවා යට වෙන්න නොදී කාලෙන් කාලෙට උඩට ගන්න ඕනි කතන්දර .. උපාලි විජේවර්ධන ඉපදිලා තියෙන්නේ වැරදි රටේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත පෝස්ට් කීපයක් කියවද්දි ඒ බව මොනවට පැහැදිලි වුනා.......අර යතාර්තවාදියා කියල බ්ලොග් එකක් ලියපු ඇත්තට මොකද වුනේ?? සද්දයක් නෑ ඇත්තටම ඒ ගැන උනන්දු නිසයි ඇහුවෙ

      Delete
    2. ඇමෙරිකන් කතාවෙන් පස්සෙ ආගිය අතක් නෑ තමා. අපිව එපා වෙලාද මන්දා

      Delete
  7. ආම්බරවෙන්න ඕනි අම්මට සිරි ලංකාවෙ ඉපදීම ගැන

    ReplyDelete
  8. visit my blog Aluthsofthome.blogspot.com
    follow me my friends

    ReplyDelete
  9. " හැපි හන්ටින් " ???????
    මේක ඇහුණාම මට වෙන එකක් මතක් උනේ . LOL

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් හන්ටින් වර්ග ගොඩක් තියනව නේ.....

      Delete
    2. අන්නේකයි .....

      Delete