Sunday, August 6, 2017

උපාලි නිදි !!



 මේක  මම ලගදි කාර් පිස්සුවට ලියපු කතාවක්


මුහුනු පොතේ උඩට පහලට යන ගමන් අහම්බෙන් හම්බුන බ්ලොග් එකක් ගාව පොඩ්ඩක් නතර වුනා පරන ඉබ්බෙක්ගෙ පින්තුරයක් දාල ලස්සන ලස්සන විස්තර රස කර කර ලියල "කාර් පිස්සුව" ඔක තමයි මෙ ප්‍රොජෙcට් එකට මුල



2016 ජුලි වල ඉදන් වගෙ හෑමදාම ඉතින් වහන විකුනන්ඩ තියන වෙබ් සයිට් වලට ගිහින් ගනන් අඩුවට තියන වහන බලනව. පරන එවා තමයි ඉතින් මගෙ හිතෙ තිබුනෙ වැඩිපුරම හෙවුවෙ ෆොර්ඩ් කොර්ටිනා එකක් තමයි. එ වුනාට එව තිය මනුස්සයො අලි ගනන් තමයි ඔවට කියන්නෙ. ඔක්කොම 5න් එහා.

නැවක් වගෙ ලොකු වහනයක් තමයි මම හෙයුවෙ. මට ටිකක් ලොකුවට ඉඩ තියන එකක් ඔන වුනා. මමත් අලි පැටියෙකුට ඔන් මේන් සයිස්. පස්සෙ කොහොම හරි තෙරුනා එහම එවා ලන්කවෙ හොයන එක අමාරු වැඩක් කියල. හෙවුවත් දේපොල ඔක්කොම උකස් කරල තමයි ගන්ඩ වෙන්නෙ කියල.

ඔහොම ඉන්න ගමන් දවසක් ෆ්බ් එකෙම දැක්ක මැස්ඩා1500 එකක් ලස්සනට හදපු පින්තුරයක් ඔක පස්සෙ හොයන ගමන් ඔය කාර් වර්ගෙට අදාල ගෘප් එකකුත් හම්බුනා ෆ්බ් එකෙම, ඔන්න මහතයො පිස්සුව වැඩි වෙන්ඩ පටන් ගත්තා. පින්තුර හොයනව විස්තර හොයනව විඩියො බලනව එකම විකාරයයි. කොහෙන්දො හිටපු ගමන් පූර්න කියල කොලුවෙක් මෙකක් විකුනන්ඩ තියනව කියල ඇඩ් එකක් දාල ෆ්බ් එකට මට ඉතින් වෙන මොනවත් ඔන නැ වහනෙ තමයි ඔන. දැම්මා පොරට මැසෙජ් එකක් අවුලක් නැ පොඩි කොලුවෙක් (එ වුනාට මූ ඇවිල්ල කොලු තාත්තෙක්) කොහොම හරි ෆ්බ් එකෙන්ම විස්තර කතා කර ගත්තා ගනන් මිමි ඔක්කොම. දැන් ඉතින් බාස් කෙනෙක් හොයන්ඩත් එපැයි මෙක ගන්ඩ කලින් පොඩ්ඩක් බලවන්ඩ.

අපෙ බාස්ගෙන් ඇහුව මිනිහට වෙලාව නෑලු. ඔහොම තව කීපදෙනෙක්ම හම්බුනා එකෙකුටවත් වෙලාවක් නෑ. අන්තිමට මම තිරනය කරා මොටර් කාර්මික ලොවෙ අග තැන්පත් අපේ මල්ලිව වැඩෙට යවන්ඩ (පැච් එකක් ගියොත් ට්යර් එකවත් මාරු කරගන්ඩ දන් නෑ) ඔන්න ඉතින් මිනිහයි මිනිහගෙ අඹ යාලුවයි 13/08/2016 වහනේ ගන්ඩම බලාගෙන පූර්නලගෙ ගෙදර ගියා
ඒ වෙනකොටත් ඒකෙ ක්ලච් එකෙ අවුලක් වෙලා පොම්පෙ මරු කරාලු. තව මොනවද හැදුවලු. පේන්ට් එක නිකන් හෑන්ඩ් බෘශ් එකකින් ගාල වගෙලු වටයක් දෙකක් කැරකුනාලු බූට් එක (ඩිකිය ) ඇරල බැලුවලු ලීටර් 5 කෑන් එකකට බටයක් ගහල තමයි පෙට්‍රොල් ලයින් එක දීල තියෙන්නෙ. (අදාල නෑ නේ ;) )

දැන් ඉතින් වහනෙට නැගල එහම පොඩ්ඩක් එලවන්ඩ කියල යතුර දාල හීට් කරල එහෙම ගැහුවලු මොටරේ වටයක් 2කක් කැරකිලා නැවතුනාලු. ආපහු පාරක් උත්සහා කරාලු වැඩෙ හරි සද්දෙ දාගෙන බඩු ස්ටාර්ට්. පින්වතුනි ගතවුයේ සුලු මොහොතයි චිරි චිරි මිහිරි හඩක් නන්වාගෙන සුදු දුමක් දාගෙන වහනෙ ගිනි ගන්නවලු (අදාල නෑ නේ !!කාර් පිස්සුව නේ!!)  කොහොමින් කොහොම හරි බැටරි වයර් ගලොගෙන ගින්න නිවා ගත්තලු.
කොහොම හරි ඈදගෙන යනව කියල අපු වාහනෙ අන්තිමට පටොගෙනම තමයි යන්ඩ වෙල තියන්නෙ.
ඉතින් ගෙදරට ගිහිල්ල ඔක ලොරියෙන් බාන කොට මමත් අම්මත් එක්ක විඩියො කොල් එකක. එතකොටම තමයි අම්ම කියුවෙ "අන්න උපාලි නිදි කියල".






උපාලිව බිමට බාල ලග තිබුන මඩුවට කොරල වහල දැම්මා. දැන් තමයි මෙක නාගත්තු හැටි පටන් ගන්ඩෙ යන්නෙ. මෙක නෑවෙ නැත්තන් වැඩකුත් නැහැනෙ. කාර් පිස්සුව කියුව විඩිහටම මම නාන්ඩ ලෑස්ති වුනා.
ලගම තියන කාර් පෙන්ට් කරන තැනට ගියා පොරත් වැඩෙ කරන්නම් කියුව මගෙත් තිබුන තඩියමෙ හැටියට අපහු වෙන තැනකින් ඇහුවෙත් නෑ එකෙන්ම වැඩෙ බාර දුන්න. ඔක්කොම සූරල කරල එහම පටන් ගත්ත. ආසයි සතුටුයි හැබැයි තාවකාලිකයි. මෙතන ඉදන් මාස ගානක් යනකන් වැඩෙ එහන්මමයි. අල්ලන්නෙවත් නෑ.







තකහනියෙම නිවාඩුත් දාගෙන ලන්කාවට එන එකෙ තෙරුමක් නොමති නිසා වාර්ශික නිවාඩු හම්බෙනකන් හිටියා. බාසට ඔන නම් මෙක හදයි කියල, බාස් අපිට එහම සෙකන්ඩ් වෙයිද පොර හදන්නෙත් නෑ. මම අහන්නෙත් නෑ. කොහොමින් කොහොම හරි නිවඩුවට ලන්කවට ගිය ගමන් මම කෙලින්ම ගියෙ බාස් ගාවට මිනිහට අදරෙන් අමතල වහනෙ රොද හයි කරගෙන වහනෙ යට හදන්ඩ කියල තව බාස් කෙනෙක් ගාවට අරන් ගියා.



මිනිහත් වඩ පටන් ගට්තා යට ඔක්කොම ගැලෙව්වා ගෙවුනු තැන් ඔක්කොම පට්ටලෙට දාල පිරෙවුවා ඔය අතරෙ මම අලුතෙන් දාන්ඩ ඔන බඩු ලිස්ට් එක සාම්පල් එක්ක ඉල්ල ගට්තා. පොරත් එක්ක කත කරන කොට මිනිහ කියුව ඔන නම් බඩු ගන්ඩ යන්ඩ පොර එන්නම් කියල. මටත් මොකො ඉතින් වඩා හොදයි කියල පොරවත් සෙට් කරන් පන්චිකා වත්තට ගියා.




මිනිහත් දැන් අමුතුම ලයින් එකකින් බඩු හොයනව. එකක් වත් හම්බෙන් නැ. මිනිහ මට මෙහෙම කියනව, මහත්තය මෙක හරියන් නෑ මම අදුරන කඩයක් තියනව එතනට යන් කියල කොහොම හරි තැනට ආව. අපි බඩු කෑලි 11ක් සාම්පල් අරන් ගියා සුපිරිම බඩු වලින් ඔක්කොම හම්බුනා ගෙඩි වලින්ම 30980 ගාන බාසත් ඔක්කොම බලල කෑලි ඔක්කොම හරි කියුව.
ඔක්කොම උස්සන් අවා බාස් ගාවට හෙට ඉදන් හයි කරනව කියුවා. වැඩෙත් පටන් ගත්තා බුශ් 2ක් වැරදියි මාරු කරන්ඩ ඔන කියුව. මාරු කරන් අවා පහුවෙනිද, තව බුශ් වගයක් වැරදි මාරු කරන්ඩ ඔන කියුව මාරු කරන් ආව

මෙ වගෙ ගෙනියපු කෑලි 11ම අපහු මාරු කරා. කඩෙ මුදලාලිට ලාබෙ කොච්චරද කියල හිතා ගන්ඩ පුලුවන් නෙ. කර් පිස්සුවෙ සියලු දෙනාට පොඩි අවවාදයක් දෙන්නම් බඩු ගන්ඩ යනකොට සාම්පල් අරන් යන්ඩ වර්නිය කැලිපරෙන් මනින්ඩ හරිම කෑල්ල ගන්ඩ කොච්චර කඩෙන් හරි කියුවත් ගන්ඩ එපා.මෙක ගොඩක් වැදගත් වෙන්නෙ පරන වාහන හදන අයට තමයි. අනික බාසව එක්කන් ගියාම පොරට ගානක් තියල තමයි කඩෙ එකා බිල දාන්නෙ. එ වැඩෙ මගෙ අතටම මාට්ටු වුනා. මම තනියම අන්තිමට හරියන කෑලි ඔක්කොම හොයා ගත්තා. කොහොමින් කොහොම හරි වහනෙ යට වැඩ ටිකත් ඉවර වුනා මගෙ මාසෙක නිවාඩුවත් ඉවර වුනා.

මතු සම්බන්දයි........
ඉතුරු කොටස දෙසැම්බරයට..

ඉදිරියට නා ගැනීමට ඇති දේ..
පේන්ට් කිරීම
රබර් බීඩින් සෙවීම හො ඇලවීම :)
වයරින් කිරීම
එන්ජිම සවි කිරීම
නවීන පන්නයෙ බ්‍රේක් පොම්පය හා හැන්ඩ් බ්‍රේක්

එකී මෙකී නොකී අන් සියලු නා ගැනීම් අනා ගැනීම් හලා ගැනීම් තවත් කොටසකින් බලපොරොත්තු වන්න........


11 comments:

  1. Meka fb eke tiyanawa mama dakka

    ReplyDelete
  2. එල! මටත් රථගාය ටිකවෙන්න තියෙනවා. මම දැන් අරන් හදන්න හිතාන ඉන්නේ පරණ ලොරියක්! ඇත්තටම ෆෝ වීල් ට්‍රක් එකක්. දැන් ඒකට ඇඩ්වාන්ස් එකකුත් දීලා තියෙන්නේ. දැනට මාගාවතියෙන BJ60 දුන්නු ගමන් ඒක ගෙදරට කැනදගෙන එනවා. මේ දවස් වල පවුලව බැලන්ස් කිරීමේ වියාපෘථියක!

    ReplyDelete
    Replies
    1. ඔක්කොමත් හරි ගෙදර බැලන්ස් කර ගන්න එකත් හරි ජය වෙවා!!! හදන කොට අපිටත් පින්තුර එහම එවන්ඩ

      Delete
  3. මචන් මමත් ඉන්නේ වාහන කර්මාන්තෙම තමයි. මොනවා හරි හොයා ගන්න ඕනෙ නම් සපෝට් එකක් දෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන් එහෙමත් එකෙක් තමයි මචන් උදව්වක් දෙන්ඩ අහන්නෙ. මට වයිබර් වට්ස් ඇප් නොම්මරයක් කොටාගෙන යන්ඩකො... කෑලි 2ක තුනක් තියනව හොයා ගන්ඩ

      Delete
  4. මේවා ඉතිං අතේ තියන තුට්ටු දෙක ලිඳේ දානවා වගේ වැඩ බන්ස්.. ඒත් ඉතිං අපිලත් ඔය ගොන්කම් කරලා තියනව ඉතිහාසයේ.. ඒත් ඉතිං ඔක්කොම හදල පාරේ පැදගෙන යනකොට දැනෙන ගම්ම සල්ලිවලට ගන්න බැහැ සහෝදරයා..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ කියන්නෙ. හම්බ කරන එක මදිවට වටෙන් පිටෙන්නුත් ඉල්ලන් හදනව. නියමාකාරව හැදුවොත් ලෙඩ දෙන්නෙ නම් නෑ. අපිට තියන හදිස්සියෙ හැටියට අටෝගෙන දිවුවොත් මග නතර වෙනව සුවර්... හදන එක නට් ඇන්ඩ් බොල්ට් රිස්ටොරේශන් එකක් වෙන්න ඕනා. හොදට හැදුවොත් මරුටියකට වඩා සැප නැද්ද?

      Delete
  5. උපාලි තවම නිදි උනාට තඩියො බොලා ඇහැරිලා නේද ඉන්නේ ?

    මම කියෙව්වා මේ ආටිකල් එක කාර් පිස්සුවෙ, පෙනිච්චි විදිහට උඹත් ලියන්න පටන් අරන් තියෙන්නේ මං වගේම කාර් පිස්සුවෙන් :)

    ඔය යකා කාර් නැති නරකාදියක යන්නෝන මේ අපි වගේ තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න කබ්බෝ ෆෝම් කරනවට :-D

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.... රෝදයක් වත් නැති නරකාදියකට තමයි යන්ට ඕන... කන්ඩෝ කිවුවා වගෙ මේක හින්ද තමයි මමත් ලියන්ඩ පටන් ගත්තෙ... ස්තුතියි මේ පැත්තේ ආවට

      Delete
  6. Dipu udau kawadath amathaka na broo

    ReplyDelete
  7. උපාලිය තවම නිදිද??

    ReplyDelete