Saturday, August 12, 2017

දගකාර ඔය දෑස දුටුවා එදා 1



 

දගකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුනා
දසුනින්ම හසුනක් මවා


පාසල් ප්‍රේමය හරිම සුන්දරයි නේද? කීයෙන් කීදෙනෙක් මේ සුන්දරත්වය විදල ඇතිද? තවත් කීදෙනෙක් මෙක විදවල ඇතිද ?

පාසල් ප්‍රෙමය පටන් ගන්න කාලෙ දෙන්න දිහා කොනකට වෙලා බලන් හිටපු හැටි. ලග පාතකින් යනකන් මග රැකල හිටපු හැටි, ඔක්කොටම වැඩිය යාලුවො නෝන්ඩි කරපු හැටි, මේක කියාගන්ඩ බැරුව ලතවුන හැටි, හම්බෙන්ඩ විදිහක් නතුව දුක් වුන හැටි, තව ටිකක් ලවු එක නැගල යනකොට හම්බෙලා පලවෙනියෙන් කතා කරන්ඩ ගිය හැටි ඊට පස්සෙ පලවෙනියෙන් අතින් අල්ලපු හැටි තවත් ටිකක් වැඩේ නැගල යනකොට චිත්තර පටියක් බලන්ඩ ගිය හැටි, ඕක ඇතුලෙ පලවෙනි හාදුව දුන්න හැටි ඊටත් පස්සෙ අරහෙ මෙහෙ අතගාල බලපුව  ඔබල බලපුව මිරිකල බලපුව ලෙවකාල බලපුව ඉතින් ඔහොම ලවු එක නැගල යනකොට කෑමක් කෑවත් පොතක් බැලුවත් ටීවී බැලුවත් කොටින්ම රෙන්ඩ ගියත් මේ මූන මැවිල පෙනුන හැටි මතක් වෙනකොට අදටත් ආස හිතෙනව නේද? දැන් ඉතින් මූනට වනචර හිනාවක් දාගන්ඩ එපා පවුල එහෙම ලගපාත ඉන්නවනම් අහන ප්‍රශ්න වලට උතර දෙන්ඩ ගියාම වහ කෑවනම් හොදයි කියල හිතෙයි.


මේ ප්‍රථම ප්‍රේමය  සැබෑ කර ගන්න  පුලුවන්  වෙන්නෙ බොහොම සුලු පිරිසකට විතරයිලු. මම දන්නෙත් නෑ සැබෑ කරගත්තු එකෙක් තමයි මටත් කියුවෙ.

 අපේ ජීවිතයට ලොකු අත්දැකීම් සම්බාරයක් එකතු කරන්ඩ මේ පලවෙනි ලව් එක සමත් වෙනව. මෙතනින් ඉස්සරහට ගලාගෙන යන්නෙ තඩියගෙ සීන් ගොඩක් තමයි.

 මෙහි සදහන් දින වකවානු සමහර විට වැරදි ඇති. මට නම් හරියටම මතක නෑ. ඕව මතක තියාගන්ඩ උත්සහ කරන්නෙත් නෑ. තඩිය ඉස්කොලෙ යන කාලෙ පලවෙනියෙන් කෙල්ලෙක්ට කියල ටොක් කරන්ඩ පටන් ගත්තෙ ඉරිදා දහම් පාසලෙ. ඒ කාලෙ තඩියට ගෙදරින් දීල තිබුන චැලියක් ඔකෙ තමයි තඩිය පල්ලි යන්නෙ. තඩියට ඉතින් හෙන ප්ලේස් කාටවත් ඒ කාලෙ මෝටර් සයිකල් තිබුන් නෑ. කට්ටියව දාගෙන රගනව තමයි. ඔහොම ඉන්නකොට තඩියටත් කෙල්ලෙක් ගැන කක්කි අදහසක් එනවා. ඉතින් තඩිය ටික ටික සීන් එකට එන්ටර් වෙනව. ඉතින් ඔය කාලෙ මගෙ යාලුවන්ට කනක් ඇහිල ඉන්ඩ නෑ



 මම ඉතින් කොල්ලන්ගෙන් අහනව ආදරේ ප්‍රකාශ කරන්ඩ විදිහක් එක එකා එක එක විදි මට කියනව අනන් මනන් කෙල කෝටියක් උපදෙස්. අන්තිමට තඩිය තෝර ගත්තෙ මෙලෝම රහක් නැති විදිහක් කොලේක ලියල ඔක පොතක් අස්සෙ දාල දෙන්ඩ.මෙන්න මේකයි කොලේ ලියුවෙ... හන්සිකා යූ අර් මයි ඩ්‍රිම් ඒන්ජල්.. අයි ලවු යූ. ඔන්න දවස ආව තඩිය ඇබරෙනව කොහොමත් ලැජ්ජ බයට හැදුන තඩියට මේක හන්සිකාට දෙන්ඩ ගටක් තිබුන් නෑ. කොල්ලන්ගෙ හූ හඩ මැද්දෙ කොල්ල පහු බැස්ස. කොලේ දාගත්ත කලිසන් සාක්කුවෙ වෙනද විදිහට ඔක්කොම වැඩ රවුම් ගැහිලි ඉවර වෙලා ගෙදර ගියා කාල බීල නිදා ගත්තා පහු වෙනිදා ඉස්කොලෙ ගියා. ඒ කාලෙ මගෙ ගජයා සුපුවා මගෙන් ඇහුව කෝ අර කොලේ කියල, දෙලො රත් වුනා කොලේ තාම ඊයෙ ඇදපු කලිසන් සාක්කුවෙ. එදා ඉස්කෝලෙ වැඩක් හරියට කරෙත් නෑ කොලේ අම්මට මාට්ටු වේයි කියල බයේ හිටියෙ. ගෙදර ගෙහින් ශේප් එකේ බැලුව කලිසම හොයල හුටා ඒක හෝදල වැලේ එල්ලි එල්ලි තියනවා ලන්කරල බැලුවා බඩු මිසින්.. මමත් සද්ද නැතුව මුකුත් නොදන්න විදිහට හිටිය අම්මත් වෙනසක් පෙන්නුවෙ නෑ.. ඔහොම කාලය ගෙවිල ගියා මේ මෑතකදි අම්ම මට පෙන්නුව ඔය කොලේ එයා පරිස්සමට අරන් තියගෙන පස්සෙ කාලෙක පෙන්නන්ඩ කියල.

විලි ලැජ්ජාවෙ සන්තොසෙ බැරුවා... හිත වාවන් නෑ මයෙ දෙයියො...

අදටත් අපි ඉදහිට මග තොට හමුවෙනව යමින් එමින් දකිනව අද වෙනකන් මේ විස්තරයක් එයා දන්නෙ නෑ.. ඒක පාර්ශවිය ආදරයක්. ලප්තැනම ලොප් වුන ආදරයක්.

දැන් ඇහෙන පසුබිම් සන්ගීතය "අපි මචන්" විසින් අලුතින් ගායනා කල
මගෙ නා..මලි බැදි ආ..දරේ
මනමා...ලියයි මැනිකේ... ඔයා..
ඔරුවේ... නැගී... එහි පා..වෙවී
අමනාපයෙන් පිට..වී.. ගියා...
බැදි ආ...දරෙ සුකුමා...ලියේ
පෙම් පනිවි...ඩේ පාවේ... ගගේ

 

14 comments:

  1. චෑ.. ඒ කාලේ මට කොල්ලෝ නයාට අඳුකොළ වගේ නොවැ !

    ReplyDelete
    Replies
    1. ඉතින් කොහොමද අපි කොල්ලො විදිහට කෙල්ලෙක්ගෙන් යාලු වෙන්ඩ අහන්නෙ. නයි පිරිල නෙ..... හෙ හෙ හෙ

      Delete
    2. ඔබගෙ බ්ලොගයෙ ලින්කුව එවන්න. අපිටත් ඇවිත් යන්ට

      Delete
    3. නයාට අඳුකොළ වගේ කිව්වට නයි දමනය කරගන්න පුළුවන් කුමාරවරුත් උන්නනේ ඒ කාලේ... අපි අහුවෙයි ඔව්වට!! ලියන්නත් හිතයි ඒ ගැන.

      http://kadadasikole.blogspot.com

      මේ තියෙන්නේ මගේ කොලේ. ආවාට පස්සේ හිත බිඳුනොත් දොස් කියන්ට එහෙම එපා

      Delete
    4. හිත බිදිල කැඩිල කුඩුවෙලා ගියා කියමුකො..... මම දැන් මේ කෑලිටික හොයන ගමන්

      Delete
    5. හි හි හි
      හරි හරි.. මම එනකොටම කිව්වනේ.. ඒවාට වගකියන්න බැහැ කියල

      Delete
  2. Digatama liyanna.lassana honda wachana yodanna.

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි ස්තුතියි

      Delete
  3. මට නෑ නේ ඔය පාසල් ප්‍රේමය කියන ඒවා ;-)
    අපි හරි ලැජ්ජයි ලු .

    ප්‍රථම ආදරේ නම්... වැඩක් නෑ කතා කරලා :-)

    ReplyDelete
    Replies
    1. අනිවා ගොඩෙ දෙනෙකුගෙ අත්දැකීම් එක වගේ බූට් තමයි

      Delete
  4. ඔය කියන දවස් වල මාර පුරුෂ දහිරියක් තියෙන්න ඕන වැඩක් නොව ඕක :) ඇයි ඒ මදිවට රිජෙක්ට් වෙලා වැඩේ ලෙඩේ වෙයි කියන බය ?

    ReplyDelete
    Replies
    1. ඔව් ලොකුම බය රිජෙට් වෙයි කියන එක තමයි

      Delete
  5. මුලින් ම හිත ගිය කෙල්ලට ට්‍රයි කරලා, ඒ මුලින් ම ට්‍රයි කරපු කෙල්ල හා කියලා, සෙට් වෙලා, ලව් කරලා, වැඩේ දිගටම ඇදිලා ගිහිල්ලා, ඒ කෙල්ලවම කසාද බැඳලා ජීවත්වෙන මිනිස්සු ගැන අනේ පව් කියලා හිතෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනේ අපොයි කියල හිතෙනව නේන්නම්....තවත් දුරට මේ කතාව කොටස් ගානකට ලියන්ඩ කියල පටන් ගත්තෙ කොහෙද ඉතින් නිසි බලදාරියගෙන් පට්ට ලෙඩේ ඔය ඇති කියල... ඉතින් අල්ලල දාල නිකන් හිටිය කොහොමත් මේකෙ ලියවෙන ඒවට උත්තර දෙනවට වඩා නොලිය හිටිය එක හොඳයි

      Delete