මේ වැඩසටහන් මාලාව පටන් ගන්නේ තඩියාගේ පාසල් කාලයේ පටන්ම බොක්කක් වූ ජිම් පප්පාගෙ අදහසකට අනුවයි.(අපි මූට ජිම් පප්පා කියන්නෙ නිතරම ජිම් එකේම ඉන්න නිසා මිසක් මූ මහත හින්දනම් නෙමෙයි ) ලියෝ ක්ලබ් එකේ යාව ජීව සාමාජිකයෙක් වුන ජිම් පප්පා මේ අදහස ගැන එහි දැනුවත් කලයුතු පාර්ශව දැනුවත් කර යම් මුදලක්ද මේ සඳහා වෙන් කර ගත්තා. මදිපාඩු මුදල් හා යානවාහන අනිකුත් සියලු දේවල් මිතුරන් මාර්ගයෙන් සලසා ගත්තා. මේ කියන සත්කාරය සිදුවුනේ 2016 දෙසැම්බර් මාසයේ දවසකයි.( දවස මතක නෑ ඔන්න මම හිතන්නේ දවසින් ඇති වැඩකුත් නෑ) තඩියා ලන්කාවට යනකොටත් කට්ටිය ඔක්කොම පැක් කරල බඩු ලෑස්තිත් කරල ඉවරයි. තඩියට ඉතුරු වුනේ ලී මෝලෙන් ලී ටිකක් පටෝ ගන්න එක විතරයි.
අපි මේ ගමනට පාසල් දෙකක් සූදානම් කර ගත්තා.
පලවෙනි පාසල ගල්ලෑගොඩ ශ්‍රී නාරද ප්‍රාථමික විද්‍යාලය නිකවැරටිය. මේ පාසල ඉතින් පොඩි උන් ඉන්න පාසලක් හිටපු ලමයි ගානත් තඩියට මතක නෑ. ( මොකද තඩිය යනකොට පැක් කරන ඒව ඉවරයි, ගුරුවරු හමුවෙලා ඉවරයි බඩු ගන්න ඒව අනන් මනන් ඔක්කොම ඉවරයි )
ඉස්කෝලෙනම් බොහොම පොඩියි. පන්ති කාමර දෙකයි තඩියට මතක විදිහට තිබුනෙ. ලමයිනුත් විසිපහකට තිහකට වැඩි නෑ මයෙ හිතේ.
අපි ඉතින් ඔතනට උදේ 10 වෙනකොට එනවා කියල පනිවිඩේ දීල තිබුනා.. ඒත් කොහෙද අපේ උන්ව එකතු කරගෙන ගමනක් යනකොට වෙලාවල් කැලේ,එක එකාව ගෙවල් ගාවට ගිහින් අරගන්ඩත් වුනා තවත් සමහරුන්ගෙ ජොකාගෙ ඉඳන් හොයල අන්දවල ඌව වාහනේට පටෝ ගන්ඩත් වුනා. ඒ මදිවට මගදි කට්ටියට කන්ඩත් ඕන වුනා.
කෑමට නවත්තපු වෙලාවෙ ගත්තු සෙල්පියක්
අපේ ගමන් මාර්ගය වුනේ මීගමුවෙන් වෙන්නප්පුව හලාවත, බන්ගදෙනිය,බන්ගදෙනිය හන්දියෙන් දකුණට හැරිලා පල්ලම, ආඩිගම හරහා ආනමඩුව,( කිලෝ මීටර 92ක් පමන ඇත ) ආනමඩුව වටරවුමෙන් දකුණට හැරී කිලෝමීටර 5ක් පමනගොස් පලුගස් හන්දියෙන් වමට හැරී තවත් කි.මී5ක් පමන ගොස් ඉන්පසු මහ මිතව පන්සල ඉස්සරහින් වමට හැරිල ටික දුරක් යනවිට දකුණු පැත්තෙ තියන ඉස්කෝලෙ තමයි ගල්ලෑගොඩ ශ්‍රී නාරද ප්‍රාථමික විද්‍යාලය. (කි.මී. රබර් පටි මෙන් වියහැකි බව කරුනාවෙන් සලකන්න.)
මහ මිතව පන්සල ඉස්සරහින් වමට හැරිල
අපි ඉතින් ඔතන්නට යනකොට දවල් 12 විතර වෙලා අර උදේ ඉන්දන් ආපු පොඩි උන් සෙල්ලම.. දුවිලි නාල ඉන්නව අපි යනකොට වාහන වල සදෙදෙ ඇහුන පොඩි උන් දුවගෙන ගිහින් ගේට්ටුව ගාවින් පෝලිමට හිට ගත්තා.
තවත් ළමයි කට්ටියක් බුලත් දීල වැඳල අපිව පිලිගත්තා.(වැන්දා කියුවට වැන්දෙ ජිම් පප්පට විතරයි අපි එපා කියුවා)
ඉතින් අපිත් ගෙනාපු බඩු බාහිරදිය ඉස්කෝලෙ ඇතුලට අරන් ගියා.. ඇතුලට වාහනයක් වත් ගන්ඩ බෑ. මල් පැල තියල පාර හදලා. ත්‍රීවිල් එකක් නම් යන්ඩ පුලුවන්. කවදාවත් වාහනයක් ඇවිල්ල නෑ මයෙ හිතේ.
තවත් ඉතින් මේ පොඩි උන්ව මොනවට රස්තියාදු කරනවද කියල අපිත් වැඩ කටයුතු පටන් ගත්තා. ගුරුවරු මුලින්ම ස්තුති කතා කියුව ඇවිල්ල හිටපු දරුවෙකුගෙ තාත්තා කෙනෙකුත් කතාවක් කරා.අපේ අයියලත් කතාවක් කරා ඔවා පොඩි උන්ට වැඩක් නෑ උන්ගෙ හිත තියන්නෙ ගෙනාපු පාර්සල් දිහාට
ඔක්කොම මේව බෙදල දුන්නා හැමෝම පිලිවෙලට ඇවිත් මේව අරගත්තා, පොර කෑවෙ එහෙම නෑ. පාර්සලේ අතට හම්බුනාම ඒ මූනවල් වල තිබුන සතුට සල්ලි වලට ගන්ඩ බෑ මහත්තයෝ..... මෙහෙම දෙයක් කරල හරි එ දෙමව්පියන්ටත් පොඩි හෝ සහනයක් දුන්න කියල අපිට හිතුනෙ ඇවිත් හිටිය අයගෙ මූනවල් දැක්කමයි
ඉතින් පාසලේ මුල් ගුරුතුමා අපිවත් අමතක කරල තිබුන් නෑ.. අපිට තේ මේසෙකුත් ලෑස්ති කරල තිබුනා. අපේ උන්ටත් කා බෑ නිසා ඔක්කොම අහක දාන්ඩ වුනා... අනේ පව් අපේ කොල්ලො කෙල්ලො ටික.
අහ් කියන්ඩ අමතක වුනානෙ තඩියගෙ ගර්ල් ෆ්‍රන්ඩ් එයාගෙ පුන්චි කාලෙ ඉස්කොලෙත් මෙකමයි ගමත් මේකමයි ගෙදරත් මේ ලඟමයි... ඉතින් අපි අනිත් ඉස්කොලෙට යන්ඩ කලින් එයාලගෙ ගෙදරට ගිහින් කෑම කෑවා.
කෑමෙන් බීමෙන් පස්සෙ අපි ගියා කැලේගම විද්‍යාලය ට. මෙහි අපිට තිබුනේ පොත් දෙන්න නම් නෙමෙයි. අපි අවෙ මේ ගොඩනැගිල්ලෙ යකඩ දැල් ටික හදල දෙන්න. අපි එන්න දවස් කීපයකට කලින් පොඩි එකෙක් දැලෙ එල්ලිලා ඉන්නකොට ඔක කඩන් වැටිල ඇහේ ලගින්ම කම්බියක් ඇනිල. ඉතින් අර විදුහල්පති තුමාම අපිට කතා කරල මේ ගැනත් කියුවා. අපිත් ඉතින් බෑ නොකියා වැඩේට බැස්සා.
අරන් ආපු ආයුද ආම්පන්න එහෙම බිමට බාල වටේ ඇවිදල බලල වැඩ පටන් ගත්තා.
පටන් ගන්ඩත් කලින්ම තේ ලෑස්ති කරල අපිත් ඉතින් වැඩි සීනි ප්ලේන්ටියයි ගොල්ලිප් එකයි( ඩන්හිල්) ගැහුවා..
ඉතින් කටියම පරන දැල් ගලවල අලුත් දැල් ගැහුවා ස්ත්‍රී පාර්ශවය දැල් පාට කරන්ඩ පටන් ගත්තා අනිත් අය දිරපු ලී ගලවල කපල කොටල ඉරල මැනල කැඩිච්ච බිදිච තැන් හොයල බලල හදන්ඩ පටන් ගත්තා (දුමී මෙන්න තඩියටත් වචන ඇවිල්ලා)
ස්ත්‍රී පාර්ශවය දැල් පාට කරන්ඩ පටන් ගත්තා
කොටා කොච්චර මැන්නත් වැඩක් නෑ මිම්ම වැරදියි
සේප්ටි පස්ට්
පලවෙනි දවසෙ අපි රෑ 8 විතර වෙනකන් වැඩ කරා ඒත් අපිට ඉවර කරගන්න බැරි වුනා අපි ඉතින් ගෙනාපු බඩුත් පටොගෙන තඩියගෙ හාමිනෙගෙ ගෙදර යන්න පිටත් වුනා පන්සලේ හාමුදුරුවොත් එතනට ආව ඇවිත් අපිට යන්න එපාම කියුව රෑට අලි ඉන්නව කියල අපි බයවෙයි අලින්ට කොහොම හරි කට්ටිය ආව.
වැඩ කරපු මහන්සි ගතිය යන්ඩත් එක්කම කට්ටිය නාන්ඩ රෑ වැවට ගියා.. එනගමන් අපිට හොල්මනකුත් හම්බුනා ඒ කතාව පස්සට තියන්නම්... ගෙදරට ඇවිත් ගෙනාපු බොතල් දෙක තුනක් ඉවර කරා බයිට් එකට දේවලුත් අපිම හදා ගත්තා අපි වැව් මාලුයි ඔම්ලට් එක්ක බොන කොට තවත් දෙන්නෙක් කොකිස් සහ ආන මාලු කෙසෙල් බයිට් එකට ගත්තා (මුන් දෙන්නම වෙජිටේරියන්)
එහෙමටම ඉඩක් නැති තඩියා හාමිනේගෙ ගෙදර තියන විදිහට කට්ටියම බිමට වෙලා නිදා ගත්තා
පහුවෙනිදා උදේම ආපහු කට්ටිය ඉස්කෝලෙට ගිහින් වැඩ පටන් ගත්තා.. කොහොමින් කොහොම හරි වැඩේ ඉවර කරා..
දවල් කෑම පන්සලේ ලොකු හාමුදුරුවො ලෑස්ති කරල තිබුනා අපිට ස්තුතිකරා අපිත් ස්තුති කරා අන්තිමට ජිම් පප්පා කතාවකුත් කරා මිනිහා අමුතුම විදිහකට කතාව ඉවර කරා " මම මේ පරිසරයට ආදරෙයි, මේ පරිසරයත් මට ආදරෙයි" කවුරුත් දන් නෑ ඇයි එහම කියුවෙ කියල..(ඒක හොයන්ඩ දැන් දොරලොක් හෝම්ස්ට භාර දීල තියෙන්නේ )
කෑම කොහෙද තඩිය එතන
ඉතින් අපි මේ අවුරුද්දෙ දෙසැම්බර් මාසෙත් මේ වගේම එකක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි බහුතරයක් අදුරන ගුරුවරියකගෙ මතක බ්ලොග් එක කරන නිනී මිස් එක්ක අපි කතාබහ කරගෙන යනවා. දැනට මිස් උගන්වන්නෙ බන්ඩාරවෙලින් පල්ලෙවෙල පාරෙ කි.මි12ක් පමන ගියතැන හමුවන කුරුකුදෙ සාරිපුත්ත මහා විද්‍යාලයෙයි.
ළමුන් 210ක් සඳහා පොත් 2100ක් ලබා දීම තමයි අපේ ආරමුන. ඉතින් මේ සඳහා සම්බන්ද වීමට කැමති අයෙක් වෙතොත් මා සම්බන්ද කර ගන්න.
ගුරුවරියකගේ මතක කියෝල නැති අය පහල ලින්කුවෙන් ඒ පැත්තටත් ගිහින් එන්න
ගුරුවරියකගෙ මතක
එල එල
ReplyDeleteතඩියා.
ReplyDeleteවචනෙන් කියන්න බැරි තරම් හොඳ වැඩක් මේක. ලිපිය බැලුවම ලොකු සතුටක් දැණුනෙ. මේ වගෙ වැඩට සම්බන්ද වෙන්න කැමති වුණත් වෙලාව ප්‍රශ්ණයක්. හදවතින්ම තඩියට සුභ පැතුම්.
(නෑ නෑ කිව්වට හොඳ වචන ටිකක් හොයාගෙනනේ...:)
ජයවේවා!!!
ස්තුතීයි දුමී අයියෙ. අපි කාට හරි යමක් දුන්නොත් තමයි අපිටත් යමක් හම්බෙන්නෙ. මම මේවලට එන්නෙත් නිවාඩු දාගෙන අතින් ටිකට් හදාගෙන. ඒ වුනාට වියදම් වෙන මුදල් ගැන දුකක් නෑ. මේ ලමයිගෙ ඒ දෙමව්පියන්ගෙ මූනෙ ඇදෙන හිනාව ඔක්කොටම වඩා වටිනව
ReplyDeleteනියමයි. මද්ද ෙපාඩි කාලෙ ගියපු පාසලක්(4කට ගියා) මතක් උනා
ReplyDeleteතැන්කූ මද්දෝ
Deleteෂා . . නියම වැඩක්.
ReplyDeleteහැමදෙනාටම සුභ පැතුම් !!
ස්තූතියි දුකා (අයියා / අන්කල් /මචන් / මාම / සීයා ) මොනා කියන්ඩද කියල හිතාගන්ඩ බැරුව හිත වල්මත් වුනා කියාන්කො. හි හි හි
Deleteමමත් මේ පැත්තේ ආවා. මේ වැඩ වලට නම් පින්
ReplyDeleteස්තූතියි ඉයන්......
Deleteතඩියෝ..! හොඳ දෙයක් කරල තියෙන්නෙ. මමනං ඔව්වට පිං, බුදු සරණයි බයිලා විශේෂණ පද දාල උබව අත්ත උඩ තියන්නෙ නැහැ. හැබැයි පිං බිස්නස් කාරයන්ට අහුවෙන්නෙ නැතිව ඕව කරහන්. ජය වේවා..!!
ReplyDelete👊🏽
ස්තූති ටික්කා... ඇත්තටම දැන් ඉන්න මිනිස්සු මිනිහෙක්ට උදව්වක් කරන එකත් බිස්නස් එකක් කරගෙන. කොහොමහරි බලන්නෙ තමන්ගෙ මඩිය සරිකර ගන්න. ඕනතරන් උදාහරන අපි අතරම තියනවා.....මුහුනුපොතේ උඩට පහලට ගියානම් හොයාගන්ඩත් පුලුවන්.... එහෙම කරන උන්ට කවදාවත් හරියන්නෙත් නෑ...
Deleteනමට මනාප වේලාමයි මේ පැත්තට එබෙන්න හිතුවේ.මේ තියෙන්නෙ කියවන්න දැන් ඉතින් දිගටම එන්නම්කෝ
ReplyDeleteහෑ..... නමට මනාපයි ද???? ස්තූතියි මේ පැත්තේ ගොඩ වුනාට....
Deleteහොද වැඩක් යාළුවේ...
ReplyDeleteබොගෙ නම කියන්ට පොඩ්ඩක් දුකයි වගේ අෆ්ෆා...
හොද වැඩක් යාළුවේ...
ReplyDeleteබොගෙ නම කියන්ට පොඩ්ඩක් දුකයි වගේ අෆ්ෆා...
ස්තුතියි මේ පැත්තෙ ආවට....නම කියන්ඩ දුක් වෙන්ඩ එපා.. මට බහුතරයක් මගෙ යාලුවො කියන්නෙ තඩියා කියල...තව සමහරක් බ්ග් හර්ශ කියලත් කියනව
Deleteකියන්න වචන නෑ සහෝදරයා . ගොඩක් පිං. ඔයවගේ වැඩක් මාත් යාලුවෝ ටිකක් එක්ක එකතුවෙලා කෙරුවා campus එන්න කලින්.. ඇත්තටම ඒ ලැබෙන සතුට මොකකින්වත් ලබන්න බෑ.
ReplyDeleteමේ පාර කරද්දී අනිවාර්යයෙන් අපිව දැනුවත් කරන්න
ස්තූතියි මේ පැත්තෙ ආවට... ඔක්කොමල්ලටම මතක් කරල දෙසැම්බර් ලන්වෙලා පොස්ට් එකක් දාන්නම්....මේ ලියල තියන්නෙ අපි කරපු වැඩසටහන් පෙලක එකක් විතරයි. මුහුනු පොතේ "අපිටත් හෙටක්" (ලියෝ ක්ලබ් නිගම්බෝ) කියල සර්ච් පාරක් දාල බලන්න තව ගොඩක් තියනව..
Deleteඊලඟ පාර අපිටත් කියන්ඩ අපිත් සහයොගය දෙනව
ReplyDeleteබොහොම සතුටුයි..මේවා තමයි විය යුත්තේ..තමන්ගෙ හැකියාව අනුව හැකි පමණ අසරණ ජනතාවට සේවය කිරීම. ඉතාම ඉහළින් අගය කරනවා.
ReplyDeleteබොහොම ඉස්තූතියි....... දෙසැම්බරයෙත් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ
Deleteනියම වැඩක්නේ තඩි... ඔය වගේ සත්කාර හරිම වටිනවා..ඔය වගේ දෙයක් අපිත් ස්කෝලේ යන කාලේ කලා... ඒ දවසේ මට දැනුනා පොඩි උන්ගේ සතුට.. ඔයාලා ගොඩනැගිලිත් අලුත් වැඩියා කරලා දීම නම් විශිෂ්ටයි...
ReplyDeleteඒත් පොඩි දෙයක් කියන්නම්... පොලිතින් භාවිතට අවම කරලා කරන්න බලන්න..ඒක සමාජ ගැටලුවක් වෙලානේ....
ස්තූතියි අරූ......
Delete