Sunday, August 27, 2017

මචන් පොඩි උදව්වක් ඕන 18+



සුපුරුදු පරිදි අදත් වැඩ කටයුතු අහවර කරල ඇදට වෙලා මනෝ පාරක් ගහගෙන ඉන්නකොට දුරකතනය ලතෝනි දෙන්ඩ පටන් ගත්තා.. ඕක අතට ගත්තෙ තඩියාගෙ බබියා ද කියා විපරන් කොරමින්මයි.. අනේ වාසනාවකි බබියා නොවේ..
මේක තඩියා සම්බන්ද වෙලා ඉන්න වට්සැප් ගෘප් එකකින් ආපු කෙටි පනිවිඩ ගොන්නක්ය. ඔක ඉතින් කියොගෙන යනකොට පොරක් උදව්වක් කරන්ඩැයි ආයාචනයක්.... අහක යන නයි රෙද්ද ඇතුලෙ දාගන්න එක තඩියගෙ පුරුද්දක් හින්ද ප්‍රති පිලිතුරු දුන්න.


''කියපන් මචන් මොකක්ද උදව්ව''


මෙතන ඉඳන් ටික සුද්ද සින්හලෙන් තියෙන නිසා මේ වගේ කතා දිරවන් නැති අය මෙතනින් එහාට නොකියෙව්වට කාරි නෑ... කියෝල පස්සෙ මට බනිනව එහෙම නෙමෙයි කුනුහබ්බ ලියල කියල 18+ ඇතුල්වන්න
.
.
මෙතන කිලික් කොරන්ඩ (බොරුවට)

.
.
''මගෙ යාලුවෙකුගෙ අතින් කෙල්ලෙක්ගෙ පෙට්ටිය කැඩිල ඌ කියනව පෙට්ටිය කැඩුනද නැත්තන් තුවාල උන නිසා ලේ ගියාද දන්නෙ නැහැල්ලු. ඇතුලට බඩු ගියෙත් නැහැල්ලු ඒකි ප්‍රග්නට් වෙයිද මචන්??''

මාර පුරස්නයක් නෙ දැන්......පහලින් තියෙන්නෙ ඔකට හම්බුන උත්තර..

"ඔව්"
"බඩු ගියෙ නෑ ඕයි"
"ඔක වීඩියො කරල එවපන්කො අපිටත් බලන්ඩ"
"පොස්ටිනොර් 2 කියල පෙත්තක් තියෙ පැය 48කට කලින් බොන්ඩ කියන්ඩ"
"කැඩුනත් නැතත් පොඩ්ඩක් හරි ගෑවුනත් බබා හම්බෙනව"
"පෙත්ත පොවපන්"
"98% ප්‍රෙග්නට් වීම වලකිනව"

"අඩේ ඔක බීපුවම කෙල්ලට අවුල් යනව ද"
"ඔක දැන්ම දියන් ඇබොශන් ටැබා ගනන් වැඩියි"

"අඩෝ උබ ඇග උඩ නැගලද කරේ"
"පල හුත්* යන්ඩ"
"අඩෙ ඕක වයස අනුව වෙනස් වෙනවද ගන්න ප්‍රමානය"
මගෙ උත්තරය
"පුතා බඩු ගියත් එකයි නැතත් එකයි පොඩ්ඩක් හරි ගෑවුනානම් බඩුම තමයි. කොන්ඩම් කියල එකක් තියෙන්නෙ ඔකට තමයි පාවිච්චි කරන්ඩ කොන්ඩම්... දැන් උබ ඕක යාලුවෙකුට වුන වැඩක් කියුවට උබට වුන වැඩක් බව අපි දන්නවා. පාමසියෙන් බර්ත් කොන්ට්‍රොල් ටැබ්ලට් අරන් දියන් පුතී කෝකටත් සහුක්යට හොදයි"


"කොච්චර වෙලාද ඕක වෙලා"
"අනිවා ඕක තමයි කරන්ඩ ඕනෙ"
"කැ* බින්දුවක් උනත් ඇති යකූ"
"දවසක් වෙනවා"
"දැන්ම පොවපන්"
 

මගේ පිලිතුර
"පැය 72කට කලින් ඕක අරන් දියන් ඒම බැරිනම් තාත්තා කෙනෙක් වෙන්ඩ ලෑස්ති වෙයන්"


"අඩේ මේකෙ පෙති 2යි ද තියෙන්නෙ?"
"ඔව් ඔය දෙකම එක පාර පොවපන්.. එතකොට හරි"
"ඊට පස්සෙ තව පැකට් එකක් අරන් ඒ පෙති දෙක පහුවෙනිද උදෙට පොවපන්"
 

 මෙතනින් පහලටත් කටිටිය එක එක විසදුම් දෙනව ඕක බලන් හිටපු මට හිතුන ඔය කොල්ල බැරි වෙලාවත් සියදිවි නසාගනියිවත් ද කියලා. ඊට පස්සෙ මම මෙහෙම දැම්මා.

"පුතීල පොඩ්ඩක් හෝව්...
පලවෙනියෙන් මේක කියෝල හරි දේ කරපන්"

 

හදිසි උපත් පාලන ක්‍රම

මේ සටහන ලියන මා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු බව මුලින් ම කියන්න ඕනි.

මොකට ද මේ හදිසි උපත් පාලන ක්‍රම ?

* අනාරක්ෂිත ලිංගික හැසිරීමක යෙදුන විටෙක දී
* ලිංගික අතවරයක දී
* දැනට භාවිත කරන උපත් පාලන ක්‍රමය දින කිහිපයක් මගහැරී ගිය විටෙක දී
* කොන්ඩම සිදුරු වී යන අවස්ථා වල දී
                   දරු ගැබක් ඇති වීම වැළක්වීම සඳහා හදිසි උපත් පාලන ක්‍රම භාවිත කිරීම කළ යුතුය.

හදිසි උපත් පාලනය, ගබ්සා කිරීමක් කියා දුර්මතයක් සමාජයේ මුල් බැසගෙන තිබුනත් එය සත්‍යතාවයෙන් තොර මතයකි.  ඩිම්බය හා ශුක්‍රානු එකතු වී කළලයක් සැදීම වැළක්වීම පමණක් මෙම හදිසි උපත් පාලන ක්‍රම තුලින් සිදු වෙයි.

තවද හදිසි උපත් පාලන ක්‍රම මගින් ලිංගික ව බෝවන රෝග සඳහා ආරක්ෂාවක් ද නොලැබේ. (ඒ සඳහා කොන්ඩම භාවිත කරන්න.)


 1. Postinor පෙත්ත

මෙය Morning After Pill ලෙස ද හඳුන්වයි. මෙය පෙති දෙකකින් යුතු පැකට්ටුවක් ලෙස වෙළඳ පොලෙන් මිලදී ගත හැකිය. මින් පළමු පෙත්ත අනාරක්ෂිත ලිංගික හැසිරීමෙන් පැය 72ක් ඇතුළත ලබාගත යුතුය. දෙවැන්න ඉන් පැය 12කට පසුව ලබාගත යුතුය.
කෙසේ වෙතත් පළමු පෙත්ත දින පහක් ඇතුළත ලබාගත හැකි අතර කාලය ගත වන්නට මෙහි සාර්ථකත්වය අඩු වී යයි. පළමු පැය 72 තුළ දී ලබාගත හොත් සාර්ථකත්වය 95% පමණ වේ.  එක් පෙත්තක් පමණක් ඇති ඇසිරුමක් ද වෙළඳ පොලේ ඇති අතර එම පෙත්ත ලබා ගන්නේ නම් අනාරක්ෂිත ලිංගික ක්‍රියාවෙන් අනතුරු ව පැය 72ක් තුළ දී ලබා ගත යුතුය.

Levonogestrel නම් හෝමෝනමය ඖෂධය මෙම පෙති වල අධික මාත්‍රාවකින් අඩංගු වන නිසා ඔක්කාරය වමනය වැනි අතුරු ආබාධ සුලභව ඇති විය හැකිය. පැය දෙකක් ඇතුළත වමනය වුවහොත් තවත් පෙත්තක් ලබාගත යුතුය.

මීට අමතරව හිසරදය, පියයුරු වල වේදනාව වැනි සංකුලතා ද ඇතිවිය හැකිය. තවද මෙම පෙති ඔසප් චක්‍රය අක්‍රමවත් කිරීමට ද හේතුවන අතර සති දෙකක් පමණ පසුවී වුව ද ඊළඟ මාස් ශුද්ධ වීම ඇතිවිය හැකිය.

වැදගත් : postinor පෙත්ත හදිසි ගැබ් ගැනීම් වළක්වාගැනීමේ පෙත්තක් පමණක් ම වන අතර අධික හෝමෝන මට්ටමක් අඩංගු නිසා නිතර භාවිතය ඉතා අහිතකර ය. අනාරක්ෂිත ලිංගික හැසිරීමෙන් දින 5ක් ඉක්ම ගිය පසු මෙම පෙති භාවිතය ප්‍රතිඵල රහිත ය.
මෙම පෙති ලබාගැනීමෙන් අනතුරුව සිදු කරනු ලබන ලිංගික ක්‍රියා සඳහා ආරක්ෂාකාරී නොවේ. තවද ගබ්සා කිරීම සඳහා මෙම පෙති භාවිතය ඵල රහිතයි.

පෙති දෙක ඇසිරුමක් රු. 100ක් පමණ මිලකට ඕනෑම ෆාමසියකින් මිලදී ගත හැකිය.


2. මිතුරි පෙත්ත අධික මාත්‍රාවකින් ලබා ගැනීම.

සාමාන්‍ය උපත් පාලන පෙත්තක් වන මිතුරි පෙති ද හදිසි උපත් පාලනය සඳහා යොදා ගත හැකිය. මෙහිදී අනාරක්ෂිත ලිංගික හැසිරුමෙන් පැය 72කට පෙර මිතුරි පෙති 4ක් පානය කල යුතුය. ඉන් පැය 12කට පසු තවත් පෙති 4ක් පානය කල යුතුය.  සංකුලතා පෙර පරිදි ම ය.

3. ලුප් භාවිතය

ලුපය යනු සාමාන්‍ය උපත් පාලනය සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු විසින් ගර්භාෂයට ඇතුල් කරනා කුඩා උපකරණයක් බව ඔබ අසා ඇති.

නමුත් අනාරක්ෂිත ලිංගික සංසර්ගයෙන් දින පහක් ඇතුළත ලුපයක් ඇතුල් කිරීමෙන් ද හදිසි ගැබ් ගැනීම් වළක්වා ගත හැකි බව සමහර විට ඔබ නොදන්නවා වන්නට පුළුවන්.

මෙය ඉතා සාර්ථක ක්‍රමවේදයක් වන අතර 99% පමණ ගැබ් ගැනීම් වළක්වාගත හැකිය.

තවද ලුපය වසර 10ක් යන තුරා ගර්භාෂය තුළ තැන්පත් කර තැබිය හැකි අතර එම කාලය පුරාවටම පිළිසිඳ ගැනීම් වැළක්වීමට සමත්.

මේ හැර තවත් හදිසි උපත් පාලන ක්‍රම ලොව පුරා ඇතත් ශ්‍රී ලංකාවේ සුලභව භාවිත වන්නේ මේවා ය.

මම දවස් කීපෙකට කලින් ඩොකාගෙ ඩයරියෙ කියෝපු පොස්ට් එකක් කොපි පේස්ට් කරා ඩොකාගෙ ඩයරිය කියෝපු නැති අය මෙතනින් කියවන්න 

ඉහතින් දක්වල තියෙන්නෙ ඒ පොස්ට් එක තමයි


"එල මචන්"
"අඩෝ මාර විදිහට උපදෙස් ටික වටිනව බන්"
"තෑන්ක්ස් මචන්"


"මචන් උබ මෙඩිකල් පැකල්ටිද?"
"නෑ බන්"
"සිරාවට අහන්නෙ බන් කියපන්කො"
"නෑ බන් මම හෝටලෙක පිගන් හෝදනව"
"ඇත්තට කියපන්කො"
"ඇත්ත තමයි යකූ"

"හරි බන්"
"මචන් මේකෙ ඉන්න බහුතරයක් පොඩි කොල්ලො වග අපි දන්නවා උන් වැරදි පාරෙ ඉක්මනට යනවා..යන එක අපිට නවත්තන්ඩ බෑ නෙ. එහෙම ගිහින් ඇන ගත්තු වෙලාවටවත් වැඩිහිටියෙක්ගෙන් හරි හරිහමන් අවබෝදයක් තියන මිනිහෙක්ගෙන් හරි උදව් උපදෙස් අහපන්, උබේ වයසෙ උන්ගෙන් අහල වැඩක් නෑ උන් දන්නෙත් උබ දන්න ටිකමයි"
"හරි බොස් තෑන්ක්ස් කරපු උදව්වට"



ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුලදී ප්‍රජනන සෞඛ්‍යය අධ්‍යාපනය නිවැරදිව සිදු වන්නේ නැත​. එවැනි විෂයක් නව යොවුන් වියේ දරුවන්ට ඉගැන්වීමට දැණුමක් මෙන්ම ඒ සඳහා කුසලතා පූර්ණ පෞරුෂයක් ඇති ගුරුවර ගුරුවරියන් හිඟය​. බොහෝ ගුරුවර ගුරුවරියන් ලිංගික අධ්‍යාපන පාඩම ළමුන්ටම කියවා ගන්නට කියති , නැතහොත් උඩින් පල්ලෙන් පන්තිය ඉදිරියේ ඇඹරි ඇඹරී කරති. මේ නිසා නව යොවුන් වියේ ගැබ් ගැනීම් , පූතික ගබ්සා අපගේ සමාජයේ බොහෝ සිදුවන අතර ඒවා සුදු පිරුවට මගින් වසා දැමීම විනා නිසි ප්‍රතිකර්ම කිරීමක් නම් සිදු නොකරති.(උපුටා ගන්නාලදි..ට්‍රාන්සල්වෙනියා)

ඉතින් අපගේ අද්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයැයි මට හැගේ.....වෙනස් කරන්නේ කෙසේදැයි නිනව්වක් නොමැත.






22 comments:

  1. මොක උනත් තඩියෝ උබ කරල තියෙන්නෙ සමාජ සත්කාරයක්. ඒකෙන් කමක් නැහැ ලැහැස්ති වෙයන් හෙට උදේට FCID එකට යන්න හිටං. උබ වීඩියෝ ඉල්ලන්නෙ? මේව මහාපරිමාණ දුෂණ අක්‍රමික තා.

    👊🏽

    ReplyDelete
    Replies
    1. ඔන්න මම ලෑස්තියි.....මම ඉල්ලුවෙ නෑ ටික්කා මම මැසේජ් කරපුව තමයි කහ පාටට තියන්නෙ. අනික්වා ගෘප් එකෙ ඉන්න අනිත් උන් එවපු ඒව

      Delete
  2. වැදගත් ලිපියක් .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තට ගොඩ වුනාට

      Delete
  3. මචෝ මේ වාගේ ලිපි සමාජ ජාලවල පොස්ට් කරලා කොල්ලෝ කෙල්ලෝ අතරට යවලා උන්ව දැනුවත් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් දැනුවත් කරන එකනම් හොදයි මේ වගේ දේවල් පිලිගන්න තවමත් අපේ මිනිස්සුන්ගෙ ඔලුවවල් හුරුවෙලා නෑ.. මේක මම මුහුනු පොතේ දාපු ගමන් මාව සමාජෙන් කොන් කරනව..ලින්ගික අසහන කාරයෙක් විදිහට තමයි මන් දිහා බලන්නෙ...

      Delete
  4. බබියෝ මෙන්නෝ........
    මෙන්න මූව ඉක්කන්ට බැද ගනින්

    ReplyDelete
    Replies
    1. අපෝ බබියනම් අදම හරි බදියි..... කුලප්පු නොකර හිටු...තවම රාත්‍රිය තරුනයි

      Delete
  5. වැදගත් පෝස්ටුවක් තඩියෝ

    ReplyDelete
  6. මට මේක කියවල ඉස්කෝලෙදී ප්‍රජනනය කියල උගන්නපු පෙට්ටි පාඩමයි කරපු ගොංකං සේරමයි ආපහු මතක් උනා තඩියෝ

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි... අපිට උගන්නපු සර්,, හිර කාරයින්ගෙ ගොඩක් අයට ලින්ගාස්‍රිත රෝග තියනවයි කියුව මිනිහ විහිලුවෙන්ම කොරලත් පෙන්නුව මෙන්න මෙහෙම තමයි ඒ මිනිස්සු අහවල් එක කසන කොට කසන්නෙ කියල..... තාමත් මතකයි

      Delete
  7. මද්දටත් සෑහෙන්න ඕනි වෙලා තියෙනව ඉස්සර. මට නම් ඔය ප්‍රශ්න වලට උත්තර දුන්නෙ ගූගුල් අයියා තමයි.

    ReplyDelete
    Replies
    1. හැක් හැක් හැක් බරටම පාවිචිචි කොරල වගේ..... දැන් ඉන්න කොල්ලන්ට ඒකෙන්වත් හොයා ගන්ට බෑ නාහෙන් අඩනව

      Delete
  8. වැදගත් ලිපියක් තඩී.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ජයවේවා දුමී අයියේ !!!

      Delete
  9. ලිපියේ කරුනු කතාවක් විදියට ලියලා.. ශිල්පීය ඥානය දියුණුයි නොවැ ඔබගේ..

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම එකක් නෑ අරූ... ඔය මට ආපු මැසේජ් ඒ විදිහටම ලියල තියෙන්නෙ....ස්තූතියි මේ පැත්තට ගොඩ වුනාට

      Delete
  10. වැඩේ වැරදුන එකාව මඩවන්නෙ නැතුව ඌව ගොඩ දාන එක මාර පිනක්.

    ReplyDelete
    Replies
    1. ඔව් බහුතරයක් බලාගෙන ඉන්නෙ උගෙන් තව ආතල් එකක් ගන්න

      Delete