Friday, August 25, 2017

හේතුව

කලෙක පටන් සිත් තැවුලෙන් පසු වෙමි

හේතුව කිමදැයි තවමත් නොදනිමි

මටවත් නොදැනිම නින්දට වැටුනෙමි

හේතුව සිහිවී නින්දෙන් ඇහැරුනි

21 comments:

  1. ළමා වියත් හෙමි හෙමිහිට අයියෝ
    නිමා වෙලා තරුණයි දැන් ගොයියෝ
    පෙමා වඩන ඈ සිහිවෙද අයියෝ
    පමා නොවී වැද යැදපන් දෙයියෝ....:)

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒක හැබැයි ඒක හැබැයි......

      Delete
  2. දැන් හේතුව එහෙනම් දන්නවනේ ;-) තව දුරටත් සිත්තවුලෙන් ඉන්න එපා :D

    ReplyDelete
    Replies
    1. හේතුව දැන ගත්තම පුල් මාවලස්....

      Delete
  3. තනිකං දෝසේ බබෝ.. හැක්

    ReplyDelete
    Replies
    1. මාත් මේ බැලුවෙ එහෙම එකක් වත් ද කියල....අම්මට කියන්ඩ ඕන ඉක්මන් කොරන්ඩ කියල.......

      Delete
  4. සෑහෙන්න බොන්න වෙන කේස් එකක්.

    ReplyDelete
    Replies
    1. අන්න කරනවනම් වැඩ මොකද කියන්නෙ මද්දෝ???

      Delete
    2. මොකද බැරි කොරන්න නම් උඹ ඉන්නෙ කොයි ඉසව්වෙද?

      Delete
  5. sleeping tablet එකක් ගහල ආයිමත් නිදාගන්න

    ReplyDelete
    Replies
    1. ඒව හොයාගන්ට අමාරුයි මෙහෙ.. පිරිටන් තමයි පිහිටට ඉන්නෙ...හහහහහහා

      Delete
  6. කලවයස හරි යනකොට කසාදයක් කරගනිං. එතකොට හීනෙන් බය වෙලා ඇහැරෙනව වගේ ඇහැරෙන්නෙ නැහැ බං. 👍🏽

    ReplyDelete
    Replies
    1. සැපට නින්දයයි නේද බන් ටික්කෝ..... කසාදයක් කරගත්තත් වැඩක් නෑ බන් පවුල ගෙදර තියල තමයි මෙහෙ එන්ඩ වෙන්නෙ...එතකොට ලයිප් එකම පුල් මාවලස්.....

      Delete
  7. සිත් තැවුල් වෙන්න කාරණා කිමැයි ?

    ReplyDelete
    Replies
    1. පිටරටක තනිවෙලා ඉන්න අපිට සිත් තැවුල් වෙන්ට ඕනහැටි කරුනු කාරනා නැතැයි.. ගෙවල් පැත්ත සිහිවෙලා නොවැ.....මේ...

      Delete
  8. විප්‍රවාසයෙන් හටගන්නා සිත්තැවුල් යනු පතුලක් නැති අගාධයක් වැනිය, ඉන් මිදෙන්නට බෝතලයේ පතුල බැලීමෙන් වළකින්න !

    ReplyDelete
    Replies
    1. //විප්‍රවාසයෙන්//කන්ඩ ඔකේ තේරුම මම දන් නෑ...(ඇත්තටමයි ) කොහොම වුනත් මෙහෙ බෝතලේක පතුල බලන එකත් පට්ට අමාරු සීන් එකක්...මම ඉන්නෙත් ඔටුවො ඉන්න රටක නිසා වැඩේ තහනම්......ඒ වුනාට හොරෙන් හොරෙන් කොකාකෝල බොතල් වල ඔය කියන සැර ජාති හම්බෙන් නැතුවමත් නෙමෙයි (මම ඉන්නෙ ස්ටෝරුවක හින්ද අපිට ඉතින් ඔවයින් පගාව හම්බෙනවා).. කොහොමත් සිත් තැවුල් කියන්නෙ හරි අපබ්‍රන්සයක් තමයි..

      Delete
    2. මේ වචනය මගේ සිංහල ඩික්ෂනරියට වැටුණේ අපේ හැලප කඩේ අධිපති හැලපයියා නිසා, නැතිනම් කවමදාවත් මගේ ඔලුවටත් වැටෙන්නේ නැහැ. එහි තේරුම අකමැත්තෙන් තම රටින් පිටව සිටීම - "Exile".

      Delete
    3. ස්තූතියි කන්ඩෝ අලුත් වචනයක් තේරුමත් එක්කම පැහැදිලි කරදීම ගැන

      Delete
  9. දැන් ඉතින් වැඩේ ගොඩනේ.. හේතුව මතක් උනානේ... දුක් වෙන්‍ට කාරි නැතුවා...

    ReplyDelete
    Replies
    1. හේතුවනම් මතක් වුනා ඒ වුනාට ලයිප් එකේ තියන මාවල්ස් ගතිය දැනිල ආපහු එපා වුනා

      Delete