Thursday, August 17, 2017

අපේ පොලෝසිය


මේ කතාවත් තඩියගෙ ඉස්කෝලෙ යන කාලෙ සිද්ද වුන සීන් එකක් තඩිය කොහොමත් ඒ දවස්වල බීමට රුසියා, දැන් කියලත් වෙනසක් නෑ බොන්ඩ සෙට් වෙනවනන් කොහෙත් අවුලක් නෑ.
මීගමුවෙ ඉඳන් ඳඩුගම පාලම ලඟට එනකොට දකුනු අත පැත්තට තියනව පල්ලෙහාට පාරක් ඔන්න ඔය පාරෙ ඉස්සරහට යනකොට හම්බෙනව පරන පාලමක් දැන් නම් තියනවද දන්නෙත් නෑ.. ඔය හරියෙ තමයි සීන් එක වුනේ ඉස්සර අධිවෙගී මාර්ගය හදනකොට උසට උසේ වැලි කදු ගොඩ ගහල තිබුන මේ හරියෙ. කථා නායකයා තඩිය සහ උගේ යාලුවා සහ උගෙත් යාලුවෝ.

වෙනද වගේම එදත් පන්ති කට් කරල ඳඩුගම යන්ඩ පිටත් වුනා එදා මගෙ යාලුව මීගමු ඇවිත් තිබුනා. අපි උදේ පාන්දරම බොමු කියල කතා වුනා. යාලුව පොරගෙ තව යාලුවො කට්ටියකටත් එන්ඩ කියල කෝල් කරා. මම ආවෙ සුපර් කබ් 90 යක. ඕක පදින්ඩ ලයිසොන් නෑ. කොහොම හරි හොඳ ළමයි වගේ දඩුගම පාලම ගාවට ආව කියමුකො.ඔන්න ඉතින් ඔතන්ට වෙලා ඉන්නව අනිත් උන් ටිකත් එනකන්.
කට්ටිය ඔක්කොමල්ලම පන්ති කට් කොරල තමයි එන්නෙ.

ඉස්සර ඉතින් කට්ටිය සෙට් වෙන්ඩ ගියාම එක එකාගෙ අදහස් අහනවනෙ සෙට් වෙන්ඩ හොඳ තැනක් හොයා ගන්ඩ, අන්තිමට යෝජනා වුනේ මම කියපු අර පොට් එක. කට්ටියම දැන් ඔය  පාරෙ යනව කොල්ලො 5ස් 6ය දෙනෙක් යනකොට කියන්ඩ ඕන නැහැනෙ කටවල් වල සද්දෙ. කුනුහබ්බ ලාවට මතුරන ගමන් කට්ටිය අර කියපු දෙවෙනි පාලම ලඟට ආව. ඔතන්ට එන්ඩ අඩුම තරමෙ මීටර හත් අටසීයකට වඩා තියනව. ඔය ලඟපාත පොඩියට කැලේ වැවුන තැන් කීපයක් තියනව අපි එක කැලයක් ඇතුලට සෙට් වෙලා බිම එහෙම හරි ගස්සල ඉඳගෙන කලෙක්ශන් දාන්ඩ පටන් ගත්තා.

 පන්ති යන්ඩ දීපු ස්ල්ලි වලින් තමයි ගේම ගහන්නෙ. කොහොම හරි බෝතල් 2කයි බයිටුයි ගෙනාව කැලේ අස්සටම ගහල බයිසිකල් නැවැත්තුවා. එතකොට එකෙක් කියාපි මෙතන ගොම වගයක් තියනව වෙන තැනකට යමු කියල අපිත් අරුගෙ අම්ම මුත්ත මතක් කොර කොර වෙන පඳුරක් අස්සට ගියා පාටිය නැගල යනව සින්දු කෑලි එක දෙක කියනව සමහරු හඳට යනව ඔහොම ආතල් එකේ ඉන්න කොට තඩියගෙ යාලුව කියනව
''අඩෝ පොලිස් බයික් එකක සද්දෙ ඇහෙනව බන්"

"පලයන් බන් යන්ඩ ඔය කැ*යො කොහෙද බන් මෙහෙ"

හඳට ගිය එකා

"කැ* වැඩ කරන්ඩ එපා යකූ ආතල් කඩන්නෙ"

දැන් නම් තඩියටත් ටිකක් සද්දෙ ඇහෙනවා

"ඒයි හු*තෝ කෑගහන්ඩ එපා පොඩ්ඩක් හිටහන්"

තවත් පදම් වුන එකෙක්

"හිටපන් මම බලන්ඩ"

"දුවපන් යකෝ පොලීසියෙන් එනවා පලයව්"

බරාස්ස්ස්ස් ගාල ජීඑන් 125 එකක් නැවැත්තුව.. ටී56 එකක් ගත්තු පොලිස් කාරයෙක් අපි උන්නු පදුරට පැන්න

"දුවන්ඩ එපා එකෙක් වත්" කියන කොටම සමහර උන් පදුරෙන් පැනල දිවුවා...

"දිවුවොත් වෙඩි තියනව හුත්**ගෙ පුතාල ඔක්කොටම නැවතියන් පර බල්ලො"
ඒ සද්දෙට දුවපු උන් නැවතුනා

"වරෙවි මෙහාට ඔක්කොමල"
"තොපි කොහෙ උන් ද? තොපෙ ගෙවල් කොහෙද?"

"සර් මම දඩුගම එහාපාරෙ අඹගහ මුල්ල පාරෙ"

"තමුසෙ කොහෙද?"

"මීගමුවෙ සර්"

ඔහොම අනිත් කට්ටියගෙනුත් විස්තර ඇහුවා

"මොනාද තොපි මෙතන කරන්නෙ?"

"සර් පොඩි පාටියක් දැම්ම"

"තමුසෙගෙ වයස කීයද 18 පැනල ද?"

"නෑ සර් තවම ඉස්කොලෙ යනව"

"තොපි තවම ඉස්කොලෙ යන උන් ද?"

"මොනාද බොන්නෙ?

"සර් වයිට් රම් බෝතලයක්

(දුවන්ඩ සෙට් වෙන කොටම එකෙක් අනිත් බෝතලේ විසික් කරා)

"දානව ඕක අර බයිසිකලේට, මොනාද කන්ඩ තියෙන්නෙ

"රයිස් එකයි කොත්තුවයි සර්

"දානව ඕකත් ඒකටම

"ගන්නව තමුසෙලගෙ අයිඩෙන්ටි

ඔක්කොමල්ලගෙම අයිඩෙන්ටි එකතු කරගෙන ඉවර වෙද්දි අපේ එක එකා වැඩේ ශේප් කර ගන්ඩ කුරු කුරු ගාන්ඩ පටන් ගත්තා

"හරි උබලව යවනව, පොලීසියට ඇවිත් මේව අරන් පලයල්ල දැන් පෝලිමට වරෙල්ල එකෙක් කෑගහුවොත් ඔක්කොමල්ලවම දානව කූඩුවට පාරට ඇවිල්ල බස් එකෙ පොලීසියට වරෙල්ල.'

ඔහොම කියල පොලිස් කාරය ගියා

කොහොම හරි පොලීසියට අපේ බයිසිකල් අහු වුන් නෑ. කට්ටියම දැන් මොකෝ කරන්නෙ කියල කොහොම හරි බයිසිකල් වලම පාරට ආව බැරි වෙලාවත් පොලිස්කාරයො 2න මග ඉන්නවද දන්නෑ කියල.  බයිසිකල් මග ගෙදරකට දාල කට්ටියම බස් එකේ පොලීසියට ගියා. පැයක් විතර එතන්ට වෙලා රස්තියාදු වුනා ඊට පස්සෙ පොලෝසියෙ ඔ අයි සී මහත්තය ආව

" මොකද මේ කොල්ලො ටිකක් එලියෙ ඉන්නෙ"

"සර් 119  කෝල් එකක් ආව අර ඊයෙ මිනියක් එල්ලලා තිබුන පාලම පැත්තට කවුද කොල්ලො වගයක් යනව අදත් රන්ඩුවක් ද දන් නෑ කියල බලපුවම මුන් ටික එතන බොනවා."

කට්ටියව ලොක්ක ගාවට අඩගැහුව එක එකාගෙන් විස්තර අහල අනාගතේ කවුරු වෙන්ඩද බලාපොරොත්තුව කියල අහපුවම ඔක්කොමල්ලම පොලීසියටයි ආර්මි එකටයි යන්ඩ තමයි කියල කියුව ලොක්ක තඩියගෙ පැත්තට හැරිල තමුසෙත් පොලීසියට එනවද කියල හිනාවෙවී ඇහුව මම ගත් කටටම

"නෑ සර් මම දෙශපාලුවෙක් වෙනව" කියුව
කට්ටියටම හිනා...

හ්ම් හ්ම් හ්ම් තමුසෙල දැන් බීලත්නෙ ඉන්නෙ නිකන් යවන්ඩත් බෑ පොඩි උදව්වක් කරනවලකො එහෙනම්

අපෙ හිටපු බක පන්ඩිතයෙක් "කියන්ඩ සර් අපි ඕන එකක් කරල දෙන්නම්"

හා පී සී අර ජීප් එක තල්ලුවක් දාල බලනවකො මේ කට්ටිය ලව්වා

"එහෙනම් කට්ටියම හෙල්ප් එකක් දෙන්ඩකො"

                                                    මේ ජාතියෙ එකක් තමයි තල්ලු කරේ



ඔන්න අපිත් ඉතින් අපෝ ඕක මොකක්ද කියල ආව
පරන ජීප් කට්ටක් තියනවා කට්ටිය පටන් ගත්තා පොලීසියෙ ඉස්සරහ ඉඳන් පස්සට අපහු පස්සෙ ඉඳන් ඉස්සරහට කට්ටිය වෙරි හිදෙනකන් ඕ අයි සී ගෙ අම්මල තාත්තලගෙ ඉඳන් හත්මුතු පරම් පරාවම මතක් කර කර තල්ලු කරා අන්තිමට කට්ටියට බලු හැති.... අන්තිම වෙනකොට පී සී ගියර් එකට ගහන්නෙත් නෑ  අපිත් ඇවිදින ගානට ඕක තල්ලු කරගෙන යනව ඔහොම පැයකටත් වැඩිය අපිව මැඩෙව්වා
අන්තිමට පොරටම ඇතිවෙලා තිබුන තැනටම ඕක දාල අපිට අයිඩෙන්ටි ටිකත් දීල යන්ඩ කියුව..





"යකෝ මුන් අපේ බෝතලෙයි බයිටුයි ගත්තටත් මදිව අපිව මැරෙව්වනෙ යකෝ අර අපිව අල්ලන්ඩ ආපු ප*ය අතන්ට වෙලා හිනාවෙනව බන්"

ඒ තඩියගෙ යාලුවාගෙනි

අපිත් ඉතින් පෙරලුන පිට හොදයි කියල අපහු පොට් එකට ගෙහින් විසික් කරපු බෝතලෙත් හොයාගෙන මදි පාඩු බඩුත් අරගෙන තඩියගෙ යාලුවගෙ ගෙදරම ගෙහින් බොන්ඩ පටන් ගත්තා...

එදායින් පස්සෙ කවදාවත් ඒ පාලම ගාව බොන්ඩ ගියෙ නෑ.. බියුවත් තවත් ඇතුලට ගෙහින් හයිවේ එකේ වැලි කන්දක් උඩට නැගල වටේම පේන තැනක ඉඳන් තමයි බීවෙ.......

8 comments:

  1. නියමයි , ඔයින් ගියා මදැයි ,

    ReplyDelete
    Replies
    1. ඔව් මුන් අපේ ගෙවල් වලින් ගෙනන්ඩත් ගියා වැඳල වැඳල ශේප් කර ගත්තේ

      Delete
  2. Replies
    1. ඔන්න බලන්ඩ අපිට හොඳවැඩේ ලූ........ අපි සැලෙන් නෑ... ආපහු බිව්වා

      Delete
  3. වෙලාවට දෙවෙනි කොටසක් ලියන්න නැතිවෙන්න පලවෙනි කොටසින්ම බේරිලා තියෙන්නෙ.

    🥃🔨..

    👊🏽

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා දෙවෙනි කොටසක් තිබුන නම් කූඩුවේ හිටපු හැටි පරිවාසෙට යවපු හැටි ඔක්කොම ලියන්ඩ තිබුනා........ ස්තුතියි මේ පැත්තට ආවට.....

      Delete
  4. දුවන්න පටන් ගත්තු ගමන් කැලේ කඩාගෙන දුවනවා මිසක් කව්ද බං සක්කරයා කිව්වත් නවතින්නෙ ? අයියෝ අර බෝතලේට දුන්නු සල්ලි !

    ReplyDelete
    Replies
    1. අනිවා ඔය වෙලාවට මුකුත් මතක නෑ... මට දුවන්ඩ බැරි හින්ද මම හිටියා...හි හි හි

      Delete