දැඩි තර්ජන මැද්දෙ තමයි මේකනම් ලියුවෙ. යුද්දෙකට නොගිය ටික විතරයි.. කොහොම වුනත් මේ කතාමාලවට මද විරාමයක් දෙන එක ඇගට ගුනයි...
පලවෙනි එක ලප් තැන ලොප් වුනාට පස්සෙ තඩිය බැස්ස දෙවෙනි එකට මේක පටන් ගත්තෙ අමතර පන්තියකින් තඩිය ඒ කාලෙත් හරි ප්‍රසිද්ද චරිතෙ වෙන මොනවත් හින්ද නෙමෙයි මෝටසයිකලෙ හින්ද තඩිය පන්ති යන්නෙත් ඉස්කොලෙ යන්නෙත් ඔකෙන් තමයි. ඔය කාලෙ මට රියදුරු බලපත්‍ර නැති නිසා ගෙදරින් තඩියට මදුරුවෙක් අරන් දීල තිබුනෙ.(පස්සෙ ගෙදරටත් හොරෙන් මෝටසයිකල් ලයිශන් ගත්තා) ඔහෙම එක්තරා අමතර පන්තියකට සහබාගි වෙනකොට මට කෙල්ලෙක්ගෙ නොම්බරයක් හම්බුනා ඒක දුන්නෙත් තවත් කෙල්ලෙක්ම තමයි. ඉතින් ඔකට මමත් කෝල් කරල එහෙම දැන අදුරගෙන එහම වැඩේ පටන් ගත්තා.
දැන්වැඩේ නැගල යනව පලවෙනියෙන් හම්බුනා වැඩි විස්තරයක් නෑ කතාබහ කරල ආව. දෙන්නට දෙන්න තෑගි මාරු කරගන්නව ඔහොම බොහොම සුන්දර විදිහට කාලය ගෙවිල යනව කොච්චර සුන්දර විදිහට ගෙවිල ගියත් තඩියගෙ ජිවිතේ අදුරුම කාලෙ මේක කියුවත් වැරැද්දක් නෑ.කොහොම හරි ඔය සම්බන්දෙ ගෙවල් දෙකෙන්ම දැනගෙන හිටියෙ කගෙවත් විරුද්දත්වයක් තිබුනෙත් නෑ. කෙල්ලෙක් සමග බලපු පලවෙනි චිත්තර පටිය බැලුවෙත් මෙයත් එක්ක තමයි. පලමු හාදුව හම්බුනෙත් මෙයත් එක්ක තමයි. ස්ත්‍රී ශරීරෙ දිග පලල බැලුවෙත් මෙයා එක්ක තමයි. මේ කෙල්ලත් ටිකක් දුප්පත්. අපි දෙන්නම ඉතින් ඉගෙන ගන්නවනෙ. ටික කාලෙකින් මෙයාගෙ තාතගෙ රස්සාව නැති වුනා පවුලෙ අගහිගකම් ඇති වුනා මට ටික ටික ඔකත් තෙරෙන්ඩ ගත්තා. පන්ති යන එක අඩුවුනා එයාගෙ. හෙතුව හොයපුවම සල්ලි නැතිකම කියල තේරුනා. තඩියට කියල මහ ලොකුවට තිබුනෙත් නෑ. ඒ වුනාට මම එයාගෙ පන්ති කාසි ගෙවුවා. මෙහෙමයි මම ඒක කරේ.
මම කොලඹ පන්ති ගියා ඒක නැවැත්තුවා. උදේට බස් ස්ටෑන්ඩ් එකෙන් පිටිපන හරහා ජාඇල යන බස් එකට නගිනවා ඔහොම යනකොට අතරමග පමුනුගම හරියෙ තමයි මේ කියන කෙනාගෙ ගෙවල් තියන්නෙ. ඒ හරියෙන් යනකොට මට දවල්ට කන්ඩ බත් එකක් හම්බෙනවා.( මතක් වෙද්දිත් කටට කෙල උනනවා චිලී පේස්ට් එක පට්ට.)ඕකත් අරගෙන මම ජාඇල ස්ටෑන්ඩ් එකට යනව එතනින් මම ස්ටෙශන් එක ගාවට එනව එතන ඉදන් මම ඔරලොසුවෙ කටු කටු ගනිනව 9 වෙනකන්. 9ට තමයි පුස්තකාලෙ අරින්නෙ ඒක තියන්නෙ ස්ටේශමට ඉස්සරහමයි. පුස්තකාලෙ ඇරපු ගමන් මම ඔකට යනව ගිහින් අනිත් උන්ගෙන් ඉල්ල ගත්තු ටියුට් ටිකයි ඉස්කෝලෙ පොතුයි පෙරලගෙන පාඩම් කරනව. (ගෙදරින් හිතන්නෙ මම කොලඹ ගිහින් කියලා ) මම පන්ති ගියෙ නෑ ඔහොම තමයි මම එයාගෙ පන්ති කාසි ගෙවුවෙ.
12 විතර වෙද්දි මගෙ යාලුවෙක් මාව ගන්ඩ එනවා දඩුගම කොල්ලෙක්. ඒකගෙ ගෙදර ගිහින් පොඩි අඩියකුත් ගහල කෑම එහෙමත් කාල නිවාසිපුර පැත්තෙ රවුමකුත් ගහල රෑ වෙලා ගෙදර යනවා. අපේ ගෙදරින් තවමත් දන්නෑ ඕක. සමහර විට දැන් දැනගනි ඉතින් ඔහොම කාලය ගෙවිල ගියා.සුනාමිය ආව එයාලගෙ ගෙවල් තිබුනෙ මූද ලග මම පන්තියක හිටියෙ අපේ ගෙදරට ඇවිල්ල ක්ලාස් කරේ. සුනාමිය ගැන කියල මට කෝල් ආව මමත් පන්තිය නවතල වාහනෙ අරන් එයාලගෙ ගෙවල් පැත්තට ගියා අනිත් ඔක්කොම මිනිස්සු කදු පැත්තට යනකොට මම මූද පැත්තට ගිහින් එයාලව අරගෙන නෑදෑ ගෙදරකට ඇරලුවා. සුනාමියෙන් පස්සෙ අපේ ආදරයටත් සුනාමියක් ආවා.එයා වෙනස් වුනා. ඉස්කෝලෙ යන බස් එකේ ඩ්‍රයිවර් එක්ක යාලු වුනා, තවත් එකෙක් එක්ක යාලුවුනා, මමත් ඉතින් ගොනාසේ බලාගෙන ඉන්නව. දවසක් මට කියුව කොල්ලව හම්බෙන්න යන්න සල්ලි නෑ කියල මම සල්ලිත් දුන්න එයාගෙම යාලුවෙක්වත් ලෑස්ති කරල දුන්නා. යාලුව බෑමයි කියුව අන්තිමට තඩියො ඔයා හින්ද මම මෙකිත් එක්ක යන්නම් අපහු මට කතා කරන්ඩ එපා මේකිත් එක්ක යන්ඩ මේකි මගෙ යාලුවෙක් නෙමෙයි කියල අවසන් ගමනත් ඉවර කරා.
ආදරයේ වේදනාව හිතට තදින්ම දැනුනා මොනා කරත් තඩියව යතාතත්වෙට ගන්ඩ බැරි වුනා හොදට බිවුවා සමහර දවස් වලට ගෙදරින් ඇවිත් මාවයි බයිසිකලෙයි වාහනේ පටෝගෙන යනව ඔහොම එකී මෙකී කතා ගොඩාක් මැද්දෙ මගෙ ප්‍රථම ප්‍රේමය ඉවර වුනා.
පල්ලෙහා තියන සින්දුවත් අහගෙනම යන්නකො
මේක මෙහෙම කෙටියෙන් ලියල ඉවර කරාට මේක හෙන දිග කතාවක් ඔය අතරින් නොකී කතා එමටයි.
:O
ReplyDeleteමොකෝ කට ඇරගෙන??
Deleteහත්වලාමේ තඩියෝ..... එහෙම කලාද ඒ කෙල්ල???
ReplyDeleteඇහුවේ නැද්ද ඇයි කියලා? මොකක් හරි දැවෙන ප්‍රශ්නයක් තිබුනා වෙන්න බැරිද? දුප්පත් නම්, එයාලගෙන් කෙල්ලට සල්ලි ලැබුනා වෙන්න ඇති සම වයස් ඔයාට වඩා....
හලෝ මාව අවුල් උනා හලෝ
ඇයි කියන එකට එයාට උතරයක් තිබුන් නෑ.. අදටත් නෑ ..
Deleteදැවෙන්ඩ තරම් ප්‍රශ්නයක් තිබුනෙත් නෑ. මට වැඩිය වෙන කාගෙන්වත් එයාට සල්ලි හම්බෙන්න විදිහකුත් නෑ...
මොකද ඒ කාලෙ නොකිය එන් 70ක් තියාගෙන විඩියෝ කෝල් ගන්න හැමෝටම පුලුවන් වුන් නෑ. ඒත් අපේ තාත්තා අපි 2නට එක වගේ පෝන් 2කක් අරන් එවුවෙ එලි දක්වපු ගමන්මයි......
අවුල් ගන්න එපා ඔහොම තමයි ජීවිතේ...
එහෙනම් ඉතින් එකත් එකටම එක හිත නැතිකම වෙන්න ඇති. පහු පහු වෙනකොට කොහු කොහු වෙලාද කොහෙද... හය්යු..
Deleteසාමාන්‍යයෙන් මම නම් දන්නා හැටියට පාසල් ප්‍රේමකතා හෙන අහිංසකයි. ඒ කියන්නේ බොක්කෙන්ම තමයි ආදරේ. එකට ජීවත්වෙන්න පුලුවන්ද කියලවත් හිතන්න බැහැ. අඩුතරමේ කාලා ඇඳල ඉන්න පුළුවන් වෙයිද කියල හිතන්නෙත් අඩුවෙන්. සමහර වෙලාවට ඒවා ඒ නිසාම බිඳිලා යනවා.
එහෙම දුරදිග හිතලා වැඩි උනාමත් ඌය්යා වෙනවා... හ්ම්ම් හ්ම්ම්ම්
කොහොම හරි එකී මෙකී නොකී කතා ගොඩාක් එක්කම ප්‍රතම ප්‍රේමය හූයීය වෙලා ගියා....
Deleteakila oyaa thawamath meka mathaka thiyan innawa da? amathaka karanna oyaata ita wada hoda kenek hambei.
ReplyDeleteවැඩිය හිතන්න එපා බං , ඉන්න ඕනා අය අපි ගාව ඉදිවී , යන්න ඕනා අය යාවි
ReplyDeleteඔව් මේක දැන් පරන කතාවක්...ඒත් ලගදි දවසක මතක් වුනා ඒ නිසා ලියල තිබ්බ.......ස්තුතියි...
Deleteඔයින් ගියා මදැයි බං,බොලාව හොඳටෝම මොර කරගෙන කාල මදිවට ඒ කෙළෙහි ගුනේවත් තියල නැහැ නොවැ !
ReplyDeleteගෑනු ජාතිය
Deleteජරා ජාතිය
ගලේ ගහල
මරා දාපිය