Monday, August 7, 2017

මගේ කැලැන්ඩරේ සහ හොටු




වෙනද විදිහටම අද උදෙත් වෙරි මර ගාතෙම නැගිට්ට.  හැමදාමත් හිතා ගත්තත් අපහු බොන් නෑ කියල ඒක නිකන් හන්දියෙ නානගෙ කොත්තුව වගෙ. කනකන් රහයි පහුවෙනිදට පුක (පුක යනු කුනු හබ්බයක් නොවේ සමහර බ්ලොග් වල මොනවට පැහැදිලි කර ඇත ) අපිට හිනා වෙනව අපිටත් මොකො අපෙ නෙවෙ වගෙ ඉන්නව. බීමත් එහෙමයි බොනකන් හොදයි පහුවෙනිදට අමාරුයි. (අමාරු නැති ජාතිත් තියනවා ) මම වැඩ කරන රටේ බොන්ඩ තහනම් අහු වුනොත් ගෙදර යවනව ඉතින් වැඩ කරන තැනත් එහෙමයි මේක ඉතින් හෝටලයක් හින්ද කොහෙන් හරි ටිකක් හොයා ගන්ඩ බැරි කමකුත් නෑ. ඔහොම හොයා ගන්න එවයින් තමයි අපි අනුමත වෙන්නෙ.
කතාව පිට පැන්නනෙ. ඔය උඩින්ම දාල තියන්නෙ මගෙ 2016 අවුරුදෙ නිවාඩු ගත්තු දවස්. හැමදාම මම වැඩට ආපුවම ඒ දිනෙ කතිරයකින් කපනව සම්පූරන පාට කරල තියෙන්නෙ නිවාඩු ගත්තු දවස්. ඉතින් අපි අවුරුද්ද පටන් ගත්දිම නිවාඩු යන දවස් අපේ ලොක්කට කියන්ඩ ඕන ඒ අනුව තමයි නිවාඩු හම්බෙන්නෙ. අවුරුද්ද පටන් ගත්තු ගමන් මම නිවාඩු ගන්න දවස් පාට කරනව ඊට පස්සෙ ඉතින් ඒ දවස් එනකන් කතිර ගහ ගහ ඇගිලි ගැන ගැන සූප්පු කොර කොර අයිස් ගහ ගහ ඉන්නව.
ඒ දවස එනකන් අපි කොච්චර ආසාවෙන්ද ඉන්නෙ කියන එක දන්නෙ රටකින් තව රටකට ඇව්ල්ල කට්ටක් කන මනුස්සයෙක්ම තමයි. ඒකත් මම ඉන්න රට වගෙ දූපත් ගොඩක් විතරක් වුනාම හිතේ තියන දුක සෝකය සන්කාව අරක මේක තව තවත් මෙව්ව වෙනව. ගෙදර ඉන්නකොට උණකට බේතක් ගන්ඩවත් දොස්තර ගාවට තනියම ගියෙ නැති අපි හෙන ගැහුවත් බෙහෙතක් ගන්ඩ තනියම යන්ඩ පුරුදු වුනා.
මේ ඔක්කොම මතක් වුනේ වෙනද වගෙ අදත් වැඩට ඇවිත් කැලැන්ඩරෙ කපල ඉන්නකොට අම්ම කෝල් කරා
අම්මා : පුතේ ඔයාට දැන් කොහොමද ? ඊයෙත් හෙම්බිරිස්සාව හැදිල හුරුස් හුරුස් ගගා හිටිය ගෙහින් බෙහෙත් ටිකක් ගන්ඩකො.
මම: දැන් හොදයි අම්මෙ.. දැන් හෙම්බිරිස්සාව ඉවරයි.
අම්මා : බොරු කියන්ඩ එපා පුතේ කටහඩත් වෙනස්..
මම : අම්මෙ ඉන්ඩකො මම පස්සෙ ගන්නම් කට්ටියක් එනව
අම්ම : හා ජේසු පිහිටයි.
මම : සූස් සූස් සූස් සූස් කියල හොටු හූරන්ඩ පටන් ගත්ත
කිබුහුන් පහ හයකුත් ගියා හූරල ඉවර වෙද්දි

(අම්ම හිතන් ඉන්නෙ හැම තැනම ලන්කාවෙ වගෙ බෙහෙත් ගන්ඩ පුලුවන් තැන් මෙහෙත් තියනව කියල)

10 comments:

  1. Anna hodai digatama liyapan

    ReplyDelete
  2. රටින් පිට ඉන්න බොහෝ දෙනෙක්ගේ ජීවිතේ මේ වගේ තමයි බං :(

    ReplyDelete
    Replies
    1. ඒක නේ පිටින් බලන අයට මේක සුර පුරයක් හැබැයි ඉන්න අයට අපායක්... කවද්ද අපහු ලන්කාවට යන්නෙ කියල තමයි බලන් ඉන්නෙ

      Delete