Saturday, September 2, 2017

අන්කල් උණු වතුර තියනවද??

මේ කතාව තඩියගෙ යාලුවෙකුට වුන සීන් එකක්. මිනිහනම් කියුවෙ ඇත්තමයි කියලා සත්‍ය අසත්‍ය  කෝක වුනත් කතාව මරු.



කතා නායකයගෙ නම ඩිල්ශාන්. ඒ කාලෙ මෙයා වැඩ කරේ අයි ටී කම්පැනියක. ප්‍රයිවෙට් කම්පැනියක් නෙට්වර්ක් කරන්ඩ මෙයාට යන්ඩ වුනා බන්ඩාරවෙල පැත්තට ඕක දවස් හතරක පහක වැඩක්. ඉන්ඩ තැන් ඩිලා විසින් සොයා ගත යුතුයි. ඒ වලට සල්ලි කම්පැනියෙන් ගෙවනව . මේ සිද්දිය වෙන්නේ ඉරිදා හවස.
එදා බන්ඩාරවෙලට තරමක වැස්ස දවසක්. කම්මැලි කමෙන් කොහොම හරි වැඩ කරගෙන ගිය ඩිල්ශාන් හවස් වෙනකොට ඉවර කරන්න පුලුවන් කියල හිතපු වැඩේ ඉවර වෙනකොට රෑ 7ත් පහු වෙලා හොදටම කරුවල වැටිල. ඉතින් ගෙදර යන්ට
තිබුනු උවමනාව හින්දම බස් ස්ටෑන්ඩ් එකට පයින්ම යන්ඩ පිටත් වෙනව. ටික දුරකින් හම්බෙන පෙට්ටි කඩෙකින් ගෝල්ලිප් එකකුත් පත්තු කරගත්තු ඩිලා මඩේ හිටෝපු ඉන්න වගෙ එහෙට මෙහෙට වැනි වැනි පාර දිගෙ යනව.. බස් නැවතුමට ආවට හරිම පාලු ගතියක් ලු එතන තිබුනෙ. බස් එකක් එනකන් ඔතනට වෙලා පැයක් විතර බලන් ඉඳල බැරිම තැන ලඟ තිබුන වීල් පාර්ක් එකට ගිහින් එතනත් තියෙන්නෙ එකම එක වීල් එකයිලු. වීල් අයියත් එක්ක පොඩි කතාවකට සෙට් වෙලා බැලින්නම් අද රෑ යන්ඩ තිබුන බස් එකේ ඩ්‍රයිවර්ගෙ පවුල නැති වෙලාලු. ඉතින් අද බස් එක නෑලු. ගෝල්ලිප් ගන්ඩ පර්ස් එක ඇදපුවම ඒකෙ තිබුනෙ රුපියල් 500යි කියල මත්ක් වෙද්දි මුගෙ ඉහ මොල රත්වෙන්ඩ ගත්තලු.
"අයියෙ මට පොඩි උදව්වක් කරන්ඩ මම අහවල් කම්පැනියෙ වැඩකට ආපු ගමන් අද ගෙදර යන්ඩයි හිටියෙ මෙහෙ ගනන් අඩුවට ඉන්ඩ තැනක් තියනවද?"
"මල්ලි ගනන් අඩුවට් කියලනම් නෑ ඔන නම් තැනක් හොයල දෙන්නම්"
"එහෙම නෙමෙයි අයියෙ පොඩි කේස් එකක් තියනව මගෙ ලග සල්ලි නෑ අද ගෙදර යන්ඩනෙ හිටියෙ බස් එකට ගානට විතරයි තිබුනෙ ඒකයි.. මට හෙට උදෙම සල්ලි අරන් දෙන්ඩ පුලුවන්".
ටික වෙලාවක් කල්පනා කරපු වීල් එකේ පොර
"මල්ලි තැනක් තියනව ටිකක් දුර ඔන නම් එතනට යන්".
"කීයක් වෙයිද දන් නෑ නේද අයියෙ"?
"වැඩි ගානක් නෑ ඔන නම් හය හත්සීයක් වෙයි".
"එහෙනම් කමක් නෑ. අයියෙ මගෙ අතේ තියෙන්නෙම පන්සීයයි මම හෙට උදෙම ඔයාට සල්ලි අරන් දෙන්නම් මෙන්න මගෙ අයිඩී එක ඕනනම් තියා ගන්ඩ"
"ඕන නෑ මල්ලි නගින්ඩකො"
"රෑට කාල එහෙමද මල්ලි"...
"නෑ නෙ. සල්ලි මදිවුන හින්ද කෑවෙ නෑ"..
"එහෙනම් ඉස්සරහ කඩෙන් කොත්තුවක් අරන් යන්"..
කොත්තුව දානකන් දෙන්න එක පොඩි කයියක් ගහගෙන දුරකතන නොම්බර එහෙම මාරු කරගෙන දුමක් දාගෙන එහෙම ආපහු යන්ඩ පිටත් වුනාලු..
කන්දක් වටේට යනව වගෙයනවලු. ඔහොම විනාඩි 45කට විතර පස්සෙ ලොකු ගේට්ටුවකින් වත්තක් ඇතුලට ආවලු. 


"ශා මේක පරන වලව්වක් නෙද"?
"ඔව් ඔව්"
ඉස්තෝප්පුව යට නවත්තපු වීල් එකෙන් බැහපු දෙන්න ඉස්සරහ හිටිය වයස අන්කල් කෙනෙක්ගෙන්
"අන්කල් කාමර තියනවද"?
"කීදෙනෙකුටද මහත්තයො"?
"එක්කෙනයි අන්කල්"
"හා කාමරයක් දෙන්නම්"..
"මල්ලි එහෙනම් වැඩේ හරි නෙ. මම උදෙ 8ට එන්නම් ගන්ඩ".
"හරි හරි අනේ ලොකු උදව්වක් අයියෙ ඔයා කරෙ".
"හරි හරි ඔක මොකක්ද එහෙනම් අපි ගියා"
ඔය අතර අවුරුදු පහලවක විස්සක විතර කොලුගැටයෙකුත් ඔතනට ආවලු පොර බෑග් එහෙම උස්සගෙන කාමරයක් ගාවට ගියාලු
"ඔන්න මහත්තයො මෙක තමයි කාමරෙ"
"අන්කල් උනු වතුර එහෙම තියනව නේද"??
"අනේ මහත්තයො උනු වතුර නම් නෑ"..
"අපෝ අන්කල් මේ සීතලෙ ඇගවත් හොදගන්ඩ විදිහක් නෑ නෙ උදේ ඉදන් වැඩ කරල දාඩිය දාල හිටියෙ"....
ටිකක් වෙලා කල්පනා කරපු අන්කල්
"තව කාමරයක් නම් තියනව පොඩ්ඩක් ඉන්ඩකො මහත්තයා"...
"ලමයා අර කොනේ කාමරේ සුද්ද කරල ගන්ඩකො"..
ඩිලාත් කොල්ලගෙ පස්සෙන් ගිහින් කාමරෙ අරිද්දිම මාර පුස් ගඳක් ඇවිත් මුලු කාමරෙ පුරාම දූවිලි ලු. කොහොම හරි පැය බාගයක් විතර යද්දි ඔක සුද්ද කරල දීල
මිනිහත් ඇතුලට ගිහින් .... ඇතුල් වෙද්දිම ඉස්සරහ ඇඳ ඊට එහා පැත්තෙන් ලොකු ජනෙලය...ඕක සම්පූරනයෙන් ඇරල ඒකෙන් එලිය බලපුවම රබර් ගස් වවපු ලොකු වත්ත.. ඉතින් මේකත් නාගන්ඩ කියල යන්ඩ ලෑස්ති වෙලා අර ජනේල වල ලොක් එහෙම දැම්මලු. මේ එක ජනේලෙක ඩෝර් බෝල්ට් (සි0හල නම අමතකයි )
                                             ඩෝර් බෝල්ට්

තුන ගානෙ තිබිල මේකත් ඉතින් වැඩි ආරක්සාවට කියල ඔක්කොම ලොක් දාල නාන්ඩ ගියාලු, ඇවිල්ල අර ගෙනාපු කොත්තුවත් කාල පොඩ්ඩක් එලිය බැස්සලු දුමක් දාන්ඩ කියල.. එතකොට මිනිහට තෙරුනාලු මෙක හරි පාලු තැනක් නෙ කියල කෝකටත් කියල වලව්ව ඇතුලෙ පොඩ්ඩක් ඇවිදිමු කියල පටන් ගත්තලු හිතුවටත් වඩා මේක විසාලයි ලු කාමර ගොඩක් පහු කරගෙන මැද මිදුලකට ආවලු ඔතනත් වටයක් දෙකක් කැරකුනු මිනිහට අපු පාරත් හොයාගන්ඩ බැහැලු ඔහොම ඇවිදින කොට කුස්සියකට ආවලු දූවිලි පිරිල මකුනු දැල් වලින් වහගත්තු කුස්සියක්ඕකෙන් පස්සෙ පොඩ්ඩක් හිත ගැස්සුන ඩිලා අර කොලුවට කතා කරන්ඩ ගත්තලු
"මල්ලී මල්ලී"....
උත්තරයක් නැහැලු
තවත් ටිකක් හයියෙන් "මල්ලී...... මල්ලී".....
"කවුරුත් නැත්ද?..... මල්ලී"..... ඔහොම කෑ ගහගහ ලගම තිබුන කොරිඩෝව දිගේ ඉස්සරහට හයියෙන් ඇවිදගෙන ආවලු.
"අන්ක....ල්    මල්...ලී...."
එතකොටම පිටිපස්සෙන් අඩි සද්දයක් ඇහුනලු
"ඇයි මහත්තය.. හදිස්සියක් ද??" ඒ අර පොඩි එකාලු
"කොහෙද අයිසෙ ගියෙ.. මම මෙච්චර හයියෙන් කෑ ගහද්දිත් ඇහුන් නැද්ද"..
"අනෙ නෑ නෙ මහත්තය දැන් තමයි ඇහුනෙ මහත්තය මොකෝ මේ පැත්තෙ මාව හොයන්ඩ ආවද"??
"නෑ මම මේ කාල ඉවර වෙලා පොඩ්ඩක් ඇවිදින්ඩ කියල ආව අපු පාර හොයාගන්ඩ බැරි වුනා නෙ බන්" පොඩ්ඩක් අර කොලුවත් එක්ක කුලුපගු වෙනගමන්  "මල්ලි සිකරට් එකක් ගහමුද?"
"හා මහත්තය"...
ඔහොම ඉතින් දෙන්නත් එක්ක දුමක් එහෙම දාල කයියක් එහෙම දාල බැලින්නම් ඒ කොල්ලත් වෙන්නප්පුව පැත්තෙ ඩයල් එකක් ලු.. ඉතින් ටෙලිපෝන් නොම්බරෙ එහෙමත් ඉල්ලගෙන නිදා ගන්ඩ කියල ගියාලු

මේ කාමරෙ දොර පලු දෙකට අරින දොරක් එහා මෙහා පේන් නැති වීදුරු දාල තියෙන්නෙ ඔක හින්ද කාමරෙ ඇතුලට හොදට එලිය එනවලු.. ඉතින් ලයිට් එකත් නිමල ඇඳට ගියාලු.. ටික වෙලාවකින් නිදි දෙව්ලිය ඩිලාව වැලඳගෙන උම්ම එකක් දෙන අතරෙ එක පාරට ටික් කියල සද්දයක් එක්ක එලියෙ දාල තිබුන ලයිට් එක කවුරුහරි නිමුවලු... නින්දයාගෙන ආපු හින්ද ඔක ගැන එච්චර හිතන් නැතුවම අනිත් පැත්ත හැරිල නිදා ගත්තලු..
ඉතින් ඔහොම සැපට නිදාගෙන ඉන්න ගමන් මෙයාට හිමින් සද්දයක් ඇහෙනවලු
"ක්‍රී...ස්   ක්‍රී...ස්  ක්‍රී...ස්"
නින්දෙන්ම ඕකට ඇහුන්කන් දීපු ඩිලා කල්පනා කරන්ඩ ගත්තලු මේ මොකක්ද කියල
"ක්‍රී...ස්   ක්‍රී...ස්  ක්‍රී...ස් ක්‍රී...ස්  ක්‍රී...ස්   ටක්" කියල සද්දෙකුත් එක්ක එක පාරම අර ජනේලෙ එක ලොක් එකක් ඇරුනලු... පොඩ්ඩක් අප්සට් ගහපු ඩිලා ආපහු ටිකක වෙලා හුස්ම අල්ලන් හිටියලු අපහු සද්දෙ ඇහෙනවද කියල
"ක්‍රී...ස්   ක්‍රී...ස්  ක්‍රී...ස් ක්‍රී...ස්  ක්‍රී...ස්   ටක්"
ඔහොම දෙවෙනි එකත් ඇරුනලු දැන්නම් වැඩෙ අප්සට් බව හොදටම තේරුන ඩිලා අර කොල්ලට කෝල් එකක් ගන්ඩ රෙද්ද යටින් අත විතරක් එලියට දාල පෝන් එක ගත්තලු.
පෝන් එක රින්ස් යන අතරෙ තුන් වෙනි ලොක් එකත් අරින සද්දෙ ඇහෙනවලු.
"වරෙන් යකො මගෙ කාමරෙ දොර ගාවට ඉක්මනට"
ක්‍රී....ස් ක්‍රී...ස් ක්‍රී....ස් ක්‍රී...ස් ඔහොම තුන් වෙනි ලොක් එක ඇරෙන්ඩ ඕන් මේන් තියල අර කොල්ල දොර ගාවට ආවලු
"ක්‍රී...ස් ක්‍රී...ස් ටොක්" ගානකොටම ඇදෙන් බිමට පැන්න ඩිලා දොරත් ඇරගෙන අර කොල්ලගෙ බෙල්ලෙන් අල්ල ගත්තලු
"මොකක්ද පකෝ මට මේ දීපු කාමරේ.."
"මේ හු*තෙ හොල්මන් නෙ ප*..."
"අනේ සර් ගහන්ඩ එපා සෑර්"...
ඔය අස්සෙ අන්කලුත් එතන්ට ආවලු
බයවෙලා හිටපු ඩිලා අන්කල්ටත් දෙහි කපල.... කොහොම හරි අන්කල් කෝපි එකක් එහෙම හදල දීල ඩිලාව කූල් ඩවුන් කරගෙන ( කෝපි කියුවට මූ බීල තියෙන්නෙ ගල් අරක්කු ) ඉතින් ටිකක් කතා කර කර ඉන්න කොට අන්කල් විස්තරෙ කියන්ඩ පටන් ගත්තලු..
"මහත්තය මීට අවුරුදු දහයකට විතර කලින් මේක ලොකු බන්ගලාවක් වගෙම හොද හෝටලයක්. අර එහා පැත්තෙ තමයි මේකෙ අයිති අය හිටියෙ. එයාලත් දැන් වෙනම ඉන්නෙ මමයි මෙ කොල්ලයි විතරයි මෙහෙ ඉන්නෙ."
"ඉතින් කියනවකො අන්කල් මොකාද අර කාමරෙ ජනෙල් ඇරියෙ."
"මහත්තය මේක ඉස්සර හොද ප්‍රසිද්ද හොටලයක් දවසක් නෝනෙකුයි මහත්ත්යෙකුයි  රෑ ජාමෙ ආව කාමරයක් හොයාගෙන අපිත් ඉතින් ඔය කාමරෙ තමයි එයාලට දුන්නෙ.. ඉතින් මෙයාල රෑට පොඩ්ඩක් සප්පායම් වෙවී ඉන්නකොට මහත්තයගෙ යාලුවො දෙන්නෙකුත් ආව ඔහොම ඉතින් කට්ටියම හිටිය ටිහකින් ඔක්කොමල්ලම ඔය කාමරෙට රින්ගුව ඔව ඉතින් අපිට අලුත් දේවල් නෙමෙ හින්ද අපිත් ගනන් ගත්තෙ නෑ අපිත් වැඩ ඉවර කරල නිදා ගත්තා කොහොම හරි වාහනයක් යන සද්දෙට තමයි අපි ආපහු නැගිට්ටෙ අපිත් ඉතින් වටෙ කැරිකිලා බැලුව කාමරෙ එහෙමත් වහල ඉතින් ආපහු අපිත් නිදා ගත්තා... පහුවෙනිද බැලින්නම් අර අපු ගෑනු කෙනාව දූශනය කරල මරල දාල අර මහත්තයත් නෑ මිනිහ පැනල ගිහින්"..
"ඉතින්"??
"ඉතින් කොහොමින් හරි ඔය වැඩ ටික අහවර කරගත්ත අපිත් පොලෝසි නොගිය ටික විතරයි පොලෝසියට අපිවත් සැකයි.."
"ඉතින් හොල්මන කවුද"?
"වෙන කවුරුත් නෙමෙයි අර ගෑනු කෙනා තමයි .. මැරුන දවසෙ ඉදන් හරියට මාස තුනයි මේක නිදහසෙ කරගන්ඩ හම්බුනෙ ඔය කාමරෙ ඉන්න අයට එක එක ඇබැද්දි වෙනව.. දොරවල් ඇරෙනව ජනෙල් ඇරෙනව ඇදෙන් බිමට දානව  ඉතින් ඔකට මොනා කරත් හරි ගියෙ නෑ පස්සෙ ගමේත් ආරන්චි වුනා හොල්මන් කතාව ටිකෙන් ටික මේක අබාවෙටම ගියා අපි ඔය කාමරෙ වහලම තිබ්බෙ"..
"ඉතින් මොන මගුලටද මට ඕක දුන්නෙ??"

"මහත්තයට උනුවතුර ඕනමයි කියපු හින්ද තමයි දුන්නෙ".
"මීට මාස හතරකට කලින් කට්ටියක් දවල් වරුවෙ ඇවිත් ඔකෙ හිටිය පුරස්නයක් වුන් නෑ"....
කොහොම හරි ඔහොම කතාවෙන් කතාවෙන් උදේ වෙනකන් හිටපු ඩිලා දන්නෙම නැතුව පුටුව උඩම නිදා ගත්තලු.. උදෙ වීල් එක අවම මිනිහටත් විස්තරෙ කියල අඩුවට ඉන්ඩ තැනක් හොයපු නිසා මෙතන්ට ගෙනාවලු. කොහොමහරි ගනුදෙනුත් ඔක්කොම බේරල මිනිහ ගෙදර ඇවිත්.. අදටත් ඉතින් බොනකොට එහෙම බන්ඩාරවෙල යන්ද කියල ඇහුවම එක පයින්ම යමු කියනව.... එක අතකට මිනිහට ඔහොම වුන එකත් හොදයි මොකද මිනිහ දවසක් තඩියවත් හොල්මන් කාමරේකට යැවුවා.... ඒකෙ විස්තර පස්සට..


(දැන් මේක කියෝල අකුරක් හරි කොටල යනවනම් "යැපිලට ශතුටුයි". කොටන් නැති එකාව "හොල්මන්ම බලාගත්තාවෙ")

33 comments:

  1. Amooo mata wada hodata meka liyala nee

    ReplyDelete
    Replies
    1. දැවෙන පස්නයක් තියනව මම අමතන්නම්

      Delete
  2. මරුනේ,මම නම් මාර ආසයි හොල්මන් බංගලාවලට

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් වෙලාවක යමු බන්ගලාවට

      Delete
  3. මදැයි අඩුවට තැනක් ගත්තා...
    හොල්මන් කිව්ව හින්දාම කමෙන්ට් දමා යමි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දැම්මෙ නැත්තන් බලන්ට තිබුන අද රෑට ...... ජනේලෙ කොකු පන්නනකොට ...

      ජය වේවා!!!

      Delete
    2. තාම ජනෙල් දමා නැතෝ....:)

      Delete
    3. එහෙමැයි...උඩ බලාන ඉන්න කොට වහලෙන් මතුවෙයි

      Delete
  4. mcn meka athe k athawak its siddiyate sambanda dila me oka kiyala thiyanawa mate.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔකට බොනකොට තමයි ඔව මතක් වෙන්නෙ

      Delete
  5. අම්මෝ කමෙන්ට් නොකරන අයව හොල්මන් බලාගත්තාවේ කියල තියෙන නිසාමයි මේ කමෙන්ට් එක ඕන්...

    ReplyDelete
    Replies
    1. හහ් කොමෙන්ට් දැම්මෙ නැත්නම් අද රෑට බලන්ට තිබ්බා

      Delete
  6. අපි නන් එකෙන්ම හොල්මන් වලට බයයි තඩියෝ... මේං කමෙන්ට් එකක් දැම්මෝ...

    ReplyDelete
    Replies
    1. ආ එහෙනම් හොල්මන් එන එකක් නෑ

      Delete
  7. මල හත්තිලව්වයි, මාත් මේ හොල්මන් වෙලා ඉන්නෙ!

    ReplyDelete
  8. අපිව බයකන්න එන මේ තඩියා කොහෙන් පාත්වෙච්ච, කොහේ ඉන්න එකෙක්ද ?

    මේකා චීස් බගර් පොරක්ද නැතිනම් බිෆ් බගර් පොරක්ද

    ReplyDelete
  9. තෝ හොල්මනක්ම කාපිය බර්ගර් පෙරේත තඩිය..!! 😡..

    මම මේ ගෙදර ඇවිත් ෂොට් වොෂ් දාල ෂොට් එකක් දාල ෂපාන් එකේ ඇඳට ඇවිත් ඔළුවත් එක්ක ඩුවට් එක පොරවන් උබේ මේ පොස්ට් එක කියෙව්වෙ. මගක් යනකොට වැස්සට හුළඟට ගස් එහෙ මෙහෙ වෙන චයාව බිත්තියෙ හොල්මන් කරනව.. අමුතු සීතලකුත් එක්ක මොකක්ද මන්ද භූත ගතියක්. අහල පහල ෆ්ලැට් ඔක්කොම හිස්. මිනිස්සු හොලිඩේ ගිහිං. ඒ අස්සෙ තෝ මේ මගුළක් කියවනව.

    වෙලාවත් නිකමට බැලුව. හරියටම රෑ 12 කියහන්කො.

    සිරාවටම බය හිතුන බං 😳 👻 👹

    තව ෂොට් එකක් දාගෙන බුදිය ගන්ට ඕනි..!!
    🥃🔨

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට ටික්කා කොමෙන්ට් එකක් දැම්මෙ නැත්තන් බලන්ට තිබුනා...ජනේලෙ කොක්ක පනිද්දි..... හිමීට ඇදෙන් බිමට ඇදල දාද්දී...වෙරි හිදෙනව

      Delete
  10. මම තාම දැකල නැති හින්දා හොල්මන් වාට බය නැහැ. කොමෙන්ට් ඔක්කොම හොල්මන බලලා , නොදාපු උන්ගේ ලිස්ට් එක දුන්නද?

    ReplyDelete
    Replies
    1. ඉන්ඩකො මම හොල්මනක් ඔය පැත්තට එවන්න.. ඔන්න අද රෑට ජනේලෙ දිහා බලන්ඩකො නිකන් සුදුමැලි වුන වගේ මූනක් පෙනෙයි...අමුතු සීතලක් දැනෙයි....ලයිට් ඩිම් වෙයි.....ලීයක් ඇතිල්ලෙන වගේ සද්දයක් ඇහෙයි.....එතකොට බඩුම තමා...... කොමෙන්ට් නොදාපු අයගෙ ලිස්ට් එක හැදුවා... හොල්මනට මේල් එකක් දැම්මා ... හෙට අනිද්දා නිසි පියවර ගන්නව කියල රිප්ලයි කරල තිබුනා

      Delete
    2. බය හිතෙන්නේ නැහැ හලෝ. :-D

      ඒ උනාට ඉන්ටරෙස්ටින් කතාව

      Delete
    3. ඒ වුනාට කොහොම හරි බය වෙන්ඩයි කියුවෙ හා ද.....

      Delete
  11. මම හොල්මනක්. ඒකයි මේ ඇනෝ එන්නෙ.

    ReplyDelete
    Replies
    1. හනී සෝයි...වෙල්කම් හොල්මන්

      Delete
  12. ඔතනට මාවත් එක්කන් පලයන්

    ReplyDelete
  13. මද්ද නම් එකෙන්ම කැමති නැත.

    ReplyDelete
    Replies
    1. මොනාටද මද්දො එකෙන්ම කැමති නැත්තෙ.?

      Delete
    2. හොල්මන් කතාවලට.

      Delete
  14. කොහෙද මේ තැන?

    ReplyDelete
  15. අම්මෝ බය උනා සිරාවටම 😥

    ReplyDelete