Wednesday, February 14, 2018

තඩියා සහ කට්ට

තඩියා ඉතින් කෑම කනකොට ඉවක් බවක් නෑ නේ. ඉතින් ඔහොම ලන්කාවෙන් ගෙනාපු බැදපු මාලු වගයක් කන්ඩ ගිහින් කට්ටක් හිර කර ගත්තා නොවැ.
ඉතින් මේ රටෙන් හොයල බලපුවම සති දෙකක් විතර වේටින් ලිස්ට් එකක ඉන්ට වෙනව... ඉතින් ඔය කට්ටක් හිරකරන් ඉන්ට බැරි නිසා තඩිය ල0කාවට ආවා....
ආපු ගමන් ජාතික රෝහලට ඇතුලත් වෙලා පහුවෙනිදා උදේම තියටර් එකට දාල කට්ට ගත්තා..
යකෝ මාලු කට්ට රු. 45000 ක් විතර වුනා කියාන්කො..... හොඳ කුට්ටි මාලු කන්ඩ තිබ්බ අපරාදෙ...
දැන් මේ කට්ට ගත්තා කට්ට ගත්තා කියන එක එක දිගට කියන්ට යන්ඩ එපා බොලාට වැරදි විදිහට ඇහෙන්ඩ පුලුවන්...



22 comments:

  1. කට්ට අරං ආවනං වෙන්දේසි කොරන්ඩ තිබ්බ..... ⁣හැහ්

    ReplyDelete
  2. හයියෝ තඩියෝ.... ඉක්මන සුව පතනවා ඔන්න... කටු කනකොට පරිස්සමින් කන්න ඕනේ නෙව

    ReplyDelete
    Replies
    1. දැන් සනීපයි..... කට්ට හොරගෙඩියා වගේ හැන්ගිලා ගිහින් උගුර බදාගෙන

      Delete
  3. යකෝ 45000 ක් වටින මා‍ලු කටටක්.. ඕක ප්‍රදර්ශනේට තියන්න තියෙන්නෙ හිටං.

    ReplyDelete
    Replies
    1. ඇයි බන් ඉතින් ටිකට් එකම යූ ඇස් ඩී 225

      Delete
  4. ඔන්න ඉතිං උඹල ලංකාවේ සවුක්කිය සේවේ හොඳ නෑලු.. (හැබෑට මොකක්ද බං ඔය මාළු කට්ට ගන්න සති දෙකක් යනවා කියපු රට?)

    ReplyDelete
    Replies
    1. මාලදිවයිනේ..... ල0කාවෙ ඔක්කොම හොඳයි...උදේ පාන්දරට බොකක් දාන්ඩ යනකොට සුද්ද කරන ගෑනු කෙනෙකුට 100ක් දීල පලවෙනියෙන් සුද්ද කරගෙන තමයි යන්ඩ ඕන.... නැත්තන් යනව බොරු...... ඒක ඉතින් ඇත්තටම මිනිස්සුන්ගෙ වැරැද්ද... අනික ඉන්න ඇටෙන්ඩන් ලා නර්ස්ල හිතන්නෙ උන් දොස්තරල කියල

      Delete
  5. ඒක තමයි අපි වගේ ආනමාළු කන්න කියන්නේ? එක කටුවක් බේතකට නෑ!

    ReplyDelete
    Replies
    1. මමත් දැන් දිගටම ආනමාලු කන්ඩ පටන් ගත්තා

      Delete
  6. එකනේ කියන්නේ කටු කනකොට පරිස්සමෙන් කන්න කියලා හිටං....

    ReplyDelete
    Replies
    1. කොහෙද ඉතින් මාලු කෑල්ල දැක්කම කෙල පෙරෙනවනෙ

      Delete
  7. නිකමටවත් කියන්ඩ එහෙම එපා කීවනම් ජාතික ෙරා්හලේ වාස්ටු පිරනෙව අපේ උන් තෝව බලන්න ඇව්ත්.

    ෆයිනලි කට්ටගත්තද එතකොට?

    ReplyDelete
    Replies
    1. දවස් දෙකයි බන් හිටියේ.....මේ අර මම කිව්ව බර ගානක් වටින කට්ට..... කොල්ලො සෙට් එක නම් අමතක වෙන් නෑ බන්.....මට බය බන් බැන්දම මේ ආතල් එක ගන්ඩ බැරි වෙයිද කියල....හැක් හැක්

      Delete
  8. හප්පේ ,,,, මේ මොකෝ මේ ....

    දැන් කොහොමෙයි .... ?

    කට්ට ගත්තා කට්ට ගත්තා කට්ට ගත්තා කට්ට ගත්තා කියන්නේ නැතුව කට්ට අරන් දැම්මා කිව්වනම් අහවරයි නේ . හැක් හැක්

    ReplyDelete
    Replies
    1. දැන් හොඳයි..
      ඕන් එහෙනම් කට්ට අරන් දැම්මා

      Delete
  9. යකෝ ඒ කට්ට ප්‍රදර්ශණයකට තියපන්කො

    ReplyDelete
    Replies
    1. බෑනෙ බන් ඒක ඩොකා කැමරාව දාල කැඩුවනෙ... දැන් ඉතින් බඩේ

      Delete