Thursday, March 29, 2018

ඕ ලෙවල් ඇන්ඩ් රූම් මේට්



ඊයෙ පෙරේදා ඕ ලෙවල් රිසාල්ට් ආවලු මේ මගේ කාමරෙ ඉන්න පොරක් දුරකතනයෙන් උගෙ ගෙදරට කතා කරපු එකෙ සාරන්ශය.

පොරට අනුව දුව විභාගෙ පාස් ඒම 8 ක් ලු ඉතින් දැන් තියන ප්‍රශ්නෙ ඒ ලෙවල් වලට මොකද කරන්නෙ කියන එක.

ළමයාගෙ කැමැත්ත ආර්ට්ස් කරන්ඩ අම්ම කියන්නෙ දුව කැමතිනම් ඒක කොරන්න දෙන්න කියලා. මගෙ කාමරේ ඉන්න බුවා තාත්තා, කියන්නෙ බයෝ කරන්න කියල


හේතුව දුවල තුන් දෙනාට උගන්නල එකෙක් හරි දොස්තරෙක් කරන්ඩ ඔනලු.

ආට්ස් කරොත් රස්සවල් නෑලු පොරට කවද මෙහෙන් යන්ඩ වෙයිද දන් නෑලු බයෝ කරල දොස්තර කෙනෙක් වුනොත් මුලු පවුලම ගොඩලු.

(යකෝ එතකොට මූ බලන් ඉන්නෙ ළමයගෙන් ගොඩ යන්ඩ)

දුව කියනව බයෝ කරල එස් තුනක් තමා ගන්ඩ වෙන්නෙ කියල.
මාරාවේස වෙච්ච බුවා හත් මුතු පරම්පරාවටම එක්ක බනිනව.
'තොපිට තියෙන්නෙ ඉගෙන ගන්ඩ විතරයි තො බයෝ කරල ඒ තුනක් ගත්තෙ නැත්තන් තොට අම්මෙක් අප්පෙක් නෑ කියල හිතා ගනින් අපි දෙන්නම වහ බොනව එදාට'

කොහොම හරි ඔය කතාව රන්ඩුවකින් ඉවර වුනා.

ගත්තා තවත් එකෙක්ට කෝල් එකක්.


''අනෙ පුතේ පුලුවන් නම් අර ගෑනිව මානසික දොස්තරෙක් ගාවට එක්කන් යමන් ඔය ගෑනිට පිස්සු අර ලමයගෙ ඔලුව කනව ඒකි කැමති එකක් ඒ ලෙවල් වලට කරන්ඩ කියල මම කියන දෙයක් අහන් නෑ.''

දැන් පිස්සු කාටද ගෑනිට ද මෙහෙ ඉන්දන් කෑ ගහන එකාට ද..... මට තේරෙන් නෑ.

හොදම දේ කියන්නෙ මේකාට ළමයින්ට උපදෙස් දෙන්න මතක් වෙන්න 4ක් 5ක් ලඟ ලඟ නමා ගත්තට පසුව වීමයි.


 **දැන් මට තියන පුරස්න**

*ඇයි ළමය කැමති එක කරන්ඩ දෙන් නැත්තේ?
*මේ කෙල්ල විභාග පාස් වෙයි ද?
*මේකා වහ බොයිද?
*කෙල්ල කොල්ලෙක් එක්ක යාලු නොවීම ඉදියි ද?
(ආ එහෙම කිව්වෙ මේකා දුවගෙන් පොරොන්දුවක් ගත්තා කොල්ලො එක්ක යාලුවෙන් නෑ කියලා)

*කෙල්ලගෙ අම්මට පැන්සොන් එක හම්බෙයි ද?
*අම්මා වලව් කාරයෙක් ද?
*ගෙදර තිබුනයි කියන මැද මිදුල තාම තියනව ද?
*කවුද බන්ඩා?


එක පැත්තකින් මූ බීලා කියෙව්වට මූ කියන එකෙත් ඇත්තක් තියනවද මන්දා....මාත් යනව බන් අඩියක් ගහන්ඩ ඕවා බොන්ඩ ඕන ප්‍රස්න .        ( සමාවන්න ගෝඩා පාරක් ගහන්න )

14 comments:

  1. Replies
    1. හා ඔව් බොලා එක

      Delete
    2. thadiyo matah bonna hituna bn meka dakla/
      yako mama a/l karapu kale karap weda watala amma wha beewanm lankata wasa higyak enawa

      Delete
    3. ඔව් බන් මුන්ට පිස්සු

      Delete
  2. ඔව්වා බොන්ඩ එපා මොලේ කචල් වෙනවා ...අරකට වෙලා තියෙන්නෙත් ඒක

    ReplyDelete
    Replies
    1. එහෙනම් හරි අරුගේ මොලේ කචල් වෙලා.... ලඟදිම අට0 ඉස්පෙශල් එකක් පෝස්ට් එකකින් දාන්ඩ ඕන.... කාට හරි වැදගත් වෙයි නේ බන්

      Delete
  3. මේක කියවලා මටත් පිස්සු වගේ... පුදුම තාත්තෙක්නේ එයා...ඒ අටක්ම අරන් දීලා ඔහොමනම් කතා කරන්නේ බුදු අම්මේ හිතාගන්න බෑ සබ්ජෙක්ට් එකක් දෙකක් එහා මෙහා උනානම් එහෙම.....
    මටත් ඒ ලෙවල් වලට ගෙදරින් කිව්වෙ කොමර්ස් කරන්න කියලා . ඒත් මට ඕන උනේ සන්නස්ගල සර්ගෙ සිංහල පන්ති යන්න ඕන නිසාම ආට්ස් කරන්න.අපේ තාත්තා හිට්ලර් පාලනයක් ගෙන ගියත් ඒකට ඔය වගේ බකට් පෙරලුවේ නෑ.මම කැමති දේනේ කියලා ඉඩ දුන්නා.

    ReplyDelete
    Replies
    1. හරි සිම්පල් මේවා සමහර විට බීමේ ආදීනව වෙන්ට පුලුවන්

      Delete
  4. දෙපැත්තම හරි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මමත් බැලුවෙ දෙමව්පියො කොහොමත් කමති ළමයි හොඳ තැනකට යනවටනේ.....ඒත් තර්ජනය කොරල වහ බොනව කියල...

      Delete
  5. අපිට ආට් කරන්න කියල උපදෙස් දෙන්න මොකෙක්වත් හිටියෙ නෑනෙ. ඕකනෙ බයෝ කරල ඇනගත්තෙ. හැක්..

    ඒක නෙමේ කවුද බන්ඩා?

    ReplyDelete
    Replies
    1. කතාවෙන් තේරුනේ පොරගෙ බිරිඳ වලව් කාරයෙක් කියලයි පොර බිව්වම කියෝන ඒව ඉතින් දන් නැද්ද වටේටම බනිනව ඒ මදිවට පරන කුනු අවුස්සනවා.. බණ්ඩා යනු වැඩට හිටපු බුවෙක්... ඉතුරු ටික හිතා ගනින්කො....

      Delete
  6. පිස්සු නරියෙක් බන්....

    ReplyDelete
  7. හෙහ් හෙහ් අඩියක් ගහලා හිත එකලාසයක් කරන්ම පස්නෙ ගැන හිතපන්

    ReplyDelete