Saturday, July 21, 2018

දඩාවතේ

තඩියත් ඉතින් ඔය නිවාඩුව හිටපු ටිකේ පොඩ්ඩක් ඇවිද්දා. මේ තැන් වලට නම් කට්ටිය ගිහිල්ලත් ඇති ඒ හින්ද වැඩි විස්තර නැතුව පින්තූර ටිකක් බලමු.



මේ ඇවිල්ල ලිප්ටන් සීට් යන පාර......ඔකේ මැද ඉන්නව ටැමිල් මල්ලිලා ටිකක් උන් ලොකු වන්ගුවක් පෙන්නල යන්ඩ බෑ කියනව සැලෙන්ඩ එපා මිත්‍රවරුනි දිගටම යන්ඩ කාර් වෑන් ඕන එකකට යන්ඩ පුලුවන් රිවස් කරගන්ඩ පුලුවන් නම් බය නැතිව යන්ඩ. වැඩිම උනොත් සුට්ට දුරක් රිවස් එකක් ගහන්ඩ වෙයි එච්චරයි.
















තඩිය ඉතින් කොහොමත් පරන ඒවට කැමතියි නේ......















මේ ඇවිල්ලා ආරුක්කු නමයේ පාලම නේ. ඇත්තටම බලන්ඩ කියල දෙයකුත් නෑ කම්මැලි හින්දම බලන්ඩ ගියා.
ඔතන්ට හැරෙන පාර ලඟදි අපිට හිතෙනව අපි ආපු වාහනේ යන්ඩ පුලුවන් කියල, ඒ වුනාට එහෙම හිතන්ඩ එපා.. යන්ඩ බෑ ඔයා හිරවෙනව සුවර්. පාර අයිනෙ තියන වීල් එකක යන්ඩ අමුතුම ආතල් එකක් ගන්ඩ පුලුවන් එකෙන්, නිකන් රෝල කෝස්ටරේක යනව වගේ එකක්.....








මේ නම් නුවර එලියේ ග්‍රෙගරි ලේක් එක ගාව මොන මගුලක ගියත් බිව්වෙ නැත්තන් වැඩක් නෑ නේ..වෙලාවත් තියෙන්නේ...



මේකත් ඇවිල්ලා නුවර එලියේම අර සින්ගල් ට්‍රී හිල් ද කොහෙද. දැන් මතක නෑ කියාන්කො..... කන්ද උඩ පන්සලක් තියෙන්නේ..























ට්‍රැවල් පාට්නර් නේ.........(උපාලියා නෙමේ වෙන එකක්)



මේ ඇල්ල ඇවිල්ලා මාකෙලි ඇල්ල. මෙතන ඇල්ල පටන් ගන්න තැන නාලා දැනට 20ක් ද කොහෙද මැරිල තියනවලු බෝඩ් එකක් ගහල තියනවා උබලත් නානවනම් පරිස්සන් වෙයන්. ඇල්ල බලන්ඩ පොඩි නැරබුම් කෑල්ලක් හදල තියනව එතන්ට යන්ඩ ටහිකෙන පඩි 90ක් හරි ඔය වගේ ගානක් නගින්ඩ බහින්ඩ ඕන ඒක දැක්කම ඇල්ල එපා වෙනවා.....






29 comments:

  1. ලස්සන පින්තූර ටිකක් තඩියා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ජය වේවා දුමී අයියේ

      Delete
  2. ලාන්සර් මලයා ආයි නෑ සුපිරි... බය නැතුව ඔන තූත්තුකුඩියක යන්න පුලුවන් වන්ඩිය. උඩ පින්තූරෙ ඩෑශ්බොඩ් එක දැක්කගමන් මන් දැනගත්තා යාලුව තමයි කියල.

    ReplyDelete
    Replies
    1. ආයි ඉතින් කියල වැඩක් නෑ. ගෙදර එන ගමන් පල්ලම් ටිකක් බැස්සුවා බ්‍රේක් වලින් දුන් දාන්ඩ.

      Delete
  3. පෝසට් එකත් මාතෘකාවත් උඹ වගේම වැඩකට නැති එකක්. හැක්. ඩිංගක් පිළිවෙළකට දාහංකෝ. මිනිස්සු ලිප්ටන් සීට්, මාකෙළි ඇල්ල සර්ච් කරාම මෙව්වා බලනවා. ඒ මිනිස්සු ආයි හැරිල යන ගානට පෝස්ට් දාන්න එපා..

    ReplyDelete
  4. Replies
    1. බ්‍රා එක නම් මරු බන්...... හිහිහි එල එල

      Delete
  5. එතකොට ඔය ගමනෙදි වැඩකට ඇති දෙයක් දැක්කෙම නැද්ද

    ReplyDelete
    Replies
    1. ඇයි අර ඩෑෂ් බෝඩ් එක උඩ තිබ්බ බියර් බෝතල් දෙක..

      Delete
    2. ඇයි බන් ඔය ඩෑස් බෝඩ් එක උඩ තියෙන්නේ......හරියට බලපන්කො

      Delete
    3. මිත්‍රට තේරුනා

      Delete
  6. ඇල්ලේ පින්තුර ටිකයි පන්සලේ පින්තුර ටිකයි හරිම ලස්සනයි. නුවරඑළියේ ගියා නම් ඇයි ගෙගරි වැවට ගියේ නැද්ද??

    ReplyDelete
    Replies
    1. ගියා ගියා මොකෝ නැත්තේ ඒ පැත්ත බලගෙන තමා බිව්වේ

      Delete
  7. නුවරඑළියෙ ගිහිල්ල නොබී ඉඳල වැඩක් තියෙනවැයි. හැක්.. පට්ට ෆොටෝ කෑලි ටික.

    ReplyDelete
    Replies
    1. ඒක හරි ඒ වුනාට මට හිතේ හැටියට බොන්ඩ හම්බුන් නෑ බන්

      Delete
  8. ආඩම්බරයි කියන්න.. ග්‍රෙගරි වැව අයිනට ඇරෙන්න ඔය එක තැනකටවත් ගිහිං නෑ.. :D

    ReplyDelete
    Replies
    1. වැඩකුත් නෑ වගේ බන්. අන්තිමට අපරාදෙ පෙට්‍රල් කියල හිතෙනව. .... කීප පාරක් ගිහින් තියන හින්දද කොහෙද

      Delete
  9. අවසානයේ ෆොටෝ වලින් ගොඩ ගියා ද මන්ද ?........

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බන්....තව පොටෝ කෑලි වගයක් පවුලගෙ පොන් එකේ තියනව එව ටිකත් දාන්ඩ ඕන

      Delete
  10. නුවරඑලියෙ ගිහින් කොරෝනා දෙකක් චූූ කරන්ඩක් මදි බොල.

    කෝ කසිප්පුු බෝතලේ? පොටෝව

    ReplyDelete
    Replies
    1. මද්ද අහනව වගේ කෝ ඒක ?

      Delete
    2. බොන්ඩ හම්බුන් නෑ බන් හරියට පැනි හඳ සීන් එකට නේ ගියේ.... පවුල බොන්ඩ දුන් නෑ කියාන්කො............... අම්මො ඒක නම් මතක් කරන්ඩ එපා

      Delete
  11. මොකද බං තඩියො මේ එපා වාහෙද හොදි බෙදන්නා ව‍ගේ පොස්ට් එඅක් දාල ?

    ReplyDelete
  12. තඩිගුඩි බොස් ලියන්නෑ.....?

    ReplyDelete
  13. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
  14. උදයි දැක්කෙ උඹ ලියනවත් කියල. ආයි දිගටම එන්නං

    ReplyDelete