ඔන්න ඉතින් පරන අවුරුද්දෙ මඟ ඇරුන ඒවයෙ ඉඳන් ඔක්කොම ලියන්ඩ කියල හිට0 යන්නෙ.
රෝද දෙකේ රස්තියදුව එක්ක ගියානෙ පොඩි රවුමක්.
මම ඉතින් ගොඩ බැස්ස ගමන් මල්ලිගාව තිබුන මගේ බයිසිකලේ උස්සාගෙන ගෙදර ගෙනාව... එන්ජිමත් හදල අනික් ඔක්කොම හොදයි පිටි පස්සෙ බ්රේක් ලයිට් කවරෙ නෑ. ඒකනම් එච්චර අවුලක් නෑ..
ඉතින් ඔක පොඩ්ඩක් පදින්ඩ කියල හිතාගෙන ලයිසන් ඉන්ශුවරන්ස් හොයනකොට බඩු මිසින්.... මේකා කියාපි ඔක්කොම කොරල තියෙන්නෙ ගෙදර ඔක්කොම ඇති කියල. දවසක් දෙකක් බැලුවට වැඩේ හරියන් නෑ. ඕක ගැන රෝදදේකේ රස්තියාදුවෙ ගෘප් චැට් එකට දැම්ම. මද්ද බලල කිව්ව ඔක්තෝම්බර් වලින් ඔක්කොම ඉවර වෙලා කියල.. (බලාපන්කො මලයගෙ බොරුව ) මම ඉතින් අලුතින්ම ඔක්කොම අරගෙන බයික් එකත් හෝදල කරල පහුවෙනිද ගමන යන්ට පිටත් වුනා.
මට ඉතින් කට්ටිය අවිස්සාවෙල්ලට එනව කිවුවෙ උදේ 9ට විතර හින්ද මමත් ඉතින් 50-60 අතරෙ නිවාඩු පාඩුව ගියා යන්තන් 9 වෙද්දි අවිස්සවෙල්ලට ආව කොයි මුන් එකෙක්වත් නෑ..... කට්ටිය මග එන ගමන් මමත් ඉතින් උදේට මොනාහරි පොඩ්ඩක් බඩට දාගෙන කට්ටිය එනකන් පොඩි මනෝපාරක් ගහගෙන හිටියා.
කොහොම හරි සචින්තන මල්ලි කෝල් කරල ඉන්න තැන කියල මාවත් සෙට් කර ගත්තා.අපි කණ්ඩායම් දෙක පුවක්පිටිය පාලම ලගින් සෙට් වුනා.
කට්ටියම ගියා කුමාරි ඇල්ල ලඟ නාන්න තිබුනු නියම තැනකට.
ඔතනදි ඉතින් මට නියම සෙට් එකක් හම්බුනා ඔක්කොම බයික් හා කෑම්පින් පිස්සො.. මේ වෙනකන් හම්බුන සුපිරිම සෙට් එකක්.
වතුර ටික නම් සුපිරි. වතුර දැක්කම කට්ටියට කොහොමත් ඉන්ඩ බෑනෙ.. කට්ටිය පැනල නෑව......
 |
මද්දා හොඳට කුනු අතුල්ලපන් |
වැඩේ කියන්නෙ මුන් එකෙක්වත් බොන් නෑ නෙ... මගෙ ඇඟ නිකන් බොන්ඩ නැතුව ගැහෙනව ගැහෙනව වගේ වුනා.. පස්සෙ මම සද්ද නැතුවම ඒකට පිලියමක් යොදා ගත්තා..... (මද්දා තාමත් මේක දන් නෑ නේ... හූ හූ) අනිත් කස්ටියත් තම තමන්ගෙ, අනුන්ගෙ, වටේ ඉන්න උන්ගෙ, ලෝකවල් වල හිටියා....
සචින්තන මල්ලි ගිටාර් පාරක් ගහල ලස්සන සින්දුවකුත් කිවුවා ( කියන්ට බැරි වුනා නේ මෙතන තිබුන සුපිරිම බයික් එක තිබ්බෙත් බුවාට තමයි....හැබැයි ඊලඟ පාරනම් ඕක හදාගෙන හිටියෙ නැත්තන් උබව දාල යනව )....
පස්සෙ ඉතින් කටිටිය නාල කරල ගොඩ ආවට පස්සෙ මද්දා අපිව ලඟම ලඟ පාරකින් කන්ඩ තැනක් හොයන්ඩ යමුයි කියල එක්කන් ගියා.. කොච්චර ලඟද කියනවනම් පට්ට ලඟයි......(ටවුකන්ඩ ) කටිටිය කොහොම හරි ඔය ලෝන්ග් ශෝර්ට් කට් එකෙන් ආපහු අවිස්සවෙල්ලට ආව.
එතනින් කෑම කාල එහෙම මම ඉතින් විසිරිලා යනව කියල එලියට බහිද්දිම තවත් රෝද දෙකක් කඩාගෙන බිඳගෙන ඇවිත් නවත්තල වටපිට බලන්නෙත් නැතුව ඔහොම්ම අස්සට ගියා.. පස්සෙ ඉතින් මද්දා මට කිව්ව ඒ මලියගෙ සටහන ලියන මලිය තමයි ආවෙ කියල. මම ඉතින් ලඟට ගිහින් අතත් දීල කතා කොරා මාව හදුන්වා දුන්න ඌට ගානක් වත් නෑ.. මමත් ඉතින් ඉල්ලගෙන පචවෙන්ඩ ඕන නැති හින්ඩ ටවුකපන් කියල ආවා. අන්න කොල්ලො...
මම ඉතින් ඔතනින් එලියට බැහැල හිතේ තිබුන මානෙට වමට දාල ගියා බොලේ අවිස්සාවෙල්ලෙ හිටපු මම කුරුවිට පැත්තට ගිහින් තියෙන්නෙ. වැරදිලා බොලව් පාර වැරදිලා..... මම ඉතින් කිලෝමීටර් 17ක් විතර වැරදි පැත්තට ගිහින් හරෝගෙන එනකොට අනිත් සෙට් එක මගදි හම්බෙලා ආපහු බායි කියාගෙන හරි පාරෙන් ගෙදර ආව.... මගදි මම හිතපු විදිහටම කලු බල්ලෙක් පාර හරහා පැන්නා යන්තමින් ඌවත් බේරල මමත් බේරීගෙන (බල්ලගෙ අයිතිකාරයන්ගෙ දෙමව්පියන්ගෙ ඉඳන් බල්ලගෙ මහ උන් දක්වා ගුනවර්නනා කරා) අවුලක් නැතුව ගෙදර ආවා.
ඔය පාරේ දඩාවතේ යන බල්ලොත් එක්ක මගෙ පොඩි එරියස් එකක් තියනව ඒක ඒ ඒ වෙලාවට යන වාහනේ අනුව වෙනස් වෙනව.ඒ විස්තර පස්සට
මද්දා වෙත,
ඔන්න ඊලඟ පාර මට හරියන ටී- ශර්ට් එකක් මහල තිබුන් නැත්තන් බලාගමු...
හර්ශ පුතී ඔයා ගැන ඉස්සරහට කමින් සූන්....