Thursday, September 14, 2017

බිජ්ජ පැලෙන හුජ්ජ බරක්



මේ සීන් එක තඩියගෙ මල්ලිට වුන සීන් එකක්. මිනිහ ඉතින් පොඩ්ඩක් ඩෝප් කාරය නම ගම කියන්ඩ හොඳ නෑ නොවැ මිනිහ පිලිගත් කොම්පැනියක මානවසම්පත් කලමනා කොරනව නොවැ.

ඉතින් දවසක් පොර යාලුවො එක්ක ස්ටෙලා වෙලා මීගමුව බීච් එකේ. පාටිය නැගල ගිහින් ඉවර වෙනකොට පාන්දර  12 විතර වෙලා. හොඳ ඩෝප් පිට හිටපු අපේ එකා බයික් එකේම ගෙදර එන්ඩ පිටත් වෙලා. මග දිගට එන හුලන් වලට තවත් වෙරි වැඩි වෙලා කොහොම හරි අපි 242 දිවුලපිටිය පාරෙ අතරමැද තමයි ඉන්නෙ. අපේ ගෙවල් වලට කලින් හම්බෙනව පාලමක් (පාලමක් කියුවට පාලමකුත් නෙවයි ඒක බෝක්කුවක් වගේ) ඔතන්ට කියන්නෙ කොක් වල කියල අපි ඉතින් කොල්ල පරක්කු හින්ද කෝල් කරා 


"කොහෙද තෝ ඉන්නෙ?'' ඒ අපෙ අම්ම
"මැණිකේ"
"කියාපිය කොහෙද ඉන්නෙ"
"මැණිකෙ මම කොක් වල ගාව ඉන්නෙ"
"වර අද ගෙදර අල්ල ගන්ඩ ඇහේ ඉදන් පට්ට ගහනව" 


කොක්වල ගාව ඉඳන් අපෙ ගෙවල් ගාවට එන්ඩ උපරිම විනාඩි 10ක් 15ක් යයි
පැය බාගෙකට විතර පස්සෙ ආපහු කෝල් කරනකොට මූ කියාපි


"දැන් කොක්වල ගාව ඉන්නෙ මැණිකෙ"
"තෝ බොරු කියන්ඩ එපා ඉස්සෙල්ල අහද්දිත් කොක් වලෙ තාමත් කොක් වලේ තො මොකද කරන්නෙ වර ඉක්මනට ගෙදර"


ආපහු පැයකටවත් මේකා කතා කරෙ නෑ.
අපි කෝල් කරත් ආන්සර් කරන්නෙත් නෑ.....


දැන් කියන්නෙ කොක්වල ගාව ඉන්නව කියපු මිනිහට වෙච්ච දේ ගැන.......


වෙරි මර ගාතෙ ආපු අපේ එකාව කොක්වල ගාව හිටපු පොලිස් ජීප් එකකින් නවත්තල




"මහත්තය කොහෙද මේ රෑ යන්නෙ"
"මම ගෙදර යනව මල්ලි"
"ලයිසන් ඉන්සුවරන්ස් ගමු බලන්ඩ"
"ආ මේ තියෙන්නෙ"
"මහත්තය බීල නෙද?"
"ඔව් රාලහාමි"
"ඉතින් බීමතින් බයිසිකල් පදින්ඩ බෑ නෙ"
"රාලහාමිලට මාව ඇරෙස්ට් කරන්ඩ බෑනෙ, ඕගොල්ලො නිකන් පොලීසියනෙ"
"එහෙම කොහොමද නීතියෙන් එහම කියල නෑනෙ"
ඔය විදිහට පොලීසියට නීති උගන්නන්ඩ ගිය අපේ එකාව උස්සල ජීප් එකට දාගන්ඩ හදල
"රාලහාමි මේ මාව අල්ලන්ඩ එන්ඩ එපා ඔනනම් මම බයික් එකේ පොලීසියට එනනම්"
ආපහු කියෝල කියොල කොහොමහරි මේකව ජීප් එකට දාගෙන, දැන් ඉතින් යනවලු..... දිවුලපිටිය පොලීසියට යනගමන්
"රාලහාමි මට චූ බරයි"
"පොඩ්ඩක් ඉන්නවකො තව ටිකයිනෙ"
"රාලහාමි මේ මගෙ බිජ්ජ පැලෙන හුජ්ජ බරක් තියෙන්නෙ නැවැත්තුවෙ නැත්තන් මම මේක ඇතුලෙ හුජ්ජ කරනව"
 

ඔහොම කෑගහල කොහොමහරි ජීප් එක නවත්තගෙන චූත් කරල පොලීසියට ගියා කියමුකො එතන්ට ගිහින් මිනිහට බන්කුවක වාඩිවෙන්ඩ කියල දැන් තමයි මේකට ගෙදර මත්ක් වෙන්නෙ. පොන් එක බැලින්නම් බැට්ට්‍රි බැහැලලු.
"රාලහාමි මට කෝල් එකක් ගන්ඩ ඔන"
"මෙහෙ ටෙලිපොන් නෑ කෝල් ගන්ඩ"
"එහෙනම් රාලහාමිගෙ එක දෙන්ඩකො"
"බෑ බෑ"
ඔතනත් ඒ හිටපු රාලහාමිට හෙනම ඇනයක් වෙලා කොහොමහරි කරදරෙන් බේරෙන්ඩ බැරුව ටෙලිපෝන් එකේ බැටරිය ගලවල දීල.. ඔන්න දැන් මිනිහ මට කෝල් කරනව
 

"මේ ඕයි අයියෙ නැගිටිනවකො"
"ඇයි තමුසෙ කොහෙද ඉන්නෙ"
"මේ මාව පොලීසියෙන් ඇල්ලුව නෙ"
"කොහෙදිද??"
"කොක්වල ගාවදි"
"කොහෙ පොලීසියෙද ඉන්නෙ"
"දිවුලපිටියෙ"
"හා ඉන්නවකො අපි ඔතන්ට එන්ඩ"
"අම්මට කියන්ඩ එපා හරිද"
"හා හා.."


තිලන් කියල ඒකාලෙ හිටිය තඩියගෙ හොද බොක්කක්, (කසාදයක් කරගත්තට පස්සෙ උගෙ බොක්ක වෙනස් වුනා)
ඉතින් මිනිහගෙ තාත්තගේ අඳුරන පොලීසියෙ කීප දෙනෙකුට කතා කරා දැන් ඉතින් දිගට හරහට පොලීසියට කෝල් එනවලු අපේ එකාව යවන්ඩ කියල.


"මොකක්ද ඕයි මේ කරදරෙ, තමුසෙ මිනියක් මරල නෑනෙ තමුසෙ කාටද කතා කරෙ?? පොලීසිවල ලොක්කො මෙහෙට කතා කරන්නෙ"
"මන් දන් නෑ රාලහාමි"

මම ඉතින් අපේ අම්මටත් විස්තරේ කියුව  (තඩියටත් ඔය උත්සව ශාලවක් තියනව නෙ, ඒ කාලෙ එකේ හිටිය සාමාජිකයෙක් තමයි දිවුලපිටිය පොලීසියෙ ඕ.අයි.සී. අපේ අම්මල ඔය රැස්වීම් වලට යන හින්ද මිනිහව අදුරනව ඒ හින්ද අම්මට වචනෙ දාල බැලුව )


"ආ ඔකව අල්ලල ද ඉන්ඩ කියපන් ඔකට ඔහෙට වෙලා මම නම් යන් නෑ ඔකව බලන්ඩ"

වැඩේ හරියන් නැති බව අපිට තෙරුනා
කොහොම හරි අපි (තඩියයි , තිලනුයී) ගියා පොලීසියට මෙන්න මූ ඉන්නව බන්කුවක අපි දෙන්නත් ගියා එතන්ට.අපිව දැකපු මේකා
"ආ තිලා වරෙන් වරෙන් ඉඳගනින්"
"මොකද හු*තො වුනේ"
ආපහු මූ තිලාට විස්තරෙ කියනව ඔය අතරෙ මම පොලිස් කාරය ගාවට ලන්වෙලා පොඩි ටෝක් එකක් දැම්මා.
"මහත්තයා මෙයාව එලියට ගන්ඩ විදිහක් නැද්ද?"
"හෙට උදේට තමයි"
"වෙන විදිහක් නැද්ද?"

"නෑ''
"කවුද ඔයාගෙ මේ??"
"මේ මගෙ මල්ලි"
"එතකොට කවුද අර කෝල් කරපු ඩී.අයි.ජී.මහත්තය?
"අහ් ඒ මගෙ මාම( පත නයෙක් ඇරියා)
"ඕ.අයි.සී. මහත්තය එනකන් ඉන්ඩ වෙනව"
"හා අපි ටිකක් බලන්නම්කො"
"අර බන්කුවෙන් ඉන්ඩකො"

"මේ මනුස්සයගෙ කට වැඩියිනෙ නැත්තන් එත්නින්ම ගෙදර යන්ඩ තිබ්බ"
"ඒකනෙ රාලහාමි බීපුවම පිස්සු කෙලිනවනෙ"
 

දැන් ඉතින් අපි දෙන්නත් අරූගෙ පාලු කපනව ඒ මදිවට මදුරුවො තලනව.
"මේ ඕයි මරු බඩු වගයක් තියනව ගහමුද??"
මේකා කොහෙන්ද මන්ද කසිප්පු පැකට් එකක් උස්සන් එනව
"යකෝ ඔක ගෙහින් දාපන් ආය තො අපිවත් එකක ඇතුලට යවන්ඩ ද යන්නෙ?"
දහපාරක් විතර කියල මූ ඒක ගෙහින් තිබ්බා.
"අඩේ තිලා මට තව නඩු බාන්ඩයක් හම්බුනා ඒ පාර ලයිටරයක් උස්සන් ඇවිල්ල"
"ඔව තියල ඉඳපන්කො"
කොහොම හරි අපිත් පාන්දර වෙනකන් මූත් එක්ක හිටිය ඕ.අයි.සී පැත්තටවත් ආවෙ නෑ
කොහොම හරි උදේ පාන්දර අටට විතර පොලීසියට ආපු ඕ.අයි.සී. විස්තර අහල ඊට පස්සෙ අහවල් උත්සව ශාලාවෙ පුතායි කියපුවම පොර අම්මට කෝල් කරල


"මිස් පුතා ඉන්නව මම දන්නෑනෙ මිස්ලගෙ කියල මට කෝල් එකක්වත් දුන් නෑනෙ "
"අනේ මිස්ට ..... මම ආවෙවත් නෑ ඔය පැත්තටවත් ඔය මනුස්සයව බලන්ඩ, මිස්ට...... කැමති ඇක්ශන් එකක් ගන්ඩ කිසී ප්‍රස්නයක් නෑ"

"තමුන්ගෙ අම්මට මන් කතා කලා අම්මනම් එන් නෑ කියුව ... බීමතින් රිය පැදවීමට නඩු දාල තියෙන්නෙ අදම නඩුව ගන්නව කාවහරි එක්කන් උසාවියට එන්ඩ''

ඔහොම කියල මේකව ගෙදර ගෙනාව. කොහොම හරි අපේ අම්මගෙ අක්කගෙ පුතාගෙ උදව්වෙන්  ලෝයර් කෙනෙක්වත් අල්ලල මේකව ඇප දීල එලියට ගත්තා.

එලියට ආපු මේකා උබල කාටවත් බැරි වුනානෙ නඩු බාන්ඩ උස්සන්ඩ කියල අර ලයිටරේ අපිට පෙන්නනව... අපිත් ඉතින් හිනාවෙ වී මූට බැන බැන සතුටින් සමාදානෙන් බාර් එකකට ගිහින් අඩියක් ගහල ගෙවල් බලා පිටත් වුනා.

18 comments:

  1. හෑ !!

    සිරාවටම මට හිතුනේ තාජුඩින් සම්බන්ධ නඩු භාණ්ඩ වලටත් වෙන්න ඇත්තේ ඔය සන්තැසිය කියල. අම්මෝ වැස්සකට වත් ගෙට ගන්න නාකයි!!

    ReplyDelete
    Replies
    1. අනිවා අපේ එකා වගේ එකෙක් හිටියනම් හරි

      Delete
  2. අන්න අම්මලා එහෙම තමා ඉන්න ඕන මේ වගේ උන්ට හි හී

    ReplyDelete
    Replies
    1. හප්පා මට එලෝ එලෝ ගහල තියනව.. මල්ලිටත් එහෙමයි. වයස අදාලම නෑ. අහුවෙන්නෙ මොකෙන්ද ගැහුව තමයි...... අපි දෙන්නව මෙල්ල කොරන්ඩ හෙන ගේමක් දුන්නා..

      Delete
    2. අනිවා සඳවතී. ඔහොම ඇප දීලා ගෙදර ගෙනාවම ගස් බැඳලා දිමිගොටු දාන්නේ මගේ ළමයෙක් නම්..

      p.s. ඌප්ස්‌.. ලමාරක්ෂනෙට ආරංචි වෙයිද මන්ද.. කමක් නැහැ..

      Delete
    3. අල්ලල දෙනව........ අපේ අම්ම ආවෙ නෑ යන්ඩ අම්මගෙ අක්කගෙ පුතා තමයි ආවෙ.

      Delete
    4. @තඩියා: හොඳ වැඩේ...

      Delete
    5. ඇයි හත් ඉලව්වෙ මට හොඳ වැඩේ කියන්නෙ??

      Delete
  3. හැක්.. හැක්.. බොලාගෙ මල්ලි මාර බඩුවක්නෙ බලාගෙන යනකොට.
    පොර කසිප්පු පැකට්එක උස්සපු නැති එක ඇති යන්තං.

    ReplyDelete
    Replies
    1. හම්මෝ ඕකා හිටපු විදිහට කසිය පැකට් එකත් ගහනව...... හරි අමාරුවෙන් නවත්ත ගත්තෙ..

      Delete
  4. අනේ හැබෑට.... මලයටත් බොගක් අටවල දීයන්කො තඩී... බොලා වගේම ලියයි මරුවට
    බොනවයි කීලා ඔහොමත් බොනවද අෆ්ෆා....

    ReplyDelete
    Replies
    1. පොරට මට වඩා කතා ඇති ලියන්ඩ.... ඕකට ගෙදර වැඩක් කරන්ඩවත් වෙලාවක් නෑ බන්, ඉතින් කොහෙද මේව ලියන්නේ

      Delete
  5. // උබල කාටවත් බැරි වුනානෙ නඩු බාන්ඩ උස්සන්ඩ කියල අර ලයිටරේ අපිට පෙන්නනව// මලක් එහෙම තිබ්බෙ නැද්ද දන්නෑ ඕකත් එක්ක.

    ReplyDelete
    Replies
    1. තිබුනනම් ඕක ඒකත් ගහනව

      Delete
  6. අම්මට හොඳ දහිරියක් තියෙනවා..ඒකම මදෑ..මම එහෙමනම් ..කියපු පමාවෙන් කොක්වල ලඟට දුවලා

    ReplyDelete
    Replies
    1. දහිරිය ගැන මොකට කියනවැයි..තනියම උත්සව ශාලාවක් කරන එකේ... අපේ අම්ම දන්නව පුතන්ඩියලගෙ හැටි..කලබල වෙන් නෑ ඇක්සිඩන්ට් වුනාමනම් කඩාගෙන බිඳගෙන එනව කොහෙද ඉන්නෙ මොකද වුනේ අතපය කැඩිලද තුවාලද අනිත් එකා මැරුනද කියල විස්තර අහනව, පොලීසියෙන් ඇල්ලුවොත් එන් නෑ හම්බ කරනවනෙ දඩ ගෙවල වරෙන් කියනව.

      Delete
  7. අම්මප පොලීසියෙ එවුන් නිවී සැනසිල්ලෙ ගහන්න හංගල තියා ගත්තු නඩු භාණ්ඩෙටත් කෙලින්න නොවැ බොලාගෙ මලය හදල තියෙන්නෙ හැක් ... හැක් ... :)

    ReplyDelete
  8. අනිවා ඔව ඉතින් නඩු බාන්ඩ විදිහට යන් නෑ පොලීසියෙ උන් ගහනව

    ReplyDelete