Saturday, March 31, 2018

නිවරදිව පෙරන්නේ කෙසේද? ජෙමා ඉස්පෙසල්



පලවෙනියෙන් කියන්නම් මේව කොරල පොලීසි ගානේ ගිහින් මාව හොයන් එනව එහෙම නෙමෙයි ඕන්.
 

අනික මේව නිකන් පෙරන්නත් බෑ ලව් එකේ පෙරන්න ඕනා
 

මේක ඉතින් සිරි ලන්කාවයි තවත් රටකුයි එක්ක කිරිකොස් මැච් එකක් තිබිල දින්න දවසක තඩියයි ජෙමා අන්කල්ගෙයි කතාවක්. මහා ආර්තික අවපාතයකට ලක්වෙලා හිට්ට ජෙමාගෙ පිහිටට තඩිය උපදෙස් දෙන්න ගිහින් තඩියට හම්බෙච්ච උපදෙස් තමා මේ.
 
පෙරීම කලාවක් නම් මූ එහි පිකාසෝගේත් තාත්තාය..

මුල් සන්වාදේ අමතක කොරල කෙලින්ම පෙරන තැනටම යන්නම්.

තද බල ආර්තික අවපාතෙක හිට්ට ජෙමාට මම මරු අයිඩියා එකක් දැම්මා බොන්ට, ඒ "පෙරමු" කියල
"අන්න මරු, කොහෙද බං ඕවට සහයට ඩැනියෙක් ඉන්ඩ ඕන කරට කර"
"පිස්සුද"
"ඇයි"
"ඇපල් ජූස් එකකට සීනියි යීස්ට් ටුයි දාල සතියක් විතර තියන්ඩ වැඩේ ගොඩ බෝතලේ කටට බැලුමක්/කොන්ඩම් එකක් ගහල තියන්ඩ"
 



"පෙරන් නැතුව??  ආසවනය කොරන් නැද්ද??"
 

"ආසවනයක් නම් නෑ.. අපිනම් බොන්නෙ ඔහොම"
 

"බැලුමෙන් වෙන්නෙ මොකද?"
 

"එයා ලොක් එක, පිට තියන හුලන් බෝතලේ ඇතුලට එන එක වලක්වනවා"

"මචන් ඔතනදි මෙතිල් ඇල්කොහොල් ඉවත් වෙන් නෑ නේද?"
 

"ඒකනම් දන් නෑ ජෙමෝ වදිනවනම් පොල්ලෙන් හරි කමක් නෑ"
 

"ඕක පෙරන්නේ විස මත්පැන් ඉවත් වෙන්ඩ නේද? ඔහොම බිව්වත් සැපට වදිනව"
 

"අපි මෙහෙ කොෆී ෆිල්ටර් කඩදාසියකින් පෙරනව"
 

"එහෙම හොඳ නෑ මචං"
 

"එකක් අපි රත් කොරල පෙරුවා මෙලෝ රහක් නැතිවුනා බන්"
 

"මෙහෙම කොරහන්"

අවශ්‍ය ද්‍රව්‍ය.
 

*නරක්වුන හෝ නරක් වෙන්ට ආසන්න පලතුරු
*යීස්ට්
*සීනි
*ප්‍රසර් කුකර් එකක්/ ඕක නැත්තන් ඔය වගේ එකක් හදන්ඩත් පුලුවන්
*තබ බටයක්
*බටේ සයිස් වෑල් එකක්
*ලිපක්
*වතුර බේසමක්


පෙරා ගන්නා ආකාරය

"හරිම සිම්පල් මචන්, මොකක් හරි බාජනේකට පලතුරු,යීස්ට්,සීනි දාලා සතියක් විතර පල් කරහං,(හුලං යන් නැතුව පල් කොරනවනම් වඩා හොඳයී) ඒක දාහං පෙසර් කුකර් එකට, දාල ලිපක තියහන්"

"අපි එකක් හැදුව බන් ඔය වගේ"


"හිටහංකො කියනකන්"
 

"ඔය ඒසී රෙපෙයාර් කරන උන් ගාව තියනව තඹ බට සහ ඒ සයිස් වෑල්, තඹ බටේකට වෑල් එකක් දාල දඟර ගහල ගනින්, දඟර හරිය වතුර බාජනේකට දාල, වෑල් එක වහල , ලිප ඕන් කරල රත් කොරහන්, හොඳට නටන කොට ටැප් එක ඇරපන්"
 




"එතකොට අර තඹ බටේ අනිත් පැත්ත ගහන්නේ පුකට ද?"
 

"ආ ඒ පැත්ත පෙසර් කුකර් එකේ හූ ගාන කෑල්ල ගලෝල එතන්ට හයි (පාස්සන්න ) කොරපන්"
 

"වද කොරල දිගට ඉස්පිරිට් ගන්ඩත් එපා, වෑල් එක වහල නොතිය හිටියොත් එන්නෙ වතුර"
 

"අන්න එතනයි අපිට එහෙනම් වැරදුනේ අපි ඔය අටමගුලට කරාමයක් දැම්මේ නෑ ඒකතමා අපිට වැදුන් නැත්තේ"
 

"ප්‍රෙසර් වෙන්ඩ දෙන්න ඕනා. හොඳට ප්‍රෙසර් වුනාම ඉස්සෙල්ලම එන්නෙ විස මත්පැන්"
 

"හෑ හැමිනෙනවා"
 

"එන ප්‍රමානය සාපේක්ශයි, ගහපු වඩියට"
 

"කොච්චරක් විතර විස බඩු එනවද??"
 

"සම්මතේ හැටියට වතුර බෝතල් විස්සක් දාපු හැලි අරක්කු වඩියක පලවෙනි බෝතල් බාගය අයින් කොරනවා, ඒකට කියන්නෙ කඳුල ගලනවා කියලා, එතකොට එන්නෙ බින්දු බින්දු, ඒ බින්දු එන ටික බොන් නෑ"
 

"උඹ නම් පොපෙසනල් පෙරන්නෙක් ද කොහෙද"

"ඔය ගලපු කඳුලු ටික ලිපට දානවා. ඊලඟට එනවා එක දිගට වාගේ අන්න එතකොට ගන්නවා, ඒ අපි බොන ජාතිය. ඔහොම ගිහින් ගිහින් ,ආයෙත් බින්දු එන්ඩ ගන්නවා එතකොට බඩු ගන්න එක නතර කරනවා, හැබැයි කස්සිප්පු බැරල් පෙරනකොට ඔය ඔක්කොම ගන්නවා ඒකයි විස වෙන්නේ."




"අන්තිමටත් විසද එන්නේ??"
 

"ඔව් මචං....සම්මත විස මත්පැන් නාවත් ඇමෝනියා වගේ විස ද්‍රව්‍ය එනවා, බඩු වල ක්‍රිස්ටල් ක්ලියර් ගතිය නැතිවෙනවා......හැලි අරක්කු කාරයා ඕකට කියන්නේ ඔන්න වඩිය ඇදෙනවා කියලා.... කසිප්පු පෙරන උන් කියන්නේ ගෝඩා ගහනවා කියලා. මුල් ටික සහ අවසන් ටික ඉවත් කොරන්නම ඕනා."
 

"ඔය ක්‍රියාවලිය හරියට කරලා, පොඩි බෝතලේකට දාලා අතින් කොලයක් අලවලා ඒකේ අත්සන් කොරලා...දෙන එව්වා තමයි බන් ඔය සල්ලිකාර හුකන්නලා මහා ලොකුවට අනර්ග කොරලා ස්කොට්ලන්ඩ් ගිහින් විසිතිස්දාස් ගනන් පයින්ට් එකට ගෙවලා අපිට පෙන්න පෙන්න බොන්නේ."

"අඩේ ඕක හදල බොන්ඩ ගිහින් අපි මැරෙයිද බන්?? අපි හදන එකටනම් බඩ පොඩ්ඩක් යනවා විතරයි හිහිහිහිහි.."

"ගෝඩා බිව්වම බඩ යනවා බොල, තොපි ඔය බොන්නේ ගෝඩා, ඔච්චර පල් කරන්ඩ ඕන නෑ, කෙහෙල් ගෙඩි දෙකක් තලලා දාල දවස් දෙකක් තියලා බීපිය මත් වෙනවා... බඩත් යනවා...."
 

"ඔව් අපි ඉතින් ටිකක් කිව්වට ටිකක් වැඩිපුර යනවා.....හම්මෝ පුක.."

ඔන්න පුතී හදනවනම් පරිස්සමෙන් හදපල්ලා.......


ඔබ දන්නවාද????

*ඔරිජිනල් කසියා කටට ගත්තු ගමන් බාගයක් වාස්ප වෙන බව...
*විශ්කි වලට කලර් මික්ස් කරන බව......
*රසය ගන්න කැල්සියම් එකතු කරන බව.....
*අපටම වෙන් වූ කහ පාට හැලි අරක්කු ක්‍රමයක් තිබුන බව.....
*එයට ගන්න ලී හැන්ද පැනිවරකා ලීයෙන් තැනූ බව.....
*ස්ප්‍රීට් එකට කලවම් කිරීමට වැල් මී, වෙනිවැල් ගැට,හා තල්සූකිරි යොදා උනුකර නිවා ගත් ජලය යොදා ගත් බව...... 


ගෙදර වැඩ

*සුද්දෝ ගෙදර හදන විස්කි ලී කෙග් වල දැමීමට හේතුව කුමක් ද??

*කසියා වලට කන හුනු දියකල විට කුමක් සිදුවේද???



 හැපි පෙරීමක් ෆ්‍රන්ස්...  :)

නම මනංකල්පිතවේ.....පොරත් ඉතින් මේක කියවල කොමෙන්ටුවක් එහෙමත් දායි...

Thursday, March 29, 2018

ඕ ලෙවල් ඇන්ඩ් රූම් මේට්



ඊයෙ පෙරේදා ඕ ලෙවල් රිසාල්ට් ආවලු මේ මගේ කාමරෙ ඉන්න පොරක් දුරකතනයෙන් උගෙ ගෙදරට කතා කරපු එකෙ සාරන්ශය.

පොරට අනුව දුව විභාගෙ පාස් ඒම 8 ක් ලු ඉතින් දැන් තියන ප්‍රශ්නෙ ඒ ලෙවල් වලට මොකද කරන්නෙ කියන එක.

ළමයාගෙ කැමැත්ත ආර්ට්ස් කරන්ඩ අම්ම කියන්නෙ දුව කැමතිනම් ඒක කොරන්න දෙන්න කියලා. මගෙ කාමරේ ඉන්න බුවා තාත්තා, කියන්නෙ බයෝ කරන්න කියල


හේතුව දුවල තුන් දෙනාට උගන්නල එකෙක් හරි දොස්තරෙක් කරන්ඩ ඔනලු.

ආට්ස් කරොත් රස්සවල් නෑලු පොරට කවද මෙහෙන් යන්ඩ වෙයිද දන් නෑලු බයෝ කරල දොස්තර කෙනෙක් වුනොත් මුලු පවුලම ගොඩලු.

(යකෝ එතකොට මූ බලන් ඉන්නෙ ළමයගෙන් ගොඩ යන්ඩ)

දුව කියනව බයෝ කරල එස් තුනක් තමා ගන්ඩ වෙන්නෙ කියල.
මාරාවේස වෙච්ච බුවා හත් මුතු පරම්පරාවටම එක්ක බනිනව.
'තොපිට තියෙන්නෙ ඉගෙන ගන්ඩ විතරයි තො බයෝ කරල ඒ තුනක් ගත්තෙ නැත්තන් තොට අම්මෙක් අප්පෙක් නෑ කියල හිතා ගනින් අපි දෙන්නම වහ බොනව එදාට'

කොහොම හරි ඔය කතාව රන්ඩුවකින් ඉවර වුනා.

ගත්තා තවත් එකෙක්ට කෝල් එකක්.


''අනෙ පුතේ පුලුවන් නම් අර ගෑනිව මානසික දොස්තරෙක් ගාවට එක්කන් යමන් ඔය ගෑනිට පිස්සු අර ලමයගෙ ඔලුව කනව ඒකි කැමති එකක් ඒ ලෙවල් වලට කරන්ඩ කියල මම කියන දෙයක් අහන් නෑ.''

දැන් පිස්සු කාටද ගෑනිට ද මෙහෙ ඉන්දන් කෑ ගහන එකාට ද..... මට තේරෙන් නෑ.

හොදම දේ කියන්නෙ මේකාට ළමයින්ට උපදෙස් දෙන්න මතක් වෙන්න 4ක් 5ක් ලඟ ලඟ නමා ගත්තට පසුව වීමයි.


 **දැන් මට තියන පුරස්න**

*ඇයි ළමය කැමති එක කරන්ඩ දෙන් නැත්තේ?
*මේ කෙල්ල විභාග පාස් වෙයි ද?
*මේකා වහ බොයිද?
*කෙල්ල කොල්ලෙක් එක්ක යාලු නොවීම ඉදියි ද?
(ආ එහෙම කිව්වෙ මේකා දුවගෙන් පොරොන්දුවක් ගත්තා කොල්ලො එක්ක යාලුවෙන් නෑ කියලා)

*කෙල්ලගෙ අම්මට පැන්සොන් එක හම්බෙයි ද?
*අම්මා වලව් කාරයෙක් ද?
*ගෙදර තිබුනයි කියන මැද මිදුල තාම තියනව ද?
*කවුද බන්ඩා?


එක පැත්තකින් මූ බීලා කියෙව්වට මූ කියන එකෙත් ඇත්තක් තියනවද මන්දා....මාත් යනව බන් අඩියක් ගහන්ඩ ඕවා බොන්ඩ ඕන ප්‍රස්න .        ( සමාවන්න ගෝඩා පාරක් ගහන්න )

Monday, March 19, 2018

පිටරට vs ලංකාව






පිට රටවල් වල.....


*පෙම්වතිය ...
                 
හෙලෝ මයිකල් මම ඔයාට කෝල් එකක් ගත්තා ඒ වෙලාවේ වේටිං කියලා පෙන්නුවා ඔයා වෙන කොල් එකක නේද හිටියේ ඉතිං මං කට් කලා අනේ සොරි ඔයාගේ කෝල් එකට බාදාවක් උනානං..


*පෙම්වතා...
                
ආ ඔවු මගේ කලිං පෙම්වතිය ටානියා කෝල් එකක් ගත්තා මං ඉතිං එයා එක්ක ටිකක් කතා කලා ඒ වෙලාවේ තමයි ඔයා කෝල් ගත්තේ...


*පෙම්වතිය...
                
ආ එයා තවමත් ඔයාට කතා කරනවද ඔන්න මට ඒකට නං ඊරිසියයි..


*පෙම්වතා..
                 
පිස්සුද සුදූ මං විහිලුවට කීවේ ටානියා කතා කලා කියලා.. අපේ ඉස්කොලේ කොල්ලෙක් කෝල් කලේ..


*පෙම්වතිය...
                  
දඟයා .මාව තරහ ගස්සන්න නේද හැදුවේ .. ඒකට නං මට හවස පීසා අරං දෙන්න ඔනේ හොඳේ.. නැත්නං මම තරහයි.. හිහී උම්ම්ම්ම්ම්මා... බායි කොල්ලෝ...


අපේ ලංකාවේ...


*පෙම්වතිය..
                
හලෝ සිරිමල් මං ඉස්සර්ලා කෝල් කරපු වෙලාවේ ඔයාගේ පෝන් එක වේටිං.. මං රින්ග්ස් හිහිං ඉවර වෙනකං රිං කලා දැක්කේ නෑ වගේ ඒ කෝල් එකේ හිටියා නේද.. මෙලහට මොකියෙක් හරි බැල්ලියෙක් ලැස්ති කරං ඇති.. නැත්තං මගේ කෝල් එක එනකොට ඒක කට් කරලා මගේ කෝල් එක ගන්නේ නැතුව ඒකේ එල්ලිලා ඉන්නවයැ...


*පෙම්වතා..
                  
අනේ නෑ සුදූ මං අර කලිං යාලු වෙලා හිටපු කුසුමා කතා කලානේ මං නම්බර් එක දැක්කේ නැතුව ආන්ස්වර් කලානේ .. ඒ කතාව වෙලාවේ වෙන්න ඇති ඔයා ගන්න ඇත්තේ..


*පෙම්වතිය..
                
අනේ ඇත්තද.. ගන්න ඇත්තේ නේද.. ඒ කියන්නේ මම ගත්ත බව මේ වෙනකල් වත් දන්නෙ නෑ නේද මම මේ කියනකං.. අයි ඉතිං අරකි කතා කලාම මේ ලෝකේ සිහියක් නැතුව යන්න ඇතිනේ.. මං දැනගත්තා මට මේ ටික වෙයි කියලා.. මං තමුසෙට එදත් කීවා ඔය පට්ට බැල්ලිව බ්ලොක් කරන්න කියලා.. තමුසෙ ඒක කලෙත් නැත්තේ ඕකට තමයි එහෙනං...තමුසෙ මහ වනචර බල්ලෙක්..


*පෙම්වතා..
                   
පිස්සුද සුදු මම ඔයාට විහිලුවට කීවේ කුසුමා කතා කලා කියලා.. අපේ පන්තියේ කොල්ලෙක් කතා කලේ..


*පෙම්වතිය..
                      
තමුසෙට විහිලු කරන්නත් ඕකිගේ නම ගාවගන්නේ නැතුව බෑ නේද.. නැත්නං වෙන කෙල්ල්කුගේ නමක් කියන්න පුලුවන්නේ.. හිතේ උඩින්ම ඉන්නේ ඕකි හින්දනේ විහිලු කරන්නත් ඕකිගේ නම මතක් වෙන්නේ.. වනචරයා තමුසේ මං ඉස්සරහා ඕකිව බ්ලොක් කලේ නැත්නම් ආයේ මගේ මූන බලන්න එපා..

තත්වය සෝචනීයයි මිත්‍රවරුනි.....

බුකියෙන් උස්සන ලදි අයිතිය දනුශ්ක කාන්චන ජයවීර. 


Thursday, March 1, 2018

බොලව් ගෑනියේ


 


ආදර වෙන්ට බිරින්දෑ වෙත,

බල්ලෙක් පූසෙක් වත් බේතකට සොයාගත නොහැකි කුප්ප දූපතක සිට ලියමි. මලක ආතල් එක යහමින් ගන්න වෙලාවක මෙන්න මේ කුනු හබ්බය ම්තක් වූ නිසා ලියමි.
බොලා දැන් මට කියන්නේත් බනිස් කෑමට ඇති ආසාව නිසා බේකරියක් දාගැනීම යහපතැයි වගේ අපබ්‍රන්ස කතාවකි.

"අනේ මටනම් බෑ ඔයා නැතුව ඉන්ඩ"

"මම යනව අපේ ගෙදර"

"මට පාලුයිනෙ"

"තව ටික කාලයයිනෙ අපිට එකට ඉන්ඩ හම්බෙන්නේ"

"අවුරුදු හතක් ලව් කරලත් එකට ඉන්ඩ නෑ"

"සල්ලි කියන්නෙ ජීවිතේම නෙමෙයිනේ"

ඔන්න ඔවැනි කතා දාහක් කියමින් මගේ මේ රස්සවට තිත තැබීමට ගත් උත්සාහයට මගේ ලිබ්බොක්කෙන්ම මෙව්වා  එක බොලාට පුදකරමි.

කනක් ඇහිල ඉන්ටම බැරි හින්දා ඕන් මම රස්සාවෙන් ඉල්ලා අස්වෙමියි කියා ලියුන් කරඩහියක් ලොක්කට අද උදේම කබ හූරමින් හොටු කඩමින් ගිහින් දුන්නෙම්. 

දුන්න ගමන් කෝචොක් හිනාවක් දාපු ලොක්කා "වී විල් ඩිස්කස් දිස් ඉන් ඊවිනින් " පර බාසාවෙන් මට බැන්නත්ද කොහෙද මූ....බොලා හින්දා බැනුම් අහපු පලවෙනි වතාව නෙමේ හින්ද අවුලක් නෑ..

ලොක්කා හවස එන්නම් කිව්වට පොර ආවෙත් නෑ ඒ වුනාට කොල්ලො කීපදෙනෙක්ම උන්ගෙ හිතම්ත්‍රාදින්ගෙ සීවී ගොඩක් මට ගෙනත් දුන්නා. 

"මචන් උබ යනවයි කියල ආරන්චියක් ආව පුලුවන්නම් මූව දාල දියන්"

යකො එතකොට මුන් බලන් ඉදල තියෙන්නෙ මම යනකන්.......ඔන්න ඔහොම කාලකන්නි හිතිවිල්ලක් මගෙ සුට්ටන් හිතට ආවා. දුක තද කරන් මහ මෙර තරන් මට ඉන්න බෑ ඔබ නැතුවනම් කියන්නා වගේ කොහේදෝ තිබුන බොකකුත් ඔය අස්සෙම සැට්වුනා රත්තරන්.

දැන්නම් ඉතින් මාසෙකට ලක්ස වලින් පඩි හම්බෙන හින්දා ඉල්ලන ඕන මගුලක් බොලාට අරන් දෙනව... පස්සෙ අරන් දෙන් නෑ කියල මැරෙන්ඩ හදන්න එපා ඕන්.

බොලා දැන්නම් කියන්නෙ ලුනුයි බතුයි හරි කාල ඉමු කියලා...ඕකත් ටික කාලෙකදි එපා වෙනව එතකොට කන්ඩ බෑ කිව්වොත් බොලාගෙ කනට දෙකක් දීල පරන අතීතේ මතක් කොරල දෙන්න සැදැහැවත් සිතින් මම සැදී පැහැදී ඉන්න වග බොලාට මතක් කරනු කැමැත්තෙමි.

ඉදිරියට අර ඊ බේ එකෙන් බඩු ගෙදරට එන එකක් නැතිවෙයි මයෙ හිතේ.

දැන් ඉතින් ආපුවම ඒ සී දාගෙන ඩබල් දාගෙන යන ගමන් වලදි  වගේ ඉස්සරහට ඒසීත් නැතිවේවි. බොලාට දුක හිතේවි...

මට ආස හිතේවි........

ඉතින් තකහනියෙම මේ ලියුන් කරදහිය ලිව්වේ ඔන්න ඔය අතුරු ප්‍රතිවිපාක බොලාට මතක් කොරල දෙන්න හිටන්.

බොලාව මට පැස්ටෝල් ගහලවත් එලෝගන්ට බැරි බව මම දනිමි...ඒ වුනත් මා ගැන අනුකම්පා කොරනු මැනවි

එහෙනම් ඉතින් මම නවතිමි.

බොලාගේ ආදර
තඩී

Friday, February 23, 2018

.....මනමාලියන් බැලීම......

 

මනමාලියන් බැලීම වනාහි ත් එක්තරා අමුතුම මෙවුවා එකකි.. කොල්ලා ඉස්සර වගේ නැතුව නිකන් මෙවුවා වෙලා වගේ බව දෙමවුපියන්ට පෙනී යාම නිසා මේ කටයුත්තට මුල පිරීම සිදුවේ.. අල්ලපු ගෙදර ගෑනි ලිඳේ නාන විට කොල්ලාට ඒ පැත්තේ මිදුලේ හරියට වැඩය.. දබ වැස්සේත් ඌ ඒ පැත්තේ මල් ගස් වලට වතුර දායි... නැත්තං ඒ පැත්තේ අඹ ගහේ මුදුනේ පැහුන ගෙඩි සොයා ගස් බඩගායි..වෙනදා පත්තරේ අතට ගත්ත ගමන් පාතාලේ සැඟවුන කතා කියවන එකා දැං පත්තරේ අතට ගත්ත ගමන් මංගල කිංකිණි තීරුව කන්න වගේ බලයි.. උගේ මෙට්ටේ යට තිබී කලින් හමු වන්නේ පිලිවෙලකට දෙකට නමා ඇති ටියුලිප් බෑග් , නෝ ලිමිට් බෑග් වුවද දැන් මෙට්ටේ උස්සන මවට හෝ පියාට දැකගත හැකි වන්නේ අමු හෙලුවැලි රූප සහිත පත්තර කෑලිය... පෝන් එකේ වයර් කැලි දෙකත් කනේ ගහගෙන තිරේ කන්න වගේ බලාගෙන ඉන්න වෙලාවක මව හෝ පියා ආවොත් විජහට පෝන් එක තිරය නොපෙනෙන සේ මුනින් අතට ඇඳේ සතපවයි... මෙබඳු රෝග ලක්ශන දකින දෙමවුපියෝ මුගේ අතින් ඉස්ත්‍රී දූසනයක් වෙන්න කලින් මූට යකින්නක් හෝ හැපින්නක් හෝ එල දෙනක් හෝ මේ සියල්ල එකට කැටි කොට සෑදූ ගෑනියක් කසාද බන්දා දීමට කාලය හොඳ බව තේරුම් ගනී.. 
කෙසේ හෝ කොල්ලා කොටු කරගන්නා මව සහ පියා නානා විධ ප්‍රශ්නාවලි ඔස්සේ පරීක්ෂාවට ලක්කර අවසානයේ... " හා හා අම්මටයි තාත්තටයි ඕනේ දෙයක් " යන දිව්යමය පිලිතුර ලබාගනී.. ඉන් අනතුරුව එදා වේල හොයාගන්නට බැරිව ගෙදරට වෙලා උදලු මිටවල් රැහැ රැහැ ඉන්න බංකොලොත් කපුවෙකුද වැඩේට අල්ලාගනී.. ඌ ඉතින් දහපදුරාවේ ඇවිද ගෙවල් වලට කූට්ටාලි වී සිටන ගෑණු කූරියන් දහ පහලොස් දෙනෙකුගේ පින්තූර හොයාගෙන දිනපතා කොල්ලාගේ ගෙදර බඩගා කොහොම හරි ඒ අතරින් එකක් බලන්නට යාමට සැට් කර ගනී.... 

හොඳම ජෝගිය තියෙන්නේ මනමාලි බලන්ඩ යන දවසේ උදේටය.. උදේ හතරේ ඉඳං මවගේ ගෝරනාඩුවය.. " කොල්ලෝ අද ඉරිදා උනාට කමක් නෑ මතක් කරල දත් මැදගනිං.... ඔය මගුල් කොන්ඩේ තෙල් ටිකක් ගාලා රොදක් තියාගනින් උලමා වගේ නැතුව... තාත්තා කොල්ලාගේ සපත්තු දෙකකට අමාරුවෙන් කකුල ඔබාගෙන අන්ඩවාත රෝගියකු ලෙසින් අමාරුවෙන් ඇවිදී.. අම්මා තඩි රතු මනිපුරි සාරියකින් සැරසී පොල් ගෙඩි වලට වඩා පොඩ්ඩක් පොඩි ඇට මාලයක් ගෙල බැඳගන්නේ මේක අපේ හඟුරංකෙත නැන්දා ගෙනත් දුන්න මාලේ කියා උදම් අනමිනි... යම් හෙයකින් තාත්තා විසින් ." ඔයිට වඩා හොඳ මාලයක් අපේ අම්මා ඔයාට දුන්නේ " කියා කීවොත් මනමාලියන් බැලීම පැත්තක තියා ගල්ෆ් යුද්දය ඇරඹීමට අම්මා පසුබට නොවේ..

 "ඇඤේ ඇච්චජ....... තමුසෙගේ අම්මා දුන්න එක කොහෙද ඕයි මේ තරං වටින්නේ මේව අපේ පවුල් වලිං එන උරුම.. අපේ වලවු වල මේවා පරම්පරාවෙන් ආවේ.. මගේ කරුමෙට තමුසේ එක්ක ආවා මිසක් මෙහෙම ඉන්න ඕනෙ ගෑණියෙක් නෙවෙයි මම..." "ඔවු ඔවු තමුසේ මහ කුමාරිහාමිනේ මං නොදන්නවයැ ඒ බව." මෙසේ රිදී තිරය මත දිගහැරෙන අම්මාගේ සහ තාත්තාගේ වලිය තුල තාත්තා අම්මා බලන්නට ආ මුල්ම දවසේ ගෙනා සාරිය බාල එකක් බව... තාත්තාගේ නංගී කෙනෙකු අම්මාගේ මාලයක් ඉල්ලගෙන ගොස් ආපහු ගෙනත් දෙනකොට ඒකේ ගාංචුව කැඩී තිබූ බව.. තාත්තාගේ නංගි කෙනෙකු පැනලා ගිය කතාව ආදී මෙකී නොකී පුරාවුර්ත ඇතුලත් වේ.. 

අම්මා කියන විදිහට චාල්ස් කුමාරයාට අම්මා නොබැඳ ඩයනා කුමරිය බඳින්නට සිදුව ඇත්තේ චාල්ස් කුමාරයා බඳින්න අම්මාට යෝජනාව එන විටත් අම්මා තාත්තාට බහ දී තිබුන නිසාය... කෙසේ හෝ මෙම කලිකලහය නිම වන්නේ මෙතෙක් ඉස්තෝප්පුවට වී සිටි මාමාගේ නැන්දා පැමින " යං යං ඒ පාර රණ්ඩු වෙන්න පටං ගත්තද" කියා බැනීමෙන් අනතුරුවය... ගමනට ඔක්කොම පිරිස හයකි.. අම්මා තාත්තා කොල්ලා කපුවා සහ කොල්ලාගේ සහයට නිබඳව වචනයෙන් දායක වන.. වැඳපුවාම මගේ අයුසත් අරං ජීවත් වෙයං කියා ආයුස දෙන්නට හදන ඒත් මගේ බැංකු පොතේ සල්ලි ඇති ඒකෙන් පන්දාහක් අරං ජීවත් වෙයං කියාලා වැරදිලා වත් නොකියන ගුරු වුර්තිය හෝ විදුහල්පති වුර්තියෙහි නියැලුන අම්මා ගේ සොයුරු අති පණිඩිත මාමා සහ පොරගේ නැන්දා නැමති ගිණි බෝම්බයත් ය.. 

මනමාලිය බලන්නට යන සීන් එකේදී තැනට ගැලපෙන්නට කතා කරන්නට මාමා තරං වෙන උගතෙක් නැතැයි යන්න අම්මාගේ නිගමනයයි.. අම්මාට අනුව නම් අයිසෙක් නිවුටන් ගුරුත්වාකර්ශනය සොයාගෙන ඇත්තේ ද මාරි කිවුරි රේඩියම් සොයාගෙන ඇත්තේද නීල් ආම්ස්ට්‍රෝන්ග් තනියම හඳට ගොස් ඇත්තේද මාමාට පැපොල හැදී සිටි දවස් වලය....මාමාට පැපොල හැදුනේ නැත්නම් ගුරුත්වාකර්ශනය හොයාගන්නේ මාමාය... රේඩියම් හොයාගන්නේ මාමාය... නීල් ආම්ස්ට්‍රෝන්ග් හඳේ හාවා සමග කතා කරන්නට එක්ක යන්නේ මාමාවය....ටයිටනික් නැව හදන්නට උපදෙස් දී ඇත්තේද අපේ මාමා බව අම්මාගේ මතයයි.. බඩ මැද්දෙං කලිසම ඇඳගෙන අත් දිග කමිසය යට කර සිටින මාමා වරින් වර අත ඔහෙක් කර වෙලාව බලයි...පොර බැඳගෙන ඉන්නා පරන තාලේ ටයි පටියෙන් හදිසියකට කරදරයක් නැතුව අමුඩයක්ද ගසා ගත හැක....

ටවුමේ පාක් එකේ ගුණයාගේ ලදරං හයිඒස් එකත් මිදුලට සම්ප්‍රාප්ත වන්නේ මේ ඇසිල්ලේමය.. පාරේ සිටම ඉස්සරහා සීට් එකේ ඉඳගෙන දොර කිහිල්ලේ ගහගෙන පැමිනි කපුවාට තරම් හදිසියක් වෙන එකෙකුට වත් නැත.. සුරංගනා කතා වල වගේ හරියට වෙලාව පැන්නාම මනමාලිය ගෙම්බෙක් වේවි යැයි බයක් කපුවාට ඇතැයි හිතෙන්නේ උගේ හදිසිය දුටු විටය.. " යං යං අතනක මෙතනකයැ" තාත්තා පුරුදු නැති සපත්තු දෙකත් දමාගෙන අමාරුවෙන් එහෙත් අමාරුව නොපෙන්නා ඇවිත් වෑන් එකේ අසල හිටගෙන සිටියි.. ටිකකින් ගෙදර දොරවල් වල ජනෙල් වල අගුල් සිය පාරක් පමණ අතගා හරියට වැසී ඇත්දැයි බලා සහතික කරගෙන මුතු ඇල්ලූ හෑන්ඩ් බෑග් එකත් කිහිලි ගන්නාගෙන අම්මා දුවගෙන එයි.. අම්මාගේ මූන කාඩ් කුට්ටමේ ජෝකර් කොලයේ ජෝකර්ගේ නැතහොත් ලිබ්බොක්කේ වැටුන එකෙකුගේ මූණ සිහිපත් කරවයි.. ඒ තරං පවුඩර්ය.. 

අන්තිම මොහොතේ වාහනයට නගින්ඩ දුවගෙන එන කොල්ලා දකින මාමා සිය සුපුරුදු උපදේශනාත්මක වැඩසටහන අරඹයි.. "හා හා පුතා කෝ අම්මටයි තාත්තටයි වඳින්න...මෙහෙම ගමන් යනකොට එහෙමනේ.. මේ අලුත් පරම්පරාව කිසි දෙයක් දන්නේ නෑනේ අප්පා.. හැම වෙලාවෙම තරුණ පරපුර පෝන් වල .. අනේ මන්දා මෙහෙම ගියොත්.." තාත්තා විසින් නැති තැන " සුරුට්ටුවා " යන සුරතල් නාමයෙන් හඳුන්වන මේ අපූරු මාමාගේ අනට කීකරු වීමට කොල්ලාට හිතක් නැති උනත් මාමාට අකීකරු වීම අම්මාගේ මාතෲ උදහසට ලක් වීමට හැකි බව කොල්ලා දනී.. නන්දා මාලනියට මිහිමඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා උනත් කොල්ලාගේ අම්මාට අනුව නම් මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත මාමා ය.. මාමාගේ අණට කීකරු වී යන්තං දෙකට නැමී අම්මට තාත්තට වඳින කොල්ලා දකින මාමා නැවත සිය දේශනාව ඔස්සේ නූතන තරුණ පරපුර මුහුණ පා ඇති කේදවාචකය විස්තර කරයි.. අද කාලේ හැදෙන කොල්ලන්ට දනගහලා වැඳගන්නත් බෑ.. ඉස්සර අපේ අම්මා තාත්තා ලඟ අපි බිම පෙරලිලා වඳින්නේ.. අපරාදේ අර දොරමඩලාවට සූරියප්පෙරුම ගෙන්නන්නේ මේ යකාව ගෙන්නන්න තිබුනේ .. කියා සිතමින් කොල්ලා වාහනේට ගොඩ වූ පසු ඩයිවරයා පිටින් පැමින වාහනය අවුරුදු 30ක් පමන අලුත් නිසා කන් හිරිවට්ටමින් කරාස් දබෝං හඬින් දොර වසා දමා කොල්ලලා ගමනක් යන බව අසල්වාසීන්ගෙන් සඟවන්නට මෙන් මුලු වාහනයම කලු දුමාරයෙන් වැසී යන සේ ඔට්ටු වී ඉස්ටාට් කරගෙන වත්තෙන් එලියට ගන්නවාත් සමගම කොල්ලාට අම්මාගෙන් පලවෙනි අවවාදය ලැබේ....

 " තෝ එහෙ ගිහිං එහෙම ඕක සාක්කුවෙං එලියට අරං ඔබන්ඩ ගත්තොත් එහෙම මං නරක ගෑණි කියන්න එපා..." වාහනය පාරට වැටුන තැන ඉඳං අම්මාට අමුතුම රොගයක් හැදේ .. එම රෝගය නම් වයිද්ය වරුන් විසින් බනානා සින්ඩ්‍රෝම් ලෙසත් අපේ පැරැන්නන් විසින් රඹකැන් සන්නිය ලෙසත් සාමන්ය ගැමි වහරේ කෝලිකුට්ටු පිස්සුව ලෙසත් හඳුන්වන තත්වයයි... "ගුණේ ලමයෝ ඔය පලතුරු කඩයක් ලඟ පොඩ්ඩක් නවත්තන්නකෝ අර ගෙදෙට්ට ගෙනියන්න හොඳ කෝලිකුට්ටු ඇවරියක් ගන්ඩ.." අම්මා විසින් කියන ලද එම වාක්යයේ හොඳ කෝලිකුට්ටු යන වචන දෙක විග්‍රහ කිරීම මලල සේකර ශබ්දකෝශයට හෝ මදුර එකට කල නොහැක... සාමාන්ය පරිදි නම් අම්මා කියන හොඳ කෝලිකුට්ටු වල පහත සඳහන් ලක්ශන තිබිය යුතුය.. 1ගෙඩියක දිග අඩි දෙකක් වත් විය යුතුය 
2 මහත මෙගා බෝතලයක් තරම් විය යුතුය. 
3 ලෙල්ල ගැලවු විට ඇතුලේ තිබිය යුත්තේ කෙහෙල් නොව තනිකර පිටි ගොඩකි. 

මෙම නිර්ණායක වලට අනුකූල කෙහෙල් ඇවරි ඇත්තේ පූජියාමා කන්ද පාමුල ගිණිකඳු විදාරනයෙන් ගලාගෙන ආ ලාවා මුසු පසෙහි පමණකි.. කෙසේ හෝ එම නිර්නායක වලට කිට්ටුවෙන් යන කෝලිකුට්ටු ඇවරියක් සොයාගෙන වාහනයට ගොඩවන අම්මා සහ මාමා අතර ඇති වන්නේ තමන් කුඩා කාලයේ කෑ සුපිරි කෝලිකුට්ටු සහ ඒවාට සම්බන්ද පම්පෝරි ඇතුලත් විද්වත් කතිකාවන්ය.. 

කෙසේ හෝ දුරු කතර ගෙවාගෙන කරුණාරත්න දිවුල්ගනේ නොකියම ආවට කොල්ලා ප්‍රමුඛ පිරිස දුරු කතර ගෙවාගෙන අදාල ඉස්තානයට යන්නේ කල් තියා කියලා නිසා අවුලක් නැත.. වාහනය නිවසට ලඟා වෙනවාත් සමගම නිවැසියන් එලියට එන්නේ වාහනයේ ඇංජිමේ සද්දයට නොව වාහනය අලුත් නිසා නිති නැගෙන කිරි කිරි සද්දයටය... කොල්ලලා වාහනයෙන් බහින විටම කොහෙදෝ ඉඳං ආව බල්ලෙක් බැහූඋ.... බැහූඋ... ගා බුරාවදින්නට පටන් ගත් නිසා නිවැසි පොරක්, කෙල්ලව මේ සැරේ වත් කොහොම හරි දීගන්ඩ හදන එක මේ බල්ලා බුරලා නැති කර දමතියි බියෙන් බල්ලා දෙසට දුවමින් බැලී ගියා හුක්... යයි නාද කර බල්ලා එලවා දමයි.... 
ඉන් අන්තුරුව කොල්ලාගේ මාමාගේ අච්චුවේම කෙල්ලගේ පැත්තේ අති පන්ඩිත පොරක් සියල්ල මෙහෙයවීම අරඹයි.. පොර සුපුරුදු ගොන් ප්‍රශ්නය නගයි.
 "ගේ හොයාගන්ඩ අමාරු උනේ නෑනේ..."
 මෙයට පිලිතුරු ලෙස අපොයි නෑ හරවන තැනින් ඇහුවම පාර කීවා කියා කොල්ලාගේ මාමා කියත්ම කපුවා... 
" ඒ හරියෙත් ඉන්නේ මෙයාලගෙම අය තමයි එතන ඉඳං මෙතෙන්ටම එනකන් ඉඩකඩං මේ ගොල්ලංගේ" කියා සීන් එකට එන්ටර් වේ.. කොහොම කොහොම හරි ගෙට අඬගසා සෝපාවේ පතබෑවෙන දෙපිරිස අතර ඇති වන අල්ලාප සල්ලාප අති මනරම්ය.. කොල්ලා ඉඳගත් ගමන් කලිසම් සාක්කුවට අත දමනු ඌ ලඟම ඉඳගත් අම්මා විසින් දැකීමේ ප්‍රතිපලයක් ලෙස කොල්ලාගේ ඉල ඇට කූඩුව හරහා අම්මාගේ මුදු මොලොක් වැලමිට පැයට කිලෝ මීටර දෙසීයක පමණ වේගයෙන් ඇනීම නිසා කොල්ලාට පෝන් එක අමතක කර දැමීමට සිදු වේ.. 
"මේ පුතා අද නිවාඩු දාලද ආවේ" 
කෙල්ලගේ මාමා තෝල්කයාගේ බූමිකාවේ සිට නගන පැනයට අම්මා විසින් පිලිතුරුදෙයි...
"නිවාඩු කියන්නේ මේකනේ වැඩේ.. මෙයාට ඔපිස් එකේ බොස් නිවාඩු දෙන්නේ නෑ... මෙයා නිවාඩු ගියොත් බොස්ටත් වැඩ කරගන්න බෑ කියනවනේ.. මුලු ඔපිස් එකේම වැඩ මෙයා යටතේ තමයි තියෙන්නේ" අම්මාට අනුව නම් ඔපිස් එකේ බොසා වැඩ කරන විදිහ අහගන්නේ කොල්ලාගෙනි.. කොල්ලා නිවාඩු ගිය දවසට බොස් ඔපිස් එක වසා දමා පිස්සුවෙන් මෙන් ඉස හැරුන අතේ දිව යයි... 

කොල්ලාගේ මාමා නැගිට අත් දෙකත් පස්සට බැඳගෙන ඉස්තෝප්පුවේ හතර මුල්ලවල් වල විස්තර හොයයි.. මාමා ජනෙල් රෙදි අතගානවා දකින මනාලියගේ මාමා 
" මේ දුව තමයි ඔය සේරම මැහුවේ.. හරි දක්සයි මැහුම් වලට .. ගමේ ගෑනු පුදුම වෙනවා මෙයාගේ මැහුම් දැකලා"
කියා පොඩි නයා පාරක් අරියි.. කෙසේ හෝ මුචලින්දගේ එක් කුස උපන් නයෙකු වන කොල්ලාගේ මාමා සහ නන්දෝපනන්ද නාරජු ගේ පුංචම්මාගේ පුතෙකු වන මනාලියගේ මාමා යන දෙපලට පින් සිද්ද වෙන්න පැය බාගයක් විතර ගෙවී ගිය පසු කොල්ලාගේ මිහිදුම් සිහින මදු සිහින සහරාවේ සිහින සැබෑකරමින් කෙල්ල ඉදිබුවකු කටුවෙන් මෑත් වෙන්නාක්මෙන් දොර රෙද්ද අස්සෙන් ඔලුව දමයි...

ටිකෙන් ටික එලියට එන මනමාලිය ඇඹරෙන්නේ අත පය ගැට ගසා ඇති එකෙකුගේ පස්ස පැත්තට කිරිපණුවෙක් දැමූ කලක මෙන්ය... එය ලැජ්ජාව ඉකමවා ගිය විලි ලැජ්ජාවකි.. මනාලිය ඇඹරෙන්නේ හරියට මේ ඇවිත් ඉන්න එවුං ඉනෙං පහලට මොකවත් ඇඳලා නෑ වගේය.. 
" මෙයා හරි ලැජ්ජා කාරි"
මනමාලියගේ මාමා අඩුව පුරවන ගමන්ම.. ඒකි කොල්ලෝ එක්ක නටපු නාඩගං මුං දන්නවනං විනාසයි කියා හිත යටින් හිතයි....
" මේ පුතා අරක්කු සිගරැට් එහෙම බොනවද?" 
මනාලියගේ මාමා විසින් නගන පැනයෙහි ගැබ්වූ අරක්කු යන වචනය ඇසෙත්ම සිරුර පුරා රෝමෝද්ගමනය වී පණ උපදන ලද ඉඳුරන් ඇති මනමාල තෙමේ
" බොමු බොමු අංකල් මොනවද වර්ගේ" 
කියන්නට කලිං මාමා ඉස්සර වී... 
" පිස්සුද මේ ලඟදිත් මේ පුතා මගෙන් ඇහුවා මාමේ ඔය මිනිස්සු බොන අරක්කු මොන රහද කියලා..."
කියත්ම කපුවාද මැදින් පනියි..
" මේ මහත්තයට බාර් එකක් ලඟින් ගියත් අප්පිරියාව හිංදා වැඩ ඇරිලා එන්නෙත් රවුම් පාරෙන්" 
මේ පච කියවා අවසන් වන විට උගුර කට වියලී සෙප්පං නැතුව සිටින මාමලා දෙදෙනා සහ කපුවා කෑම මේසයේදී සිය කුසලතාවයන් මනාව ඔප්නංවාගනී..

වෙනදා මනාලියගේ අම්මා අතින් දෙතිස් වදයෙන් එකක් වන ඇඟ මස් රැහීම සිහි ගන්වමින් ඇහේ දාන්නට තරං පොඩියට කපන මූදු මාලු කෑලි අද ටොම්බ සයිස් එකට කපා ඇත්තේ පනුවන් ඇමට යොදාගෙන අල්ලාගන්නා මාලුන් ඇමට යොදාගෙන, කපුවා කියා ඇති අන්දමට මේ බලවත් කුලවත් දනවත් පවුල බිලී බා ගැනීම ඇගේ ඒකායන පැතුම නිසාය... කන අතරේ කෑම හරි රසයි කියා පට්ට පල් කෙබර ඇද බෑමද .. කෑම සියල්ල සැකසුනේ මනාලියගේ අතින්ය යන සුලබ කෙබරයෙන් පිලිතුරු දීමද කෑම මේසයේ චාරිත්‍ර වලට අයත් වේ.. 
ඉන් පසු තැන් තැන් වලට වී එක එකාගේ කේවල හපන් කම් කියන අතර කපුවා ඩ්‍රයිවරයා සමග විට කයි... මනාලයාගේ මාමාගේ පවුල හෙවත් නැන්දා ඔටා දමඤ්ඤං නටන්නට සූදානං වන වැද්දෙකු මෙන් හෙන තඩි කොල අතු මිටියක් නිවසේ ඇති මල් ගස් වලින් කඩාගනී.. අතු පැල වෙන්නේ නැති ගස් වලට පස් බැඳ මුල් අද්දවා දීමට මනාලියගේ අම්මා පොරොන්දු වන්නේ ..
" දැං ඉතිං පිට මිනිස්සුයැ කොයි වේලේ එන්ඩ බැරි ද කියා අමතර සීන් එකක්ද දෙමිනි". 

ඉතා කෙටි කාලයක් තුල මෙසේ දෙපාර්ශවයන් රවටාගැනීම මනමාලියන් බලන්නට යෑම හෙවත් අහස් මාලිගා ලෙසත් රැවටීමේ ලඟ ප්‍රතිඵලය විවාහය හෙවත් මදුසමය ලෙසත් කියපු බොරු එලිවීම සිරියහන ගිනි ගනී ලෙසත් දෙපැත්තේ එවුං ගහමරා ගැනීම ඇගේ වයිරය ලෙසත් දෙපැත්තේ එවුං එකතු වී කපුවාට ගුටි බැට දී උගේ සරම ගලවා ඔලුවේ බැඳීම සලුපට අහසට ලෙසත් චිත්‍රපට වලට නගා ඇත.... 

සියලු හිමිකම් ධනුෂ්ක කාංචන ජයවීර.....සතුය

Wednesday, February 14, 2018

තඩියා සහ කට්ට

තඩියා ඉතින් කෑම කනකොට ඉවක් බවක් නෑ නේ. ඉතින් ඔහොම ලන්කාවෙන් ගෙනාපු බැදපු මාලු වගයක් කන්ඩ ගිහින් කට්ටක් හිර කර ගත්තා නොවැ.
ඉතින් මේ රටෙන් හොයල බලපුවම සති දෙකක් විතර වේටින් ලිස්ට් එකක ඉන්ට වෙනව... ඉතින් ඔය කට්ටක් හිරකරන් ඉන්ට බැරි නිසා තඩිය ල0කාවට ආවා....
ආපු ගමන් ජාතික රෝහලට ඇතුලත් වෙලා පහුවෙනිදා උදේම තියටර් එකට දාල කට්ට ගත්තා..
යකෝ මාලු කට්ට රු. 45000 ක් විතර වුනා කියාන්කො..... හොඳ කුට්ටි මාලු කන්ඩ තිබ්බ අපරාදෙ...
දැන් මේ කට්ට ගත්තා කට්ට ගත්තා කියන එක එක දිගට කියන්ට යන්ඩ එපා බොලාට වැරදි විදිහට ඇහෙන්ඩ පුලුවන්...