Friday, August 11, 2017

තඩියා ඇග හදාගත් විදිහ



මේ කතාව තඩිය ළදරුව කාලෙටම දිව යන්නක්. දිව යන්නක් කියුවට දුවන්ඩනම් එපා ඕන් මහන්සියි.

ඔන්න 89 කාලෙ ශ්‍රි ජයවර්දන පුර කෝට්ටෙ තමා තඩිය මේ පුන්චි අපබ්‍රන්ස ලෝකෙ පලවෙනියෙන්ම එලිය දැක්කෙ.
ඔහොම හරියට හුරතලේට හිටිය තඩිය ඉපදෙන කොටත් කොහොමත් අනිත් ලමයින්ට වඩා බරින් වැඩියි ලු. ඉතින් අලුත උපන් බබා බලන්ඩ නෑදෑයො එහෙම එනවලු.
ඔහොම අටෝරාසියක් කෝලම් බල බල හිටිය තඩියට බඩගින්නක් දැනිල නෑ තඩිය අඩලත් නෑ. ඉතින් අම්ම තඩියට කිරි පොවලත් නෑ.
නිකමට වගෙ ඩොකා අහපුවම අම්ම කියුවලු බබා අඩපුනැති හින්ද කිරි පෙවුවෙ නෑ කියල ඉතින් අන්තිමට තඩිය විජලනය වෙලා කොහොමහරි නොමැරී බේරුනා ඊට පස්සෙ ඉදන් ගෙදර හමෝම තඩියට කවල පොවල බලගෙන
ටික ටික තඩිය ලොකු වෙනකොට තඩියගෙ ආච්චි තඩියට බරටම  කවනවලු. තඩියගෙ තාත්තත් ඔන්න බබො ගෙම්බ එනව කන්නැති ලමයි අරන් යන්ඩ කියල තඩියගෙ බඩවැල් දිග ඇරෙන්ඩ කවනව ලු. තඩියත් සකන්ඩ් වෙයි කෑමට ඇරල දානවලු කවන තරමක්. හොදම වැඩෙ උදේ දවල් රෑ තුන් වේලම කවල රෑට නිදා ගන්ඩ යනකොට ලොකු කුක්කු බෝතලෙකුත් පොවනවලු. ඉතින් කාල කාල දිරොගන්ඩ බැරි තැන තඩිය පොඩි බයිසිකලෙකට නැගල ගේ ඇතුලෙ එහාට මෙහාට රවුම් ගහනවලු.

දැන් කියමු බලන්ඩ තඩියාගෙ තඩි බඩට වග කියන්ඩ ඕන කවුද කියල???

5 comments:

  1. වගකියන්න ඕනේ ඩොකා...

    ඌ එදා එහෙම නොකිව්වා නම්, අද තඩියෙක් කොයින්ද?

    ReplyDelete
    Replies
    1. රිප්ලයි එකක් දැම්ම වැරදි තැන හැබැයි දැම්මෙ. අලුත් නිසා සමාව බජනය කරන්න.

      Delete
  2. අනිවා මටත් හිතෙනව සමහර වෙලාවට අපරාදෙ කියල

    ReplyDelete
    Replies
    1. Ane mama nisada? Paw mage chukkiya. God bless.

      Delete
    2. අපේ අම්මත් ඇනො විදිහට රිප්ලයි කොරල. අම්ම කියන්නෙ නම් රන් කිරි නෙමෙයි පලවෙනියෙන් සේලයින් තමා කට ගෑවෙ කියල

      Delete